Wednesday, September 16, 2020

මීඩියම් මුල සිට සරලව


  මුල සිට සරලව කියල පටන් ගත්තට මම දන්නෙත් මේ ටික විතරයි. කමක් නැහැ කොහෙන් හරි පටන් ගන්න ඕනේ නිසා දන්න ටික ලියල දාමු.

අපි කලින් කොටසේ පොඩ්ඩක් මීඩියම් ගැන කතා කරපු හින්ද කැමති කෙනෙක් ඉස්සෙල්ල ඒක බලල එන්න මේ මොකක් ද කියල අදහසක් ගන්න.

හරි මෙතන ඉඳල පින්තූර ටිකක් දාන්නම්. 

අනිත් හැමදේටම වගේ මීඩියම් එකටත් අපිට එකවුන්ට් එකක් හදා ගන්න ඕනේ.  මෙන්න මේ පෙන්නන විදියට තමන් කැමති සේවාවකින් මීඩියම් එකවුන්ට් එකක් හදා ගන්න පුළුවන් .





ඔය ලිස්ට් එකෙන් තමන් කැමති සේවාව තොර ගත්තම මේ විදියට එකවුන්ට් එක හදා ගන්න පුළුවන් .

මේ වැඩේට තාක්ෂණිකව කියන්නේ සිංගල් සයින් ඔන්  (Single  Sign  On ) ඒ කියන්නේ අපි නිතර පාවිච්චි කරන ප්‍රසිද්ද සේවාවක් පාවිච්චි කරලා වෙනත් සේවාවන් වල එකවුන්ට් හදා ගන්න පුළුවන් වීම. මේක ඉතාම ආරක්‍ෂිත වැඩක්. ඒ නිසා මීඩියම් එකට වෙනම එකවුන්ට් එකක් හදන්න ඕනේ කියල හිතන්නේ නැතුව මේ විදියට ලොග් වෙන්න.   


හරි  මේ වැඩෙන්  පස්සේ දැන් ඉබේම මීඩියම් එකේ අපේ එකවුන්ට් එකක් හැදෙනවා.
ඊට පස්සේ මීඩියම් අපිට පෙන්නේ මෙහෙම 

 
 ඔච්චරයි කරන්න තියෙන්නේ .
දැන් මීඩියම් එකේ මොනවා හරි ලියන්න ඕනේ නම් මෙන්න මෙහෙම ඔබගේ පින්තුරය උඩ  ක්ලික් කලාම අදාළ දේවල් ටික පෙන්නනවා 


ඔය මම රතු පාට ඊතලයකින් පෙන්නුම් කරලා තියෙන්නේ අලුත් කතාවක් (Story ) එකක් පටන් ගන්න තැන.

ඒක ක්ලික් කලාම මෙන්න මෙහෙම අපිට ලියන්න ඕනේ පිටුව එනවා .මාතෘකාව ලියල කතන්දරේ ලියාගෙන යන්න තියෙන්නේ 


මේකේ තියෙන්නේ බ්ලොගර් එකට වඩා වෙනස් විදියක්. වැදගත්ම දේ බය නැතුව ටයිප් කරලා ,මකල, එඩිට් කරලා බලන්න. ටක් ගාල අල්ල ගන්න පුළුවන් .

ලියපු එක හයිලයිට් කලාම මේ විදියට එඩිට් කරන්න පොඩි ඔප්ෂන් ටිකක් එනවා . ඔබ එඩිට් කරන්නේ මාතෘකාවද , උප මාතෘකාවද , කතාවද යන්න අනුව මේ ඔප්ෂන් ටිකක් වෙනස් වෙනවා.  ඒ කියන්නේ අපිට හුරු පුරුදු හැමදේම තියෙන තනි ලොකු ටූල් බාර් එක වෙනුවට මේ වගේ සරල පොඩි ටූල් බාර් එකක් තමා තියෙන්නේ.

 

පින්තුරයක් , වීඩියෝ එකක් වගේ දේවල් දාන්න  නම් ඔය කතන්දරේ ලියන කොටසේ සයිඩ් එකෙන් මතුවෙන + ලකුණ ක්ලික් කරන්න . එතන මතුවෙන පුංචි රූප කෑලි ටික උඩ ක්ලික් කරලා තව දුරටත් අවශ්‍ය දේවල් එකතු කර ගන්න පුළුවන්. 

