Tuesday, February 09, 2016

මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් - 3



කලින් කොටස් 2ක බලලම ඉන්න

එක

දෙක

අක්කල එන්න කලින් ම අපි එයාලගේ ට්‍රිප් එක ප්ලෑන් කළා.. අපි මෙහෙ ආවට පස්සේ 3න් පාරක් අක්කල ගැන්සිය මෙහෙ ආව නිසා එයාලටත් ක්වලාලාම්පුර් වලින් එහා මැලේසියාව බලන්න ඕනේ වෙලා තිබුනේ.. 

ඔය නඩේට මුලින් ම සැරේ 11දෙනෙක් ආව. ඊට පස්සේ සැරේ 9 දෙනෙක් ආවා මේ සැරේ 10ක් ආවා.. මුල්ම සැරේ හොඳට කටු කෑවා කට්ටියම එක්කන් යන්න ටැක්සි හොයන්න ගිහින් . අපිත් ආව විතර නිසා අපිටත් නිකන් හොල්මන් වගේ..... දෙවෙනි සැරේ එනකොට අපි ටැක්සි එහෙම ටිකක් අඳුරගෙන කලින් තරම්ම චාටර් වෙන්නේ නැතුව එහෙ මෙහෙ ඇවිද්දා.. මේ සැරේ ඉතින් අපි කලින් ම වාහනයක්  බුක් කළා.  

අපේ මස්සිනා ගොයියා ඉන්ටර්නැෂනල් ලයිසන් එක එහෙම අරන් ආවේ.. එයා තමයි වාහනේ ගෙනිච්චේ.. මෙහෙ වාහන එලවන එක අමාරු නෑ.. ලංකාවට වඩා සැහෙන්න අචාරසිලි විදියට මිනිස්සු වාහන එලවනවා.. එහෙන් මෙහෙන් දාන්න ත්‍රී වීල් නැති නිසා ඒ හැටි බය වෙන්න දෙයක් නෑ.. මෝටර් සයිකල් වලින් ටිකක් පරිස්සම් වුනාම අවුලක් නැතිව වාහනයක් අරන් යන්න පුළුවන්.. නීති රීති ඔක්කොම එකයි..

පළවෙනි දවසේ හවස් වරුවේ කට්ටිය පුත්‍ර ජයා පැත්ත බලන්න ගියා.. ටිකක් පාරවල් හුරු වෙන්නයි වාහනේ හුරු වෙන්නයි එක්ක.. පුත්‍ර ජයා ගැන මම වෙනම එකක් ලියන්නම්.. ලියන්න සෑහෙන්න දෙයක් තියෙන පැත්තක්.. හෙහ්

අපි කලින් ගමන් දෙක ගිහින් බැලුවේ අක්කල ආවම පොඩි අයත් එක්ක යන්න හොඳ කොහෙද කියන එක.. ඒ කියන්නේ මලක්කා ද , ඉපෝ ද කියල.. ඉපෝ ගමන අපෝ වෙච්ච නිසා අපි මලක්කා ටුවර් එකක් ප්ලෑන් කළා..

ඉතින් දෙවෙනි දවසේ උදේ 11ට විතර කට්ටිය ඉතින් ඔන්න ගමන පිටත් වුණා.. පොඩි උන් පස් දෙනා කොහේ යන්නත් කලින් උදේම පුල් එකේ නටන්න ඕනේ කියන කන්ඩිෂන් එක මුලින් ම දැම්ම.. ඉතින් උදේ 7-8 වෙද්දී පුල් එකට බැහැල නාල තමයි කට්ටිය කොහේ ගියත් යන්නේ... (අපරාදේ කියන්න බෑ මාත් ඒ දවස් ටිකේ පාන්දරම  නා ගත්තා..හෙහ් හෙහ් )


ඔය ඉන්නේ 5 දෙනාගෙන් 4 දෙනෙක්.. අනිත් එකී ඇඩ්වෙන්චර් වලට බයයි, ෆොටෝ එකට අහු වෙන්න හිටියේ නෑ.. හෙහ් හෙහ්

අපි කරදරයක් නැතුව දවල් 2 විතර වෙද්දී මලක්කාවට ආවා.. ඊට පස්සේ ටිකක් වටේ රස්තියාදු ගහල කන්න තැනක් හොයාගෙන 3-3.30 වෙද්දී හොටෙල් එකට ගියා.. පස්සේ හවස් වරුව ඇවිදින්න පටන් ගත්තා.

