Sunday, February 14, 2021

මගේ පුංචි රොබොට්ටා සහ තවත් කතා....


කොරෝනා කාලේ සිද්ද වෙච්ච නරක ගොඩ අතරින් වෙච්චි හොඳම දෙයක් තමා වැඩි පුර සහ කොටින්ම එපා වෙනකම් ගෙදර ඉන්න පුළුවන් කම ලැබීම. ගිය මාර්තු මාසේ ඉඳල මේ අද වෙනකම් මං ගෙදර.

ඔය ගෙදර හිටපු කාලේ ඔන්න මුල් ටික පොඩ්ඩක් තක්බීර් වෙලා වගේ හිටියා මොකක් ද යකෝ මේ ලෙඩේ , මාර සීන් එකක් නේද ? කවද මැරෙයි ද දන්නේ නැහැ  . ඉන්ඩ  ඩිංග කාල බිල තන්තොසෙන් ඉන්ඩ ඕනේ කියල. එහෙම හිතල ඔය නානාප්‍රකාර කෑම ජාති කකා ගෙදරට වෙලා ටීවී සීරීස්  තුන 4ක් ම ඉවර කරලා දැම්ම. ඒ කියන්නේ ඔය සීසන් බර ගානක් තියෙන ඒවා. 

ඔහොම මාසයක් දෙකක් ඉද්දි තේරුනා මැරෙයි කියල හිතුවට අපිට එහෙම චාන්ස් එකක් දැම්ම එන්නේ නැහැ තව කට්ට කන්න වෙනවා කියල.  ඊට පස්සේ ඉතින් ඔය තව කර ගන්න තිබ්බ  වැදගත් වැඩ රාජකාරි ටිකකුත් කරලා ඉවරයක් කරලා දැම්ම.  

ඊටත් පස්සේ  කල්පනා කරලා බැලුවම මේ ඉස්සර කාලේ ඉඳල හිතේ තිබ්බ පොඩි පොඩි ආසාවල් සහ කවද හරි ලොකු වුනාම කරන්න ඕනේ  කියල හිතපු වැඩ දෙක තුනක් ගැන  මතක් වුණා . මොකද තව ලොකු වෙනකම් කියල හිටියට සමහර විට මීට වඩා ලොකු වෙන්න කලින් යන්න වෙන්නත් පොඩි චාන්ස් එකක් තියෙන හින්ද ඔන්න ඔහේ ඒ වැඩ දෙක තුනකටත් අත ගැහුවා.

ඔය ඔහොම කවද හරි ලියන්න හිතපු කතාවක් තමා මම මේ දවස් වල ඔය  ලියාගෙන යන්නේ. මේ කොරෝනාව ආවේ නැත්නම් ඕක  කවදාවත් නොලිය වෙන්න ඉඩ තිබ්බා. පටන් ගන්න එකනේ අමාරුම. යන්තම් ඉතින් දැන් පටන් ගත්ත හින්ද ලියාගෙන යනවා. හොඳ නරක කෙසේ වෙතත් ලියල දාපුවම හිත හදාගෙන මැරෙන්න පුළුවන්... හෙහ් හෙහ් .. ඔය බුද්ධාගමේ තියෙන වැදගත්ම කරුණක් නේ Unfinished Business තියා ගන්ඩ එපා කියන එක. ඒ කියන්නේ තමන්ට කරන්න ආස දෙයක්, කාටහරි කියන්න හිතාගෙන ඉන්න දේවල් එහෙම  හිතේ තියාගෙන ඉන්ඩ එපා කියන එක. ඕනේ මංගල්ලයක් වෙන්න කරලා  දාන්න ඕනේ.  පතේ පොතේ ඕක කොහොම තියෙනවද කියල මන් දන්නේ නැහැ. හැබැයි එහෙම එකක් තියෙනවා. 

ඔයිටත් අමතරව මට තිබ්බ මේ පොඩි ආසාවක් තමා රොබෝ කෙනෙක් හදන එක. හෙහ් හෙහ් ... දැන් ඔය රොබෝලා හදන එක හෙන ලේසි වුනාට අපි පොඩි කාලේ රොබෝලා කියන්නේ  නිකන් තනිකර  හීන. පොඩි රොබෝවෙක් වගේ සෙල්ලම් බඩුවක් ගන්න ඒ කාලේ තිබ්බ ආසාව මතක් වෙද්දී අපි හරි පව් කියල හිතෙනවා නේද ... ?

