ලෝක සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච පොත් උනත් ඉතින් සමහර වෙලාවට කියෙව්වට පස්සේ වැඩක් නෑ කියල හිතෙනවා. කියවන පුදගලයාගේ රුචි අරුචි කම් අනුව ඉතින් ඕක වෙනස් වෙනවා තමයි. මම මේ ලඟදි මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත කියෙව්වා. ගොඩක් කාලයක් තිස්සේ ළඟ තියාගෙන හිටියටත් නොකියවා තිබුණු පොතක්. ඔන්න ඔහේ කියවල දැම්ම. ඒ පොත ගැන මම හිතාගෙන හිටියේ හෙන වෙනස් විදියකට. ඒ කියන්නේ මාතෘත්වයේ ප්‍රතිමුර්තියක් වෙච්ච කාන්තාවක් ගැන ලියවෙච්ච කතාවක් වෙන්න ඇති කියල. මොකද ඒක ඒ තරම් සාහිත්‍ය ලෝකේ ජනප්‍රිය සහ මිනිස්සු පිළිගන්න පොතක් නිසා.
මම කියවපු පරිවර්තනය "දැදිගම වී රුද්‍රිගු" මහත්මයා විසින් පරිවර්තනය කරපු එකක්. එහි පරිවර්තන ශෛලිය නම් මට අල්ලලා ගියා. ලාංකීය අපිට දැනෙන විදියට අපේ භාෂාවෙන් පරිවර්තනය කරලා තියෙන නිසා. රුසියානු සාහිත්‍යට අපේ ඇති මේ කැමැත්තට හේතුව මේ පරිවර්තකයින් ඒවා ලස්සනට පරිවර්තනය කිරීම වෙන්න ඇති කියල මට හිතුනා. නැත්නම් අපිට කොහෙත්ම නුහුරු නුපුරුදු දේශයක් ගැන ලියවෙච්ච කතා වලට අපි මේ හැටි කැමති මොකද? මම ඔය රුසියන් නොවන වෙනත් විදේශික පොත් කියවල තිබුනට කවදාවත් ඒ රටවල් ගැන ලොකු ආසාවක් දැනෙන්නේ නෑ.. හැබැයි මොකක්දෝ හේතුවක් නිසා රුසියන් පොත් කියෙව්වම ඒ රට ගැන ආසාවක් ඇති වෙනවා. සමහර විට ඒ සංස්කෘතිය අපිට වඩා සෑහෙන වෙනස් නිසා වෙන්න ඇති. හැබයි ඉතින් ගේබ්‍රියල් ගාසියා මාකේස් ගේ පොත් කියෙව්වට ඒ පොතට සහ ගත් කරුවා ගැන කැමැත්තක් සහ ඇති වෙනවා මිසක් කොලොම්බියාව ගැන ආසාවක් ඇති වෙනවද? කොලොම්බියාවයි ලංකාවයි කියන්නෙ කිසිම සංස්කෘතිකමය වශයෙන් සම්බන්ධ කමක් නැති රටවල් දෙකක් නේ.. රුසියාවයි ලංකාවයි වගේ. රුසියාව විතරක් මෙච්චර අල්ලලා යන්නේ මොකද අපිට.. හෙහ් හෙහ්..
