Tuesday, November 22, 2016

ඇගේ ඇස අග - Let her cry


මම මිට කලින් අශෝක හඳගම ගේ ෆිල්ම් එකක් මුල සිට අගට බලා ඇත්දැයි අවංකවම මට මතක නැත.  ඔය වැඩිහිටියන්ට පමණක් වෙච්ච කොටස් ටික නම් අනිවාර්යයෙන් කොහෙන් හෝ හොයා ගෙන බලන්න ඇති මුත් සම්පුර්ණ කතාව නිදහසේ බැලු බවක් නම් මතකයේ නැත. ඉතින් මම කවදාවත් අශෝක හඳගම නම් නිර්මාණ කරුවා ගැන විවේචන හෝ වර්ණනා කිරීමට උත්සාහ දරා නැත. එහෙම කිරීමේ හැකියාවක් මෙතුවක් කාලයකට තිබී ද නැත. කිරි ගහට ඇන්නා වගේ ඉදිරි අනාගතයේදී එහෙම හැකියාවක් ලැබෙන්නේද නැත. 

අහම්බෙන් මෙන් මගේ ඇස ගැටුණු "ඇගේ ඇස අග" දුටු විට මට හිතුන දේ ජොලියට මේන් ලියා තබමි.

පින්තුරය Let her cry සිනමා පටයේ ප්‍රචාරාත්මක පෝස්ටර් එකක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නිළියගේ චායාරුපයක් පසුබිමේ ඇත.

පළවෙනි පැය භාගයම වගේ නිකන් අමුතු විදියට කරන්න හදපු ටිපිකල් R rated ෆිල්ම් එකක් වගේ හැඟීමක් තිබුනේ. කොටින්ම ඈනුම් දෙක තුනක් ගිහින් ඇහැත් පොඩ්ඩක් පිය වුණා.  

ටිකක් වෙලා යද්දී පොඩි වෙනස් ගතියක් දැනෙන්න පටන් ගත්තත් හැබැයි මේ ඉතින් අපේ අසරණ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ අසහනය පෙන්නන තවත් එක විදියක්දො කියලත් හිතුනා. නළු නිළියන්ගේ රඟ පෑම් ඇති විශිෂ්ටයි කියන්න බෑ. හැබැයි අර අලුත් නිළියට නම් සම්මානයක් දෙන්න වටිනවා ඒ වගේ චරිතයක් කරපු එකට. (ඒ නිළිය අලුත් දැයි මම නොදනිමි. මම මුල් වරට ඇය දුටුවේ ඒ ෆිලිම් එකෙනි)

කතාව ගලාගෙන ගිහින් අමුතු අමුතු සිද්දි මතු වෙලා එද්දී ඔන්න පොඩ්ඩක් පුටුවේ හරි බැරි ගැහිලා බලන්න හිතුනා. මාත් එක්ක එකට ඉඳන් බලපු අපේ ලොකු මස්සිනා නම් මට වැඩිය උනන්දුවෙන් කතාව බැලුවා.

"අනේ මන්ද ටිකක් කොලොප්පන් වගේ නේද?"  මම උගෙන් ඇහුවා. "හඳගමයා හදන කතා කොහොමත් ඔහොමනෙ.. මට නම් හැබැයි අල්ලලා යනවා.." 

"ඒ කියන්නේ ප්‍රොෆෙසර් කාරයා මේ කෙල්ලට සිරාවට ලව් ද?"

"එහෙම කියන්නත් බෑ හැබැයි .. එහෙම නෑ කියන්නත් බෑ... " ඌ නිකන් උපුල් ශාන්ත සන්නස්ගල වගේ උත්තරයක් දුන්නා..

හැබැයි ඉතින් නොකියාම බැරි දෙයක් තමයි ශෘන්ගාර රසයක් නම් මට දැනුනේ නෑ ඒ මොනම සීන් එකක වත්.. එක්කෝ ඒවා හරියට කරන්න තරම් අපේ නළු නිලියෝ තාම විවෘත මදි. එහෙම නැත්නම් අපි හෙන වල්..  ඒ නිසා අපිට ඒවා මදි.

කතාවේ ලස්සන දෙබස් ටිකක් තිබුනා. කෙල්ල ගානට දිවේ කටේ ගෑවෙන්නේ නැතිව ලස්සනට කියනවා. අන්න ඒවා නම් අපේ කමට නියමෙටම තියෙනවා. මට මතක් වුනේ මචං ෆිල්ම් එකේ මහේන්ද්‍ර පෙරේරා අර Air Port එකේ දී හොඳට හිනා වෙලා "හු%$%$#%$ කියල මාරු වෙලා යන සීන් එක. හෙහ් හෙහ්..

