Monday, November 30, 2020

කොළඹ ගමයාගේ රාවණා හමුව


දැන් ටික දවසකට කලින් අපේ හිතවත් අජිත් ධර්ම  හෙවත් කොළඹ ගමයාට වෙච්ච අකරතැබ්බයක් ගැන මෙන්න මේ පෝස්ට් එක දාල තිබුනනේ අර කට්ටකාඩු උන්නැහේගේ වැඩකට ලන්ඩන් කෞතුකාගාරේට ගිහිල්ල ඒක අස්සේ හිර වෙච්ච සිද්දියක්.  මේ කොරෝනා කාලේ මිනිස්සුන්ට වෙන දේවල් ... ඔය සිද්දිය අස්සේ අජිත් අයියට මාවත් මතක්වෙලා මේ රාවණා රජ්ජුරුවෝ මොන මොනවා පෙන්නයි ද කියල පුළුවන් නම්  ලියන්න කිව්වනේ.    

මං  හිතන්නේ ඔය සිද්දිය වෙන්න ඇත්තේ මෙහෙම.. 


***************

වෙන දෙයක් වෙච්චාවේ කියල මමත් මේ උන්දෑ කියන දෙයක් අහන්න තීරනේ කලා. දැන් ඉතින් ආයෙ මාසෙකට එලියට යනවා බොරුනෙ. අනිත් එක අද තව පොඩ්ඩකින් මෙතනින් මාරු වෙලා වයිෆ් එන්න කලින් ගෙදරට යා ගන්න බැරි වුනොත්, ඊට වඩා හොඳයි මාසයක් නෙමේ මාස දෙක තුනක් හරි ගෙදර නොගිහින් ඉන්න එක. මම ඔන්න ඔහෙ කනක් ඇහිලා මම මේ කොහෙන් හරි ඉඳගෙන මේ මනුස්සයා කියන දෙයක් අහගෙන ඉන්නවා.

මම එහෙම හිතල ළඟ තිබුනු පුටුවක් අරන් හරි බරි ගැහිලා වාඩි උනා. 

"ස්ත්‍රී පාර්ශවයේ හැටි ඔහොම තමා අජිත් මහත්තයා. ඔන්න බලන්නකො බොරුනම්"  

මම හිත හිත හිටපු දේ තේරුම් ගත්ත වගේ  මේ මනුස්සයා එක පාරටම  ඇඟිලි  දෙකක්  කටට දාල ඩබල් විසිල් එකක් ගැහුවා. ඒත් එක්කම ළඟ තිබ්බ බිත්තිය එක පාරටම හෙළ වෙන්න වගේ ගත්තා. මම ඇස්  දෙකම ආයේ පොඩ්ඩක් පිහදාල බැලුව මේ බිත්තිය හෙළ වෙන  එක ඇත්තටම වෙනවද නැත්නම් මේ මගේ ඇහේ දෝසයක්ද  කියල,   ඒත්  එක්කම මට කල්පනා වුනා ඇහේ දෝසයක් නම් මට කොහොම ද මේ රාවනා  රජතුමාව පෙන්නේ කියල, රාවනා රජ්ජුරුවෝ ගහක් ගලක් වගේ හොඳට පෙන්න ඉන්නවනේ..

ඔන්න දැන් අර බිත්තිය ටික ටික නිල්පාට වතුර සුලියක් වගේ වෙන්න ගත්තා. අඩේ අප්පා මේ අර ස්ටාර් ගේට් එකේ පෝටල් එක වගේ එකක් නේ. මට මාර ආතල් ඒක දැකල...   


  

අජිත් මහත්තය ඒ කාලේ ඉඳල තරු ගැන එහෙම උනන්දුයි නේ. මං  හිතන්නේ මේ මොකක්ද කියල දන්නවා ඇති නේද ? රජ්ජුරුවෝ ඇහුවා.

"ඒ .. කියන්නේ  ඔබ තුමාල දන්නවද මේ පණු කුහර ගැන (wormhole)  ? 

