Sunday, October 29, 2017

සුවසේ නිදමු!


ඔක්ටෝ බරයේ
බොහෝ දේ සිදුවිය.
සියල්ල නොවැම් බාරයට දමා
මම නිදමි.

නොවැම් බාරයේ ඇති දේ
දෙසැම් බාරයට දීම
නොවැම් ගේ වැඩකි.
මට අදාළ නැත.

ජන වාරිය
බාරයට කිසිත් නොගන්නා බැවින්
දෙසැම් කරන දේ
ඌට බාරය.

පෙබර වාරිය
ජන වාරිය
සමග උගේ වැඩ
බලා ගනු ඇත

මාර්තුව ට යෙදෙන කාර්තුවේදී
අලුත් දේ සිදුවී තිබෙනු ඇත.
මාර්තු කාර්තුව ගැන
පසුව බලා ගත හැක.

අප්‍රේලය 
කෑමට සහ බීමට
වෙන් වන බැවින්
ලිවිමට තැනක් නැත.

මැයි ඇයි
ලියයි නොලියයි
දැන් ම කීමට
කල් වැඩියි

ජුනියා,
ජුලියා
කෙලින මල ජුලි වලට ඉඩ තබා
ඔහේ සිටින්නට ඉඩ තිබේ.

අගෝස්තුව
තෝන්තු වී
සියල්ල සැප්තැම් ගේ
බාරයට දී මාරු වනු ඇත

සැප්තැම් බරය
සාහිත්‍යයට වෙන් වන බැවින්
වැදගත් දෙයක් 
ලිවීමට ඉඩක් නැත

බොහෝ දේ සිදුවන
ඔක්ටෝ බරය
සියලු දේ නොවැම් බාරයට දී
මට නිදා ගැනීමට ඉඩ දෙනු ඇත.


අසරණයාට වද නොදී නිදාගැනීමට ඉඩ හරින්න!

21 comments:

  1. කියන කැත විතරක්, ගල් ආඳා ! අම්මප මූ!!!

    මෙහෙමත් කම්මැලි, $$#%$%#%# රජෙක්! දෙකේ දෙකේ පොල්ලක් අරන් නෙලන්න හිතනවා

    ReplyDelete
    Replies
    1. කවුදඩො කම්මැලි? අදාළ අංශ වලට බාර දීලා තියෙන්නේ. හදිස්සි නම් උඩින් යන්න

      Delete
    2. හුහ්... ලංකාවට අනුගත උනාද ඔතරම්ම ඉක්මනින් ඈ ???
      මට මතක් වෙන්නේ අර තාරපාරේ ෂපාන් එකේ නිදාගෙන ඉන්න බල්ලොත් ඔහොම දෙබස් කියනවා ඇති කියලා... ( උන් වාහනයක් යනකොට නැගිටලා යන විදියට මම උන්ට දෙබස් කවනකොට.. එක්කෝ.. ඕනේ නැහ් !)

      Delete
    3. අපි ට්‍රුලි ශ්‍රී ලාංකිකයි. අනුගත වෙන්න දෙයක් නෑ. තාර පාරේ බල්ලෝ ගැන ලිඛිතා ගේ කවි පොතක් ලබන සාහිත්‍ය මාසයේදී එලි දක්වමු.

      Delete
    4. තාර පාරේ බල්ලෝ ගැනත් ලියලා ඇති... ???
      හැබෑට ඒකත් හොඳ අයිඩියාර් එකක් තමයි...! අන්න වැඩේ..!!
      පොත් නම් ලියන්නේ නැත. දැන් කරුණා කරලා ඔබතුමා විසින් රචිත විද්‍යා ප්‍රබන්ධ කොටසක්වත් ටයිප් කරලා දානවද??

      Delete
    5. අර කිව්වත් වගේ... මේ පොර තාම බුදිනේ!

      Delete
  2. දැං මේක ලිවුවෙ නින්දෙන් වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. හායි පුක් පුතේ...

      Delete
    2. නින්ද යාගෙන එද්දී පබිලිස් කලේ... ඇද වෙලා එහෙම නෑනේ.. හෙහ් හෙහ්

      Delete
  3. අපි ඔව්වට කප් ගහපු මිනිස්සු.. හැක්

    ReplyDelete
    Replies
    1. අන්න නියම කොල්ලෝ... වැඩ කල් දමා සුවෙන් නිදන්න කියල පුරාණ සෘෂිවරු කියල තියෙනවා බන්. මේ දැන් හැදෙන උන් ඕවා දන්නේ නෑ..

      Delete
  4. අනිවා.. නින්ද තරං සැපක් නෑ මේ ලෝකේ ...

    ReplyDelete
    Replies
    1. ජීවිතන් අනියතං නින්දනං නියතං

      Delete
  5. යකෝ කවි බෑ බෑ කියන එවුන්නේ පට්ටම කවි ලියන්නේ

    ReplyDelete
    Replies
    1. පට්ට කවි කියන එක පැහැදිලි කරපන් බලන්න

      Delete
  6. කම්මැළියන්ට දිවැස් තිබෙන බව තවදුරටත් පසක් කොට ඇත.
    විචාරක දියණිය

    ReplyDelete