අම්මා ආවට පස්සේ රට තොට බලන්නත් එක්ක අපි තවත් අලුත්ම පැත්තකට ගියා. කලින් මලක්කා ගිය නිසා අපිත් මීට කලින් නොගිය පළාතක් වෙච්ච Ipoh තමයි අපේ ගමනාන්තය වුනේ..
ඉපෝ කියන්නේ මෙන්න මේ වගේ අමුතු විදියේ හුණුගල් (Limestone) කඳු ගැට තියෙන ක්වාලා ලාම්පුර් වල ඉඳල කිලෝමීටර් 200 විතර දුරින් තියෙන පළාතක්. මැලේසියානු අර්ධද්වීපයේ උතුරු පැත්තට වෙන්න තමයි මේ ඉපෝ නගරය පිහිටලා තියෙන්නේ.. මේ නගරය ටින් ආකර (Tin Mining) කර්මාන්තයට ප්‍රසිද්ධයි. දැන්නම් එහෙම ලොකුවට ටින් ආකර නැද්ද කොහෙද... මේ නගරය ගැන විස්තර හොයද්දි දැන ගත්තා අර Anna and the King කියන සිනමාපටය රුගත කරලා තියෙන්නේ මේ පළාතේ කියල..
පින්තුරය ගුග්ල්ගෙන්
අම්මත් එක්ක යන නිසා කලින් හොටෙල් එකක් බුක් කරගෙන තමයි මේ ගමන ගියේ.. උදේ පාන්දර 6-6.30ට වගේ හොඳට සුදානම් වෙලා හරි උනන්දුවෙන් අපි ගමන පටන් ගත්තා.
ඉපෝ නගරයට කිට්ටු වෙනකොට මෙන්න මේ වගේ කඳු ගැටයක් උඩ නම ගහල තියෙනවා
පින්තුරය ගුග්ල්ගෙන්
අපි කොහොම හරි උදේ 10.30-11.00 වගේ වෙද්දී ඉපෝ වලට ආවා.. මැලේසියාවේ තියෙන දියුණු මාර්ග පද්ධතිය නිසා ඕනෙම ගමනක් පහසුවෙන් යන්න පුළුවන්..
අපි යන්න කලින් ගුග්ල් එකෙන් හොයාගත්තු තැන් දෙක තුනක් බලන්න තමයි ප්ලෑන් එක තිබුනේ ඉතින් කොහොම හරි GPS app එකේ පිහිටෙන් පාර හොයාගෙන අපි ඔන්න එක Qing Xin Ling Leisure & Cultural Village කියන තැනට ආවා.
මෙන්න මේ වගේ තැනක්. ඔය ගෙවල් වගේ තියෙන ඒවා අපිට කලින් වෙන් කරගෙන නතර වෙන්න පුළුවන්.. බලන්න කියල ලොකු දෙයක් නෑ.. මේ තියෙන්නේ මම ගත්තු ෆොටෝ ටිකක්
මෙන්න මේ වගේ විස්තරයි ෆොටෝ එහෙම තිබුනා. මම එච්චර කියවල බැලුවේ නෑ.. ඔය නගරේ ඉතිහාසේ ගැන මම හිතන්නේ..
මේ තියෙන්නේ ගුහාව ඇතුලේ ඉඳන් එලිය පේන හැටි
ටිකක් උඩහට වෙන්න තියෙනවා කඳු ගැට දෙකක් මැද්දෙන් යන්න පොඩි පාරක්.. එක පැත්තකින් දිය සිරාවක් තියෙනවා අනිත් පැත්තේ ඔය පරණ ඇන්ටික් වගේ බඩු තියපු පොඩි පොඩි කඩ කෑලි ටිකක් තියෙනවා. විකුණන්න තියෙන බඩු නෙවෙයි. නිකන් සිහිවටන වගේ තියල තියෙන්නේ
මේ තියෙන්නේ ඒවායේ තියෙන බඩු
කන්ද උඩට ගියාට බලන්න දෙයක් නෑ.. කන්දේ අනිත් පැත්තට යන්න පොඩි අඩි පාරක් තිබුනා. අපි ගියේ නෑ..
ඒ වෙද්දී දවල් 12ට කිට්ටු වෙලා ගිනි අවුව නිසා අම්මා සහ බට්ටි නගාට ටිකක් ඇති වෙලා වගේ තිබුනේ.. මම ඉතින් එයාලට ඉන්න කියල ඔය එහෙ මෙහෙ අස්සේ රිංගල මේ වගේ ෆොටෝ කෑලි ටිකක් අල්ල ගත්තා..
