Friday, April 30, 2021

කාල යක්ෂ - 13 - සියුම් රහස්



11 වන කොටසින්

“ඔබ හිතනවට වඩා සිදුවන දේ සංකිර්ණයි.. හැමදේම ටිකෙන් ටික තේරුම් යයි..

“දැන්… ඔබගේ වෙහෙස නිවී ඔබ සූදානම් නම් අපිට පුළුවන් අපේ කටයුතු වලට යන්න.. ජඩ් හිඳ සිටි තැනින් නැගිටිමින් පැවසීය…”

“හ්ම්ම්.. මේ..මේ.. මගේ ඇඳුම.. මම ටිකක් අපහසුවෙන් ඉන්නෙ.. මේ ඇඳුම ඇදගෙන එලියට යන්න…”

ජඩ් ඇය දෙස බැලුවේය…

ඔබට ඔය ඇඳුම තිබීම වැදගත් වෙයි.. අපේ ඊළඟ කටයුත්තට..

“මොකක්….!!! “

අද එතැන් සිට …

ඇලෙන්ඩි සහ ජඩ් පිවිසියේ ගොඩ නැඟිල්ල්ලලේ ඉහල මාලයටය.. එහි වූ  අලංකාර උද්‍යානය ඇලෙන්ඩි මින් පෙර කිසි දිනෙක දැක නොතිබුනු රමණීය ගස් වැල් සහ මල් වලින් යුතු විය.. දවසේ කුමන වේලාවදැයි කීමට නොහැකි තරමට උද්‍යානය තුල තිබුනේ ඉතාමත් සුවබර පරිසරයකි..  සිය දිවියේ ප්‍රථම වතාවට එවැනි පරිසරයක් දුටු ඇලෙන්ඩි වශීකෘත වී සිටියාය.

හරිම අමාරුවෙන් ලියා ගත්තේ... සෑහෙන දවසක් බාගෙට ලියල ඔහේ පැත්තකට දාල තිබ්බා.. අධික බිසී වීම සහ හදිසියේ අසනීප වීම හින්ද ලියන එක නතර වෙලාම ගියා... කියෙව්වෙත් නැහැ.. යන්තම් පහුගිය දවස් දෙක තුනේ බස්සා සහ නිදී  ලියපුව බලල පොඩි කොමෙන්ට් එකක් දාල ලියන ගතිය ඇඟට ගත්තේ...  බලමු තව කොටසක් දෙකක් වත් ලියා ගන්න.... 

ලියන්න ජාති හෙනට මතක් වුනාට පුදුම කම්මැලි කමක් නේ එන්නේ ...  රොබෝලා ඕනේ කියල හිතෙන්නේ මේ වෙලාවට... මට හිතෙන දේ ලියන රොබෝ කෙනෙක් !

17 comments:

  1. මේක දානකම් බලාගෙන හිටියෙ. කස්ටියම බිසී ඇති කියල හිතුන නිසා ඇහැව්වෙ නෑ. අරහෙ ඩ්‍රැකියටත් ඒ සැන්තෑසියම තමා.

    හෙහ්..හෙහ් " හිතෙන දේ ලියන රොබෝ කෙනෙක්.." , එහෙම නං දවසකට පොතක් විතර ලියයි🤣

    ReplyDelete
    Replies
    1. මේ සංකල්පයට මම හරි කැමතියි. කැලෑවක, පොලොව යට ගස් මුල් වලින් හැදිච්ච ජාලයක් තියෙන බවත්, ඒ මඟින් යම් ආකාරයක "සංනිවේදනයක්" කෙරෙන බවත් කියවෙනවා. මිනිස් මොලයේ තියෙන නියුරෝන් "මුල්" ජාලයෙන්, සිදුවන්නේ රසායනික ක්‍රියාවලියක් නම්, ගහ-කොල තේරුම්ගන්න අවශ්‍ය "ඉන්ටෆේස්" එක අපට ගෝචර නොවෙනවා වෙන්නත් ඇහැකි.