ඉස්සෙල්ලා පොඩ්ඩක් ඕක දිහා බලාගෙන ඉන්නකෝ අජිත් මහත්තයා ...

රජ්ජුරුවෝ එහෙම කියල ඉවර වෙද්දීම ඔන්න බිත්තිය ඇතුලෙ චිත්‍රපටියක් යනවා වගේ දැන් එක එක දේවල් පෙන්න ගත්තා.

මුලින්ම මට අඳුර ගන්න බැරි වුනා, පස්සේ පසුබිම එහෙම පෙද්දී තමා තේරුම් ගත්තේ මේ තියෙන්නේ රජතුමාගේ මාලිගාව නේද කියල...

බකින්හැම් මාලිගාව වගේ තමා ඇතුල... ඔන්න  එක පාරටම  කවුද ගෑනු කෙනෙක් පොඩ්ඩක් කේන්තියෙන් වගේ ආවා...  අපරාදේ කියන්ඩ බැහැ හරි ලස්සනයි...  අමුතුම විදියේ ඇඳුමක් ඇඳල හිටියේ...  හරියට රැජින වගේ ...

" කෝ  මේ රජතුමා තාම ආවේ නැද්ද පුරෝහිත ? "

"අනේ .. මහ රැජිණියනි, රජතුමා මේ දැන් එයි මං හිතන්නේ ... මේ  මේ ... අර අලුතින් ගත්ත දඬුමොනරේ  මොකක්ද වයර් ෂෝට් එකක් තියෙනවා කියල ඒක බලවගන්න යනවා කියලනේ ඔය ගියේ ...

"වයර් ෂෝට්.... වයර් ෂෝට්  තමා .... මෙච්චර මේ සෙනග ඉන්නවා එයාටම යන්න ඕනේ උනා ඕක හදන්න .... මම කොච්චර කිව්වද අද කොහෙවත් යන්න එපා කියල ... මට පරක්කු වෙන්නේ නැතුව අර මහිලා සමිතියට යන්න ඕනේ කියල ...  කෝ කියන කිසි දෙයක් අහනවද මේ මිනිහා ..."

"හරි හරි මං හිතන්නේ දැන් එයි .... දැන්  එයි ... ඔබ තුමිය සිරි යහන් ගබඩාවට වෙලා ඉන්නකෝ .. වයසක පුරෝහිත රැජිනව ශේප් කරගන්න බැලුවා ..

මන්දෝදරී බිසව මෙච්චර ලස්සනයි කියල මං දැනගෙන හිටියේ නැහැනේ... ඒ බිසව දැකල මාත් නිකං මෙව්වා වෙලා ගියා .. තද වුනාම  ගෑනු කොහොමත් හරි හැඩයි නේ ..

ඔන්න එතකොටම රාවණා රජ්ජුරුවෝ  මාලිගාවට එනවා පේනවා...  දඬුමොනරේ  කියන්නේ පට්ට වාහනයක්  නේ... හරියට උඩින් යන හැන්ඩ්ල් එක දිග හාලි ඩේවිඩ්සන් එකක්  වගේ ... රජ්ජුරුවෝ ගානට අහසේ වංගුව අරන් වාහනේ පාත් කළා...   

අම්මට හුඩු ... එතකොට තමා රජ්ජුරුවන්ගේ මාලිගාවේ සම්පුර්ණ දර්ශනේ මට පෙනුනේ...

යකඩෝ මේ සිගිරිය නේද ..? 

හිතා ගන්නත් බැහැ... අතිවිශිෂ්ටයි... 

ඒ කියන්නේ මේ කාශ්‍යප තනි බොරුව ද කරලා තියෙන්නේ.. සිගිරිය හැදුවේ එයා කියල ?     

ඔන්න ඊට පස්සේ ආයේ රජතුමාගේ ක්ලොසප් එක ... රජ්ජුරුවෝ තේජස් විදියට මාලිගාව ඇතුලට යනවා .. 

"මහරජතුමණි...  මේ ... මේ....   " වයසක පුරෝහිත ගොත ගැහුවා ...

"දේවියට අසුහාරදහට තද වෙලා ඉන්නේ ..."