ඒ වෙද්දී දවල් 12ට කිට්ටු වෙලා ගිනි අවුව නිසා අම්මා සහ බට්ටි නගාට ටිකක් ඇති වෙලා වගේ තිබුනේ.. මම ඉතින් එයාලට ඉන්න කියල ඔය එහෙ මෙහෙ අස්සේ රිංගල මේ වගේ ෆොටෝ කෑලි ටිකක් අල්ල ගත්තා..
ඊට පස්සේ එතනින් ආවා... එන ගමන් කතා බහ මේ වගේ
"ඒ හැටි බලන්න දෙයක් නෑ වගේ නේද? අනිත් එක මේ අවුව... ඉවසන්න බෑ... ඔය වටේ තියෙන කඳු ටික තමයි ඉතින්, තව චීන පන්සල් එහෙම තියෙනවලු.. අනේ චීන පන්සල් වල බලන්න දෙයක් නෑ.. මේ අවුවේ එලියට බහින්න බෑ... අපි හොටෙල් එකට ගිහින් හවස් වෙලා එමු... හැබයි ඉතින් හොටෙල් එකට ගිහින් නිකන් සල්ලි දීලා හිටිය කියල බලන්න මහලොකු දෙයක් නෑ වගේ නේද..."
මම ඉතින් සුවච කීකරු රියදුරා වශයෙන් හැම එකටම හ්ම් හ්ම් කිය කිය හිටිය.. ඔන්න ඔහේ මෙන්න මේකත් බලන්න යමු කියල අපි තව තැනකට ආවා...
මම ඉතින් සුවච කීකරු රියදුරා වශයෙන් හැම එකටම හ්ම් හ්ම් කිය කිය හිටිය.. ඔන්න ඔහේ මෙන්න මේකත් බලන්න යමු කියල අපි තව තැනකට ආවා...
එතනත් පොඩි පාක් එකක්... එකේ තියෙන වැවක බෝට්ටුවක් තියෙනවා.. ඒ බෝට්ටුවෙන් වැවෙන් එගොඩට ගියාම කනාටු වෙච්ච මුවෝ දෙතුන් දෙනෙකුයි, පැස්බරු දෙතුන් දෙනෙකුයි ඉන්නවා එච්චරයි..
මේ ඉන්නේ කනාටු සත්තු ටික.. දැක්කම දුක හිතෙනවා
මේ ටික බලල එද්දී නම් ගිනි අවුවයි, බඩ ගින්නයි නිසා හොඳ ගණන්...
දැන් යන ගමන් කතා බහ මෙහෙමයි...
"හොටෙල් එකට අච්චර ගානක් දීලා ඉන්න එක තේරුමක් නෑ වගේ නේද.. මාත් හිතන්නේ එහෙම තමයි එච්චර වැඩක් නෑ.. දැන් ඉතින් මොකද කරන්නේ.. ඉස්සෙල්ල මොනවා හරි කාල ඉමුකෝ"
ඔන්න ඉතින් ඉන්දියන් කඩයක් හොයාගෙන ගිහිල්ල නැති තැන අන්තිමට චීන කඩේකින් බාගෙට බැදපු කුකුල් මස් එක්ක බත් චුට්ටක් කෑවා...
"හරි එහෙනම් දැන් අවසාන තීරණේ මොකක් ද? ආපහු යමුද? හොටෙල් එක කැන්සල් කරමු? මම හිතන්නේ ගියොත් හොඳයි.. නිකන් තේරුමක් නෑ..."
මම ඉතින් හෝටලේට කතා කරලා ඒක කැන්සල් කරලා දැම්ම. ඊට පස්සේ ඉතින් කවුද බෝයි වගේ උදේ ඇද්ද කිලෝමීටර් 200ම ආයෙත් ඇදල හවස 4 වගේ වෙද්දී ආපහු ගෙදර ආවා.. හෙහ් හෙහ්..