      Fermi paradox, Rare Earth hypothesis සහ The dark forest theory බාගදා conspiracy theories විතරක් නෙවෙන්නත් ඇහැකි. හඳේ අඳුරු පැත්තෙ "මව් යානය" පාක් කරගෙන බැලන්සර්වරු බලාගෙන ඉන්නවද කව්දෑ දන්නෙ? කොරෝනා දෙන ගේම් එක බැලුවාම, විශ්වයේ රහස් අපට තව බොහෝම දුරයි කියලයි මට නං හිතෙන්නෙ.

      Delete
    2. ඕවා ගැන කල්පනා කර කර ලියන්න දේවල් නම් ඕනේ තරම් ඔළුවට එනවා.. හැබැයි මේ තේරුමක් නැති වැඩ වලට බිසී වෙලා කාලේ ගෙවිලා යනවනේ...

      [Fermi paradox, Rare Earth hypothesis සහ The dark forest theory] මේ තුන ගැන මම වැඩිය දන්නේ නැහැ.. කියවල බලන්න ඕනේ

      මිනිස්සු යන්තම් දියුණු වෙන්න පටන් අරන් තාම ගෙවිලා තියෙන්නේ අවුරුදු 100ක් විතර.. ඒ 100 කියන්නේ විශ්වයට අදාලම නොවන කාලයක් නේ... තව කොච්චර දේවල් වෙන්න පුළුවන් ද ? අපි මේ යන්තම් දැනගෙන ඔක්කොම දන්නවා වගේ හැසිරුනාට...

      Delete
    3. අපි තාම හෙන ප්‍රාථමික නිසා කියල තමා මට නම් හැමදාම හිතෙන්නේ... කුඹි දන්නවා ඇතිද මිනිස්සු කියල ජාතියක් ඉන්නවා කියල ? අපි කුඹි එක්ක කතා කරන්න කවද හරි උත්සහ කරලා තියෙනවද ?

      Delete
    4. මේ ඉන්නෙ Stoffel - the honey badger සමහර සත්තු පුදුමාකාර ලෙස බුද්ධිමත්.

      Delete
    5. ඒක නම් මරු.. Prison Break මතක් වුනේ මට

      Delete
    6. https://marvelcinematicuniverse.fandom.com/wiki/Ants

      Delete
    7. අපි දන්නේ කොහොමද ඒලියන් ලා අප අතර ඉන්නවද නැත්ද කියල .

      Delete
    8. ඔය Pra Jay කියන්නෙ, එයා එක ඒලියන් කෙනෙක්ව දන්නවා කියල😂

      Delete
  2. https://www.theguardian.com/books/2019/mar/25/the-rise-of-robot-authors-is-the-writing-on-the-wall-for-human-novelists

    ReplyDelete
    Replies
    1. අපි හිතනවට වඩා AI වලින් පොත්, ස්ක්‍රිප්ට් එහෙම ලියවෙන ගතියක් නේද තියෙන්නේ..

      Delete
  3. පැතුම්, ඔයා නොදැන කරන්න හදන්නේ මාවත් නොලියා ඉන්න තැනට දාන එකයි මහත්තයෝ. ඔයා දෙන අදහසුයි, කියවන සහෘදයන් දෙන links- අදහස් එහෙමයි හදාරන්න ගියාම වෙන වැඩකට වෙලාවක් ඉතිරි වෙන්නෑනෙ!

    එහෙම කරන්න හොඳද මම අහන්නේ?

    ReplyDelete
    Replies
    1. නිදි, දැන් කාලේ මිනිස්සු කතා බහ වෙන අදහස් ගැන දිගින් දිගට හිතන්න ගියොත් එහෙම පිස්සු හැදිලා තමා නතර වෙන්නේ .. හෙහ් හෙහ්

      සමහර වෙලාවට හිතෙනවා අපිට පිස්සුද කියලත් මොකද ඉවරයක් නැති සිතීමක් නේ තියෙන්නේ..

      Delete
  4. යක්ෂ කාලයක් ගිහිල්ලනෙ. මුල ඉඳලම කියෝගෙන එන්නෝන.

    ReplyDelete
  5. අර ගෑනු ළමයාගේ පින්තුරේ නම් ලස්සනයි , බැලන්සර් කෙනෙක් හොයා ගන්න බැරිද ඒ පැත්තේ නිකන් රවුමක් දාල එන්න

    ReplyDelete