Sunday, March 23, 2014

ලංකාවේ සතා මොකාද ? මැලේසියාවේ නම් Big Bad Wolf

ලංකාවේ ඉන්න අපි කතා වලින් කියවපු නපුරුම භයානකම  සතා මොකාද (මනුස්සය නැතුව..) ? උලම ද? උලමාගේ රාත්‍රිය කියල මම ඉස්සර පොතක් කියෙව්වා වගේ මතකයි.. හැබැයි මොනවගේ කතාවක් ද කියල මතක නෑ.. 

ඊට පස්සේ එහෙම බය ජනක හැඟීමක් අපිට දුන්න සත්තු මොකුන්ද? 

ගුරුලා, නරසිංහ,ඇත්කඳ ලිහිණිය පදනම් වෙච්ච කතා අපේ සාහිත්‍යයේ තියෙනවද? 

අර කණට කොඳුරලා යන වළහ මම හිතන්නේ අපේ කතාවක් නෙවෙයි..

වලි කුකුළා ජාතික සතා විදියට මොකට සලකනවද මන්ද මෙච්චර කාලෙකට දාපු වලියක් නම් අපි දැකල නෑ..

කබර ගොයා ළිඳ වටේ හිටියට ඉතින් අපිට මොකද.. දියබරියෙක් කකුල කන එකත් ඉතින් එච්චර සීන් එකක් නෙවෙයි නේ..

තිස්ස රජ්ජුරුවෝ මුවෝ මැරුවට නිකමටවත් ඔය කොටියෙක්, වළහෙක් මරපු සීන් එකක් අපි අහල නෑනේ...

සිංහයා හිටියට වැඩක් නෑ.. සිංහබාහු කතාව ටිකක් ඇඩල්ට්ස් ඔන්ලි ගතියක් තියෙනවා...  පොඩි උන්ට කියන්න විදියක් නෑනේ..

ඒ කියන්නේ ලංකාවේ අපිටත් ඉතින් අන්තිමට ඉතිරි වෙලා ඉන්නේ රතු හැට්ට කාරිගේ වෘකයයි, ඔය රුසියන් කතා වල ඉන්නේ නපුරු සත්තු ටිකයි, ඊට පස්සේ එතනින් ගියාම ඉතුරු වෙන මකරු ටිකයි තමයි නේද..  

අඩුම තරමේ රාවනාවත් ඔය වගේ මොකෙක් හරි සතෙක් එක්ක මොකක් හරි ඇඩ්වෙන්චර් එකක් කරලා නැද්ද? 

ඇත්තටම අපිට අපේම කියල සතෙක් නැද්ද හැබෑටම පොඩි උන්ව බය කරන්න..  

අපිට බොහොම සෞභාග්‍යමත් රටක් , දුෂ්ට රජෙක් සහ දුෂ්ට ඇමති මණ්ඩලේ ඉන්නවා.. වීරයෙක් අඩුයි, කුමාරියෙක් අඩුයි...කුමාරි ගැන නම් ඉතින් ඔය මොකක් හරි කරගන්න පුළුවන් නේ .. ඔය හැටක් විතර ඉන්නේ..

හරි වීරයෙක් බිහිවෙන්න නම් වීරයාට හරි යන්න සිරා සතෙක් ඕනේ..  ඒ කියන්නේ එක්කෝ මරන්න හරි, නැත්නම් මෙල්ල කරගෙන පිටේ යන්න හරි..

ඔන්න පේනවනේ රටේ තියෙන සැබෑ ගැටලුව... අපිට හරි හමන්  සතෙක් නැති කම..

මම හිතන්නේ අපි මේ රජාට බැන බැන ඉන්න වෙලාවේ ඒ වගේ සතෙක් ගැන මොනවා හරි යමක් කළා නම් මිට වඩා ප්‍රයෝජනයි...

ලංකාවේ එහෙම වුණාට මැලේසියාවේ ඉන්නවා බොහොම අපූරු වෘකයෙක්... (ඔව් ඔව් ඉතින් රතු හැට්ට කාරිගෙන් කුලියට ගත්ත එකා තමා)

කුලියට ගත්ත වුණත් මේ වෘකයා බොහොම අපුරු වැඩක් කරනවා..

දැන් හැදෙන වෘකයෝ හෙන ඇඩ්වාන්ස් ... උන් ඔය කෙල්ලෝ රවට්ටන්න මෝඩ ආතල් දෙන්නේ නෑ ආච්චිලගේ ගෙවල් වලට ගිහින්..

