ගැහැනුන් ගේ වයස ගැන කතා කිරීම නොහොබිනා දෙයක් ලෙස සලකන්නේ මන්දැයි මම නොදනිමි. නමුත් ඉතින් ඔය වයස හැංගිම තේරුමක් නැති වැඩක් බව ඒ පාර්ශවයේ අයට තේරුම් කර දීමටද නොහැක. කොච්චර හැංගුවත් කිරි ගහට ඇන්නා වගේ ඔය ගැහැණු ළමයින් ගේ වයස දැන ගැනීමේ අත් බෙහෙතක් ඇත. කාගේත් දැන ගැනීම පිණිස එය මෙසේය. ඔබ කැමති හෝ පොඩි හරි මෙව්වා එකක් ඇති ගැහැණු ළමයෙකුගේ වයස දැන ගැනීමට ඇති ඉතාම සරල ක්‍රමයක් නම් ඒ තැනැත්තියගේ ඊමේල් ඇඩ්රස් එක ඉල්ලා සිටීමයි. කිසි පැකිලීමකින් තොරව එය ඔවුන් ලබා දෙනු ඇත. බොහෝ විට ඊමේල් ඇඩ්රස් එකේ අවසානයට ඇත්තේ ඇගේ උපන් අවුරුද්ද වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. මම මෙය බොහෝ තැන් වල පරික්ෂා කර ඇත. උදාහරණ ලෙස අපේ අක්කා සහ නංගි යන දෙපලම ලැජ්ජා බයක් නැතිව උන්ගේ උපන් අවුරුද්ද අගට ඇති ඊමේල් ඇඩ්රස් පාවිච්චි කරති. මම මේ සිටින රටේද එවැනි ඇඩ්රස් දැක ඇත. ඉතින් ඔය හංගන වයස ඔන්න ඔය ආකාරයෙන් දැන ගැනීමට හැකිය.
අපේ ආච්චිගේ වයස හරියටම දන්නා කෙනෙක් නැත. ආච්චි ඊමේල් පාවිච්චි නොකරන නිසා මගේ අත්බෙහෙතද වැඩක් නැත. ඇයගේ උපතට හෝ විවාහයට අදාළ කිසිදු ලියවිල්ලක් ඇය සතුව නැත. ජාතික හැඳුනුම්පතක් ඇත්දැයි දන්නෙත් නැත. දරු මුණුපුරන් ගෙන් සැදුම්ලත් 50ක්-60ක් පමණ වන ඇයගේ නෑ පරපුරෙන් ඇගේ වයස හරියටම දන්නා කිසිවෙකුත් නැත.
ඇයගේ වයස අපි අනුමාන කරන්නේ අපේ ලොකුම ලොකු අම්මාගේ දැන් වයස අනුවය. අපේ ලොකුම ලොකු අම්මාට දැන් වයස 72කි. අනුමාන වශයෙන් අපේ ආච්චිට වයස විස්සේදී සිය පලමු දරුවා ලැබුනේයැයි සිතුවිට මේ වන විට ඇගේ වයස 92ක් විය යුතුය. ආච්චිට ඇගේ වයස ගැන හැඟීමක් නැත. ඉතින් ආච්චි වෙනුවෙන් ඇගේ වයස සඳහන් කරන අප ඇගේ වයස 90ට වඩා වැඩි බව අසන අයට පැහැදිලි කර දෙයි.
ආච්චිගේ වයස සහ ඇගේ ජීවිතය පිළිබඳව සිතා බැලීමට සිත්වූයේ ගිය සතියේ සිදුවූ ඇගේ දෙවෙනි දියණියගේ හදිසි අභාවය වෙනුවෙන් ලංකාවට ගොස් සිටින විට ඔහේ බලාගෙන සිටින ආච්චි දෙස බලා සිටි මොහොතකය.