හරි කතාවේ සිද්දි ටික කියල නිකන් ස්පොයිල් කරන්න ඕනේ නෑනේ.  ආරම්බය සහ අවසානය එකට ගෙනල්ල කතාව නතර කරනවා. 

මම තේරුම් ගත්ත විදියට කතාව ඇතුලේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන දෙකේ පන්තියේ ශෘන්ගාරෙවත්, හැම කෙනාම පට්ට ගහන අපේ මිනිස්සුන්ගේ අසහනෙවත් නෙවෙයි.

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා කියන බඹරෙකු සහ නෙලාගනු බැරි හන්තාන සිහිනයක් දකින කෙල්ලෙකුට මැදි වෙච්ච ලා දළු බෝපත් සෙමින් සලන යශෝදරා දේවියක්. අන්තිමට දුවේ නුඹ මගේ ප්‍රාණයයි තරම් වෙච්ච පිතෘ සෙනෙහසකුත් මට එකේ පෙනුනා. 

හෙහ් හෙහ් ඔක්කොමත් හරි නාකි වුනත් ගෙදර ගෑනි නැතිවුනාම පිරිමියෙකුට තියෙන ආතල් එක කොහොම ද කියන එකත් අපුරුවට පෙන්නුම් කරලා තියෙනවා. 

ෆිල්ම් එක පටන් ගද්දි ප්‍රොෆෙසර් Let her cry කියන එක කොච්චරක් දුරට මේ ෆිල්ම් එකට ගැලපෙනවද කියල අන්තිමේදී හිතුනා. 

ෆිල්ම් එක බලල ඉවර වුනාම හිතුනේ හඳගම කියන්නේ සිරා පොරක් කියන එක.  සිංහල ෆිල්ම් එකක් බැලුවම නැවත හිතන්න දෙයක් තියෙන්නේ ගොඩක් කලාතුරකින්. මට නම් මේ ෆිල්ම් එකේ නැවත නැවත හිතන්න බොහෝ දේ තිබුනා. 

අපේ සිනමාවේ ගත යුත්තක් නෑ කියල හිතුන ගතිය ටිකක් මග ඇරිලා ගියා මේ ෆිල්ම් එක බැලුවහම. ඇත්තටම ගත යුත්ත මිනිස්සුන්ට පෙන්නන විදිය කොච්චර වැදගත් ද කියල හිතුනා. මේ ෆිල්ම් එක ලංකාවේ තහනම් කලාද කියල මම දන්නේ නෑ.. හැබැයි එහෙම තහනම් නොවෙන විදියටත් මේ ෆිල්ම් එක හදන්න තිබුනා කියල මට හිතුනා. ඔය තහනමට හේතු වෙන සීනි බෝල කෑලි වලින් ෆිල්ම් එකට හොදක් වෙලා නෑ කියන එකයි මගේ අදහස. මොකද ඇකිලිලා තියෙන ඒවා ඇකිලිලාම තියෙන හින්ද ෆිල්ම් එක පුරාවටම.. හැබැයි ෆිල්ම් එකෙන් අපේ ඔළුව කෙලින් කරලා අපිට අපේ මිනිස්සුන්ගේ තියෙන වටිනා කම් ගැන හිතන්න දෙයක් ඉතුරු කිරීම සියල්ලටම වඩා වටිනවා.

ප.ලි

මේ ෆිල්ම් එක මම බැලුවේ NetFlix එකේ. කැමති කෙනෙකුට මාසයක් නොමිලේ දෙන NetFlix සේවාවෙන් බලන්න පුළුවන්. සල්ලි ගෙවන්න අකමැති නම්. මම හිතන්නේ ලංකාවේ තහනම් වෙන ෆිල්ම් ඉස්සරහට අපිට කරදරයක් නැතිව බලන්න පුළුවන් වෙයි. 

29 comments:

  1. " ඇගේ ඇස අග " සොයනකොට පහත link එකත් හම්බ උනා.

    http://sandunsevana.blogspot.ca/2016/06/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ, එකේ හොඳ විචාරයක් තියෙනවා

      Delete
  2. http://samindikasrimantha.blogspot.com/2016/06/let-herhim-cry.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිඛිතා, එක එක විදියට එකම ෆිල්ම් එක බලන්න පුළුවන් හෙහ් හෙහ්...

      Delete
    2. ඔය ලිඛිතාගේ බ්ලොග් එකද?

      Delete
    3. අජිත් මේක සෑම් ගේ බ්ලොග් එක. සෑම් ගොඩක් පරණ බ්ලොග් කරුවෙක්. ලිඛිතා තාම බ්ලොග් එකක් පටන් අරන් නෑ වගේ..

      ලිඛිතා බ්ලොග් එකක් තියෙනවනම් අපිටත් කියන්ඩෝ..