අවුරුදු 5-6ක් විතර පොත් ගොඩ අස්සේ තියාගෙන ඉඳල මම මේ "අම්මා" පොත කියෙව්වා. පොත කියවල ඉවර වුනාම මට හිතුනේ මේ "අම්ම" ගේ තියෙන අනිත් අම්මලාගේ නැති අමුතු විශේෂත්වය මොකක් ද කියන එක. ඒ පොත ලියවෙච්ච කාලයට සාපේක්ෂව වුනත් මට ඒ "අම්මා" ගේ චරිතය ඒ තරම් වැදගත් දෙයක් කරපු චරිතයක් විදියට දැනුනේ නෑ. පුතා කරන විප්ලවයට සහය දෙන අම්මල ඕනේ තරම් මේ ලෝකේ ඉන්නවනේ. ඔය පොතට පාදක වෙච්ච විප්ලවය සහ ලෝකයේ සිද්ද වෙච්ච බොහෝ කම්කරු අරගල වල මේ වගේ අම්මලා ඕනේ තරම් ඉන්න ඇති. ඉතින් මේ "අම්මා" ගේ චරිතයේ ඇති විශේෂත්වය මොකක් ද? පොතේ තව කාන්තා චරිත කිහිපයක්ම විස්තර වෙනවා. ඉතින් විප්ලව වලට කාන්තා සහභාගිත්වය වගේ අරුතකින් බැලුවත් ලොකු දෙයක් නෙවෙයි වගේ. අනේ මන්ද මට හිතුනේ එහෙමයි. ඒ පොත සාහිත්‍ය ලෝකයේ මෙච්චර පිළිගැනීමට ලක්වීමට හේතුව මොකක් ද කියලා මට හිතා ගන්න අමාරුයි. පොතේ පෙරවදනේ තියෙන විදියට පොතේ කතාවට පදනම් වෙලා තියෙන්නේ 1902 දී සොර්මොවෝ කියන නගරයේ ඇති වෙච්ච මැයි දින පෙළපාලිය සහ එයට මුලික වෙච්ච පාවෙල් ව්ලාසව් සහ ඔහුගේ මවගේ කතාව. මේ චරිත ප්යෝතර් සලොමොව් සහ ඔහුගේ මව වූ ආන්නා කිරිලොව්නා සලොමොවා ගේ චරිත අනුසාරයෙන් බිහිවී ඇත. ඔවුන් සැබවින්ම මේ විප්ලවයට සහභාගී වූ විප්ලව වාදීන්.
සමාජවාදී විප්ලවීය අදහස් දරන අයට මේ වගේ කතා වැදගත් වුනාට සමස්ත සාහිත්‍යය ගැන හිතුවම මට නම් ඒ කතාව එච්චර අල්ලලා ගියේ නෑ. මට කොහොමත් ඔය සමාජවාදී අරගල සහ ඒ වගේ අදහස් එච්චර දිරවන්නේ නැති නිසා වෙන්න ඇති. ජිවන අරගල වල යෙදිච්ච පරමාදර්ශීය අම්මාවරුන් ගේ චරිත ඕනේ තරම් තියෙද්දී දේශපාලනික අදහස් නිසා පමණක් සාර්ථක වෙච්ච පොතක් වුනත් "අම්මා හෝ මව" කියන චරිතයට සාධාරණයක් ඉටු වෙච්ච පොතක් විදියට මට නම් මේ පොත ගැන හිතුනේ නෑ..
පින්තුරය - මැක්සිම් ගෝර්කි ගේ අම්මා කෘතියේ කවරය
සමහර පොත් සර්ව කාලීනයි. ඕනෙම සමාජයක ඕනෙම කෙනෙකුට ඕනෙම කාලෙකදි එක හා සමාන විදියට රසවිඳින්න පුළුවන්. ඒත් සමහර පොත් ඒ ඒ කාලයට සාපේක්ෂව හොඳට වුනාට පස්සේ කාලෙකදී කාලයත් එක්කම යල්පැන ගිය ගතියක් එනවා. මට හිතෙන්නේ මේ පොත එහෙම යල්පැනගිය පොතක්. මම මැක්සිම් ගෝර්කිගේ පොත් ගොඩක් කියවල නෑ. මට මතකයි මම ඔහුගේ "කමකට නැති එකෙකුගේ ජීවිතය" කියල පොතක් කියෙව්වා. ඒ පොත අවසානයේ මට හිතුනේ ඇත්තටම ඒ පොත පට්ට සිරා මොකද කතාව කියවල ඉවර වුනාම කතාවේ එන චරිතය සිරාවටම කමකට නැති චරිතයක් නේද කියල මට දැනුන නිසා. නමුත් මේ කතාවේ අම්මා ගේ චරිතය නියම අම්මා කෙනෙක් නේද කියන හැඟීම පොත කියවල ඉවර වුනාම දැනුනේ නෑ.. මීට වඩා අම්මල මුණ ගැහිලා තියෙනවා නේද කියල හිතුනා.
දැන් කියවන්නේ සමුගනිමු ගුල්සාරි.. ඒක නම් දැනට අල්ලලා යනවා. මම හිතන්නේ අස්සයින්ගේ කතා සර්ව කාලිනයි..
විදෙස් කෘති කියවන කොට අපට ඇතිවෙන හැඟීම හඳුන්වන්න මම ආගන්තුක චමත්කාරය කියා යෙදුමක් භාවිතා කළා. ඒ ගැන විස්තර මෙතැනින් අවශ්‍ය නම් කියවන්න.