මේ වෘකයා අවුරුද්දට කීප සැරයක් මැලේසියාවේ මිනිස්සුන්ට කියවීම උගන්නනවා...

ලංකාවට පොත් බෙදන්නත් මේ වගේ තඩි නපුරු වෘකයෙක් හිටියනම්...  සිරාවට

මෙහෙ තියෙනවා හරි අපුරු ප්‍රදර්ශනයක්... දැන් වසර කීපයක් තිස්සේ ඉඳන් තියෙන පොත් ප්‍රදර්ශනයක් මේකේ මුලිකත්වය ගන්නේ තඩි නපුරු වෘකයෙක්..

මේ ඉන්නේ

ප්‍රදර්ශනේ නම BIG BAD WOLF BOOK SALE ලංකාවේ තියෙන මහා පොත් ප්‍රදර්ශනේ තරම් ලොකු නෑ.. නමුත් හොඳ පොත් තියෙනවා..

සැප්තැම්බර් මාසේ කට්ටිය දාන පොත් ගැන පෝස්ට් බල බල ඉරිසියා කර කර හිටපු මට දෙන්නම් බැටේ කියන්න චෑන්ස් එකක් ආවා..

මේ ප්‍රදර්ශනේ මේ සැරේ තිබ්බේ ටිකක් අමුතු විදියකට (හැම සැරේම එහෙම ද දන්නේ නැ..)
අපිට ප්‍රදර්ශනෙන් කෙලින් ම පොත් ගන්න බෑ.. පොත් ගන්න නම් අපි ඉස්සෙල්ල ගන්න ඕනේ වෘකයා ඉන්න පෙට්ටියක්..  ඊට පස්සේ ඉතින් පෙට්ටිය පිරෙන්න හිතේ හැටියට පොත් ගන්න එකයි තියෙන්නේ.. එකම නීතිය තමයි පෙට්ටිය වහල සෙලෝ ටේප් එකක් අලවල සීල් කරන්න පුළුවන් වෙන්න තරමට තමයි පොත් ගන්න පුළුවන්..

පෙට්ටි වල මිල ගණන් දෙකක් තියෙනවා

එකක් රිංගිට් 79.90යි  ඒ කියන්නේ රුපියල් 3200ක් වගේ
අනිත් එක රිංගිට් 99.90 යි ඒ කියන්නේ රුපියල් 4000ක් වගේ

තමන්ට පොත් ගන්න හිතෙන තරමේ හැටියට පෙට්ටිය තෝරාගෙන ඉතින් පොත් පුරවන එක තමයි කරන්න තියෙන්නේ.. හෙහ් හෙහ්

හරි ආතල් වැඩේ.. සැරෙන් සැරේ ගණන් හද හද ඉන්න ඕනේ නෑ.. බස් එකේ යන්න සල්ලි මදි වෙයි ද කියල හිතන්න දෙයක් නෑ...

මේ තියෙන්නේ සීන් එක


ඔය තියෙන්නේ 4000 හේ පෙට්ටිය..

මේ තියෙන්නේ පොත්


තියෙන පොත් ඔක්කොම අලුත්ම ඒවා නෙවෙයි.. ස්වර්ණ පුස්තක, රාජ්‍ය සම්මාන තියෙන ඒවාද නැද්ද කියල ෂුවර් නෑ..  හැබැයි සිරා පොත් තියෙනවා

හරි දැන් මෙතන ඉඳන් නයා....

මේ තියෙන්නේ මම ගත්ත කාඩ් බෝඩ් පෙට්ටිය
පොතුත් සමග බර කිලෝ 17ක් විතර..


මේ තියෙන්නේ අන්බොක්ස් කිරීමට පෙර අවස්ථාව


අන්බෝක්සින් අවස්ථාව..

අන්බොක්ස් කලාට පසු අවස්ථාව


පොත් ගොඩේ උස


 ඔක්කොම පොත් 38ක්... රුපියල් 4000කට පාඩු ද?

මෙතන තියෙන පොත් ටිකක් පරණයි නමුත් තත්වය අතින් ඉතාම උසස්.. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 1500ක්-2000ක් වෙන සමහරවිට ඊට වඩා ගණන් දීල ගන්න වෙන වර්ණ පින්තුර සහිත උසස් නිමාවෙන් යුක්ත පොත් තමයි ඔක්කොම..

මට තියෙන ඔලුවේ අමාරුවේ තරම ගැන පොඩි අදහසක් මේ පොත් ටික ගැන බලල හිතා ගන්න පුළුවන් වෙයි..