වාහන දෙකේ ගිය නිසා ඉතින් මම නඩේ ගුරා වගේ Waze (GPS app එකක්) දාගෙන ඉස්සරහින් යනවා.. දිමුතුවා සුවච කීකරුව මගේ පස්සෙන් එනවා.. ඔන්න ඔහොම දැන් අපි අර A Famosa බලකොටුව හොයාගෙන ගියා..

මේ තියෙන්නේ ඔය A Famosa බලකොටුව


පින්තුරය ගුග්ල්

දැන් මම මැප් එක බලාගෙන යනවා.. එක තැනකට ගියාම මැප් එක කචල් යනවා.. ඊට පස්සේ මම ආයේ හරවගෙන වටයක් ගහල ආයේ එනවා.. එතෙන්ට ආවම මැප් එක ආයේ කචල් යනවා.. කචල් යනවා කියන්නේ මම දකුණට හරවන්න හිතාගෙන ආවට Waze එකේ මට කියන්නේ වමට යන්න.. ඔය විදියට 3න් සැරයක් විතර ඔහොම මෙහෙම අතේ දුරින් තියෙන තැනක් හොයාගන්න බැරුව අපි වට 3ක් විතර ගියා.. 

අන්තිම පාරත් වැරදිලා කොහෙද මන්ද පාරක යනකොට මෙන්න මට කෝල් එකක් එනවා.. "මේ වාහනේ පොඩ්ඩක් හීට් වෙනවා . මම නතර වුණා කියල...." හෙහ් වෙලාවට ඉතින් පේන දුරින් තමයි නතර වුනේ.. අපි රෙන්ට් එකට ගත්ත වාහනේ නිසා එන්න කලින් වතුර බලන්න බැරි වුණා.. කර වෙන්න වේලිලා තිබුනේ.. හැබැයි අපි වතුර දැම්මත් හරි ගියේ නෑ.. ඊට පස්සේ ඒ ළඟම තිබ්බ කාර් පාක් එකක වාහන දෙකම දාලා මලක්කා නගරයේ පයින් ටුවර් එකක් යන්න පටන් ගත්තා...

අපේ කට්ටියගේ හොඳක් තියෙන්නේ පයින් යන්න ඕනේ වෙලාවක රෙඩි...

ඒ වෙද්දී වෙලාව 7ට කිට්ටුයි.. මැලේසියාවට කළුවර වැටෙන්නේ හවස 7.30 ට විතර ඉතින් හවස් වරුව ටිකක් වැඩිපුර තියෙනවා.. අපි බලන්න ප්ලෑන් කලේ A Famosa බලකොටුව උනාට පස්සේ තීරණේ කළා ඒක හොයාගෙන යන්නේ නැතුව ළඟ තිබුණු මෙන්න මේ කුලුනට නගින්න..




                                                            පින්තුර ගුග්ල් එකෙන්

මේ කුළුන මීටර් 80ක් උසයි.. ඔය වේදිකාව වටේට කැරකෙනවා.. මුළු මලක්කාවම බලන්න පුළුවන්

මම මේකේ දී දැම්මේ එදා උඩට නැග්ග වෙලේ ගත්ත ෆොටෝස් තමයි..

ඕක උඩට නැගල බැහැල ඊට පස්සේ ගියේ අර Flor de la Mar (Flower of the Sea) කියන පෘතුගීසි වෙළඳ නැව බලන්න..  කලින් පෝස්ට් එකේ නැවේ පින්තුරයක් දැම්මට නැව ඇතුලේ පින්තුර දැම්මේ නෑ නේ..

මේ තියෙන්නේ 

 නැවේ ක්ලෝස් අප් එකක්
 කපිතාන්ගේ කාමරේ ගැන විස්තරයක්
 කපිතාන්ගේ කාමරේද කොහෙද....
ඇතුලේ ෆොටෝ එකක්
 නැවට නැග්ග ගමන් 

කුඹ ගහේ උඩ 

මේ නැව පොඩි කෞතුකාගාරක් වගේ හදල තියෙන්නේ..  ඇතුලේ බලන්න දේවල් ගොඩක් තියෙනවා.. මම වැඩිය ෆොටෝ ගත්තේ නෑ...