ReplyDeletehttp://rasikalogy.blogspot.com/2015/09/henry-warnakulasuriyas-villaravadiya.html
ලංකාව පසුබිමඛ කරගෙන ලියවුණු බත්ලංගුණ්ඩුව, විල්ලරවාඩිය වැනි පොත් කියවන විටත් මට ආවේ ඒ අකාරයේ ආගන්නතුක චමත්කාරයක් දෙන හැඟීමක් ම යි!
ආගන්තුක චමත්කාරය හරියටම ගැලපෙනවා. මට තියෙන ප්‍රශ්නේ රුසියාව ගැන අපිට මොකද ඕක ගොඩක් දැනෙන්නේ අනිත් රටවලට වඩා? රුසියන් සුරංගනා කතා පොඩි කාලේ කියවපු නිසා ද?
Deleteඔය කියපු එක සිංහල පොතක් වත් මම තාම කියවල නෑ..
ස්තුතියි රසික
විල්ලරවාඩිය,දඩ කඳවුර කියවා අවසන් දැන් ඒ ගැම්මෙන්ම බත්ලංගුණ්ඩුව කියවන්න ගත්තා.ඇත්තටම ඒ පොත් තුනේ කතා වෙන පරිසර අපිට පුරුදු පරිසර නෙමේ.එක නිසා "ආගන්තුක චමත්කාරය" කියන වචනය නියමෙට ගැලපෙනවා.
Deleteෆේස්බුක් එකේ ඒ ගැන ලියවුණු වර්ණනා දැකලා මං ලංකාවෙන් අරගෙන ආවා ඇල්කෙමිස්ට් නම් පොතක පරිවර්තනය - සන්තියාගෝ නම් සැරිසරන්නා වැනි නමක් ඇති පොතක්.
ReplyDeleteඒක කියවා නම් මං අපේක්‍ෂා භංගත්වයට පත්වුණා.
ඒ අත්දැකීම නිසා ම, මං ඒ විදියටම ගෙනා ගුරු ගිතය කියන පොත තාම කියෙව්වේ නෑ!
මට සන්තියාගෝ නම් සැරිසරන්නා නම් අල්ලලා ගියා. මම එකේ ප්‍රධාන චරිතය හිතන විදියට කැමතියි..
Deleteගුරු ගීතය නම් මටත් හරි ගියේ නෑ. මට හිතා ගන්න බැහැ ඇයි ඒක මිනිස්සු මෙච්චර වර්ණනා කරන්නේ කියල..
රසික නෙරුදා ගේ ලියුම් කාරයා කියවල තියෙනවද? ඒක නම් නියමෙට අල්ලලා ගිය පොතක්...
ගුරු ගීතය නම් මටත් එහෙම්මයි...
Deleteකොච්චර කැරකෙව්වත් ස්ටාට් වෙන්නැති අත් ට්‍රැක්ටරයක් ගානයි...
නීලව්නා අම්මා
ReplyDelete(ගෝර්කිගේ අම්මා නවකතාවේ එන චරිතයකි)
නීලව්නා අම්මේ උඹ කොහිද?
අන්න පාවෙල්ගේ සිරුර
දැවෙනවා ටයර් සෑයක හන්දියේ
හොහොල් ගේ මිනිය
ගසාගෙන යයි කුණු ඇලේ
භීෂණයට මුහුණු දුන්නු අම්මලාගේ චරිත නිලව්නා අම්මා ගේ චරිතයට වඩා අම්මා හැඟීම අපිට ගේනවා නේද?
Deleteඔය ගමන්ම සන්නස්ගලගේ අම්මාත් කියවා බලන්න.
ReplyDeleteපැතුම් මේ කතාවට නිදහසේ ඇහුන්කම් දෙන්න.
ස්තුතියි අරූ, මම සන්නස්ගල මහත්තයාගේ "අම්මා" පොත කියවල නෑ.. ඒක ගැන කට්ටිය කියන කතා බහ ඇහුවම මට කියවන්න හිතුනේ නෑ.. මේ වීඩියෝ එක අහන ගමන් කොමෙන්ට් එක දාන්නේ. බලමු හෙහ් හෙහ්
Deleteඅරූ මම කතාව ඇහුවා. ඒ කතාවෙ තියෙන දේවල් සන්නස්ගල මහත්තයා හෝ ලාල්කාන්ත මහත්තයා තරම් ම නැති වුනත් ලංකාවේ ඉන්න බහුතරයක් දෙනා අත්විඳලා ඇති.