ඒ කියන්නේ සින්ඩරෙල්ලා කුමාරිගේ ඉඳන් , චිත්‍ර කතා වල ඉන්න බොරු කාටුන් වීරයින්, මකරු ඉන්න ෆැන්ටසි කතා, එතකොට මුහුදු හොරු, ඊට පස්සේ ලෝක සම්බාව්‍ය ඔලිවර් ට්විස්ට්, ක්‍රිස්මස් කැරෝල්ස්, ටොම් සෝයර්, පීටර් පෑන්, එතනින් ගියාම ස්ටීවන් කින්ග් කියන හාදය ලියන ටිකක් හොල්මන් කතා, මයිකල් ක්‍රිව්ටන්ගේ විද්‍යා ප්‍රබන්ද, එඩ්ගාර් රයිස් බරෝස් ගේ අගහරු ලෝකේ කතාවක්, ඊට පස්සේ පාවුලෝ කොයියෝගේ බයෝ ග්‍රැපිය,ජුල්ස් වර්න්ගේ ලෝකය වටේ අසු දවසකින් යන සීන් එක..

ඊටත් පස්සේ අයින්ස්ටයින් ගැන සියලු විස්තර (මේ පොත ඇතුලේ තියෙනවා අයින්ස්ටයින් ලියපු ලිපි, ඇමරිකානු ජනාධිපතිට යැවු ලිපිය, සහ තවත් බොහෝ ලිපි ලේඛන ඒ අත් අකුරින් ම පොත ඇතුලට දාල.. ඒ කියන්නේ පොතේ පිටු විදියට නෙවෙයි වෙනම...)

ඔය ඔක්කොම පිස්සු අස්සේ මට තියෙනවා චිත්‍ර පිස්සුව .. මයිකල් ආන්ජලෝ ගැන බොහෝ දේ අඩංගු.. (කට්ටිය ඇඳුම් නැතුව ඉන්න පින්තුර ඔක්කොමත් එක්ක)

ඊටත් පස්සේ ඔය පොෂ් තැන් වලට ගියාම පෙරල පෙරල ඉන්න තියල තියෙන ජාතියේ සිරා මැගසින්.. එකක් කෙන්යාව ගැන, අනිත් එක ගැලපගොස් දුපත් ගැන, අනිත් එක ආසියාවේ තියෙන උද්‍යාන ගැන.. පේරාදෙණියේ උද්භිද උද්‍යානෙ ගැනත් තියෙනවා

ඒ ඔක්කොමත් හරි  ඔය ස්පිරිචුවල් සයිඩ් එකේ පොත්..(කිසිම ආගමික නොවන) 2ක කුත් ගත්තා

කවද හරි හදන ගෙට ඕනේ වෙයි කියල ආර්කිටෙක්ට් ඩිසයින් පොතකුත් ඔබා ගත්තා...

අපරාදේ කියන්න බෑ කරන රස්සාවට අදාලව කියල කිසිම විෂය පොතක් ගන්න තියා හැරිලා බලන්නවත් මට හිතුනේ නෑ.. (ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙද්දී මොන මගුලට සල්ලි දීල ගත්ත පෙට්ටිය පුරෝ ගන්නවද )

හරි මිත්‍රවරුනි එහෙනම් මගේ පොත් නයා අවසානයි.. හුටා තව පොඩ්ඩෙන් අමතක වෙනවා .. මේ ඔක්කොම පොත් ඉංග්‍රීසි.. ඒ කියන්නේ මේ පොත් ඔක්කොම මම කවදාවත් කියවන එකක් නෑ.. කවද හරි කවුරු හරි කියවයි කියන උදාර බලාපොරොත්තුවෙන් තමයි මම මේවා ගත්තේ...

37 comments:

  1. සිංහයො කාටද බය?

    ReplyDelete
    Replies
    1. සිංහයාගේ වයිෆ් ට.. :)

      Delete
    2. කිව්වේ අල්ලපු ගෙදර සිංහයා ... :D

      Delete
  2. පොත් පොත් දැක්කම ආස හිතෙනවා. නයෙක් වුණත් මොකා වුණත් මේකනම් වැදගත් ලියමනක්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේදී දැක්කම ආස හිතිලා ගණන් වැඩි නිසා කවදාවත් ගන්නේ නැති පොත් තමයි මම ගත්තේ... මෙහෙම ගත්තේ නැත්නම් අපි කවදාවත් ඒවා ගන්නේ නෑ... ස්තුතියි මල්ලි

      Delete
  3. අපූරු වැඩක්නේ ඒක.. වෘකයා නරකම නෑ බලන් ගියාම..