ඉතින් ඔය රොබෝ ආසාව තිබ්බට ඕවට වැඩ කරන්න කොහෙද වෙලාවක්. අනිත් එක රොබෝලා කියන්නේ දැන් මේ පොඩි ළමයි හදන දේවල් නේ. ඉස්සර තමා රොබෝ කෙනෙක් හදන්න නම්  හොඳට ඉගෙන ගෙන විශ්ව විජ්ජාලේ ගිහින් හෙන පොරක් වෙන්න ඕනේ  කියල කිව්වේ. දැන් මේ යූ ටියුබ් එකේ ඕනේ තරම් තියෙනවා හදන හැටි .

මට ඔය ඉලෙක්ට්‍රොනික් සහ ගැජට් ආසාව ඉස්සර ඉදල තිබ්බ කියල මං ඔය පරණ කතා දෙක තුනකම කියල ඇතිනේ.

මේ තියෙන්නේ එහෙම කරපු එක වැඩක් . මේ තියෙන්නේ තව එහෙම කරපු මක බාස් වැඩක්.   ඉතින් ඔය වැඩේටත් මං අත ගැහුවා. ඇත්තටම රොබෝ කිව්වට මේක රොබෝ නෙමේ මේ ඉබේ දුවන පොඩි කාර් කට්ටක්. මේ වැඩේ හරි බේසික් දෙයක්.  ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා හදන හැටි. කෑලි ටික ගෙනල්ල අටවන්න තියෙන්නේ.  මේවා කොච්චර බේසික් දේවල් උනත් කරලා බැලුවම පොඩි මෙව්වා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂනෙත් එක්ක දැන් මේ බේසික් කාර් එකකට සෑහෙන වැඩක් කරන්න පුළුවන් විදියට හදන්න පුළුවන්. 

ඒ කියන්නේ ඔය කාර් එකට අපිට කතා කරලා අරෙහෙට මෙහෙට යන්න කියන්න පුළුවන්.

ඔන්නම්  අපේ පස්සෙන් එන්න කියන්න පුළුවන්.

ඕනනම් අර නයිට්‍රයිඩර් කාර් එකට වගේ ෆෝන් එකෙන් කතා කරලා ළඟට ගෙන්න ගන්න පුළුවන් 

ඊට අමතරව ලෝකේ ඕනෙම තැනක ඉඳල කන්ට්‍රෝල් කරන්න හදන්න පුළුවන් 

ඔය වගේ තව නානාප්‍රකාර ජාති කරන්න හරිම ලේසියි .

මේවා කොච්චර කරන්න පුළුවන් කියල දැනගෙන හිටියත් කවදාවත් කරල බලල නැති හින්ද මම ඔන්න ඔහේ ඔය කාර් එකක් හැදුවා රොබෝලා හැදීමේ ආරම්බයක් විදියට.

මේ තියෙන්නේ ඔය හදපු කාර් කටුව.





 මේ තියෙන්නේ වීඩියෝ එකකුත්... 




මේක මම හැදුවේ ගිය අගෝස්තු වගේ. ඊට පස්සෙ  සැරෙන් සැරේ ඔය පොඩි පොඩි සෙන්සර්  කෑලි එහෙම එකතු කරල ඕක වැඩි  දියුණු කරන්න හිතුවට ඒ හැටි දෙයක් කර ගන්න බැරි වුණා. ඔය දෙපත්තෙයි, පිටි පස්සෙයි තියෙන IR සෙන්සර් 3තුනත් හරියට වැඩ කරන්නේ නැහැ... මොකක්  හරි අවුලක් තියෙනවා.. මම ඒ සෙන්සර් ටික හයි කලේ මේ කාර් එක ඔය ගේ ඇතුලේ පුටු , මේස අස්සේ රිංගනකොට හිර වෙනවනේ.. අන්න ඒ වෙලාවට  ඉබේම හැරවෙන විදියට .. හැබැයි මට ඕනේ විදියට වැඩ කරන්නේ නැහැ තාම.... ඒ සෙන්සර් ඇක්ටිවේට් කරපු ගමන් කාර් එක ඉස්සරහට යන එක නතර වෙනවා... මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න..
 
දැන් මේ වෑසක ඩයල් වෙන්න පටන් අරන් ඉන්න අපි මේ පොඩි පොඩි කොල්ලෝ කුරුට්ටෝ කරන වැඩ කරද්දී රට්ටු එක එක කතා කියන හින්ද මට ඕනේ උනා මේක ටිකක් ඇඩ්වාන්ස් විදියට හදන්න... ඒ හින්ද තමා ඔය තව සෙන්සර් කෑලි ටිකක් වැඩිපුර එල්ලුවේ... කොහොම හරි ඉතින් ඒක සාර්ථක නැහැ... හැබැයි මම මේක  මගේ ෆෝන් එකෙන් වගේම ලැප්ටොප් එකෙන් කන්ට්‍රෝල් කරන්න හැදුවා..  කතා කලාම එන එකයි, ඉන්ටර්නෙට් එකෙන් කන්ට්‍රෝල් කරන එකයි කරන්න එච්චර අමාරු නැහැ.. හැබැයි මට කම්මැලියි.. පස්සේ ඉන්න ගමන් කරන්ඩ ඕනේ...