ආච්චිගේ ජිවිත කතාව මම හරියටම දන්නේ නැත. නමුත් ඇගේ දෙමව්පියන්ද, ස්වාමියාද, මම දන්නා එක සොහොයුරෙක් ද, මම නොදන්නා තවත් බොහෝ නෑදෑ පිරිස් ද ඇයව හැර ගොස් බොහෝ කල්ය. මිට වසර 15කට පමණ පෙර සිදුවූ මගේ පියාගේ අභාවය ඇයට ප්‍රථම වරට ඇගේ බෑණනුවන් කෙනෙක් අහිමි කල අතර, වසර 4කට පමණ පෙර එක් මුනුපුරකුගේ සැමියෙකුද අහිමි කළේය. අවුරුදු 70ක් පමණ ආයු වළදා ඇගේ දෙවෙනි දියණිය හෙවත් අපේ ලොකු අම්මා ගිය සතියේ ඇයව හැර ගියේය.
ලොකු අම්මාගේ අභාවය අප සැම තුල කම්පනයක් ඇති කලේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස එය සිදුවූ නිසාවෙනි. සිය පවුලට ඉතා ලැදි කරුණාවන්ත සහ මෘදු ගති ගුණ තිබු ලොකු අම්මා ගැන මගේ මතකය බොහෝ දුරට දිව යයි. මම කුඩා කල අපේ අම්මා සහ තාත්තා නිවසින් බැහැරව සිටින විට මාව නවතා තබන්නේ ලොකු අම්මාගේ නිවසේය. මට එහි සෙල්ලම් කිරීමට සිටියේ මගේම නැගණියයි. ලොකු අම්මාගේ දරුවන් මට වඩා වයසින්ගේ වැඩි මහලුය. නංගිගේ සහ මගේ වයස් පරතරය අවුරුදු 2කි. 80 ගණන් වල සිදුවූ වැඩ වර්ජනයට ලක්ව රැකියාව අහිමි වී සිටි අපේ අම්මාට නංගි හම්බවුනු විටම නැවත ලැබුණු රැකියාවට යාමට උදව්වක් ලෙස ලොකු අම්මා නංගිව බලාගැනීමට බාරගෙන ඇති අතර ටිකෙන් ටික නංගි ලොකු අම්මාගේම දරුවෙක් ලෙස ලොකු අම්මා සමග හැදී වැඩුනේය. අපේ නංගි ලොකු අම්මාට අම්මා යනුවෙන් ද අපේ අම්මාට සුදු අම්මා ලෙසද අද වන තෙක් ආමන්ත්‍රණය කරයි. නංගි තාත්තා ලෙස කතා කලේ ලොකු තාත්තාටය. අපේ තාත්තාට ඇය ඇමතුවේ බාප්පා ලෙසය. නමුත් කිසිදිනෙක අපේ අම්මාට හෝ තාත්තාටවත් ලොකු අම්මාට හෝ ලොකු තාත්තාටවත් ඒ පිළිබඳව ගැටලුවක් නොතිබිණි. පවුලේ වෙන කිසිවෙකුට හෝ ගැටලුවක් නොවුනි. අපේ නංගි ඇත්ත නෑ කම් දැන ගත්තේ බොහෝ වැඩි මහලු වූ විටය. ඇයටද එය ඒ හැටි ගානක් නොවුනි.
එසේ වීමට හේතුව ලොකු තාත්තා සහ අපේ තාත්තා යනු එක පවුලේ සහෝදරයින් වීමය. ලොකු අම්මා සහ අම්මා විවාහ වී ඇත්තේ එසේය. කොළඹ වරායේ කම්කරුවෙකු ලෙස රස්සාවට බැඳුනු ලොකු තාත්තාට කපුවෙක් මාර්ගයෙන් සිදු කෙරුණු මගුල් යෝජනාවකින් ලොකු අම්මා විවාහ කරගෙන ඇති අතර අයියාට සපෝර්ට් එකට ලොකු අම්මලාගේ ගෙදර ගිය අපේ තාත්තා අම්මාට ලයින් එක දමා වැඩේ ගොඩ දාගෙන ඇත. ඉතින් අපේ පවුල් දෙක දෙකක් නොව එකකි.