    ලංකාවේ ජාතික සතා වෙන්න ඕනා සහා කොඩියේ ඉන්න ඕනා අලියා. අර මෝඩ කම්මැලි අපේ රටෙත් නැති සිංහයව පන්නන්න කාලේ හරි. ඒ අති උතුම් උදාර අරමුණ වෙනුවෙන් ඔබත් දැන්ම පෙල ගැහෙන්න. :D

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා වෘකයා සිරා සතා.. අපි සලකනවා මදි.. ලංකාවේ සිංහයා නම් මෙලෝ රහක් නෑ... කතාව පටන් ගන්නෙම අප්සට් සීන් එකකින් කොහොමද කටක් ඇරලා කෙනෙකුට කියන්නේ වත්.. අලියා හොඳයි තමයි. කරඬුව ගෙන යන එක නිසා සහ සදා විපක්ෂයේ ඉන්න කම නිසා අපිට කෙනෙකුට කියන්න පුළුවන් අලියාගේ වැදගත් කම ගැන සහ වීර ක්‍රියා ගැන...

      අනිවා අපි අපිට හරි හමන් සතෙක් හොයා ගන්න ඕනේ තව කල් යන්න කලින්.. මේවා ජාතික ප්‍රශ්න... :D

      Delete
  4. අන්බොක්සින් ද අන්පැකින්ද බං හරි. පැතුම් නරියා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බන්.. මම ඔය ගොඩක් විඩියෝස් දැකල තියෙනවා කට්ටිය එක එක ගැජට් අන්බොක්ස් කරනවා.. ඉතින් මමත් කළා.... අන්පැකින් කියන එක තමා හරි මම හිතන්නේ...

      Delete
    2. පින්තුර ටික ලොකු කරල බැලුවම නේ පේන්නේ මේ ඒෂියන් එඩිෂන් එකට එවපු ගාන අඩු පොත් නේද?? ක්‍රිච්ටන් ගේ පොත කියවන්න අමරුවෙන් හරි..

      Delete
    3. මචං ඔය කොහොමද කියන්නේ මේ පොත් ඒෂියන් එඩිසන් එකට එවපුව කියල.. එහෙම විශේෂ සලකුණක් තියෙනවද හොයා ගන්න.. ක්‍රිච්ටන් ගේ එක සහ තවත් කීපයක් තියෙනවා අමාරුවෙන් හරි කියවගන්න ඕනේ ඒවා...

      දැන් ඇවිත් බලනකොට තමයි පෙන්නේ සමහර පොත් වල අරන් තියෙන්නේ දෙවෙනි කොටස.. හෙහ් හෙහ්..

      Delete
    4. මම අරන් තියෙන සමහර පරිගණක පොත් වල තියෙනව ඉන්දියාව, ලංකාව වගේ ආසියාතික රටවල් වලින් පිට විකුණන්න තහනම් කියල ගහල. ඔය ඒෂියන් එඩිෂන් කියන්නෙ ඒවට වෙන්න ඇති.

      Delete
    5. ඔව් ඒක හරි එත් මේ පොත් දැක්ක ගමන් දේශකය එහෙම කිව්වේ කොහොමද කියලයි මට දැන ගන්න ඕනේ.. එහෙම මාක් එකක් නම් මට හොයා ගන්න බැරි වුණා..

      Delete
    6. මං ගාව තියේනෝ ඔයින් ලොට් එකක්...

      Delete
  5. මේක නම් හරිම අපූරු වැඩක්. වෙළෙන්දන් අතරේ මේ මුදල් බෙදෙන ආකාරය ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. මේ වගේම බදු අය කර ගැනීමට කරපු ප්‍රයෝගයක් මම තායිලන්තයේ දැක්කා. මගේ මතකය නිවැරදි නම් බොබේ මාර්කට් එකේ තියෙන ෆූඩ් කෝට් එකක කෑම මිලදී ගන්න පුළුවන් නගර සභාවෙන් නිකුත් කරන බාත් 100 - 500 වගේ තියෙන ලදුපත් වලින්. එහෙම කරාම හවසට ක්ලෙම් කරන්න ආවාම බදු මුදල් අය කරගන්න ලේසියි. නැත්නම් කවුද හරියටම බදු මුදල් ගෙවන්නේ ?
    මේ පෙට්ටිය පුරවන වැඩේ ලංකාවේ කලොත් කොහොමට හිටීද කියලා මම හිතුවේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි අපි බුරියානි කාපු ඉන්දියන් කඩේ එකානම් ටෝකන් මදි හරියට සල්ලි ගත්තා. ඒකත් නගරසභාව දන්නවා ඇති, නොදැක්ක ගානට හිටියට.