      Delete
    4. ලිඛිතගේ බ්ලොග් එකේ නම කඩදාසි කොළේ. හැබැයි එයා ලියල පබ්ලිෂ් කරලා ඒ ගමන්ම මකනවා. ඇයි කියන්න දන්නෙ නෑ.

      Delete
    5. එයා ලියන කඩදාසි ලිප අවුලවන්ඩ ලිපට දානවා

      Delete
  3. මේ ෆිල්ම් එකේ අන්තිම ටික තමයි අපේකම ගැන නියම විදිහට කියන්නේ. මහාචාර්යතුමා, එතුමාගේ භාර්යාව, දු, හොර ගෑණි, දේශපාලඥයා, ඔහුගේ බිරිඳ, හොරගෑණි මේ සියලු දෙනා අන්තිමට රිංගන්නේ පන්සලට.

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි, ඒ කතාව ඇත්ත.

      Delete
  4. ඕකෙ ටොරන්ට් එකකුත් මට හම්බවුනා, ඒ වුනාට ෆිල්ම් එක බැලුවේ නෑ. මේ ගැන යමක් කියන්නම්...
    "හැබැයි ඉතින් නොකියාම බැරි දෙයක් තමයි ශෘන්ගාර රසයක් නම් මට දැනුනේ නෑ ඒ මොනම සීන් එකක වත්.. එක්කෝ ඒවා හරියට කරන්න තරම් අපේ නළු නිලියෝ තාම විවෘත මදි. එහෙම නැත්නම් අපි හෙන වල්.. ඒ නිසා අපිට ඒවා මදි."

    මගේ අදහස ඒකට හේතුව සංස්කෘතික බාධක,ඒ නිසා ඒවා කරන්න නිර්භයව ඉදිරිපත් වෙන අයත් කරන්නෙ දෙගිඩියාවකින්. මොකද රඟපෑමට වෙන කොහෙන් ප්‍රශංසා ලැබුනත් ලංකාවෙන් ලැබෙන්නෙ වෙනස්ම ප්‍රතිචාරයක්. දැක්කනේ 'ඉගිල්ලෙන මාළුවෝ ) එකේ රඟපාලා ගයේශා පෙරේරා අහගත්ත හරිය.

    ReplyDelete
    Replies
    1. හසිත ගෙදර හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම් https://www.netflix.com/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. මාසයක් නොමිලේ බලන්න පුළුවන්. මාසේ ඉවර වෙන්න කලින් එකවුන්ට් එක ක්ලෝස් කරන්න පුළුවන්. වියදමක් යන්නේ නෑ..

      ඔව්.. මට හිතෙන්නේ ලංකාවේ චිත්‍රපටි වලට ඔය වගේ සීන් දාන එක තේරුමක් නෑ.. නිකන් බොරු තහනමක් දාගන්නවා විතරයි.. ඊට වඩා හොඳයි ඒ අදහස ම වෙනස් ක්‍රියේටිව් විදියකින් පෙන්නුම් කරලා කතාවේ තියෙන වෙනත් වටිනා අදහසක් ගොඩක් මිනිස්සු අතරට ගෙනියන එක.

      මේ ෆිල්ම් එකේ තියෙන්නේ ඒවගේ ලස්සන අදහසක් තියෙන කතාවක්. හැබැයි ඉතින් ඔය පොඩි 18+ කෑල්ලක් හින්ද ඒ අදහස ට වඩා මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ අර බාගෙට පෙන්නන චුට්ට විතරයි..

      මට හිතුනේ එහෙමයි..

      Delete
    2. හරියට හරි මගේ අදහස වුනෙත් ඒකමයි. මොනවා පෙන්නුවත් අපේ අය හිතට ගන්නෙ ඒ කොටස මිසක් කතාව නෙමෙයි.
      මං ඩොන්ගල් එකකින් නෙට් යන්නෙ සිග්නල් තත්වයත් එච්චරම ස්ථාවර නෑ , ඒ හින්දා ඩවුන්ලෝඩ් කරල බලන්නෙ Stream කරල බලන්න ගියොත් එපා වෙනවා. හොඳ කනෙක්ෂන් එකක් ගත්තම බලමු. ස්තූතියි අදහසට.
      ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න ඕනවුනොත්
      යන්න මෙතෙන්ට අනිත් ටොරන්ට් සයිට් වගේ
      අච්චාරුවක් නෙමෙයි මේ සයිට් එක ෆිල්ම් විතරමයි User friendly interface එකක් තියෙන්නේ. මෙන්න ලින්ක් එක,seven torrents

      Delete
    3. මම දැන් ටොරන්ට් වලින් ෆිල්ම් බලන්නෙම නැති තරම්. ස්ට්‍රීම් කරන්න පුළුවන් නම් නොමිලේ ෆිල්ම් බලන්න හොඳම ක්‍රමය තමයි popcorntime. මෙතනින් බාගන්න පුළුවන්

      http://popcorn-time.to/

      Delete
    4. බලමු ඒකට ට්‍රයි එකක් දාලා. තොරතුරට ස්තූතියි.