හරි නැව බලල ඉවර වෙලා සෙට් එකම ගියා රෑට කන්න.. කන්න යන අතරේ මලක්කාවට අලංකාරයක් දෙන මෙන්න මේ මල් බයිසිකල් වල රවුම් යන්න කට්ටියට ආස හිතුනත්  පොඩි දුරක් යන්න කියපු බොරු ගණන් හින්ද මල් බයිසිකල් රවුම් ගහන්නේ නැතුව  කාල ඉවර වෙලා අර අපි කලින් සැරේ ඇවිල්ල ගිය Jonkar විදියේ පොඩි ෂොපින් පාරක් දැම්ම...

මේ තියෙන්නේ මල් බයිසිකල්





ජෝන්කර් විදියට කිට්ටු තැනකින් හොටෙල් බුක් කරපු නිසා ලෙඩ ගානේ තිබ්බ වාහනේ හොටෙල් එකට ගෙනත් දාල පයින් ගියා ජෝන්කර් එකේ ෂොපින්..

අවුරුද්ද අන්තිම නිසා ජෝන්කර් විදියේ ෂොපින් යද්දී මෙන්න මේ වගේ අපුරු මල්වෙඩි සන්දර්ශනෙකුත් බලන්න ලැබුනා..




ඊට පස්සේ පහුවදා පාන්දරම ළඟ තිබ්බ ගරාජ් එකකට ගිහින් වාහනේ අවුල හදා ගත්තා.. රේඩියේටර කැප් එක මාරු කරපු එක විතරයි කලේ ලොකු අවුලක් වුනේ නෑ... ඊට පස්සේ පහුවදා ආයෙත් A Famosa හොයාගෙන ගියා.. එකත් බලල ඊට පස්සේ ගියා ඒ ළඟම තියෙන මලක්කාවෙ සුල්තාන් මාලිගාවක ආකෘතියට හදපු තව කෞතුකාගාරයක් බලන්න..

මේ තියෙන්නේ..
පින්තුරය ගුග්ල්

මේක තනිකරම ලී වලින් හදපු මාලිගාවක්.. වැඩි විස්තර මෙතන තියෙනවා. විකිපීඩියාවේ හැටියට නම් ක්‍රි.ව 1458 සිට 1477 හිටපු Sultan Mansur Shah ගේ මාලිගාවේ ආකෘතිය විදියටලු මේක හදල තියෙන්නේ..


මේ තියෙන්නේ මාලිගාව ඇතුලත පින්තුර ටිකක්

 මාලිගාවේ අනුරුවක්
 පොඩි විස්තරයක්
 ඒ කාලේ සුල්තාන්ගේ සභාව තිබුණු හැටි
 සුල්තාන්ගේ නිදන කාමරේ

තව එක එක දේවල්

ඕක බලල ඊට පස්සේ දවල්ට කන්නත් එක්ක ගියා ඒ ළඟම පොඩි ෂොපින් මෝල් එකකට.. එක ඇතුලේ අපුරු පොඩි පොඩි බඩු විකුනන්න තියෙනවා.. ගොඩක් දේවල් මලක්කා ඉතිහාසයට සම්බන්ද පොඩි පොඩි ආකෘති, ලි වලින් හදපු දේවල්.. ඊට අමතරව ඉතින් අනෙකුත් ඕනෑම දෙයක් තියෙන ලොකු මෝල් එකක්...

ඕක ඇතුලට ගියාට පස්සේ ඉතින් ආයේ මොන මලක්කා ද කියල කට්ටිය ෂොපින්... හෙහ් හෙහ්

අන්තිමට හවස 6.30ට විතර මලක්කාවෙන් පිට වුණා..

මලක්කාවෙන් පිට වෙලා ක්වාලා ලාම්පුර් එන්න හයි වේ එකට දාල කිලෝ මීටරයක් එන්න හම්බ වුනේ නෑ අර වාහනේ පැච් එකක් ගියා... හෙහ් හෙහ්... 