      Delete
    2. සුදික අයියේ, මෙතැනදී නම් වෙන්නේ එකම වෙළෙන්දෙක් යටතේ තමයි මේ පොත් තියෙන්නේ.. ලංකාවේ වගේ එක එක අය එකතු වෙලා කරන දෙයක් නෙවෙයි.. ඉතින් මම හිතන්නේ සල්ලි බෙදා ගැනීමේ ගැටලුව නෑ...

      ලංකාවෙත් ඔය ගොඩගේ,ගුණසේන වගේ ලොකු ආයතන වලට පුළුවන් මේ වගේ වැඩක් කරන්න... එකතු වෙලා කලොත් නම් ලෙඩක් වෙයි..

      මෙහෙ සමහර ෆුඩ් කෝට් වල ඔය සීන් එක තියේනව මම දැකල තියෙනවා.. තාම ගිහින් නම් නෑ..

      Delete
  6. ඒක නම් මසුරන් අදහසක්. මෙහෙත් රුපියල් 4000 ක් අරගෙන ගියානම් පෙට්ටියක් පිරෙන්න පොත් ගේන්න ඇහැකි. හැබයි මරදානට හරි, ඔය පරණ පොත් විකුණන තැනකට හරි යන්න ඕනා.

    උඹ කිව්වා නේද අපිට සතෙක් නෑ කියලා. ඇයි බන් අපිට ඉන්නෙ බැල්ලියෙක්. කුවේණිගේ බැල්ලි. ඒකම නිසාද කියන්න දන්නේ නෑ. අපේ උන් ගාව අදටත් බලු ගති තියෙන්නේ. සිංහයෙක්ගෙන් පැවත්ගෙන එන කතාවනම් පට්ට පල් බොරුවක්. හැබයි නරියෙක්ගෙන් පැවත් එනවද කියන බලවත් සැකයක් මට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සුප්පා දේවිට කලබලේට නරියයි සිංහයයි ටැපලුනා ද දන්නේ නෑ නේද .. හෙහ් හෙහ්..

      මෙතන තියෙන පොත් මරදානේ ඒව වගේ පරණ නෑ.. අලුත් ම නොවන හැබැයි තත්වය අතින් හොඳ ඒ කියන්නේ ඉරිලා කොල ගැලවිලා කෑලි හැලෙන්නේ නැති හොඳ පොත්..

      මම හිතන්නේ කොහේ හරි යුරෝපා රටකින් කාලෙන් කාලෙට අයින් කරන ස්ටොක් තමයි මෙයාල ගෙනත් විකුනන්නේ.. මම ගත්ත වල කැනඩා වල ලේබල් එහෙමත් තිබ්බා..

      සමහර පොත් පැකින් කඩලවත් නෑ...

      Delete
    2. කුවේණිගේ බල්ලත් නිකන් එකෙක් නෙමේ නිල් බල්ලෙක්නේ

      Delete
    3. බල්ල නිල් වුනේ කොහොමද?

      Delete
    4. කුවේණිගේ මායා බලයෙන් කියනවා නේද

      Delete
    5. අපෝ මෙලෝ රහක නෑ ඔය බලේ. නිකන් බල්ලො නිල් කරනව විතරයි. විජේ යස අගේට වැඩේ කරගත්ත, අන්තිමට බලෙත් නෑ, බල්ලත් නෑ. :D

      ( මටනං හිතන්නෙම මුගලන් සාධු වගේ කුවේණිගෙ බල්ලත් ගුටි කාල වෙන්ටැ කියල )

      Delete
    6. ෂුවර් එකට කුවේණි රෙදි හෝදන්න ගෙනාපු නිල් වතුර බාල්දියකින් බල්ලට වොෂ් එකක් දාලා... බල්ලව කිරි සුදු කරන්න හිතාගෙන.. පොඩ්ඩක් නිල් වැඩි වෙන්න ඇති.. :D

      Delete
  7. අයියේ ඒ වැඩේ නම් නියමයි, ඔච්චර අඩු මුදලකට හොද පොත් ගොඩක් .. ඒ වගේම ඔයා ලිපිය පටන් අරන් තියෙන විදියත් නියමයි..

