Thursday, November 30, 2017

වෘක හාමිගේ සාදය හෙවත් Big Bad වැනුම


         වෘක හාමිගේ සාදය කියන්නේ අපුරු ළමා කතා පොතක්. බ්ලොග් ලියන කියවන අපේ කුඩා දරුවන්ට හොයාගෙන කියවන්න ඉතාමත් හොඳ පොතක්. කපටි හිවලෙක් ගැන කතාවක්. 

        පොත් කතා බහ ඉවර වෙලා, ගත්තු පොත් දිහා හැරිලාවත් බලන්න වෙලාවක් නැතිව ඉන්න එකේ ඔන්න ඔහේ වෘකයා ගැන වත් ලියල දාන්න හිතුවා. පහුගිය පෝස්ට් එකත් ටිකක් දිගට ලියවෙච්ච හින්දා මේක නම් කෙටියෙන් ඉවර කරලා දානවා. කියවන අය ගැනත් හිතන්න එපෑ... අපිට ලියන්න අදහස් ගලාගෙන ආවට ඔය ඔක්කොම ලියන එක හරි නෑනේ... පුළුවන් තරම් කපල, කොටලා, අඩු කරලා තමයි මේක නම් ලියන්නේ.

    කතන්දරේ මේකයි. පහුගිය මාසේ ලංකාවට ආවනේ Big Bad Wolf පොත් ප්‍රදර්ශනේ. ඕක ගැන නොදන්නා කෙනෙක් ඉන්න විදියක් නෑ. ඕක මහජනතාවට විවෘත කරපු පලවෙනි දවසේ උදේ පාන්දර දවල් දෙකට විතර මම ඉතින් ගියා. පොත් ගැනීම කොහොම වෙතත් මොනවාද තියෙන්නේ කියල බලන්න තමයි ගියේ. කලින් මාසේ BMICH එකෙන් පොත් ටිකක් ගත්ත හින්ද පොත් ගැනීමේ ලොකු ආසාවක් තිබුනේ නෑ. යුතුකමක් වශයෙන් ගියේ.  පොත් දෙක තුනක් නම් ඔලුවේ තිබුනා තිබුනොත් ගන්නවා කියල. එච්චරයි. මම ඉතින් ගිහින් ඔන්න වටයක් ඇවිදලා බැලුවා. සුපුරුදු විදියට පිස්සු හැදෙන පොත් ගොඩාක් තිබුනට මම හොයපු ඒවා තිබුනේ නෑ. මම බැලුවේ Dan Brown ගේ හරි Michael Crichton ගේ හරි පොත්. පොත් කිහිපයක් තිබුනත් ඒවා මම හොයපු ඒවා නෙවෙයි. තිබුන ඒවත් අර අඩු වියදමට ගහපු පොඩි පොත් මිසක්, ගණ කවරේ තියෙන සිරා පොත් නෙවෙයි. ඉතින් මට ගන්න හිතුනේ නෑ.

       පොත් ගොඩවල් අතර ඇවිද ඇවිද අතපත ගගා ගියාට හිතට වදින පොතක් සෙට් වුනේ නෑ... ගන්න නිකමට හරි ආස හිතුනේ අර මාවල්,DC වගේ ග්‍රැෆික් නවල් තමා. අනිත් එක අර Assassin Creed, Hobbit වගේ ගේම් සහ ෆිල්ම් වල චරිත වල චිත්‍ර තිබුණු පොත්, ඊට පස්සේ ඔය තිබ්බ අටෝරාසියක් වෙච්ච සඟරා නම් ගන්න හිතුනා.  හැබැයි ඉතින් ශ්‍රී ලංකාවට ඇවිල්ල නිකන් ඉන්න බැරුවට පටන් ගත්ත ගේ හැදිල්ල හින්ද ඔය මැගසින් වල ගණන් බලපුවහම් සිමෙන්ති කොට්ට, යකඩ කම්බි මැවිලා පෙන්න ගත්තා. ඔන්න Assassin Creed පොත 1500ක් වුනා කියමු, සිමෙන්ති කොට්ට එකයි, 10 කම්බියයි,  3000-4000ක මැගසින් එකක් ගන්න කියල අතපත ගාද්දී ඉතින් කළු ගල් කියුබ් එකක් තමා මැගසින් එක වෙනුවට පෙන්න ගත්තේ.. ඒ දවස් වල ගෙදර අත්තිවාරම දදා හිටපු හින්දා තමා ඔය සිමෙන්ති, කළුගල්, යකඩ කම්බි පෙන්න ගත්තේ. මේ දවස් වල ඕක තිබ්බ නම් කොන්ක්‍රීට් ගල්, ගඩොල් වලින් පෙන්න තිබ්බා. 