Deleteඔබගේ කතාවත් ඒ වගේ. එකම කතාව පොඩ්ඩක් වෙනස්.
සන්නස්ගල මහත්තයාගේ පොත කියෙව්වම සමහරවිට මම බලාපොරොත්තු වෙච්ච අම්මා චරිතය හම්බ වෙයි. හැබැයි කතාවේ අන්තිමට ලාල් කාන්ත මහත්තය කියනවා මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත අනිත් පොත් වලින් වෙනස් වෙන විදිය. ඒ විදියට ගත්තම මේ පොත හොඳයි තමයි.
විප්ලවයට කැමති ඒ අදහස් ඇති අයට මැක්සිම් ගෝර්කිගේ අම්මා සෙට් වෙනවා ඇති.
හැබැයි මට හිතෙනවා "අම්මා" වගේ මාතෘකාවක් ගැන පොතක් ලියන එක හරි අමාරු වැඩක් කියල.
මට මතක් වෙන්නේ අපේ අම්මත් "අම්මේ අපි මෙහෙම කරමු ද? කියල අහපු ගමන් "හරි හරි ඕනේ එකක් කරලා බලමු .. මොනවා වෙන්නද කියල ඕනේ දේකට සෙට් වෙන හැටි.. හෙහ් හෙහ්
මේ තියෙන්නේ අපි දෙන්න බියගම අපේ ගෙදර ඉඳල හපුතලේ තාත්තගේ ගමට බයික් එකේ ගිහින් මහ වැස්සේ හපුතලේ ඉඳල බියගමට එන කම් එක දිගට තෙමි තෙමි ආපු දවසේ මට දැනිච්ච දේ..
https://biththiya.blogspot.my/2010/11/158-75.html
/////අපේ අම්මට මේ ආත්මෙදිම මේ සංසාරෙ ඉවර කරගන්න පුළුවන් වෙන්න කියල විතරයි මම ප්‍රාර්ථනා කරන්නේ..ලබන ආත්මෙදිත් මගේම අම්ම වෙන්න කියන්න තරම් ආත්මාර්තකාමී වෙන්න බැහැ...මට කරන්න පුළුවන් එකම දේ මෙච්චර කාලයක් හිටිය වගේ අම්මගේ හිතට දුකක් නොදී බරක් නොවී ඉන්න එක විතරයි...අම්මට මේ සංසාරෙන් ගැලවිලා යන්න තියෙන බැඳීම් එකින් එක අයින් කරගන්න උදව් කරන එක විතරයි මම කරන්න ඕනේ... භෞතික සැප සම්පත් ගොඩ ගහල තාවකාලික සතුටක් දීල මගේ යුතුකම මම කලා කියල අතපිහ දා ගන්න එක මහ පුහු දෙයක්... සතුටු වෙන්න කිසිදෙයක් ඕනේ නෑ කියන එක අපේ අම්ම ඕනවටත් වඩා පෙන්නල තියෙනවා...තිබ්බත් සතුටුයි නැතත් සතුටුයි... //////////
Deleteපැතුම්ගේ ඒ සටහනේ මේ කොටසට මම ඉතාමත් කැමතියි. අම්මා ගැන ලියන්න අමාරුයි පැතුම්. පටන්ගත්ත වෙලාවේ ඉඳන් සිතුවිලි ගලාගෙන එන වේගයට, ඒවා පාලනය කරගෙන ලියන්න මට නම් බැහැ. මගේ අතින් නම් අම්මා ගැන සටහනක් ලියවේවිද කියලා හිතාගන්නත් අමාරුයි.
"අම්මා ගැන කීමට හෝඩියේ අකුරු මට මදි"
වදින විදියටයි පිට් වෙන්නේ බං.. උඹගේ බෙල්ල පස්සේ හයි කරපු එකක්ද?? නෑ නිකං ඇහුවේ.. හැක්..