      Delete
  5. චිත්‍රපටිය තවම බලන්න බැරි වුනා. අර ස්පැනිෂ් එකනම් බැලුව. බලලම තමා කියන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්පැනිෂ් ෆිල්ම් එක මොකක් ද අජිත්? මේ කතාව තියෙන තව එකක් තියෙනවද?

      Delete
  6. Replies
    1. ඔය වයසට නම් එච්චර ගැලපෙන කතාවක් නෙවෙයි ප්‍රසන්න අයියේ.. උඹ නරක් වෙයි ද දන්නේ නෑ ඕක බලල.. :D

      Delete
  7. යු බටේ තියෙනවා බං.මාත් බැලුවේ ඒකෙන් හැබැයි බලාපොරොත්තු කඩවුණා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මට හැබැයි වෙනසක් දැනුන ෆිල්ම් එකේ. ලංකාවේ හැමදාම හැදෙන ෆිල්ම් වලට වඩා.

      Delete
  8. මමත් බැලුවා යූ ටියුබ් එකෙන්....

    අනිතමට දෙන පණිවිඩය "සමඟියෙන් බෙදාගෙන කාපල්ලා" කියන එක කියලයි මට හිතුනේ...

    ReplyDelete
    Replies
    1. සෙන්නා, එකත් හරි. අන්තිමට සියල්ලෝම සතුටින් ගෙදර ගියහ!...ඊට පස්සේ මොකද වුනේ කියල හිතන එක වැඩිහිටියන්ට පමණයි මම හිතන්නේ.. හෙහ් හෙහ්

      Delete
  9. //හෙහ් හෙහ් ඔක්කොමත් හරි නාකි වුනත් ගෙදර ගෑනි නැතිවුනාම පිරිමියෙකුට තියෙන ආතල් එක කොහොම ද කියන එකත් අපුරුවට පෙන්නුම් කරලා තියෙනවා. //

    හෙහ් හෙහ් ඒ කියන්නේ තරුන කාලෙදිත් මෙහෙමනේ? :O

    ඊයා මට නම් නාකි ප්‍රොෆෙසර් දැක්කාම වයසක පිරිමි අයවත් එපාවෙලා ගියා. ඒකේ තේරුම ඒ නලුවා හොඳට රඟපාලා තියෙන එකද නැත්නම් ඇත්තටම අප්පිරියා කියන එකද කියලා නම් කියන්න දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙඩුසා, ඔය ආතල් එක ගැන ඔයාලට තේරුම් කරලා දෙන්න භාෂාවක් නම් මම දන්නේ නෑ.. හෙහ් හෙහ්.. ඔයාගේ හස්බන්ඩ් ගෙන් අහල බලන්න.. හෙහ් හෙහ්

      මට හිතා ගන්න බැරි ඒ චරිතෙට ඇයි ලංකාවේ නළුවෙක් නොගත්තේ කියල.. මට නම් රඟපෑමේ අවුලක් තිබුනේ නෑ.. හැබැයි සිරා රඟපෑමක් කියල හිතුනෙත් නෑ..

      Delete
    2. හස්බන්ඩ් වෙන්න කලින් කොල්ලාගෙන් අහලා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක්. :P

      Delete
    3. කොල්ලන්ට හරියට තේරෙන්නේ නෑ..ෂුවර්.. බැඳලාත් අවුරුදු 5-6ක් ගියාට පස්සේ තමයි ඔය ගතිය තේරෙන්න ගන්නේ.. හෙහ් හෙහ්..
      අත්දැකීමෙන් මේ කියන්නේ..

      ෆිල්ම් එකේ ප්‍රොෆෙසර් වගේ නාකි වුනාම මම හිතන්නේ වැඩියෙන් දැනෙනවා ඇති හෙහ් හෙහ් හේ..

      Delete
  10. බිත්ති වල ලියන පැතුම් පුතත් හරියට professor වගේ කියල මම හිතන්නේ. O/L, A/L කාලේ ඉඳල තාමත් අසහනෙන් ඉන්නෙ කරකාර බැඳලා උනත්.
    -වෙද පප්පා

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.. වෙද පප්පා හරියටම දන්නවා. සෙල්ලං කාර් එලෝ එලෝ හිටියට.. හෙහ් හෙහ්.. :D

      Delete