"හුටා .. මට අමතක වුනානේ ... අද අර  මහිලා සමිතියට යන්න තියෙනවා කිව්වනේ ... අප්පටසිරි දැනටම හෝරා 2ක් විතර පරක්කුයි ..." රජ්ජුරුවන්ගේ මුණ ඇඹුල් වුණා...

"පුරෝහිත ...  කාටවත් සිරියහන් ගබඩාව පැත්තට එන්න දෙන්න එපා ... මං  ගිහින් පොඩ්ඩක් ෂේප් කර ගන්න බලන්නම් ... අන්න අර අනිත් දඬු මොනරේ ලැස්ති කරලා ගන්න කියනවා... " එහෙම කියල රජ්ජුරුවෝ ශේප් එකේ  සිරියහන් ගබඩාවට ගියා ...

"ගිහිල්ලා දොර වහනවත් එක්කම ... සල බලාන්  ගාල සද්ද ටිකක් ඇහුනා විතරයි .. අර බිත්තිය ආපහු තිබ්බ විදියටම ආවා...

එක පාරටම මාවත් නිකන් සල බලාන්  වෙලා ගිහින් පියවි තත්වෙට ආවා...

"මං  හිතන්නේ දැන් අජිත් මහත්තයට තේරෙනවා ඇති ....මුළු ලෝකෙටම අධිපති රජ කියල නැහැ මට උනත්  එකම කතාව තමා..."

"හ්ම්ම් .... එක තමා රජතුමනි, මාත් මේ කල්පනා කලේ ... අද මට ගෙදරින් එලියට බහින්න එපාම කිව්වා... අර කට්ටකාඩුවේ උන්නැහේගේ වැඩක් අහක දාන්න බැරි හින්ද ආව මිසක් ඔහොම එපා කියන දවසට මම වෙනදට නම් එලියට බහින්නේ නැහැ .. දැන් මේ පරක්කු වෙලා යනවා කියන්නේ තව මාසයක් යනකම් කනක් ඇහිලා ඉන්ඩ වෙන්නේ නැහැ...මතක් කර කර බනියි ..."

"ඒක තමා මම මේ ඔබ තුමාට හුරු පුරුදු විද්‍යා කතාවක් විදියට මට වෙච්ච දෙයක් මවල පෙන්නුවේ... ඕක ලෝක සොබාවේ !

කොහොම වුනත් ඉතින් මාත් මේ වගේ අවස්තාවක් එනකම් තමා බලං හිටියේ විද්‍යා දැනුම තියෙන කෙනෙක් එක්ක මේ විදියට නිදහසේ කතා බහ කරන්න,   මං දන්න දේවල් ටිකක් කියල දෙන්න... කොහෙද මේ වැඩි හරියක් මගේ වැඩ ගැන හොයන්න එන්නේ බොරු කාරයොනේ ... ඔය යක්කුන්ට කිසි දෙයක් හොයා ගන්න බැරි විදියට මං  ඔක්කොම අතුරුදහන් කරනවා.. මෙච්චර කාලෙකට හරි මිනිහෙක්ට කියල මට හම්බ වුනේ ඔබ තුමා විතරයි .. අන්න ඒකයි මම මේ පේන්න  ඇවිල්ල  ඔබ තුමාට මේ ඇත්ත පැහැදිලි කරලා දෙන්න හදන්නේ .. "

දැන් ඔබ තුමාට කැමති දෙයක් කියන්න..   මට කරන්න  බැරි දෙයක් මේ ලෝකේ නැහැ ..." රජ්ජුරුවෝ කිව්වා ..

"අහ් ... මට අමතක වුණා ... මේ ස්ත්‍රී පරාණ එක්ක ගනුදෙනු කරන එක ඇර ... අනිත් ඕනේ දෙයක් අහන්න .." එහෙම කියල රජ්ජුරුවෝ බොහොම තේජස් විදියට මං දිහා බැලුවා .