ලොකු අම්මා ගැන ලියා තැබීමට බොහෝ දේ නැතත් ඇය තුල තිබු මෘදු ගතිය සහ කරුණාවන්ත කම ගැන බොහෝ දේ ලිවිය හැකිය. නිවසට වී සිය සැමියාට සහ දරුවන්ට සැලකීම පමණක් ඇයගේ ජීවිතය විය. එවන් ජිවිතයක් ගෙවීම ගැන වෙනම ලිවිය යුතුය. මට හිතෙන්නේ ඇගේ ජීවිතය සාර්ථක ලෙස ඇය ගෙවා නිම කර දැමු බවයි. සංකීර්ණ දේ පසු පස හඹා ගොස් හෙම්බත්වනවාට වඩා සරලව සැමියා සහ දරුවන් සමග අවසාන මොහොත තෙක් ඇය ඇයගේ ජීවිතය ගෙවා දැමුවාය. සිය පවුල වෙනුවෙන් යැයි කියමින් අපි බොහෝ දෙනා ඉබා ගාතේ දුවමින් වඩා හොඳ ජිවිතයක් වෙනුවෙන් අරගල කරයි. ඒ අරගල අස්සේ අපට අමතක වී යන්නේ ඒ සිය පවුල සමග ජිවත් වීමටයි. අවසානයේ අරගලය අතරතුර අප පවුල හැර යාම හෝ පවුල අප හැර යාම සිදුවේ. අරගලය කලේ කුමකටදැයි අපට සිහි වන්නේ එසේ හැර යන අවසාන මොහොතේදීය. ඒ අතින් ලොකු අම්මා සිය ජීවිතය විඳ සැනසිමට පත්වන්නට ඇත.
ලොකු අම්මාගේ ජීවිතය එසේ නිමාවූ පසුවත් ආච්චි ගේ ජීවිතය ඔහේ ගලාගෙන යයි. ඇසීම සහ පෙනීම මද වශයෙන් අඩුවී තිබීම හැර වෙන අවුලක් නැති ආච්චි හොඳින් හැරමිටි වාරුවෙන් ඇවිදියි. දිනපතා අවම වශයෙන් කිලෝමීටර් 2ක් වත් සිය දූ දරුවන්ගේ නිවෙස් අතර ඇය ඇවිදියි. ඒ වාසනාව අයට ලැබී ඇත්තේ ඇගේ දරුවන් එකම කිට්ටුව පදිංචිව සිටින බැවිනි. ඒ හැම නිවසේම සිදුවන දේ ගැන ඇය තවමත් අවධානයෙනි. නමුත් කාටවත් වදයක් වන විදියට හැසිරී නැති අතර, කිසිවෙකුත් ඇයව වදයක් ලෙස නොසලකයි. කියන දෙයක් ටිකක් සද්දෙට කීමට සිදු වීම හැර වෙන කිසි අවුලක් කාටවත් නැත.
අදටත් ඇගේ පවුලේ සියලු දෙනා එකාමෙන් එකතු වේ. දරුවන් මුනුපුරු මිනිපිරියන් සහ ඔවුන්ගේ දරු දැරියන් අතරත් සාමය සහ සමාදානය එකසේ පිහිටන සේ ජිවත් වීමට ඒ සියලු දෙනා හුරුපුරුදු වී ඇත. එය ආච්චි විසින් බලෙන් සිදු කල දෙයක් නොව කිසිවක් නොකර ඔහේ බලාසිටීමෙන් දුන් ආදර්ශය නිසා සිදුවූවක් බව මට සිතෙයි. හැමදේම සොයා බලා දන්න තරමින් උපදෙසක් දෙන ඇය ඒ දේ වුනාදැයි නැවත සොයා බලන්නේ නැත. සිදු කිරීම හෝ නොකිරීම අපට බාර දී ඇය ඔහේ බලා හිඳියි. ලොකු අම්මා අසනීප වී රෝහලේ අසාධ්‍ය වී සිටින විට අපේ අම්මා සිටියේ නංගි සමග ඕස්ට්‍රේලියාවේ ඇගේ කුඩා දියණිය සමගය. අක්කා අම්මා සමග දුරකතනයෙන් කතා කරනු අසා සිටි ආච්චි අම්මාට පවසා ඇත්තේ "උඹ එන්නේ නැද්ද ජේසංව බලන්න" (ජේසං යනු අපේ ලොකු අම්මාගේ නික් නේම් එකය). කෝල් එක දී වරුවක් යන්නට පෙර තනියෙන් ට්‍රාන්සිට් ගෙන රට යන්නට බයේ සිටි අපේ අම්මා නැවත ලංකාවට එන්නට ගුවන්ගත වී හමාරය.