හැබැයි ඉතින් ගෙදර ඇවිල්ල උණුවෙන් බතක් උයල , අම්මා ගෙනාපු මාළු ඇඹුල් තියල් ටිකක් පරිප්පු හොද්දක් එක්ක කාල, හොඳ ප්ලේන්ටියක් අලුවා කැල්ලක් එක්ක බීල සැපට ටීවී එකෙන් ඔය පරණ නාට්ටි කෑල්ලක් බලන එක මොන තරම් ආතල් ද කියල හිතුනා.. හෙහ් හෙහ්
හොඳට ප්ලෑන් කරලා පාන්දරින් නැගිටලා අධික උනන්දුවෙන් ගිය අපේ ඉපෝ ගමන ඉවර වුනේ එහෙමයි..
අම්මා ඇවිල්ල සති දෙකකට පස්සේ අක්කලා ආවනේ... අක්කල කිව්වට ගැන්සියක් ම බැස්ස.. පොඩි උන් ම 5 දෙනෙක්.. ඔක්කොම නඩේ 12ක්... හෙහ් හෙහ්
ඔය නඩේත් එක්ක ඊට පස්සේ සතියේ අපි තව ගමනක් ගියා...
දැන් යන ගමන් කතා බහ මෙහෙමයි...
"හොටෙල් එකට අච්චර ගානක් දීලා ඉන්න එක තේරුමක් නෑ වගේ නේද.. මාත් හිතන්නේ එහෙම තමයි එච්චර වැඩක් නෑ.. දැන් ඉතින් මොකද කරන්නේ.. ඉස්සෙල්ල මොනවා හරි කාල ඉමුකෝ"
ඔන්න ඉතින් ඉන්දියන් කඩයක් හොයාගෙන ගිහිල්ල නැති තැන අන්තිමට චීන කඩේකින් බාගෙට බැදපු කුකුල් මස් එක්ක බත් චුට්ටක් කෑවා...
"හරි එහෙනම් දැන් අවසාන තීරණේ මොකක් ද? ආපහු යමුද? හොටෙල් එක කැන්සල් කරමු? මම හිතන්නේ ගියොත් හොඳයි.. නිකන් තේරුමක් නෑ..."
මම ඉතින් හෝටලේට කතා කරලා ඒක කැන්සල් කරලා දැම්ම. ඊට පස්සේ ඉතින් කවුද බෝයි වගේ උදේ ඇද්ද කිලෝමීටර් 200ම ආයෙත් ඇදල හවස 4 වගේ වෙද්දී ආපහු ගෙදර ආවා.. හෙහ් හෙහ්..
හැබැයි ඉතින් ගෙදර ඇවිල්ල උණුවෙන් බතක් උයල , අම්මා ගෙනාපු මාළු ඇඹුල් තියල් ටිකක් පරිප්පු හොද්දක් එක්ක කාල, හොඳ ප්ලේන්ටියක් අලුවා කැල්ලක් එක්ක බීල සැපට ටීවී එකෙන් ඔය පරණ නාට්ටි කෑල්ලක් බලන එක මොන තරම් ආතල් ද කියල හිතුනා.. හෙහ් හෙහ්
හොඳට ප්ලෑන් කරලා පාන්දරින් නැගිටලා අධික උනන්දුවෙන් ගිය අපේ ඉපෝ ගමන ඉවර වුනේ එහෙමයි..
අම්මා ඇවිල්ල සති දෙකකට පස්සේ අක්කලා ආවනේ... අක්කල කිව්වට ගැන්සියක් ම බැස්ස.. පොඩි උන් ම 5 දෙනෙක්.. ඔක්කොම නඩේ 12ක්... හෙහ් හෙහ්
ඔය නඩේත් එක්ක ඊට පස්සේ සතියේ අපි තව ගමනක් ගියා...
project ය, අරවය මෙව්වය කියන්නේ ඉතින් අලි පචයක්නේ... මේවනේ කරලා තියෙන්නේ.. හි හි... එක අතකට 15 දෙනෙක් ආන් -බාන් කරගෙන ගමන් ගියපු එකම ඉතින් ලොකු project එකක් තමයි.
ReplyDeleteගුගල් දෙය්යගෙන් ගත්ත පින්තුර විතරයි පේන්නේ. පින්තුර දෙකක් විතරක් පේනවා අර මොකද්ද වතුර වලක් ගත්ත එකක්.
ඔය වගේ ගමන් යනකොට මම නම් කරන්නේ ගොඩක් සංචාරයකින්ගේ අදහස් තියෙන සයිට් වල අදහස් කියෝනව. සමහ තැන් තියෙනවා ගොඩක් ජනප්‍රිය උනාට වැඩක් නැහැ. සමහර තැන් නියමයි, ඒ උනාට මිනිස්සු වැඩිය ගිහින් නැහැ.