කොහොම හරි ඉතින් ඔන්න එදා එක පොතක් වත් ගන්නේ නැතුව ආවා. 

        බාස්ල වැඩ අතරේ මම ෆෙස්බුකියෙන් ලෝකේ බලනකොට පේන්නෙම කට්ටිය ඕකට ගිහිල්ල ගත්තු පොත් ගොඩවල් තමා. කොච්චර වුනත් ආයේ අලුතින් පොත් දාලද දන්නේ නෑ කොයි එකටත් ආයේ ගිහින් බලන්න ඕනේ කියල ඔන්න ආයේ සැරයක් ගියා. 

        යකඩෝ මොන රෙද්දක් ද ගෙයක් හැදුවා කියල  මෙහෙම ඉන්න පුළුවන් ද අද නම් පොතක් ගන්නවාමයි කියල හිතාගෙන එදා ගියේ.

     එදා හෝල් එක ඇතුලට  යන්න කලින් හොඳවයින් උණු බල්ලෙක් කාලා, බීම බෝතලයක් බිලා එහෙම තමා ගියේ දෙන්නම් බැටේ කියල. ඔන්න ඉතින් ගියා අර සාහිත්‍ය පොත පත තිබ්බ මේස කෑල්ල හොයාගෙන. හය්යෝ සංසාරේ මම දන්නා කියන කාගේවත් පොතක් තිබුනේ නෑ.. Jack London ගේ White Fang එකයි. Call of the wind එකයි තිබ්බා හැබැයි පොඩි පොත්. මට ඕනේ වෙච්ච විදියේ පොත් තිබුනේ නෑ. අලුතින් පොත් දැම්ම කිව්වට මට කිසි අලුත් ගතියක් දැනුනේ නෑ.

    මැලේසියාවේ ඉද්දි ඔය වෘකයාගෙන්ම ගත්ත නම නොදන්නා ලේඛකයින් ගේ පොත් පෙට්ටි පුරෝලා ගෙදර තිබ්බ හින්දා තව ඒවගේ පොත් ගන්න මට කොහොමත් ආසාවක් තිබුනේ නෑ. ඒවා කියවලත් නැති එකේ තව මොකට ගන්නවද කියල තමා හිතුනේ.. එදත් ඉතින් අර ග්‍රැෆික් නවල් ටිකයි, මැගසින් ටිකයි පෙරලලා බලල  සිමෙන්ති කොට්ට, යකඩ කම්බි පොඩ්ඩක් යටපත් කරගෙන වැඩි දුරටත් ඇවිදලා බැලුවා මොකක් හරි ගන්න. ම්හු...

කොහොම හරි ඉතින් එදත් එකක් වත් ගන්නේ නැතුව එලියට බැස්සා.  සංසාරේ කිව්වලු. 

   ඉතින් දැන් ඔන්න ඔහොම කාලේ ගෙවිලා වෘකයා ලංකාවෙන් යන දවසත් උදා වුනා. අඩේ අප්පා, මැලේසියාවේ ජිවිතේ ආතල් ජනක දේවල් වලින් ආතල්ම එකක් වෙච්ච Big Bad Wolf ආපහු යනවා නේද.. මම එක පොතක් වත් ගත්තේ  නෑනේද.. ලංකාවට ආපු එක මතක්වෙන්න යුතුකමක් වශයෙන් වත් එකක් ගන්න ඕනේ නේද.... කියල අන්තිම දවසේ අන්තිම වතාවට කියල තව පාරක් ගියා.

     දැන් මේක කියවන අයට හිතෙයි මම පැත්ත පළාතේ යන්නේ නැතිව මේ නිකන් බයිලා ගහනවා කියල.  මේ තියෙන්නේ සාක්ෂි


පේනවනේ. අපි වෙන මොනවා ගැහුවත් බයිලා ගහන්නේ නෑ...


 ඔය තියෙන්නේ ක්ලෝස් අප් එකකුත්. මෙතනම පට්ට පොත් බර ගානක් තියෙනවනේ බොලේ. ඇයි මම ගත්තේ නැත්තේ..  එදා කන්නාඩි දෙක නොදා ද මන්ද ගිහින් තියෙන්නේ..