අපේ පවුල වැඩිහිටියන්ට ගරු කරන පවුලකට වඩා වැඩිහිටියන් සමග යාළුවන් සේ සිටින පවුලකි. කට්ටිය සෙට් වූ විට මඩක් නොවැදී සිටීමට හැකි කිසිවෙක් නැත. කොටින් ම ආච්චිටත් එයින් ගැලවීමක් නැත. ගහන මඩක් ඇහුනත් නැතත් ඔන්න ඔහේ සිනාසී සිටීම ඇගේ සිරිතයි. මඩ ගැසීමත් ඇගේ ජානවලින්ම අපට ලැබෙන්නට ඇත.
ආච්චිගේ ජීවිතය ගැන සිතා බලන විට දැනෙන්නේ මහා පුදුමයකි. අවුරුදු 90ක් තිස්සේ දහසක් හැලහැප්පීලි වලට මුහුණ දීමට ඇගේ සිත කෙසේ සවිමත් වුවාදැයි විටෙක සිතා ගත නොහැක. අපි අද සොයන සැප වර්ග කිසිවක් විඳ නොමැති ඇය, අපිට සිහිනෙන්වත් සිතාගත නොහැකි තරම් දුක් ගොඩකට මුහුණ දී ඇත. අප කොතරම් ලාමකදැයි සිතෙන්නේ මෙවැනි ජිවිත ගැන මදක් සිතා බලන විටය.
ආච්චිගේ ජිවිත කතාව අසාගෙන ලියා තැබීම වටී. මේ කලබල ඉවර වූ විට එය කල යුතුය. වයසක මිනිසුන් සමග කතා බහ කිරීම මම ඉතා ප්‍රිය කරන වැඩකි. මල ගෙවල් වල නිදි මැරීම අපුරු වැඩක් වන්නේ එවැනි මිනිසුන්ගේ ජිවිත කතා එලියට ගන්නට නියම අවස්තාවක් ලබා දෙන බැවිනි. මෙවරද අපේම තවත් දුරස්ථ නෑයෙකුගේ තරුණ කාලයේ වීරක්‍රියා අසා සිටීමේ අවස්තාවක් ලැබුණි.
අපිට අපේ ජිවිත ගැන නැවත සිතා බැලීමට අවස්තාවක් මෙවැනි වැඩි මහලු අයගේ ජිවිත දෙස හැරි බලන විට ලැබේ. මහා මිනිසුන්, දක්ෂයින් සහ හෙන චරිත ලෙස සිතා සිටින අපි කොතරම් මල් මල් ටින් ටින් දැයි සිතෙන්නේ ජීවිතය ජිවත් වූ මිනිසුන් ගේ ජීවිතය ගැන සොයා බලන විටය.
මිට වසර 3-4කට පමණ පෙර ගත් අපේ ආච්චිගේ ෆොටෝ එකක්
බොලාලා මුලු පවුලම සිරා ප්‍රැක්ටිකල් ෆැමිලි එකක් නෙව බං.. :)
ReplyDeleteආච්චිගෙ ජීවිත කතාව අහලා ලියලා දාන එක කල්දාන්ට එපා.. කලබල ඉවරවෙලා ඕවා කරන්ට බලනකොට පෙරහැර ගිහින් තියෙයි.. උඹට පසුතැවීමක් ඇතිවෙයි 'අපරාදෙ ඇයි මම ඒක මීට කලින් කලේ නැත්තෙ' කියලා..
එකඟයි. ආච්චි විතරක් නෙමේ අපි වුනන් එච්චරයි. අද හිතුන දේ අදම නොකීවොත්/නොකරොත් ජිවිත කාලය පුරා පසු තැවිලි වෙන්න ඒ දේවල් ඉතිරි වෙනවා. අත්දැකීමෙන් කියන්නේ අප්පා.
Deleteබුරා, අපේ පවුලේ අය එන විදියට ඔහේ සෙට් වෙලා යන ජාතිය.. හෙන ප්ලෑන් නෑ.. ඉතින් ලොකු සීන් නැතුව ඉන්නවා.