"හ්ම්ම්ම් ... මට මේ හිතා ගන්න බැරුව ඉන්නේ මට මොනවාද කරන්න ඕනේ කියල .. අර පෝටල් එක දැකපු වෙලාවේ ඉඳල මට යන්න ඕනේ වුණා අතීතෙට... මං  කැමතියි ඔබ තුමාගේ කාලෙට ගිහිල්ල මාලිගාවේ , සිගිරි පර්වතේ සිරි නරඹන්න ..."

"අහ් .. එක සුළු දෙයක්... "

"හැබැයි පොඩි පරහක් හිටින තැනක් තියෙනවා..." රජ තුමා පොඩ්ඩක් කල්පනාකාරීව කිව්වා ... අජිත් ට කියන්න මම මේ අද විශේෂයෙන් මේ විදියට පෙනී සිටලා ඔබ තුමා එක්ක කතා කරන්න ආවෙත් ඒ හින්ද තමා. ඔන්න අහගන්නකෝ.."

මම ඉතින්  කටත් බාගෙට ඇරගෙන මේ රජ්ජුරුවෝ කියන්න යන්නේ මොනවාද කියල බලන් හිටියා.  මේ ටිකට වෙච්ච දේවල් වල හැටියට තව මොනවා ඇහුවත්, දැක්කත් බාර ගන්න සුදානම් වෙලා මම හිටියේ .  

දැන් අර මගේ මාලිගාවේ හිටපු පුරෝහිත දැක්ක නේද ?     

ඔව් .. එහෙමයි .. එහෙමයි ...

"නිකං හුරු  පුරුදු ගතියක් තේරුනේ නැද්ද ?" රජ්ජුරුවෝ හිනා වේවි ඇහුවා...

"ඒක තමා මාත් මේ බැලුවේ ..... ඒ වුනාට කල්පනාවට එන්නේ නැහැනේ ..." මම හෙමිහිට ඔලුව පොඩ්ඩක් අත ගගා කිව්වා..."

"ඒ ඇවිල්ල ඔබ තුමාලගේ පරම්පරාවේ ආදිතම කෙනෙක්... ඒ විතරක් නෙමේ ... මගේ මාළිගාවේ තව කීප දෙනෙක් ම ඉන්නවා ඔබලාට නෑකම් කියන .."

"කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු ..." මට ඉබේම කියවුනා...

මම ඒ පුරෝහිතගේ මුණ ආයේ මතක් කර ගන්න බැලුවා...

"ඔබව අතීතෙට එක්කන් ගිහින් මාලිගාව පෙන්නන එකේ තියෙන පරහ ඒක තමා. බැරි වෙලා හරි ඔබගේ කිරි මුත්තා සහ ඔබ අතර සිදුවන යම් දෙයක් නිසා අවකාශ කාලයේ යම් සිදුවීමක් වෙලා අපිට මේ අවස්ථාව නැති වෙන්න උනත් ඉඩ තියෙනවා. "

"හ්ම්ම් .. එකත් හරි තමා ..." 

"තව එකක් ... ඔබගේ ඔය කිරි මුත්තා මට සෑහෙන උදව් පදව් කරලා තියෙනවා... කොටින්ම  ඔය මන්දොදරිව බැලන්ස් කරලා සෑහෙන්න අවස්ථා ගණනක් මාව බේරලා තියෙනවා. 

අහ් ... අර  මම සීතාව උස්සන් ආපු වෙලාවෙත් වැඩිහිටියෙක් වගේ මට කරුණු කාරණා පැහැදිලි කරලා වැඩේ ගොඩින් බේරාගෙන මගේ නම්බුව රැකගෙන මේ තත්වෙන් ඉන්න උපදෙස් දුන්නෙත් ඔය පුරෝහිත තමා... නැත්නම් මේ වෙද්දී රාවණා කියන්නේ ගෑනු හොරෙක් කියල මේ මිනිස්සු මාව නැති කරල දාල ..."   

"ඉතින් ඒකත් එක ප්‍රධාන හේතුවක් තමා ඔබ ඉදිරියට මම අද එන්න...  " රජ්ජුරුවෝ කිව්වා. 