        අන්තිම දවසේ හවස, බට්ටි නගාටත් කියල අඩුම තරමේ එතුමිය කැමති පොතක් වත් අරන් එන්නම් කියල හිතාගෙන, මොකුත්ම නැති වුනත් කවද හරි  international best seller පොතක් ලියන්න ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඉංග්‍රීසි ව්‍යාකරණ පොතක් වත් ගන්නවා කියල හිතාගෙන ඔන්න 3 වෙනි වතාවටත් ගියා.

       අපරාදේ කියන්න බෑ ඒ වෙද්දී අර සාහිත්‍ය හෙවත් literature කැටගරියේ තිබ්බ මේසේ අතුරු දහන් වෙලා. Young Adults මේස ටිකකුයි පොඩි ළමයින් ගේ පොත පත පිරිච්ච මේස ගොඩකුයි නම් තිබ්බා. ග්‍රැෆික් නවල් සහ මැගසින් නම් ඉතිරි වෙලා තිබුනට කලින් තිබ්බ හොඳ ඒවා ගොඩක් ඉවර වෙලා. Assassin Creed චිත්‍ර පොත හෙව්වට ඒක තිබුනෙත් නෑ.. බට්ටි නගා හොයන ජාතියේ පොත් තිබුනට ඒවා යේ අභ්‍යන්තරය ඒ හැටි ගත යුත්තක් නෑ කියල හිතුනා. ඒ ලේඛකයින් ගේ වඩා හොඳ පොත් තියෙන නිසා ඉතිරි වෙච්ච පොත් ගන්න එක තේරුමක් නෑ කියල හිතුනා. හැබැයි ඒත් මොකක් හරි පොතක් ගන්න ඕනේ නේද කියල තිබිච්ච පොත් ගොඩවල් එකක් නෑර පීරලා බැලුවට මගේ හිතට වැදිලා, මේක නම් ගන්න ඕනේ කියල, සිමෙන්ති කොට්ට , යකඩ කම්බි, කළුගල් පසාරු කරගෙන මතු වෙලා එන්න පුළුවන් කමක් තිබ්බ කිසිම පොතක් මට හම්බ වුනේ නෑ..  හරිම කනගාටු දායක තත්වයක් ඒ වෙද්දී උදා වුනේ. මෙච්චර පොත් තිබිලා එකක් වත් සෙට් වෙන්නේ නැති හැටි කියල බොහොම විස්සෝපෙන් මම හිටියේ.

        ඔහොම ඉතින් පැයක් 2ක්  කැරකෙද්දී ටික ටික මටම මේ පොත් හෙවිල්ල එපා වෙන්න ගත්තා. යුතුකමට ගන්න කියල ආවත් හිතට හරි යන එකක් නැතුව කොහොමද කියල මම දැන් 4 වටේ කල්පනා කර කර එතන හිටපු චීන ගෑනු ළමයි දිහා බල බල අතීත මැලේසියන් මතක සිහි කර කර හිටිය. ඔහොම ඉන්නකොට එක පාරටම මට 'Aha!' අදහසක් ආවා.

        ලෝකේ තියෙන විශාලම පොත් ප්‍රදර්ශනෙකට දවස් තුනක් ගිහින් එක පොතක් වත් ගන්නේ නැතුව ඉන්න කොට දැනෙන  ආතල් එක ගන්න මේක හොඳ අවස්තාවක් කියල මට ඒ වෙලාවේ මේ 'Aha!' අදහස මතක් කරලා දුන්නා. ඒ වගේ අපුරු අදහසක් ආපු වෙලාවට ආයේ තවත් හිතන්න දෙයක් නෑනේ කියල මම ඒ වෙලාවේ අත පත ගගා හිටපු පොත් ටිකත් එහෙමම දාල ජයග්‍රාහි 3 වෙනි වතාවටත්  හිස් අතින් ගෙදර ගියා.

       මේ ලෝකේ ඔන්න ඔහොම දේවලුත් මිනිස්සුන්ට වෙනවා. ඉතින් ඔයාලට ඔය වෙන දේවල් ඒ හැටි ගණන් ගන්න හොඳ නෑ.. පාන් කෑල්ලක් කාල තන්තෝසෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ. 


25 comments:

  1. ඔය වගේ වෘක වැඩ මමත් කරනවා. එක පාරක් පොත් කඩේක වරුවක් ඉදලත් පොතක් නොගෙන ආවා.. හැක්..

    උඹ තුන් පාරයි. දවස ගානේ ගිහිල්ලත් එක පොතක් වත් නොගෙනන ඒත් දවසම බුක් පෙයර් එකේ ඇවිදින අපේ අයියල ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා බං.. හෙහ් හෙහ්

      Delete
  2. ගියානේ... හොට්ඩෝග් කෑවනේ.. බීම බීවනේ.. ඒ මදෑනේ..