Deleteවිස්තරේ ආච්චිගෙන් නම් අහල දැන ගන්න අමාරුයි.. වෙන විදි වලට හොයල දැන ගන්න ඕනේ.. මරු කතා තියෙනවා ඔය වයසක අයගේ ජිවිත වල.
සොඳුරු සිත, මමත් එකට එකගයි. සමහර දේවල් කල් දැම්මම ජිවිත කාලයක් පසු තැවෙන්න වෙනවා. හැබැයි ඉතින් අපි හැමදාම සිල්ලර දේවල් වලට මුල් තැන දීලා ඉන්න ඒකනේ කරන්නේ.. කටින් බතල තමා.. හෙහ් හෙහ්..
Deleteඅප කාගේත් ජීවිතය දිනක අවසාන වෙනවා. නමුත් ඊට පෙර මතකය නැති වෙන්න ඉඩ තියෙනවා. මගේ පියාගෙන් මා අසා ගන්න සිටි බොහෝ කරුණු මට දැන ග්න නොලැබුනේ ඔහු දවසක් බිම ඇද වැටී රෝහලේ සිට නිවසට ආ පසු මතකය තරමක් අවුල් වී තිබුණු නිසයි.
Deleteමටත් තාත්තා හිටියනම් කියල හිතෙන වාර අනන්තයි.. හිටපු කාලේ කියපු කතා හරියට මතක නෑ.. පුදුම අත්දැකීම් ගොඩක් තිබුන කෙනෙක්.. ඇත්තටම අපි මෙහෙම මේවා ලියල තියෙන එකෙන් කවද හරි අපේ දරුවන්ට ඒ මිස් වීම වෙන එකක් නෑ..
Deleteඔබ වාසනාවන්තයි. ආච්චිට දීර්ඝායුෂ
ReplyDeleteඉයන් අපේ පවුලේ දැනට නම් ලොකු අවුලක් නෑ.. ඉදිරි පරම්පරාවල් කොහොම වෙයි ද දන්නේ නෑ.. හැබැයි ඉතින් උනුත් අපි වගේම තමා දැනට නම් හෙහ් හෙහ්..
Deleteබොහොම ස්තුතියි ඉයන්
ආචිචි හයියයි.. හැබෑට බං ඔහොම පවුල් තියෙනවා නේද?? උඩින් මිතුරු යටින් හතුරු ආකල්පය නැති.. හැක්.. ජය වේවා. අර සම්මානෙන් කෑල්ලක් වත් මටත් දියං
ReplyDeleteදේශකයා අපේ පවුලේත් ඔය වගේ සීන් තියෙනවා. හැබැයි ඉතින් ඒවා හෙන දුර දිග ගිය ඒවා නෙවෙයි. එක්කෝ ඒවාට අදාල අයව අපි ප්‍රසිද්ධියේම බයිට් කරලා ඕක ශේප් කරලා දානවා.නැත්නම්ඔ ඔන්න ඔහේ ගණන් නොගෙන ඉන්නවා. මොකක් හරි එකක් පටලෝගෙන කවුරු හරි එනකොට ගොඩක් වෙලාවට අපේ අම්ම නම් "අනේ මේ..... අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව වැඩක් බලාගෙන හිටපල්ලා බන්" කියල ඉවරයක් කරලා දානවා. උඹ, බන්, බොලන්, අරුන්, මුන් භාෂාව උපරිම ලෙස පාවිච්චි කරනවා. හෙහ් හෙහ්හෙ. හෙන වැදගත් නෑ.. මම හිතන්නේ එකයි රහස.. :D
Deleteඅඩෝ සම්මානෙකුත් තියෙනවලු නේද ?..එකෙත් හැටි බලපන්කො.. දැන් ඉතින් ලියන එකක් ලියන්න වෙන්නේ සම්මාන බලාගෙන තමා.. නැත්නම් අපරාදේ නේ.. හෙහ් හෙහ්.. කාගේ උනත් සල්ලි නේ..
හැක්.. නියම ෆැමිලි එකක්නෙ.