පස්සේ හයි වේ හදිසි ඇමතුම් එකටකෝල් එකක් දුන්නම විනාඩි 15ක් යද්දී දෙන්නෙක් ඇවිල්ල සිං සිං ගාල ටයර් එක මාරු කරලා දුන්නා.. ඒ සේවය නොමිලේ.. හැබැයි ඉතින් අපි යුතුකමක් වශයෙන් ඒ ආපු දෙන්නට පොඩි ගානක් දුන්නා.. 

ඊට පස්සේ ඉතින් "අනේ පුතේ අපි හිමින් යන්.. පිටි පස්සේ වාහනේ එක්කම යන් ....."....ආදී වශයෙන් ලැබෙන වැඩිහිටි උපදෙස් රැසක් සමග රෑ 11.30 වගේ වෙද්දී යාන්තම් ගෙදරට ආවා.... ගෙදර ඇවිල්ල රෑට උයාගෙන කාල පහුවදා උදේ කට්ටිය ගියා මෙහෙ තියෙන  Sunway Lagoon Theme Park එකට.. කලින් සැරේ ඇවිල්ලත් ගියාට පොඩි උන්ගේ බලවත් ඉල්ලීම නිසා දෙවෙනි සැරෙත් ගියා..

ඊට පස්සේ ඉතින් තව ෂොපින් රවුම් දෙක තුනක් ගිහිල්ලා අක්කල කට්ටියම ආපහු ගියා..අම්මත් ගියා.. එහෙම කට්ටිය ඉඳල ගියාම හරි පාලුයි...

ඊට පස්සේ ඉතින් ජනවාරි මාසේ ආයේ සුපුරුදු පරිදි අපි වැඩට යන අතරේ පාළුව යන්නත් එක්ක ඔන්න ඔහේ කියල අපි දෙන්න තව ගමනක් ගියා...!




31 comments:

  1. ඔය රටට ඇවිල්ල තියෙනවා ඒත් මෙච්චර ඇවිදල නෑ.

    ReplyDelete
    Replies
    1. අපිත් ඇවිල්ල අවුරුදු 2කට පස්සේ තමයි මේ ඇවිදින්නේ.. බලන්න ගොඩක් දේවල් නෑ හැබැයි..

      Delete
  2. ඇවිත් බලලා යන්න හිතෙනවා උඹේ විස්තර කියෙව්වම..

    මේකේ නම් ෆොටෝ ඔක්කොම හොඳට පේනවා ඔන්න කලින්ම කියුව.. (කෝ මේ නුවර කුමාරි?)

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර, මැලේසියා එන්න දැන් ටිකට් ගොඩක් ලාබෙට තියෙනවා.. වැඩි වියදමක් යන්නේ නෑ.. එනවනම් අපිට පොඩ්ඩක් කියල එන්න.. :)

      Delete
  3. මැලේෂියන් කෑම ගැනත් ලියමුකො ඔය විස්තර අතරේ..

    ReplyDelete
    Replies
    1. මැලේසියාව කෑමට ප්‍රසිද්ධ රටක්.. මෙහෙ මිනිස්සු කන බොන හැටි දැක්කම වෙලාවකට පුදුමත් හිතෙනවා හෙහ් හෙහ්.. හැබැයි කෑම වල රස ගැනනම් මට ඒ හැටි පැහැදීමක් නෑ.. තාම නිකන් ඇබ්බැහි වෙලා කන්න තරම් ආස වෙච්ච කිසි දෙයක් නෑ.. අපේ රස ට අපි ගොඩක් හුරු වෙලා නිසා වෙන්න ඇති..

      මෙහෙ තුනපහ දාල කෑම උයනවා.. හැබැයි ගොඩක් වෙලාවට කෑම පැණි රසයි.. පෙනුමට රස පාටට තිබුනට ඒ රස අපිට හරි යන්නේ නෑ.. පැණි දාපු කුකුල් මස් එක්ක බත් කන්න පුළුවන් නම් ඔන්න මෙහෙ කෑම රසට කන්න පුළුවන් හෙහ් හෙහ්

      හැබැයි විවිධ වර්ග වල කෑම ජාති තියෙනවා.. මැලේ කෑම, චීන කෑම, ඉන්දියන් කෑම ප්‍රධානයි... ඒ අතරේ ඉතින් ලෝකේ ඕනෙම රටක තියෙන කෑම ගන්න පුළුවන් තැන් තියෙනවා..