ReplyDelete[වදින විදියටයි පිට් වෙන්නේ බං] මේක හරි බං. මම කිව්වේ මට කියෙව්වට වැදුනේ නෑ කියන එක තමයි. බෙල්ල පස්සේ හයි කරපු කතාව නම් තේරුනේ නැත...
Deleteබුකියේ පොරපයිල් පින්තුරයක සුරුපි නංගි කෙනෙක් සමග බෙල්ලක් හයි කරගත් පොරක් සිටිනු දැක පහන් සංවේගයෙන් කල ප්‍රකාශයකි.. හැක්
Deleteහයිකරපු බෙල්ලක් නෙවෙයි යකෝ. ඉන්බිලට් ආපු බෙල්ල.. හැක්
Deleteරුද්‍රිගු මහත්තයට තමා ස්තුති කරන්න ඕන...
ReplyDeleteඑතුමා අතින් පරිවර්තනය වුණු පොතක් නොකියවා නැති තරම්
ක්ලාක් - බන්දුසීල ජෝඩුවත් එහෙම්මයි...
ඒ පරිවර්තන වල හොඳ සමීප කමක් දැනෙනවා. ඒ ගතිය ගොඩක් පොත් වල දැනෙන්නේ නෑ..
Deleteක්ලාක් බන්දු සීල දෙදෙනාම මගේ ප්‍රියතම.
මටත් සමාජ්වාදය ගැන පිරිසිදු අදහසක් නෑ.ඒත් අම්මා පොත මටනම් සර්වකාලීන පොතක්. අපිට ඒ පන්තිය ගැන වෙන තැනක ඉදන් බලලා විචාරය කරන්න අමාරුයි.නිර්ධන පන්තිය සර්වකාලීන වන තාක් බීමත් සැමියෙකුගේ ජීවිතේ අරමුණු නැති ප්‍රශ්ණ වලින්ම දුක් විදින අම්මා මටනම් සර්වකාලීනයි.
ReplyDeleteවිශේෂයෙන් එම පොතෙහි අම්මා කරන්නෙ මැදහත් කියවීමක්. ඒ තුළ දුප්පත්,නූගත්, පීඩිත කාන්තාව සියුම්ව විච්ජේදනයකට ලක් කිරීමක් තමයි තියෙන්නෙ. පීඩිත මිනිසුන්ට අරමුණක් දෙන්නට අම්මට පුළුවන් වුනා.ම්ට නම් අම්මා කියවා ඇති හිතට තදින්ම කා වැදුනු පොතක්.
පොත නරක නෑ. හැබැයි මට ගොඩාක් හිතට වැදුනේ නෑ.. මට හිතුනේ අම්මා චරිතයට වඩා ඒ පොතේ මතු වෙලා තියෙන්නේ විප්ලවය කියන එක. මට විප්ලව අදහස් එච්චර දිරවන්නේ නැති නිසා වෙන්න ඇති. එච්චර සෙට් වුනේ නෑ.. එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් නේ..
Deleteමන් හිතන්නෙත් ඒ පොතෙන් අම්මව මතු කරන්නෙ නෑ.අම්මගෙන් කරන්නෙ මැදහත් කියවීමක් විතරයිනෙ. ඒ පොතේ අම්මා වීරයෙක් කරනවට වඩා උත්සහ කරන්නෙ පීඩිත පන්තියෙ අම්ම කෙනෙක්ගෙ ජීවිතය මොන වගේද කියල අපිට දන්වන එක. ඔව් එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් ඇති. මන් පෞද්ගලිකව පීඩිත පන්තිය ගැන කියවපු හොදම පොතක්
Deleteපොතේ නම නිසාම ගොඩ ගියපු පොත් නම් කොච්චර තියෙනවද? මම කිව්වට බත්තලන්ගුණ්ඩුව කියවන්න. අන්න පොත්! මට නම් තදින්ම අල්ලලා ගියා. ඔබ ඔය කියන අම්මා පොත මමත් අල්ලලා බලනවා මිසක් කියවන්නේ නැති ජාතියේ එකක්. වැලිගම්පිටි යන්න කලින් කවදාහරි කියවයි කියල හිතනවා. නමුත් 'ඇට මැස්සා' නම් කවදාවත් බිමින් නොතියන ජාතියේ එකක්
ReplyDeleteමේ වගේ පොත් නම් හැබැයි නම නිසා ගොඩ ගිය පොත් කියන්න බෑ. මොකද මේවා මිනිස්සු අතරට ගියේ පොත් සිල්ලර බඩු මට්ටමට වැටෙන්න කලින් නිසා. දැන් ලියන ඒවා නම් ගොඩ යනවා හොඳ නමක් දාපුවහම.