ReplyDeleteසමහර ආච්චිල ඉන්නෝ මළම වදයක් වෙන. ඕන දේටයි එපා දේටයි හැමේකටම කට ගහගෙන යන. අන්තිමට ඉතිං යසට ඉන්න පවුල් අවුල් වෙලා කෙල වෙන එක තමයි ඒකෙන් වෙන්නෙ.
අර කතාටික ඉක්මනට හොයල ලියල දාන්න බලහං.
දැන් අර ශ්‍රන්ගය උගේ ආච්චි ගැන ලියන වරුණේ පේනවනේ නේද.. හෙහ් හෙහ්
Deleteආච්චිගේ කතන්දරේ නම් හොයා ගන්න ඕනේ... අනිත් කතා ඉතින් අහගෙන ඉන්නකොට ආතල් ලියන්න තරම් දෙයක් සෙට් වුනේ නෑ ... තව මළගෙවල් ටිකක් හොයාගෙන යන්න ඕනේ..
ආච්චිගේ වයස හැර අනික් සියල්ල ඇත.
ReplyDeleteරවීගේ ලෙඩේ බෝවී ඇති හැඩයි. ලොකු අම්මා කියන්නේ සාමාන්‍යයෙන් 'ලොකු' චරිත. ගොඩක් දෙනෙක්ට හෙවනක්/සැනසිල්ලක්/සිසිලසක් දෙන 'නම්බුනාමයක්'. පුංචි අම්මා කියන්නේ කවුරුත් හුරතලේ බලාපොරොත්තුවෙන, හොර වැඩ වලට කියාපු 'නම්බු නාමේ'
සමහර වෙලාවට අපේ පවුල්වල ඉන්න සමහර 'වදකාර' චරිත උනත් ඈතින් බලනකොට මාර විදියට විචිත්‍රයි. ගොඩ දෙනෙක්ට එහෙම බලන්න වෙලාවක්/උවමනාවක් නැහැ. පැතුම්ගේ පවුල තුල ඒක තියෙනවා කියන එක කොතරම් දෙයක්ද?
අත්තම්මලා එක්ක 'කයිවාරු' වලට මමත් හරි ආසයි.
රවීගේ මොන ලෙඩේ ගැනද ලිඛිතා ඔය කියන්නේ.. ? රවියට තියෙන්නේ ලෙඩක් නෙවෙයි ලෙඩ ගෙනාපු නැවක් නේ.. හෙහ් හෙහ්
Deleteලොකු අම්මලා සහ පුන්චිලා ගැන කතාව හරියටම හරි.. අපේ පුංචි සහ බාප්පා යනු ද ආතල් ලෝක දෙකකි..
සියලු වදකාර චරිතද මනුස්සයෝය කියල බැලුවම හරි ඉතින්.. එපාම වුනාම මග ඇරලා ඉන්න එකයි තියෙන්නේ..හෙහ් හෙහ්..
මම කයිවාරු ගහන්න තරම් ලොකු වෙනකොට ආච්චි හොඳටම වයසට ගිහින්... ආච්චිත් එක්ක කයිවාරු ගහන්න හරියට සෙට් වෙලා නෑ..
තොපෙ ආච්චිලාට!!! මොකද්ද යකුනේ මට තියන ලෙඩ?
Deleteඅනේ මන්ද රවී අයියේ මේ ලිඛිතා තමයි ඔය කියන්නේ.. මම නම් කියන්නේ රවී අයියට ලෙඩක් කියල හොයා ගන්න පුළුවන් එකක් නෑ.. සියලු ලෙඩ වල සම්මිශ්‍රණයක් වගේ තත්වයක් නේද තියෙන්නේ..?
Deleteඑහෙම පවුලක් ලැබීම ලොකු වාසනාවක්, පැතුම්. අත්තම්මල එකක කයිවාරු ගහන එකත් නියම වැඩක්. මේ ලඟදි අපේ මල්ලි PC පවර්සප්ලයි එකක් මස් කර කර ඉද්දි අත්තම්ම අහල ඔය මොකද්ද කියල. ඒක පැහැදිළි කරන්න ගිහින් මිනිහලෝක අමාරුවක වැටුනා.අන්තිමට ඒක මේ TV එකේ කෑල්ලක් කියල මිනිහ ඇඟ බේරගත්ත.