මේ වැඩේ හරි විනෝද ජනක වැඩක්... කෑලි බෑලි ඕනේ එකක් ඔන්ලයින් ගන්න පුළුවන් හින්ද ගෙදරට වෙලා ඉන්නකොට කරන්න හොඳ විනොදාන්සයක්...

මේ දවස් වල 3D ප්‍රින්ටරයක් ගන්නත් පොඩි මෙව්වා එකක් ඇති වෙලා තියෙනවා...  මොකද ඔය මට කරන්න හිතෙන සමහර වැඩ කරන්න ගියාම අදාළ කෑලි නැති උනාම වැඩේ එපා වෙනවා... අර දියුණු වෙන උත්සාහවන්ත මිනිස්සු වගේ නැති කෑලි සෑහෙන්න මහන්සි වෙලා හොයාගෙන කොහොම හරි වැඩේ කරන ගතිය පිහිටලා නැහැ... වැඩක් කරන වෙලාවට අදාළ කෑල්ල අතේ දුරින් නැති උන ගමන් කරන වැඩේ නතර කරලා දාන වස කම්මැලි කමකුත් එක්ක තමා ඉතින් මම මේවා කරන්නේ... හෙහ් හෙහ් ...

3D ප්‍රින්ටර් හදන විදිත් ඕනේ තරම් තියෙනවා... ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ආසයි,  හැබැයි  කම්මැලි කම ඊට වඩා ලොකුයි...  දැන් හෙන අඩු ගානට 3D ප්‍රින්ටර් තියෙන හින්ද හදන්න මහන්සි වෙන එක තේරුමක් නැහැ වගේ....


කොහොම හරි ඉතින් කොරෝනා තව කොච්චර කාලයක් ඇදෙයිද  කියල තවම විශ්වාසයක් නැති හින්දා තව මොන මොනවා හරි කරන්න පුළුවන් වෙයි... බලමුකෝ...        


      

16 comments:

  1. ගෙදර හිටිය කාලෙ එපාවුනේ නෑනෙ. පොත් කැටලොග් කලා. ලියන්න තිබුන ඒවයින් ටිකක් ලියන්න පටන් ගත්තා. ලයිබ්‍රරි පොත් නැති නිසා රිටයර්මන්ට් කලෙක්ශන් එකෙන් පොඩ්ඩක් කියෙව්වා. TV series දෙකක්ද කොහෙද ඉවර කරකරගත්ත. ගාඩ්නින් ඒ තරම් ආස දෙයක් නොවුනට පැල වගයක් හිටව ගත්ත. බියර් එකක්වත් නැති එක නම් අප්සෙට්. ඒත් රිටයර් වෙන එක (සල්ලි ටිකක් තියනව නම්) ගැන ලොකු ආසාවක් ආව.

    ReplyDelete
    Replies
    1. අපිට ඔයතරම් කල් ගෙදර ඉන්න පුලුවන් වුනේ නෑනෙ. 😥

      Delete
    2. ගෙදර ඉන්න එකට මමත් ආසයි.. හැබැයි ඉතින් නිදහසේ එලියට බහින්න පුළුවන් කමත් තියෙන්නෙ ඕනේ..

      මගේ පොත් කියවීම නම් ටිකක් අඩු උනා.. කීයක්ම කියවන්න ගත්තට ඉවර කලේ නැහැ..


      රිටයර් වෙන එකට මමත් ඉස්සර ඉඳල ආසයි.. මම දැන් ඉඳලම ඒ කාලෙට කරන්න පුළුවන් වෙන විදියෙ දේවල් ටික ටික පුරුදු වෙනවා.. හෙහ් හෙහ්.. උදාහරණ ඉවීම...

      Delete
    3. අපේ ජොබ් එකේ තියෙන වාසියක් නේ ඒක.. මම හිතන්නෙ කොරෝනා ඉවර උනත් මේ ගෙදර ඉඳන් වැඩ කරන එක අපිට නම් තියෙයි.. දැනටම මෙහෙ ප්ලෑන් කරල තියෙන්නෙ සතියකට දවසක් විතරක් ඔෆිස් එන්න..