දැන් බලාගෙන යනකොට මං  එසේ මෙසේ කෙනෙක් නෙමේ නේ...  මට පොඩි ආඩම්බර කමකුත් දැනුනා.

මේ වෙද්දී රෑ  වෙන්නත් ඇවිල්ල මට පොඩි බඩගින්නකුත් ඇවිල්ල තිබ්බේ...

"අපි එහෙනම් දැන් හොඳට කමු. "එහෙම කියල රජ්ජුරුවෝ අත්පුඩියක් ගැහුවා.  

මෙන්න එකපාරටම එහා පැත්තට වෙන්න තිබුණු මේසේ කෑම ජාති වලින් පිරිලා ගියා ...

"හරියට සුරංගනා කතාවක් වගේනේ ..." මට කියවුණා.

"හාහ් හාහ් හා ... ඔව් ඔබට එහෙම හිතෙන එක සාධාරණයි .." අපි ඉස්සෙල්ල කාල ඉමුකො ..

මමයි රජ තුමයි කාම මේසෙට වාඩි වෙලා කන්න පටන් ගත්තා .... 

"හරි .. ඔබ තුමා මට පැහැදිලි කරලා දෙන්න .. ඔබ කොහොමද මේ විදියට දේවල් මවන්නේ ? කොහොමද මෙහෙම මං ඉදිරියේ පෙනී සිටින්නේ ..?  මම කැමතියි ඒවා දැන ගන්න.." මොණර මස් කැල්ලක් කාල , සෝම  උගුරක් බොන ගමන්  මම ඇහුවා...

"මම හිතුවා ඔබ ඕක අහයි කියල ..." රජතුමා හිනා වුණා.

" ඕකේ විද්‍යාත්මක පැත්ත නම් මෙහෙමයි. මට පුළුවන් අවකාශ කාලය වගේම පදාර්ථය මට ඕනේ විදියට වෙනස් කරන්න. ඉතින් මේ හැමදේම හැදිලා තියෙන්නේ අණු පරමාණු වලින් නේ... මට ඒවායින් මම කැමති දෙයක් නිර්මාණය කරන්න පුළුවන්.. "

"විසිල් වලින්, අත්පුඩි වලින් ? "මම ඇහුවා 

"අහ් විසිල්, අත්පුඩි කියන්නේ මේ පොඩි ෂෝට් කට්. අර ඔබලා ඔය කොම්පියුටර් වල තියාගෙන ඉන්නේ .." 

ඒක අහල මට හිනා ගියා...    "මට ඕනේ ඔයිට වඩා ගැඹුරු මට්ටමින් ඕක දැන ගන්න.." මම කිව්වා 

"මම දන්නවා.  මම ඔබට ඒවා කියන්නම්. හැබැයි ඔබ තාම මේ කිසිවක් හරියට රස වින්දේ නැහැ . ඉස්සෙල්ලා මේ හැමදේම රසවිඳලා සංතෘප්ත වෙන්න. පටන් ගන්නත් කලින් ගැඹුරු දේවල් හොයන්න ගියාම කිසි ආතල් එකක් නැහැනේ .."

"ඒකත්  ඇත්ත..."  රාජකීය අතුරුපසක් කන ගමන් මට ඉබේම කියවුනා..

"අතීතයට යන වැඩේ එහෙනම් අතෑරලා දාල මම කැමතියි අර පෝටල් එකකින් වෙනත් විශ්වයකට, වෙනත් ජීවීන් ඉන්න ග්‍රහලෝකෙකට ගිහින් බලන්න."    

ඒක අහල රජ්ජුරුවන්ගේ ඇස් දීප්තිමත් වුණා... "අන්න ඒක හොඳ අදහසක්.  ඔබ කැමති කොහෙට යන්නද ?  "

" අනේ මන්ද මට හිතා ගන්න බැහැ...  ඔබ තුමානේ ඉතින්  දන්නේ ..."


"හරි..." එහෙම කියල රජතුමා මේසෙට පොඩි තට්ටුවක් දැම්ම.. 