      පලතුරු වල ගුණාත්මක භාවය නම් ඉහලයි.. අනිත් එක හැම තැනම වගේ පොඩි පොලිතින් බෑග් වල දාපු විවිධ පලතුරු ජාති ගන්න තියෙනවා.. මැලේසියන් රඹුටන් තියෙනවා.. තව ඉදුණු වරක මෙහෙ හරි ප්‍රසිද්ධ කෑමක්..

      කෑම කඩ වල පිරිස්සු කමත් සාපේක්ෂව හොඳයි..

      කෑම ගැන තව ටිකක් හොයල බලමු පෝස්ට් එකක්ම ලියන්න..

      Delete
    2. ස්තුතියි පැතුම්.. මම ටිකක් විතර කුකිං ගැන උනන්දුයි.. ඒ හින්ද ලෝකෙ විවිද රටවල කෑම ජාති ගැන ටිකක් හොයා බලනවා වගේම අවස්තාවක් ලැබුනාම රෙසිපියක් හොයාගෙන හදලත් බලනව. සිරාගේ කාමරේ ලියන සිරා මැලේෂියන් කෑම ගැන ටිකක් විතර ලියල තියනව. අපි ඔය නාසිගුරාන් කියල හඳුන්වන්නේත් මම හිතන්නේ මැලේෂියන් කෑමක් නේද..පුලුවනිනම් මැලේෂියන් කෑම ගැනත් පොස්ට් එකක් ලියන්න..

      Delete
    3. නාසිගුරාන් කියල කියන්නේ මැලේෂියන් ෆ්‍රයිඩ් රයිස් නේද? මිගුරාන් කියන්නේ නුඩ්ල්ස්. දෙකම තෙල් ආකර !! මම මැලේෂියා ගිහින් තියෙනවා එක පාරක්. කාවේම පාරවල්වල තිබ්බ දහජරාව.. හික් හික්... අනේ කිසි අවුලක් නැහැ. කඩේ යටින් තඩි ඌරු මියෝ දුවනවා, අපි කකුල් අකුලගෙන එතන බංකුවේ කනවා... හි හි...

      පැතුම් කියල තිබ්බ වගේ මැලේසියාවේ ආහාර වල සෞඛය ආරක්‍ෂිත වඩා හොඳයි කියලත් මටත් හිතුනේ. සමහර වෙලාවට ඒ ගැන නීති තද ඇති. තායිලන්තයේ නම් බැංකොක් ඇතුලත කෑම වල පිරිසිඳුතාවය සහ ආරක්ෂිත බව ඊටත් වඩා හොඳයි.

      මම ඒ ගැන තව ලියන්න හිතාගෙන ඉන්නේ. බලමු.

      Delete
    4. අම්බලන් සිරාගෙ ගෙඹි කකුල් එක හදල කෑවද. හැක්..

      Delete
    5. මැලේසියාවෙ පෙනෑන්ග් / පිනෑන්ග් දූපත තමයි ආසියාවෙ හොදම ආහාර විවිධත්වය සහිත තැන කියලා සාමාන්‍යයෙන් කියන්නෙ. සංස්කෘතීන් ගනනාවක ආහාර මෙතැනදි ඉතාම අඩු මුදලට රස බලන්න පුලුවන්. මේ දූපතේ බදු නැති නිසා බියර් කෑන් එකක් ලංකාවෙ මුදලින් රුපියල් 40 ක් වත් වෙන්නෙ නෑ. කිලෝමීටර් 13 හමාරක් දිග පාලමකින් තමයි මේ දූපත ගොඩබිම එක්ක සම්බන්ධ කරන්නෙ. අගනුවර ඉදලා ගොඩබිමෙන් යනවා නම් පැය 5 කට ආසන්න කාලයක් වැය වෙනවා. ගුවනින් යනවා නම් පැය එක හමාරකට අඩු කාලයක්. මගෙ හොද මැලේ යෙහෙලියක් ඉන්නවා මේ පැත්තෙ. ඒ නිසා සිරා කොලුවා පිනෑන්ග් පැත්තෙ යන්න හරිම මනාපයි.