කතාව ලියල Publish  බොත්තම එබුවම මේ විදියට අපේ කතාවට ගැලපෙන ටැග්ස් ටිකක් එකතු කරන්න පුළුවන්. මේ ටැග්ස් වලින් තමා කවුරු හරි අපි ලියන විෂයට අදාළ දේවල් හොයනකොට අපේ ලිපිය එයාලට පෙන්නන්න උදව් වෙන්නේ. එක හින්ද ඒවා 5ක්  විතර දාන එක ඉතා ම වැදගත් .

අපි පින්තුර කිහිපයක් කතාවට දාල තියෙනවා නම් ඒවායින් අපි කැමති පින්තුරේ ප්‍රධාන එක විදියට තෝර ගන්නත් මෙතනින් පුළුවන් .  



ඊට පස්සේ ඔබට ලියපු කතාව ඒ වෙලාවේ පබ්ලිෂ් කරන්න හෝ පස්සේ වෙලාවක ඉබේ පබ්ලිෂ් වෙන්න කියන දෙකෙන් එකක් තෝරන්න පුළුවන් .


එහෙම පබ්ලිෂ් කරපු කතන්දරේ තව තව අය එක්ක ටක් ගාල බෙදා ගන්නත් පහසුකම් දීල තියෙනවා .


ලියපු දෙයක් වෙනස් කරන්න නම් ඔය තියෙන තිත් 3 සලකුණ  ඔබල ඒ වැඩේ කරගන්නත් පුළුවන් .
 



මීඩියම් එකේ තියෙන්නේ අපි කරන වැඩේ සහ අපි ඉන්න තැන අනුව වෙනස් වෙන මුහුණතක්. උදාහරනෙකට ඔබ කිසිවක් ලියන්නේ නැතුව ඔබට අර තිත් 3 ක්ලික් කරලා බලන්න බැහැ . ඉතින් බය නැතිව ඔබට ඕනේ දේ කරගෙන යන්න. ඒ කරන වැඩේට අදාළ උපකරණ සහ ඔප්ෂන් ඒ වෙලාවට මතුවෙනවා.

ඔක්කොම ගානට තියෙනවද බලල ලියන්න පටන් ගන්න දෙයක් නැහැ. ලියාගෙන යනකොට අදාළ දේවල් එනවා. මීඩියම් එකෙයි, බ්ලොග්ස් වලයි තියෙන ලොකු වෙනසක් ඒක .     

    


ලියපු කතාවකට ඔය තියෙන අත්පුඩි සලකුණ ඔබල ඔබේ මනාපය පල කරන්න පුළුවන් . ඔය කමෙන්ට් දාන සලකුණ ඔබල ඔබේ අදහස ලියන්නත් පුළුවන් .

මේ තියෙන්නේ මම ලියපු කතාවට ඩ්‍රකියා දාපු කමෙන්ට් එකක් සහ ඒකට මම උත්තරයක් දෙන්න යනකොට වෙනස් වෙන හැටි.  



මේ තියෙන්නේ සරලව කොහොමද ඔබේ කතාව මීඩියම් වලට දාන්නේ කියන දේ ගැන.  මේකේ තියෙන ගොඩක් දේවල් මමත් තාම දන්නේ නැහැ. නමුත් ලියාගෙන යනකොට ඉගෙන ගන්න පුළුවන් .

වැදගත්ම දේ තමා ඔබ මේ විදියට එකවුන්ට් එකක් හදල මීඩියම් පාවිච්චි කරද්දී ඔබට මාසයකට කියවන්න පුළුවන් ලිපි ගණන සිමා වෙන එක. ඔබ ඊට වඩා කියවන කෙනෙක් නම් ඔබට මසකට ඩොලර් 5ක්  හෝ අවුරුද්දට ඩොලර් 50ක්  ගෙවල සාමාජිකත්වයක් ගන්න පුළුවන්. නැත්නම් ඔබගේ එකවුන්ට්  එකෙන් ලොග් අවුට් වෙලා කියවන්න පුළුවන්. නමුත් කමෙන්ට් කරන්න බැහැ එතකොට.

අර කලින් පෝස්ට් එකේ දේසකය  කිව්වේ ඔය සුපියල් පහ ගැන තමා. හෙහ්  හෙහ් 

ඉතින් මේ ටික තමා දැනට මම දන්නේ. ඉස්සරහට තව ටිකක් හොයල බලල තව ලිපියක් ලියන්නම්. මම හිතන්නේ මීඩියම් වල ලියල පළපුරුදු අයට පුළුවන් කමෙන්ට් වලින් මම නොදන්නා සහ තව වැදගත් දේවල් එකතු කරන්න. බුරා එහෙම දන්නවා ඇතිනේ .         