අර අන්තිමට ඔබතුමා ගෙදරට වෙලා විඳපු සැපත තියෙනවා නේද.... ගොඩක් වෙලාවට trip ගිහින් ආවම සමහරු කියනවා. හි හි.. මම නම් එහෙම වෙන්න ඉඩතියන්නේ නැහැ.. හි හ.. මොකද කොහේ, මොන බෝරින් ගමනක් ගියත් මගදී හරි මොකක් හරි පිස්සු වැඩක් කරන්න අමතක කරන්නේ නැහැ.
Ipoh -
Deletehttp://www.ipoh-city.com/attraction4/
යනවා නම් මෙතක තියෙනවා තොරතුරු ගන්න තැනක්. දැන් නම් මටත් හිතෙනවා යන්න. එතන තීම් පාක් එකකුත් තියෙනවා.
උපේක්ෂා ඔය ගමන ඔය විදියට වෙන්න එක හේතුවක් වුනේ අපේ අම්මා ටිකක් අසනීපෙන් හිටපු එක.. අම්ම ගෙදර ආවට පස්සේ කිව්වා ගිය වෙලාවේ ඉඳල මගේ ඇඟට හරි නැතිව හිටියේ කියල. මොකද මෙහෙ ආපු දවසේ ඉඳලම පොඩි හෙම්බිරිස්සාවක් හැදිලා හිටියේ..
Deleteඅනිත් එක මෙහෙ තියෙන අවුවත් එක්ක දවල් 12ට විතර එලියට බැස්සම ටිකක් අමාරුයි (මට නම් මි හරකට වගේ ඕව ගානක් නෑ.. )
අපි ගොඩක් සයිට් වලින් බලල තමයි ගියේ.. හැබැයි එදා මොන හේතුවක් නිසා හරි අපිට ගෙදර එන්න ඕනේ කියල හිතුනා..
ඔය පැත්තේ සිරා හොටෙල් එකක් තියෙනවා.. වෙලාවක යන්න ඉන්නේ..
ෙම්ෙකත් පින්තුර ෙප්න්ෙන් නැහැ බං.. සිංහල අවුල්.. ෙමාකුතු කියන්න විදියකුත් නැහැ.. ජය ෙව්වා..
ReplyDeleteසිංහල අවුල් වෙලා තියෙන්නෙ උඹේ බං. මේකෙනං අවුලක් නෑ.
Deleteදේශකයෝ සිංහල නම් අවුලක් නෑ බන්.. පින්තුර අවුල හැදුවා.. දැන් පින්තුර පේන්න ඕනේ..
Deleteඉපෝ ගමන අපෝ වෙලා වගෙයි. මොනව උනත් ඉතිං ගෙයින් එළියට බැහැල ඇවිද්ද එකම මදැයි.
ReplyDelete//මේ තියෙන්නේ මම ගත්තු ෆොටෝ ටිකක්// දැං අපි ඒ ටික බලන්න මැලේසියාවෙ එන්න ඕනද? හැක්..
ඉපෝ ගමන අපෝ වුණා තමයි.. හෙහ් හෙහ් සමහරවිට ආයේ වෙලාවක යන්න ඕනේ..
Deleteපින්තුර ටික නම් හැදුව දැන් හරි යන්න ඕනේ..
පෝස්ට් දෙකක් බලල දෙකටම කොමෙන්ට් කොටනවට වඩා එක්කට කොමෙන්ට් කොටන එක ලාබ හින්ද මේකට විතරයි කොටන්නෙ.
ReplyDeleteඅර කලිං එකේ කන්ට්‍රැක්ට් සීන් සාමාන්‍යයෙන් ඔය රටවල වෙනවද අප්පා. මං හිතුාව ආශ්චර්යමත් රටවල විතරයි එහෙම වෙන්නෙ කියල හැක්
අපූරු පොටෝ ටිකක්.
අපේ අයිය කාරය මැලේසියාවෙ ඉන්නෙ ඌ නං පැතුම් වගේ කස්ටියව ටුවර් එක්ක යන ජාතිාය නෙවී. මහ ගල් හෝතඹුවෙක්..