      Delete
    6. උපේක්ෂා කියන ආකාරයේ අපිරිසිදුව ආහාර විකුනන තැන් මගේ වර්ෂ දෙක හමාරක මැලේසියානු ජීවිතය ඇතුලෙ මම කවදාවත් දැකලා නෑ. ඕනෑම ආහාර විකුනන තැනක් ඉතාම පිරිසිදුයි. කඩේ දැක්කම කෑම කන්න පසුබට වෙන්නෙ නෑ. මැස්සෙක් පවා දකින්න වෙන්නෙ ඉතාම කලාතුරකින්...

      Delete
    7. නෑ සිරා ඒවා අපිරිසිඳු තැන් නෙවෙයි. පාරේ තියෙන කඩ. අපි කෑවේ මහා රෑ වෙලා. එකම දවසයි එහෙම උනේ. මම විහිලුවටත් එක්ක කිව්වේ. තාර බර ඇරලා ගන්න.. හි හි..

      Delete
  4. මලක්කාව ගැන අහල තියනවා නමුත් මොකටද කියල මතක නැහැ.ආ මලක්ක සමුද්‍ර සන්ධිය , ප්‍රතුගිසි කාරයෝ මැලේසියාව අල්ලන් හිටියද? ෆොටෝ ටික මාරු.

    ReplyDelete
    Replies
    1. මැලේසියාවේ ඉතිහාසෙත් ලංකාවේ වගේ තමයි.. ලංකාව තරම් දීර්ඝ ඉතිහාසයක් නෑ.. හැබැයි අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ කරුවන්ට ඉස්සර යටත් වෙලා ඉඳල තියෙනවා.. එකම වෙනස දැන් ඒ මිනිස්සු අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ වලින් නිදහස්.. අපි තාම ඒවට බයයි හෙහ් හෙහ්...

      ඉතිහාසේ ගැනත් මම ටිකක් හොයල බැලුව.. පස්සේ බලමුකෝ එකක් ලියන්න. ස්තුතියි අජිත්

      Delete
  5. මම ඉතින් පින්තුර තමයි මුලිම්ම බලන්නේ....

    පලවෙනි පින්තුරේ නම් එල කිරි.... ඔහොම පනින එකේ ජොලිය දන්නේ එහෙම පනින එකාලා තමයි. ලංකාවේ නම් ගොඩක් වෙලාවට පුල් එකේ ඩයිව් කරන්න දෙන්නේ නැහැනේ...

    නියම විස්තරයක්. ඩ්‍රයිවින් නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ ලංකාවේ. කොටිම්ම මෙහෙ යන්තමට කරකොගන්න එකා කියන්නේ වෙන ඕනේ රටක ( ඉන්දියාවේ ඇර ) වාහනයක් අවුලක් නැතුව පදවන්න පුළුවන් කියන එකයි.

    විස්තර කියපු එක හොඳයි. ආයෙත් ඇවිත් යන්න ඕනේ ,දවසක. පැතුමට බැරිය ඉතින් එහෙ මෙහෙ ගෙනියන්න නේද? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා අර කල්‍යාණ මිත්‍රත් එක්ක ඩබල් දාල එන්න .. ගමන් බිමන්, ඉඳුන් හිටුන්, කෑම බිම නොමිලේ දෙන්න පුළුවන්..හෙහ් හෙහ්

      පළවෙනි පින්තුරේ ලස්සන නිසාමයි දැම්මේ.. කවද හරි උන්ටික ලොකු වුනාම බලයි නේ හෙහ් හෙහ්..

      Delete
    2. කල්‍යාණ එක්ක ඩබල් දාල??? ආයේ තායිලන්තේ ගිහින් අලියට පෑගෙනවා ඊට දාහින් සම්පතයි...! හික් හික්...

      සංචාරක සටහන් ලියනකොට ඔබේ රටාව ගොඩක් ගැලපෙනවා. දැන් මේකෙ තව කොටසක් තියෙනවද ඈ ?

      Delete
    3. පැතුම්ට පුළුවන්නේ ඇවිල්ලා උපේක්ශාව කැන්දන් යන්න. රජයේ අවවාදය : මෙම කමෙන්ටුවේ 'කැන්දන් යන්න' යනු උක්තයක් නොව ආඛ්‍යාතයකි.