මෙන්න එක පාරටම ලස්සන තරුණ ගැහැණු ළමයි දෙන්නෙක් දුහුල් ඇඳුමින්  සැරසිලා අපි ඉස්සරහ නටන්න ගත්තා... කෑම මේසේ අතුරුදහන් .

"හොඳ කෑම වේලක් සම්පුර්ණ වෙන්න නම් මේ වගේ ලස්සන නැටුමක් බලන්නම ඕනේ..." රජ තුමා උද්‍යෝගයෙන් පැවසුවා.

අනේ මන්ද කොල්ල කාලේ රුසියාවේ, ජර්මනියේ ස්ට්‍රිප් ක්ලබ් වල රස්තියාදු ගහන කාලේ වත් නොදැක්ක ජාතියේ නැටුමක් ඒක... මම කොයිකටත් ආයෙත් මගේ ඇස් දෙකම පිහදාල, කකුල කොනිත්තලත් බැලුවා මේක මේ ඇත්තද කියල...  වැඩේ ඇත්ත. මේ හැමදේම මගේ ඇස්පනාපිට සිද්ද වෙනවා.

රජතුමා ෆුල් ආතල් එකේ නැටුම රසවිඳිනවා...                  

විනාඩි 10 ක් විතර මේ නැටුම ගියා..

"අජිත් මොකද කියන්නේ..? මට ඕනනම් පුළුවන් මේ දෙන්නව මෙතන තියල ටික වෙලාවකට අතුරුදහන් වෙන්න...මට ඉතින් තව ඕනේ තරම් වැඩ රාජකාරී තියෙනවා කරන්න .. අජිත්ට  ඉතින් තව ටිකක් විනෝද වෙලා පස්සේ පුළුවන් නේ සක්වල සවාරි යන්න. අපිට තව මාසයක්ම තියෙනවනේ...මං  හෙට උදෙන්ම එන්නම් .. හෙහ් හෙහ් ..

"අනේ මන්ද රජතුමනි... මේ වයසක මට...  "

මට කියන්න හම්බවුනේ එච්චරයි. මෙන්න මේ යකා එක පාරට අතුරුදහන් වුණා...     


********************



මං  හිතන්නේ එදා ඔය වගේ සිද්දියක් තමා අජිත්ට වෙන්ඩ ඇත්තේ.  රාවනා රජ්ජුරුවෝ කොහොමත් ගෑනු ළමයි එක්ක එක එක ජාතියේ විහිළු කරන්න කැමතියි නේ..කොහෙන් හරි දෙන්නෙක් උස්සන් ඇවිල්ල අජිත්ට බාර දෙන්න ඇති... හෙහ් හෙහ් 

අජිත්ගේ  කතාව කියවල ගජබින්නාධිපති දැතිහුලහා මෙන්න මේ කතන්දරේ ලියල තිබ්බ.  මට දැනට හම්බ වුනේ ඔය ටික තමා. තව කවුරු හරි ලිව්වා නම් කියන්ඩලා....   

     

    

  
  

           

20 comments:

  1. දේවිය අංජනම් පෙන්වයි හොඳට මවා
    ඒවත් බොරුද, මේ වාගේම නොවැ ඒවා
    ඒවගෙ ඉඳල එන අඟනුන්ගේ ඒවා
    තේරුම් ගන්න එක දිවියක් මදි වෙනවා!

    ReplyDelete
    Replies
    1. දැන් නිදීගේ වැඩ කවියෙන්මයි නේද... ෆුල් ජොලියේ වගේ ඉන්නේ .. හෙහ් හෙහ්

      Delete
  2. මේක යකෝ... මේක කියවල මට අජිත් වෙන්න හිතුණා කියහංකො...!

    ReplyDelete
    Replies
    1. අජිත් වෙන්න ලේසි නෑ... අජිත්ලා ඇවිල්ල රාවණා එක්ක වැඩ කරපු මිනිස්සු.. උඹල අපි වගේ හාලි කෑලි නෙමේ...

      අපි ඔහොම කොහේ හරි හිරවුනොත් ගෙදර යන්ඩ ගිය සිකුරිටි කාරයෙක් ආපහු ඇවිල්ල හරි පන්නල දානවා මිසක් ඕවගේ ආතල් ලැබෙනවද බං ...