ReplyDeleteඅමුතු වාසනාවක් නෙවෙයි හසිත. අපි ඉතින් ඔහේ ඉන්නවා. අමුතු හොඳක් හෝ නරකක් නැතිව. කට්ටිය එකට ඉඳීම වැදගත් විදියට හිතනවා හැමෝම.එච්චරයි. අර කවුද කියල තියෙනවා නේද "ඔබට යමක් හරියටම තේරුම් ගියා දැයි තහවුරු වන්නේ ඔබට එය ඔබේ මිත්තනියට තේරුම් යනලෙස පැහැදිලි කර දීමට හැකි වූ විටය" කියල.. හෙහ් හෙහ්.. මට නම් එහෙම ආතල් එකක් තාම සෙට් වෙලා නෑ..
Deleteඅඩේ අපේ සීයටත් (බෝතලේ විත්ති වල හිටියේ) මේ අවුරුද්දෙ වයස සීයක් ලු.. සියනම් ඉපදිච්ච වෙලාවත් එක්ක උපන්දිනේ කියනවා...
ReplyDeleteආච්චිගෙ ගති වෙන්න ඇති උඹලටත් ලීක් වෙලා තියෙන්නේ..
මම සෙන්නා ගේ සීයාගේ කතා කියවල නෑ..මට හිටියේ සියල දෙන්නයි.. එක්කෙනක් අපේ තාත්තගේ සීයා වෙන කෙනෙක්.. අනිත් කෙනා මේ ආච්චිගේ මල්ලි කෙනෙක්..අම්මගේ පැත්තෙවත්, තාත්තගේ පැත්තේ වත් කෙලින්ම සියල ඉඳල නෑ..
Deleteගති ගුණ ඉතින් මික්ස් වෙලා තියෙන්නේ.. මම හිතන්නේ ඔය ඔහේ ඉන්න ගතිය නම් ආච්චිගෙන් වෙන්න ඇති.. හෙහ් හෙහ්..
මොකක් කිව්වා ! සියලා නෑ කිව්වා ! බලහන් බුරිය තියනව ද කියලා ... :D
Deleteමම සෙන්නා ගේ සීයාගේ කතා කියවල නෑ..
Deletehttp://kurundha.blogspot.com/2013/05/blog-post.html
http://kurundha.blogspot.com/2013/05/blog-post_17.html
මමයි තිසරයි සෙන්නගේ ඉබෝලා රෝගියව දැකල නෑ
Deleteහැක්....
Deleteඅපෙ ආච්චි ගැනත් මම පෝස්ට් බොාහාමයක් දාල තියෙනව බං. ඒ අය එක්ක කතා බහ කරන් ඉන්න තියෙන එකත් මාර ආතල් එකක්. දැනට 98ක් විතර ඇති. ඒත් තාම කියන්නෙ 87යි කියල.
ReplyDeleteඋබලැ ආච්චිත් 90ට වැඩි කියල ඇඟ බේර ගන්නව ඇති...
හැබැටම සෑම් එහෙම වෙන්නත් පුළුවන් තාමා.. අර වයස හංගන සීන් එක ඉතින් නාකි වුණා කියල වෙනස් වෙන්න බෑනේ.. හෙහ් හෙහ්
Deleteගොඩාක් වයසට ගියාම ඉතින් කතා බහ කරන්න අමාරුයි නේ.. අවුරුදු 70-80 වගේ කාලේදී තමයි හොඳම...
ඉන්න වයසක අය අල්ලගෙන පාටියක් දාල කතා ටිකක් අහගන්න ඕනේ..
/* දරු මුණුපුරන් ගෙන් සැදුම්ලත් 50ක්-60ක් පමණ වන ඇයගේ නෑ පරපුරෙන් */
ReplyDeleteමේ කොටස මගේ කුතුහලය ඇවිස්සුවා.
මගේ මව් පසින් ආච්චිට හිටියේ ඇයගේ දරුවන් හතර දෙනා සහ මුනුපුරු මිනිපිරියන් පස් දෙනෙකු පමණයි. තාත්තා ගේ අම්මාට දරුවන් හය දෙනෙකු සිටියත් ඇය මිය යන විට ඉන් දෙදෙනෙකුම මිය ගොසින්. කෙසේ වෙතත්, ඊළඟ පරම්පරාවේ ඉන්නේත් හත් දෙනෙකු පමණයි.