      Delete
    4. මම මේ බලන් ඉන්නේ උපේක්ෂා කල්‍යාණ මිත්‍රයව කැන්දන් දේශකයි Praසන්ன යි දෙවෙනි දෙන්නට අරන් එනකම්...හෙහ් හෙහ්

      Delete
  6. උඹ යස අගේට මේ පෝස්ට් තුනම දැම්ම බං.. මේවා තමා නියම සංචාරක සටහන්. හොයාගෙන යන්න හිතෙනවා.. ජය අපෝ ඉපෝ නං එපෝ.. හැක්

    ReplyDelete
    Replies
    1. දෙන්නත් එක්ක ගිහිල්ල අර කැරකෙන වේදිකාවට වෙලා දෙකක් දාල එමු බං. හැක්..

      Delete
    2. පැය ගාණකට පස්සෙත් දෙන්න එකටමයි ආහ්.. කොයි තරං සන්තෝසද??

      Delete
    3. දේශකයා ස්තුතියි මචං.. මෙහෙ ඇවිල්ල ඇවිදින්න ලොකු වියදමක් යන්නේ නෑ බන්.. උඹල ඔය බොන්න වියදම් කරන ටික කැටෙකට දාල එකතු කලත් එන්න පුළුවන් හෙහ් හෙහ්.. ඕනනම් අර උපෙක්ෂයි කල්‍යාන මිත්රයි එක්ක සෙට් වෙලා වරෙන්.. බොන්නම ඕනේ නම් Praසන්ன අයියවත් එක්කන් වරෙන් හෙහ් හෙහ්

      Delete
    4. ඒ වගේද බං ලංකා හුලග යට බැදපු හුරුල්ලෙක් කකා ගල් පාරක් ගහන එක...

      Delete
  7. ඉපෝ අපෝ උනාට මොකද ඔය නියම ට්‍රිප් එකක් ගිහිල්ල තියෙන්නෙ.
    අර කැප්ටන්ගෙ කාමරේ දෙකට නැවිල ඉන්නෙ කැපා ද?

    උඹලගෙ වාහනේ වීල් බ්‍රේස් එකක්, ජැක් එකක් නැද්ද අර යක්කුන්ට එන්න කිව්වෙ ටයර් එක මාරු කරන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. හයි වෙ වල වාහන කැඩුනම වෙන පාරවල් වගේ නෙවෙයි කන ගාවින් 100-150 kmph ට විතර යනකොට බය හිතෙනවා.. සාමාන්යෙන් නම් කියන්නේ කැඩුණු වාහනේ hazard light දාල හදිසි ඇමතුම් එකට කෝල් කරන්න කියල.

      කොටින් ම ඒ මිනිස්සු දෙන්න ඇවිල්ල කෝ spare wheel එක කියල අහද්දී ඒක තියෙන තැනවත් අපි දැනන් හිටියේ නෑ.. ආයුධ ගැන කවර කතා ද හෙහ් හෙහ්

      හැබැයි හොඳ පාඩමක් ඉගෙන ගත්තා.. රෙන්ට් එකට ගත්තත් වාහනේ සියලුම දේ දැනගෙන යන්න ඕනේ කියල..



      Delete
    2. ඈ බොල වාහනේ ටයර් මාරුකරන්නම එන එකා ඒ මොඩල් එකේ වාහනවල ස්පෙයා වීල් එක තියෙන තැන දන්නෑ කියන්නෙ උඹල තව හොඳයි නෙ.

      Delete
    3. නෑ නෑ පොර ඇවිල්ල කිව්වේ අපිට පුළුවන් නම් spare wheel එක ගලවල දෙන්න කියල හෙහ් හෙහ්.. අපි දැනගෙන හිටියේ නෑ එතකොට කොහෙද තියෙන්නේ කියල.. උන් ටක් ගාල ගැලෙව්වා අපි උඩ බලාගෙන හිටියා..

      Delete
  8. පළවෙනි කොටස් දෙක බලලා තිබ්බේ නැති හන්දා එක පාරම හෙඩිම දැක්කම මම ඒත් බැළුවා මොකද්ද බොල මේකේ තේරුම කියලා.

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටසින් ඉවර කරන්නයි හිතාගෙන ඉන්නේ..

      Delete