    මැලේසියාවෙ ෆොටෝ දැම්මට අපි රැවටෙයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔය පෙන්නේ SLECC එකේ වහලේ බං.. බොරු නම් ගිහින් බලපන්.

      කොහේ ගියත් කාල බීලා යන්න කියන්නේ ඕකයි. අන්තිමට ඉතිරි වෙන්නේ කාපු බීපු දෙයක් තමා.. හෙහෙ හෙහ්

      Delete
  3. පොත් වලට ඇබ්බැහිවෙන එක හොඳයි සමඝරු ඉන්නවා පොත් කාවෝ ඒ කියන්නේ පොත ගන්න බලන්නේ වැරදි විදියට වගේම ඒ පොත එයාගේ විතරයි . වෙන කාටවත් අයිති නෑ කියල හිතන
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මම පොත් වලට ඇබ්බැහි වෙලා හිටියා. දැන් කොච්චර ආසාව තිබුනත් නිදහසේ පැයක් දෙකක් පොතක් කියවන්න වෙලාවක් හොයා ගන්න හරි අමාරුයි. කොහොම උනත් පොත් එකතු කිරීම නම් දිගටම කරනවා. කවුරු හරි ඉල්ලුවොත් දීලත් දානවා. ඕනේ පොතක් ආයේ ගන්න පුළුවන් නේ දැන් කාලේ. ඉස්සර වගේ පොත රැකගෙන ඉන්න හදන එක තේරුමක් නෑ..

      Delete
    2. මේ...... අපි.... එහෙම.. පොත් ගන්නවා........ අපිටත් බැරිද ටිකක්..... සලකලා බලන්ට... ( ඔය කිව්වට මේ උන්දා කියෝන පොත් කියෝලා මෙව්වා වෙයිද මන්ද )

      Delete
    3. මොකද බැරි .. ඕනේ වෙලාවක ආවොත් දෙන්නම්.. (මලාට එන්නේ නෑ කියල 100000000000000% ෂුවර් නේ ඉතින්)

      මම කියවන පොත් සම්භාව්‍ය 5 වෙනි මණ්ඩලේ එව්වා. අපේ අම්මා හැමදාම බනිනවා මොනවාද ඔය ගන්න අපබ්‍රංස කියල.. හෙහ් කොටින් ම මටම එපා වෙනවා සමහර ඒවා. ඒ වුනත් ගන්නේ ඒ වගේ විකාර තමා.

      මේ සැරේ පළවෙනි නවකතාව වෙච්ච මීනා ගත්තා. ඒක නම් කියවල ඉවර කළා.

      මේ දවස් වල සෝර්බා ද ග්‍රීක් කියවනවා. හෙහෙ මාසෙට පිටු 20ක වේගෙන්.. හෙහ් හෙහ්

      Delete
  4. Pathumas' style...

    ආ හරි ඉතින් අපි රැවටුනා... බුකියේ ඇති පදම් පින්තුර ඇති, ඒවායින් එකක් අරගෙන දාන්න ඇති කියලා ඔන්න අපි හිතන්නේ නෑ හරිද?

    මගේ ඔය වෘකයා බලන්න ගියපු ගමන් 3 ගැන කිව්වොත් - අනේ මන්ද මාව සමාජෙන් කොන් වෙයිද කියල!! හැබැයි.... සිරාම වැඩ ටිකක් නම් කළා.. හි හි හි ලියන්න බෑ ඒවා බ්ලොග් එකේ නම්!

    ReplyDelete
    Replies
    1. මම ගියා බොල. තුන් පාරක්ම ගිහින් ඔන්න ඔය විදියට ඔක්කොම සිද්ද උනා. වෙලාවට වෘකයා ආපහු යන්න ගියේ. නැත්නම් මම තව කී සැරයක් යයි ද දන්නේ නෑ.. පොතක් හොයාගෙන

      ලියල දාන්න. අපිනෙ බලන්නේ. අමුතුවෙන් ලජ්ජා වෙන්න දෙයක් නෑ..