ඔබ කියන 50-60 එන්නට නම් දරුවන් සහ දරුවන් ගේ දරුවන් පමණක් නොව ඔවුන් ගේ සහකරුවන් සහකාරියන්වත් එකතු කළ යුතුයි නොවේ ද?
රසික ඔව් එහෙම තමා. මම මේ කිව්වේ ආච්චිගෙන් පටන් ගත්ත පවුලට සම්බන්ද වෙච්ච ඔක්කොමත් එක්ක. ඒ කියන්නේ ඉතින් කසාද බැඳපු අයත් ඇතුලත්ව. ඕනේ වෙලාවක එකතු වෙන 50-60 ඉන්නවා. ළඟදීම මුළු පවුලේම අය එකතු කරගෙන පින්තුරයක් ගන්න ඉන්නේ.. ඒක අරන් මම එකක් ලියන්නම් හෙහ් හෙහ්..
Deleteපවුල් ගහක හොඳ මුලක්නේ ආච්චි.
ReplyDeleteඑක නම් ඇත්ත මනෝජ්.. හොඳ සවිමත් මුලක්
Deleteආච්චිගේ කතාව ලියන්න ටිකෙන් ටික හොයාගෙන විස්තර...
ReplyDeleteලංකාවට ගියාම බලමු..අඳුරෙන් ආලෝකය මිට කලින් දැකල නෑනේ.. සාදරයෙන් පිලිගන්නවා :)
Deleteමගේ ලෝකෙත් අදටත් වීර කාන්තා චරිතය අපේ ආච්චි තමයි.. අම්මගේ අම්ම.. උන්දැගේ ජීවිත ශක්තියෙන් බාගයක් විතර අපේ අම්මට තියෙනවා.. එයිනුත් බොහොම පොඩ්ඩක් අපේ අක්කලට තියෙනවා.. අපේ ගෙදර උන්දලාගේ පැත්තෙන් බැලුවම කලින් පරම්පරාවෙන්ම ඒ වීරකම් ඉවර වෙලා වගේ.. මේක ලියල ආයි ගෙදර යන්න නොවෙයිද මංදා.. ආච්චි ගැන කතන්දර දෙකක් මමත් ලියුවා.. උඹලා පවුල් වගේ තමයි අපේ පවුලුත්.. එකතු උනාම යසපාලිත නානායක්කාරගේ ෆිල්ම් එකක් වගේ.. :)
ReplyDeleteආච්චිට දිර්ගායුෂ! ලොකු අම්මට සුභ ගමන්!
ඉස්සරහට ආච්චි කතා කියවන්න මග බලමින්..
හෙහ් හෙහ් වීරකම් කොහොමත් එක පරම්පරාවක් හෝ උපරිම දෙකයි තියෙන්නේ.. අපෙත් ඊළඟ පරම්පරා කොහොමත් රටෙත් ඉන්නේ නැතිවෙයි.. ඕවා ඔහොම තමා..
Deleteකට්ටිය සෙට් වෙන එක නම් පට්ටම ආතල්.. අවුරුදු කාලේ උපරිම ෆන් තමා.. පවුලේ අය විතරක් සහභාගී වෙන මහා අවුරදු උත්සව තියෙනවා අපි.. හෙහ් හෙහ් මේ සැරේ නම් මොකුත් නැති වෙයි ලොකු අම්මගේ මරණේ නිසා..
අපෙ අත්තම්ම ඉපදිලා තියෙන්නෙ අනූ හතේ.(අයිඩී එකකුත් තිබ්බ නිසා දිනේ ඉස්තිරයි) ...උන්දැ මළේ අවුරුදු 94 ක් ජීවත් වෙලා...
ReplyDeleteඋන්දැගෙ කතන්දරේ දවසක මම අනිවාර්යයෙන් ලියනව...:)
රවී අයියගේ ආච්චි ගැන සැරෙන් සැරේ ලියවිලා තියෙනව නේද? මම හිතන්නේ තව කැටගරියක් පටන් ගත්තොත් හොඳයි..
Delete