    ReplyDelete
    Replies
    1. පොත් ගත්ත එකට වඩා වටින්නේ පොත් ගත්ත විදිය.. ඇත්තටම ලංකාවෙත් ඔය වගේ පොඩි ෆන් වැඩක් කළා නම් හොඳයි කියල හිතුනා... මට හිතෙන්නේ මේ වැඩෙන් විකුණන අයටත් ගන්න අයටත් පාඩුවක් වෙන්නේ නෑ..

      Delete
    2. ඔව් මටත් ඒදේ හිතුණා ඒත් අපේ රටේ ඒ වගේ දෙයක් කරයි කියලනම් හිතන්න අමාරුයි

      Delete
  8. ශා... මරු පොත් සෙට් එකක්නේ..

    ReplyDelete
    Replies
    1. කියෝගන්න පුළුවන් උනොත් නම් මරේ මරු..
      නැත්නම් ඉතින් රූප බලා සතුටු වන්න කදිම පත්තරේ වගේ තමයි.. :D

      Delete
  9. ලංකාවෙ අපිට සතෙක් මොකටද රටෙ ඉන්න බහුතරය සත්තු වගේ වෙච්චි කොට. බලන්නකො පාරක යන්න බෑ, පෝලිමක ඉන්න බෑ, කඩේකට යන්න බෑ, අර සරණංකර හාමුදුරුවන්ගෙ බලු රැළ වගේ තමයි.

    ඔය පොත් අදහස හරි වටින නියම ක්‍රමයක්, අනික මාර ලාභනෙ!

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ සත්ත්ව ගති ගැන කතා කරලා වැඩක් නෑ ඉන්දික.. උදේ හවස අහන්න දකින්න ලැබෙන්නේ ඒ වනේ..

      පොත් වැඩේ සිරා කියන්නේ මරු සිරා... මෙහෙ ඉන්නකම් ඉතින් ගිහින් ගිහින් හොඳ පොත් ටිකක් එකතු කරගන්න පුළුවන් පැන්ෂන් ගත්ත කාලෙක කියවන්න..

      Delete
  10. ලංකාවෙ සතෙකුට ඉන්නෙ හරක විතරයිනෙ. ඒකනේ අලි වගේ අනික් සත්තු තැං තැං වල මරල දාද්දි සම හරක්, හරක් මරන එක ගැන විතරක් කතා කරන්නෙ.
    පොත් වැඩේනං නියමයි. හැබැයි ඉතිං රූප බල බලා ඉන්නෙ නැතුව කියවන්නත් වෙනව.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ හරකා ජාතික සතා කළා නම් ඔය කරන වැඩේ ටිකක් සාධාරණීකරණය කරන්න වත් තිබ්බ.. හෙහ් හෙහ්

      කියවන්න පටන් ගන්නවා ... ඉවර කරන්නේ නැතුව වෙන ඒවාට මාරු වෙනවා.. ඒකට වඩා මේක ලේසි ඇති කියල හිතාගෙන... :D

      Delete
  11. පැතුම්.......මේක නම් හරිම ටොප් වැඩක්නේ. මම මෙවැනි සංකලපයක් දැකලා තියෙන්නේ බුෆේ කෑම මේසයකින් ටේක් අවේ එකක් ගෙනියනකොට තමයි. පෙට්ටියේ ගාන මෙච්චරයි. පෙට්ටිය වහන්න පුළුවන් ප්‍රමාණයට කෑම ගන්න පුළුවන්.

    මෙහේ බූට්සේල්, ගරාජ් සේල් වගේ ඒවායෙදි පොත් ගන්න පුළුවන් අන්තිම ලාභෙට. ඔහොම ගෙනත් ගෙනත් කියවන්නෙත් නැතුව ගොඩ ගහගෙන හිටිය කන්දරාවක් මෙහේ ගමේ පුස්තකාලයට ගිහින් දුන්නා.

    ලංකාවටනම් කබරයා තමයි හරියන්නේ. දිව දෙකේ කස්ටියනේ වැඩි.

    ReplyDelete
  12. ලංකාවේ සතා කොටියා සදහටම ඌ තමා

    මේක නම් මරු වැඩක්. අඩුම ගානේ පොත් ටික පෙට්ටියේම දාලා කවදා හරි කියවන්න ගන්නකම් තියලා තියන්න පුළුවන්

    ReplyDelete