      Delete
  5. දැන් ලංකාවෙ වාසය කරනව නම් කොලඹ පබ්ලික් ලයිබ්‍රරි බැඳෙන්න පැතුම්. බ්‍රවුන් , ක්‍රයික්ටන් විතරක් නෙමෙයි කතුවරුන් ඉතා විශාල ගාණකගේ පොත් තියනවා. මං දැන් නවල්ස් මිලදී ගන්නෙම නැති තරම්. තියන්න ඉඩකුත් නෑ

    BB වුල්ෆ්ගෙන් ග්‍රැෆික් නවල් 3 ක් (Capt. A, Thor, Wolverine) ගත්තා. සිලෙක්ෂන් එක වැඩියි. සල්ලි මදියි.
    ඊට අමතරව නොන් ෆික්ෂන් කීපයක් (Slavery, Tudors, Amazons, etc) ගත්තා.

    ලයිබ්‍රරි එකෙන් පොත් ගන්න නිසා මිලදී ගන්නා පොත් රිටයර් වෙලා තමයි කියවන්න වෙන්නේ (ඉඳල හිටල රිෆර් කරනවා හැර )

    ReplyDelete
    Replies
    1. ලයිබ්‍රරි එකට බැඳෙන්න හිතුවට ඕක වෙන්නේ නෑ. අනිත් එක පොත් නියමිත කාලෙකට කියවල ඉවර කරන්න නම් හරි අමාරුයි.මම කොටින් ම මෙසේ උඩ හදිස්සියට කියවන්න කියල පොත් 20ක් විතර ගොඩ ගහගෙන ඉන්නවා. සමහර වෙලාවට පිටුවක් දෙකක් කියවනවා. ඉවරයක් වෙන්නේ නෑ.ලයිබ්‍රරි වැඩේ හරි යන්නේ නැත්තේ එකයි. පොතේ ගානට වැඩිය දඩ ගෙවන්න වෙයි මට.. හෙහ් හෙහ්

      ග්‍රැෆික් නවල් නම් අරන් පෙරලා පෙරලා ඉන්න පුළුවන්. මම ගත්ත ඒවා ගොඩක් අක්කගේ පුතාට දුන්නා. X-Men 25th Anniversary එඩිෂන් ලොකු පොතක් එහෙම ගත්තා. මේ ළඟදිත් පොඩි එකා ඒක බල බල හිටියා. හෙහ් හෙහ්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete



    4. Pra JayTuesday, December 05, 2017 1:54:00 PM

      අද මට ඩෑන් බ්‍රවුන්ගේ "ඔරිජින්"(2017) ලයිබ්‍රරි එකෙන් හම්බ වුනා

      Delete
    5. ප්‍රා.ජේ මම වැඩ කරන්නේ ලයිබ්‍රරි එක කිට්ටුව. ඔච්චර කියන එකේ රවුමක් දාල බලන්නම් දවල් වෙලා.. බොහොම ස්තුතියි උනන්දු කිරීම ගැන.

      අපිට ඕනේ වෙලාවක ගිහින් ඇවිදලා බලන්න පුළුවන් නේද? පොත් නොගත්තට

      Delete
    6. මට ඊමේල් එකක් දාන්න. jaytun4@yahoo.com
      ඕනෙ කෙනෙකුට යන්න පුලුවන්. ඒත් මං හිතන්නෙ ලෙන්ඩින් අංශයට ඇතුල් වෙන්න සාමාජිකත්වය අවශ්‍යයි. හැබැයි කවුරුවත් චෙක් කරන්නෙ නෑ පොත් ගෙනියන්නෙ නැත්නම්. ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වෙලා ඇතුලට ගිහිල්ලා දකුණට හැරෙන්න කාගෙන්වත් අහන්නෙ නැතුව. Email me or give your email address here. Will give more info.

      Delete
  6. As usual another window shopping tour by virtual P

    ReplyDelete
  7. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට හැඩට ඇඳලා සන් ග්ලාස් දාල අක්කලා නංගිලා එනවා...පොත් ගොඩවල් උස්සගෙන යන අපි දිහා නොන්දියට බලලා මවුන්ට් ලවීනියා ස්ටෝල් එකෙන් පොෂ් කෑම ටිකක් එහෙම කාලා එක පොතක්වත් නැතුව යනවා...එහෙව් අය ඉන්න රටක පොත් ගන්නම ගිහින් ගන්න බැරි උනාට මොකද...ගියේ පොත් වලට ආසාවටනේ..ඒකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් එහෙම තමා. කැමති කෙනෙකුට කැමති දෙයක් කරන්න පුළුවන් නේ.. දින පොත දැක්කේ අදයි. වෙල්කම් හෙහ් හෙහ්

      Delete
  8. මම අලුත්.තාම පටන් ගත්තා විතරයි...බොහොම ස්තුතියි

    ReplyDelete