      Delete
  2. අපි කළා නොවැ ඕවා ඒ කාලේ , ඒ කියන්නේ අපේ රොහාන්ධනංජය මල්ලි ලියපු බ්ලොග් ලිපියක් අනුව මාත් එකක් අරගෙන කළා . (ටෙක් සයුර මම හිතන්නේ) තවම ගත්ත ගැජට් රැස්ප්බෙරි pi එක එහෙම තියනවා පැත්තකට කරලා

    ReplyDelete
    Replies
    1. Raspberry Pi එකක් මටත් ගන්න ආසයි.. ගත්තට මොකුත් කරයි ද කියල ශුවර් නැති හින්දා තාම ගත්තෙ නැහැ.. මේ Arduino එකෙනුත් සෑහෙන දෙයක් කරන්න පුළුවන්.. මම දැක්ක කෙනෙක් Neural Network එකක් දාලා කාර් එක ඔටෝ යන්න හදන සීන් එකක්.. හෙහ් හෙහ්..

      Delete
  3. ඔය අජිත් අයිය කියල තියෙන රොහාන් බුවා තමයි ඔය වැඩේට උපදෙස් ගන්න හොඳම ඩෑල් එක. (අපේ ගමේ කොල්ලෙක්නෙ ඉතිං කාටඩ ආඩම්බර. හැක්..)
    මිනිහගෙ කීමට මාත් ඔය ඕඩියුනෝ කිට් එකක් එහෙම ගෙනල්ල කාලෙකට කලින් එකේකේව ඇටෙවුව. පස්සෙ ඒක එහෙමම අමතක වෙලා ගියා. ඔය කාර් වැඩේටනං මගෙත් ආසාවක් තියෙනව. බලමු තව ටිකක් ලොකු උනාමවත් ඕක කරන්න.

    ReplyDelete
    Replies
    1. [ඔය අජිත් අයිය කියල තියෙන රොහාන් බුවා තමයි ඔය වැඩේට උපදෙස් ගන්න හොඳම ඩෑල් එක.] මම ඒ පැත්තේ ගිහින් බලන්නම්...

      ලොකු උනාම කරන්ඩ හෙන වැඩ ගොඩක් තියෙනවා නේද දැන් ?

      Delete
  4. පැතුමො, බ්ලොග් එකට අවුරුදු 15ක් පිරෙන්ටත් ඇවිල්ලා නේ? කාලය යන ඉක්මන...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... අවුරුදුම 15ක් ගිහිල්ලනේ මේ ටිකට.. :)

      Delete
  5. කොරෝනාව අර්ථවත්ව ගත කර තිබෙනවා රොබෝ යන්ත්‍රය හරි නිරිමාණගීලියි. සියලු කටයුතු සාර්තක වි කොරෝනා වලින් රැක දේවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. කොරෝනා කාලේ හැමදාම කල් දදා හිටපු වැඩ කිහිපයක් නම් කෙරුණා.. ස්තුතියි...

      Delete
  6. පැතුම්. ඔයා රොබෝලා හදද්දී සතියක් විතරම අපිට බ්ලොග් අඩවි ගොඩක් කියවන්න වුණේ ප්‍රොක්සි සයිට් හරහා ගිහින්. ඒකත් කරන හැටි කියා දුන්නේ යාලුවෙක් ගෙදරටම ඇවිත්. ගූගල් එකටම දුක හිතිලා වෙන්නැති ඒ අවුල දැන් හරි ගස්සලා. ඒ නිසා කමෙන්ට් එකක් දාන්නේ දැන්, කියවපු දවසේ හිතුනු දේවල් නං මතක නෑ රජෝ! කමක් නැහැනෙ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ... මම ඔය රොබෝවා හැදුවේ ගිය අගෝස්තුවේ ලිව්වේ දැන් උනාට... ඕව ඔහොම තමා නිදී... ගණන් ගන්න එපා... හෙහ් හෙහ්

      Delete
  7. රොබෝ කාර් හදන්න තරම් ඉවසිල්ලක් නෑ. ඒත් AliExpress වල ඉලෙක්ට්‍රොනික් කෑලි-බෑලි වලට නං පූජා කරල ඇති ලෙසටම.දැන් එයාල PayPal ගන්න නිසා තවත් ලේසියි. එහෙම ගෙන්නුවට, හැදුව හරිහමන් දෙයකුත් නෑ :)

    කාල යක්ෂ ඉතුරු කොටස බලන්න බලාගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. තියෙන ගැජමැටික්ස් දැක්කම ආසාවේ බැහැ නේද? මමත් ඔය එක එක ජාති ගන්නවා. අන්තිමට වැඩක් නැහැ... මටත් මේක හදන්න ඉවසීම සහ වෙලාව හොයා ගන්නයි නේ අමාරු. වැඩ නිසා නෙමේ වෙලාව නැත්තේ .. ටීවී බලන්නයි. කරන්නේ මොනවද කියල කල්පනා කරන්නයි තමා වැඩි වෙලාවක් යන්නේ හෙහ් හෙහ් ..

      ලිය ලිය ඉන්නේ ලබන සතියේ දාන්නම් ... උනන්දුවට ස්තුතියි බස්සා !!

      Delete