Tuesday, February 28, 2017

පුනරාවර්තනය




ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා කියන එක ගැන ඔය කාට හරි සැකයක් තියෙනවනම් මෙන්න මේ කවිය කියවල ඔය ලින්ක් එකට ගිහින් බලන්න.. ඔබගේ සැක සංකා හිරු දුටු පිණි බිඳු මෙන් දියවෙලා යාවි.. රට්ටු කියයි එක එක කතා. හැබැයි ඇත්තම හේතුව නම් ඉතිහාසය නැවත නැවතත් සිද්ධ වීම කියන මහා බලගතු ක්‍රියාදාමයට අසරණ මාව අසුවීම.. එහෙම නැතිව මම කවදාවත් මේ බ්ලොග් එක ලිවීමට කිසිම කම්මැලි කමක් දක්වන මනුස්සයෙක් නෙවෙයි නේ... මම ඕක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කියවන අය දන්නවනේ.. හැබැයි කොච්චර කඩිසර, උනන්දු, උද්යෝගී තව ඒවා මේවා ඔක්කොම තියෙන මනුස්සයකුට වුනත් ඔය ඉතිහාසය නැවත නැවත සිදු වීම වලක්වන්න බෑ..  ඉතින් පෙබරවාරි කියල නෑ ඕවා වෙනවා. වැඩේ කියන්නේ මට ඕක වෙන්නෙම පෙබරවාරි වලදී.. මට හිතෙන්නේ මට නොපෙනන අදිසි හස්තයක කුමන්ත්‍රණයක් මෙතන තියෙනවා.. ඒ කියන්නේ පෙබරවාරි මාසයේදී මට මේකේ මොනවත් ලියන්න නොහිතෙන තත්වයට පත් කරන ඉතාම සියුම් කුමන්ත්‍රණයක්.. අධික නිදිමත වගේ ඉතා ම සියුම් අකාරයෙන් ඔය කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ. 

ඉතින් මම වගේ ඔය මොන්ටිසෝරි කාලේ ඉඳල මේ බ්ලොග් ලියන්න නියම පරිචයක් ලබා ගත්ත නැති කෙනෙකුට ඔය වගේ සියුම් කුමන්ත්‍රණ වලින් බේරෙන්න අමාරුයි. අනිත් එක අපි කවදාවත් ඉතිහාසය රිපීට් වීම වගේ ස්වාභාවික ක්‍රියාදාම වලට බාදා කරන්න හොඳ නෑ.. ඒවා ඒ විදියට වෙන්න අරින්න ඕනේ. ඕව බ්ලොග් ලෝකෙටත් අදාලයි.

නමුත් මිත්‍රවරුනි මේ අවස්ථාවේදී මම ඉතාම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි ලබන මාසයේදී මේ සම්බන්ධයෙන් නියම පරිචයක් මොන්ටිසෝරි කාලයේදීම ලබා ගත් බ්ලොග් කරුවන් එහෙම ඉන්නවනම් ඒ අය හම්බ වෙලා මේ වගේ සියුම් කුමන්ත්‍රණ වලින් බේරිලා මොනවා හරි ලියන්න මේ අවස්ථාවේදී මම ඔබ තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා. 

මේ වගේ යහපාලනය රජයන යුගයක පොරොන්දු ගැන විශ්වාස කරන්න කියල මම ඔබ තමුන්නාන්සේලාගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.

13 comments:

  1. අද කාලෙ "පරිචයක්" නැතුව මෙලෝ කෙහෙම්මලක් කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඔය පරිචය මොන්ටිසෝරියේ ඉඳලම ගන්න ඕනේ. දැන් රටේ ඉන්නේ ඒ වගේ අය.. හෙහ්

      Delete
  2. මං බැලුව පැතුම්ට මක් වෙලාද කියල. බලපුවහම ඒකට චූදිතය ඉතිහාසය. ඒවයින් අපිට වැඩක් නෑ ලබන මාසෙවත් මොනවහරි ලියන්ට. එන වසරෙ පෙබරවාරිය මෙසේ නොවේවා කියල ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. හසිතට කිව්වට විස්වාස කරන එකක් නෑ.. මේ පෙබරවාරි 28 වෙනිදා වෙනකම් මට මේ බ්ලොග් පැත්ත පළාතේ එන්න හිතුනේ නෑනේ.. හෙහ් හෙහ්.. අපි බලමු කොහොම හරි මේ කුමන්ත්‍රණ පරාජය කරන්න..

      Delete
  3. Replies
    1. ලිඛිතාට නම් ලිවිම පිළිබඳව හොඳ පරිචයක් මොන්ටිසොරියටත් කලින් ම ලැබිල වගේ ඔය වගේ නමක් ලැබෙන්න.. හෙහ් හෙහ්..

      Delete
  4. මගේ බ්ලොග් එක? වගේ තව කීපයක් බැලුවනං ඔබට ඔය කියන පරිචය ලබාගන්න හැකි වනවා නොඅනුමානයි. හැක්..

    ReplyDelete
    Replies
    1. මොන්ටිසෝරියේ ඉඳල බ්ලොග් ලියපු එකෙක් හොයා ගන්න ඕනේ ප්‍රසන්න අයියේ.. රටේ අනාගතය බාර ගන්න දැන් දැන් ඉන්නේ අන්න ඒ වගේ මිනිස්සු... හෙහ් හෙහ්.. අපිත් මේ බ්ලොග් කලාව ගැන ඒ වගේ පරිචයක් ලබා ගන්න ඕනේ.. මේවා සෙල්ලං වැඩ නෙවෙයි..

      Delete
    2. ආන්න බොලොග් දවස ගානේ පෝස්ට් දානව කමෙන්ට් කරලම අත රිදෙනවා :-)

      Delete
  5. මන් දන්න බොලොග් වලින් පැරණිම බොලොග් එකනේ අප්පා මේක........... Praසන්ன ගේ බොලොග් එකනම් මාත් අනුමත කරනවා අර පරිචයා ගන්න

    ReplyDelete
    Replies
    1. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

      Delete
  6. ඉතිහාසය අනාගතයේදීත් රිපීට් වෙයිද?

    ReplyDelete
  7. මම බ්ලොග් කියවන්න පටන්ගන්න කාලේ බ්ලොග් කියලා ජාතියක් තිබුනේ නැහැ. මම පිස්සෙක්..ඔව් පිස්සෙක් වගේ බ්ලොග් හොයාගත්තා... උස නම් බ්ලොග්...මිටි නම් ෆේස් බුක්..අපේ හාමුදුරුවනේ....

    ReplyDelete