ආසයි මටත් එන්ට හිහි
මහේෂ්, වෙලාවට මම තව කොටස් දැම්මේ නැත්තේ.. හෙහ් හෙහ්
Deleteමෙහෙ ලංකාවට වඩා දියුණු වුනාට, ඔය වගේ ආශ්චර්යමත් වැඩ ඕනේ තරම් තියෙනවා..ආශ්චර්යය කියන්නේ ලේසියෙන් නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි හෙහ් හෙහ්
අයියා ඉන්නවනම් එන්න පුළුවන් නේ.. මමත් වැඩිය එලි බහින චරිතයක් නෙවෙයි.. හැබැයි දැන් ටිකක් ඇවිදින්න හිතිලා තියෙන්නේ
මේක ඊයේ පෝන් එකෙන් කියවන්න පට්ට දුකක් වින්දේ.. ඇත තියෙන තියෙන වෙලාවට තව කොහේ හරි ලින්ක් එකක් ඕපන් වෙනවා.. උඹල වගේ අයිටී කාරයොන්ගේ පොස්ට් කියෝනකොට ඔහොමමයි.. හැක හැක හැක.. ටුවර් එක නම් පට්ට.. උපේක්ෂා පෙන්නේ නෑ කියුවට මටනම් පොටෝ ඔක්කොම ටික පේනවා. එල!
ReplyDeleteඅනේ මේ...! හත්දවසක් ගිහින් ඇවිත් දැන් එව්වා මෙව්වා කියනවා. ඉස්සෙල්ල පෙනුනේ නැහැ. ඊට පස්සේ හදල තිබ්බ.
Deleteඕකට තමයි කියන්නේ.. අපායට යතත් ටිකක් පහුවෙලා පල.. :p
Deleteකල්‍යාණ මිත්තර,
Deleteෆොටෝ වල අවුලක් තිබුනා.. හෙහ් මොකක් හරි අවුලක් තිබුනොත් ඉතින් පටස් ගාල නිව්ස් එක දෙන්න රොයිටර් සේවයක් තියෙන එක ගැන අපි සතුටු වෙමු.. හෙහ් හෙහ්....
මගේ මේ බ්ලොග් එකේ ගැජට් බැජට් මම හෙනම අඩුවෙන්නේ දාල තියෙන්නේ.. ෆෝන් වලින් නම් මම ඒ හැටි බලල නෑ.. බලමුකෝ
තව ගමන් විස්තර ටිකක් තියෙනවා.. ඒ ටිකත් දාන්නම්
බොහොම අපූරුයි මොනව උනත් විස්තරේ.. ගමනෙ සාර්ථකත්වෙ කෙසේ වෙතත්.. බාලි දූපත් පැත්තෙ ගියොත් කාරිය විස්තරයක් දාන්න... හෙන ආසයි දැනග්න්න..
ReplyDeleteබාලි දුපත් අයිති වෙන්නේ ඉන්දුනීසියාවට මම දන්න විදියට .. තාම යන්න නම් හිතල නෑ.. හැබැයි යන්න හොඳ ගමනක්..
Deleteඊළඟට යන්න හිතාගෙන ඉන්නව බෝර්නියෝ කැලේ බලන්න.. හෙහ් හෙහ්
බිත්තියේ ලිපි ටික මුල හිටන්ම කියවගෙන එන්න වෙයි වගේ.. දිගටම කියවන්න බ්ලොග් රෝල්ට එල්ලගත්තා.
ReplyDeleteඅම්බලන්ගොඩ කථා, මේ පැත්තේ කලින් ඇවිල්ල නැද්ද.. ආපු එක සතුටක්..
Deleteමම මේවා බලන්න ගිහින් නම් නෑ...ඒත් මගේ මැලේසියානු ජීවිතේ ආරම්භ උනේ ඉපෝ වලින්..ඒ අතීතය මතක් උනා ආයෙමත්...
ReplyDeleteසිරාට ඉතින් යන්න පුළුවන් නේ.. මලක්කා යන්න පැය 2යි යන්නේ..
Deletehonda vistharayak pathum. samavenna me sinhala type vennathi prashnayak avith.
ReplyDeleteඅවුලක් නෑ අජිත්.. ස්තුතියි..
Deleteවටිනා තොරතුරු ගොඩක් දැනගත්ත.
ReplyDeleteබලමු පුළු පුළුවන් හැටියට මැලේසියාව ගැන ටිකක් ලියන්න.. ස්තුතියි ආවට..
Delete