 

22 comments:

  1. Thanks Pathum.
    I am all out to start an account in Medium

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ටු ද ක්ලබ් කිව්ව ලොකු මහත්තෙය...

      Delete
    2. ලේසිම වැඩේ දැනට ලියල තියෙන දේවල් දාල පටන් ගන්න එක. මගේ නම් අදහස ඉංග්‍රීසි සහ සිංහල දෙකෙන්ම ලියන එක හොඳයි.

      Delete
  2. අපට සල්ලි ගන්න පුළුවන් කියල ෂුවර්ද අපි ගෙවන්නේ නැතිව

    ReplyDelete
    Replies
    1. අජිත්, සල්ලි ගෙවන්න වෙන්නේ මාසෙකට ලිපි 5 කට වඩා කියවනවානම්. ඊට අඩුවෙන් කියෙව්වොත් සල්ලි නොගෙවා පාවිච්චි කරන්න පුළුවන් . කොහොමත් අපිට සල්ලි හම්බ වෙන්න නම් අපේ එකවුන්ට් එකක් තියෙන්න ඕනේනේ .

      දැනට නම් සල්ලි ගෙවන මෙම්බර් කෙනෙක් කියවන වෙලාව අනුව තමා අපි ලියපු ලිපියට සල්ලි හම්බ වෙන්නේ. ඊට අමතරව සල්ලි නොගෙවා කියවන කෙනෙක් මාසයක් ඇතුලත මෙම්බර්ෂිප් එක ගත්තත් අපිට යම් මුදලක් ලැබෙනවා. ඊට අමතරව ක්ලැප්ස් ගාන අනුවත් යම් මුදලක් එකතු වෙනවා .

      මට හිතෙන විදියට ඔබ සල්ලි නොගෙවා එකවුන්ට් එක තියාගෙන හිටියත්, ඒ කියන්නේ මාසෙට ලිපි 5ක් කියවල, ඔබ ලියන ලිපි අනිත් සල්ලි ගෙවන අය කියෙව්වොත් ඔබට සල්ලි ලැබෙනවා.

      ඉතින් සිංහලෙන් ලියන ලිපි වලට එහෙම සල්ලි ලැබෙන්න නම් සිංහලෙන් ලියන අපි අපිම සල්ලි ගෙවල මෙම්බර්ෂිප් ගන්න වෙනවා.

      හැබැයි ඉංග්‍රීසි ලියන කෙනෙකුට තමන් සල්ලි නොගෙවා සල්ලි ගෙවපු අය කියවන කාලය අනුව යම් මුදලක් උපයන්න පුළුවන් වෙන්න ඕනේ.

      Delete
    2. එල එල පලවෙනි එක දැම්ම බලන්න.
      https://medium.com/@apdharma/the-langdale-pikes-and-pavey-ark-walk-450ca4e6f303?sk=08dcaa75f5fdeffaf33d70b72c09e5a8

      Delete
    3. මම ගිහින් බැලුවා. අජිත් අර තාරකා විද්‍යා ලිපි ටික මීඩියම් දාන්න.

      Delete
    4. Thanks. That's a good idea.
      Can we create seperate account for Sinhala articles or it should be "all in one place"
      (මම දන්නවා මට ගිහිල්ල බැලුව හැකි. ඔයා බලල තියෙන නිසා ලේසියි අහන එක)

      Delete
    5. මම හිතන්නේ ලියන භාෂාව වෙනස් වෙන එක එකවුන්ට් එකට ප්‍රශ්නයක් නෙමේ. එක එකවුන්ට් එකේ දෙකම තියෙන එක වාසියක් වෙයි.

      Delete
    6. මගේ එකවුන්ට් එක බ්ලොක් කරලා . හේතුවක් දන්නේ නැහැ. බ්ලොග් එකේ ඒවා දාපු නිසාද?

      Delete
  3. මේක සෑහෙන්න වැදගත්, (තාම කියෙව්වෙත් නෑ හිටං) මං අකවුන්ට් එකක් හදාගත්තා. ඒ උනාට ලියන්න සෙට් වෙන විදියක් හොයාගන්න බැරි උනා. දැන් දෙන්නං ජම්බු.

    ReplyDelete
    Replies
    1. මේකේ ගොඩක් වෙලාවට යම් කිසි විෂයකට අදාලව ලිපි ලියන එක තමා සාර්ථකම. ඔය කරන වැඩ වලට අදාලව හරි නේවි එකේ දේවල් හරි ලියන එක නැගල යයි .