      Delete
    2. අන්න අන්න ඉරිසියාව . මට මේකේ ප්‍රශ්නේ ඇයි රාවණා අජිත් මහත්තයා කීවේ කියල. අජිත් මුඩුමය , නැත්නම් අජිත කේශනැත්තව වගේ එකක් කියන මිසක්. ඔය අපේ නිදියා දාන මහත්තය කෑලි ඒ කලේ තිබ්බේ නැහැනේ. මහත්තයා කියන්න මහත් + අය =මහත + අය නේ. මම එඡ්ච්රම මහතා නැහැ හේ හේ

      Delete
    3. රාවණා කාලෙට ගැලපෙන්න භාෂාව ඉගෙන ගෙන ඒකයි...

      Delete
  3. හ්ම්ම් (අජිත්ගෙන් බැනුම් අහන්න බැරි නිසා)

    ReplyDelete
    Replies
    1. අජිත්ව සේප් එකේ තියා ගන්න ඕනේ තමා...

      Delete
    2. ඔය දික්පිටියා ගේ කටට එන හරුප ගැන මම දන්නවා . අර ඉහතින් කීව වගේ ඉරිසියාව , ඉරිසියාව

      Delete
    3. මං කිව්වෙ.තව කොහෙද මං මොනවත් කිව්වනම්

      Delete
    4. ප්‍රා ජේත් ආසයි ලු නැටුම් බලන්න ... හෙහ් හෙහ්

      Delete
  4. අපි දැන් අජිත් එතන ඉදන් කරපු ඒවා ලියන්න ඕන ද ? හැක් හැක්...(බ්ලොග් අවකාශය සොඳුර පත්තරේ වෙයි එහෙනම්.. :D )

    ReplyDelete
    Replies
    1. අජිත් හැබෑටම මොනවද කලේ ..? කෝ මේ අජිත් ..?

      Delete
    2. හිල් අස්සේ ගිහින් නැතිවෙලව කොහෙද? මම කීවේ බිත්ති වල

      Delete
    3. ඔය එක එක හිල් අස්සේ යන්නේ නැතුව අර ස්ටා ගේට් වගේ හිලකින් යන්න තමා මං නං කැමති ...

      Delete
  5. මේක නම් එළකිරි මල්ලි. උපහාසාත්මක කතාවකට grand father paradox එක එහෙම ගානට රිංගවලා . පදාර්ථය වෙනස් කරන්න විදිහක් හොයා ගන්න ඕනේ කොහොම හරි. දැන් මේවා ට්‍රාන්ස්ලේට් කරලා ඔය ප්‍රදීප් වගේ අය ට හෙම දෙන්න එපා. විහිළුවටවත් බිරින්දෑ ගේ පැත්තට විසි වුනොත්, තමුසේ ඔය බ්‍රිටිෂ් මියුසියම් යනවා කියල කොරන්නේ මේවා වෙන්න ඕනේ කියල ගෙයින් එලියටම දායි

    ReplyDelete
    Replies
    1. මට තව එක එක ජාති මතක් වුනා ලියාගෙන යද්දී.. ඉවරයක් කරන්න ඕනේ හින්ද මෙහෙම ලියල දැම්ම. නැත්නම් අර වර්ගපුර්ණිකාව වගේ වෙනවනේ ..හෙහ් හෙහ්

      Delete
  6. පොඩි ප්‍රශ්නයක්: රජ්ජුරුවන්ගේ මුණ ඇඹුල් වුණා - මොන මූණද ඇඹුල් වුනේ - ඉස්සරහ එකද , සයිඩ් එකේ ටිය්නේ ඒවලින් එකක්ද?

    ReplyDelete
    Replies
    1. මම උපකල්පනය කළා, එදා ඇවිල්ලා හිටියේ එක ඔලුවක් අරං කියල.. ඔය ඔලු දහය ගැනත් හිතන්න ගියානම් තාම හිතනවා .. හෙහ් හෙහ්

      Delete