Deleteමේ පොත ගැන මට හිතෙන්නේ හොඳ වුනාට අවුරුදු 100කට පස්සේ වෙනස් විදියකට ලෝකේ දකින කෙනෙකුටත් එක හා සමානව රසවිඳින්න බැරි ගතියක් තියෙන පොතක් වගේ..
අපි ඉතින් ධන්වාදෙට බර ටිපිකල් මොඩර්න් නිසා වෙන්න ඇති හෙහ් හෙහ්..
බත්තලන් ගුණ්ඩුව නම් කියවල නෑ.. ලංකාවට ගිය කාලෙක හොයාගෙන බලන්න ඕනේ.
ඇට මැස්සා නම් පට්ට තමයි. ඇටමැස්සා කියවල ඉවර වුනාම දැනෙන පට්ට කියන හැඟීම මේ පොත කියවල ඉවර වුනාම දැනුනේ නෑ.. හෙහ් හෙහ්
අම්මා පොත ඇත්තටම අම්මා ගැනද? මැක්සිම් ගෝර්කි උනත් සන්නස්ගල උනත් අම්මා තේමාවෙන් ලියා තිබෙන්නේ එක්කෝ විප්ලවයක්, නැත්තම් සමාජමය අසරණකමක් මිස අම්මෙක් ගැනද? ඒකයි මම එහෙම කිව්වේ.
Deleteමතක ඇතුව බත්තලන්ගුන්ඩුව කියවන්න. එය අමුතු අත්දැකීමක් වෙයි නිසැකවම. මොකද ඒක කියෝලා සති ගානක් යනකල් මම ඒ ඒ චරිතවල චරිත ස්වභාවයන් ගැන වෙන වෙනම හිතුව. සමහර වෙලාවට ඒ ඒ චරිතවල ඇති සෞන්දර්ය නිසා 'මේ මොන කාලකන්නි ජීවිතයක්ද අපි ගෙවන්නේ. මේවනෙ ජිවිත' කියල හිතවනවා. එහෙම හිතවන ඒ ජිවිත තුල තියෙන්නේ අපි හඹා යන සුඛවිහරණය නෙවෙයි! ඒක තමයි පුදුමේ!!!!
'පවර නිරිඳෙක් වීය බඹදත්' කියෝලා තියෙනවද? මම තාමත් ඒ ගැන කල්පනා කරනවා. සුගතපාල ද සිල්වා පොරක් වෙන්නේ අන්න ඒකයි !
මම මේක කියෙව්වෙ පොඩි කාලේ. ඕක නිසා වැඩි අදහසක් දැනුනේ නෑ.
ReplyDeleteමමත් අවුරුදු 5-6කට කලින් ගත්ත පොතක් තමයි මේ ඊයේ පෙරේදා කියෙව්වේ.. හෙහ් හෙහ්
Deleteනොකියවපු පොතක් ගැන කොහොමද කියන්නේ.අර උඩින් කියලා තියෙන තවත් පොතක් වෙන "සන්තියාගෝ නම් සැරිසරන්නා" පොත කියෙව්වා.එක අවුලක් නැහැ.ඒ කතුවරයාගේම තවත් පොතක් වෙච්චි අර තරම්ම නැතත් ගොඩක් අය හොඳයි කියපු "සන්තියාගෝ නම් සැරිසරන්නා" පරිවර්තකම පරිවර්තනය කරපු "යක්ෂයා හා ප්‍රයිම් යුවතිය"කියන පොත නම් මට අවුල්.
ReplyDeleteමනෝජ්, "යක්ෂයා හා ප්‍රයිම් යුවතිය" මම කියවල තියෙනවා. මට නම් කැමති හිතුනා. මම පාවුලෝ කොයියෝ ගේ පොත් වලට කැමතියි. ඒවායේ තියෙන අදහස් වෙනස්. සන්තියාගෝ නම් සරිසරන්නාත් ඒ වගේ.
Deleteතව විනාඩි එකොළහ කියල එකක් තියෙනවා. එකත් මට නම් හොඳයි. අමුතු විදියේ කතා.