      Delete
  4. ඇත්තට අර අජිත් අයිය අහපු ප්‍රශ්නෙම තමා මටත් තියෙන්නෙ. ඔය සුපියල් පා දෙන් නැතුව අපට සල්ලි උපයන්ඩ බෑද?

    ReplyDelete
    Replies
    1. සුපියල් පා නොදී පුළුවන් වෙන්ඩ ඕනේ. හැබැයි ඉතින් අනිත් අය සුපියල් පා දීලා අපි ලියන එක කියෙව්වොත් තමා.. හෙහ් හෙහ් ..

      කොහොමත් සිංහල ලිපි වලින් යමක් හම්බ කරන්න නම් මුදල් ගෙවල සිංහල කියවන පිරිසක් ඇති වෙන්න ඕනේ.

      මේකේ තව පාට්නර් ප්‍රෝග්‍රෑම්, අර කලින් කොටසේ බුරා කිව්වා වගේ වෙන වෙන තැන් වල අපේ ලිපි මීඩියම් එක විසින් පබ්ලිෂ් කිරීම මගින් වගේ මුදල් හම්බ කරන්න පුළුවන්. නමුත් සිංහල ලියන කියවන පිරිස අනුව තමා සිංහල ලිපි වලට ඒ වගේ වැදගත් කමක් එන්නේ.

      මට හිතෙන්නේ මීඩියම් වල සිංහල ප්‍රමාණය වැඩි වෙනකොට ඒ වගේ දේවලුත් නිකන්ම ඇති වෙයි. වඩා ඉක්මන් සහ පහසුම ක්‍රමය තමා ඉතින් ඉංග්‍රීසියෙන් ලියන එක.

      Delete
  5. ප්‍රාජේ මහත්තයාගේ ලිපි මීඩියම් එකෙන්වත් කියවන්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා . හෙහ් හෙහ්

    ReplyDelete
  6. මාසෙකට දෙකකට කලින් ඇමරිකාවේ ඉන්න ඇපල් එකේ වැඩ කරන මිතුරෙකු පළ කළ තාක්‍ෂණික ලිපියක් කියවන්න මං මීඩියම් ගිනුමක් ආරම්භ කළා. දැන් දවස ගානේ ඊ-මේල් එනවා. මල කරදරේ!

    ReplyDelete
    Replies
    1. රසික, ඒ එන ඊමේල් වල යටින් තියෙනවා ඒවා ඕෆ් කරන්න ඔප්ෂන් එකක්.

      Delete
  7. මගේ බ්ලොග් එක කියවල ඔය ඩොලර් පහ මට දියං. හැක්..

    ReplyDelete
  8. පැතුම් ලියනවද? රායිට් . දැන් මෙතැනින් තමයි කතාව පටන් ගන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මට මාසයක් රාවනා එක්ක බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඇතුලේ ලොක් ඩවුන් ඉවර වෙනකන් ඉන්න උදව් කරන්න.

    කතාව 1, 2, 3, කියල ගෙන යන්න පුළුවන්. මාසේ අන්තිමට හොඳම ලියවිල්ලට ත්‍යාගයක් දෙනවා. (සම්මාන ඉල්ලා ගෙන එන්න එපා ඔන්න)
    හරි මගේ සාක්කුවෙන් තමයි ප්‍රථම ත්‍යාගය දෙන්න වෙන්නේ. තවම තීරණය කලේ නැහැ. සොඳුරු සඳවතී ගෙන් බුරියානි සෙට් එකක්ද? ඩේටා කාඩ් ටිකක්ද? පොතක්ද යන වග පස්සේ කියන්නම්. කොළොම්පුරේයි ඩ්‍රකියයි ගෙට්ටුගෙදර් එකක් දැම්මොත් ඒකෙදි තෑග්ග දෙන්න සලස්වන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අජිත් මේක ලියන්න මට ආසයි. මාව මතක් වෙලා කියපු එකට ස්තුතියි. හැබැයි ඉතින් මගේ ලිවිම විස්වාස නැහැ. හරිම උදාසීන සහ වැඩ අධික කමක් තියෙන්නේ. පොඩි දෙයක් හරි ලියන්න බලන්නම්. හොඳ අදහසක් ඒක.

      Delete
  9. ලින්ක් එක
    https://kolambagamaya.blogspot.com/2020/11/1.html

    ReplyDelete