Tuesday, November 26, 2013

13බී බා උන හැටි හෙවත් තවත් උසස් පෙළ විර ක්‍රියාවක්

උසස් පෙළ කරන අවසාන අවුරුද්දේ ට්‍රිප් එකක් යන එක සාමාන්‍ය සිරිතනේ... මම හිතන්නේ කුමාරි මිස් ගේ සීන් එකෙන් පස්සේ ද කොහෙද මේ ට්‍රිප් එක ගියේ..  මේ ට්‍රිප් එක ඉතින් ඔය සාමාන්‍යය විදියට කට්ටිය සාකච්චා වට හැටක් විතර දාල තීරණේ කර ගත්තා හන්තාන කන්ද නගින්න ... පන්තිබාර සරුත් යන බොහොම ඔෆිසියල් ට්‍රිප් එකනේ.. කොල්ලෝ වෙන වෙනම යන ඒවා ඇරුනම මම හිතන්නේ ඒ අවුරුද්දේ උසස් පෙළ පන්ති හැම එකම තම තමන්ගේ පන්ති බාර ගුරුවරයාත් එක්ක මේ ට්‍රිප් එක ගියා ද කොහෙද.. හන්තානේ ගියේ අපේ පන්තිය විතරයි... අනිත් උන් කොහේ ගියා ද කියල දැන් මතක නෑ...

කොහොම හරි ඔය ඔර්ගනයිසින් වැඩ එහෙම කරලා බස් එකක් කතා කරන් කට්ටිය ට්‍රිප් එක යන්න පටන් ගත්තා.. ඊට කලින් කන්න දේවල්, බොන්න දේවල්, ක්‍රීඩා බාන්ඩ, සංගීත බාන්ඩ එහෙම ඔක්කොම ලැස්ති කර ගත්තා...  පන්තියේ සිරාම පොරවල් ටික පස්සේ සීට් එකේ... මුට්ටි පොරවල් ටික සර් ට කිට්ටුවෙන් ඉස්සරහ සීට් වල..  මම වගේ එලොවටත් නැති මෙලොවටත් නැති උන් ටික පස්සට බර මැද සීට් වල...  අපි ගියේ තනි දොර පොඩි ටාටා බස් එකක... 

දැන් ඉතින් කස්ටිය සිංදු කිය කිය නට නට බොහොම සතුටින් සමාදානෙන් ගමන යනවා... අපිත් ඉතින් එහෙන් මෙහෙන් අප්පුඩියක් ගහල , බස් එකට තට්ටුවක් දාල ඔහේ යනවා... සමහරු මනෝ ලෝක වල යනවා... සමහරු විභාගේ ගැන වැදගත් දේවල් කතා කරමින් වැදගත් විදියට යනවා.. තවත් සමහරු ඔහේ යනවා.. ඔය විදියට කොහොම හරි බස් එකේ කට්ටිය දැන් යනවා.. ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ... ඔය වරකාපොල හරියේ තියෙන කඩයක් ගාව උදේට කන්න නතර කළා...

දයිවයේ හැටි කියන්නේ ...ඒ දවසේ, ඒ වෙලාවෙම,ඒ පැත්තටම යන,ඒ කඩෙන්ම උදේට කන්න තව බස් එකකුත් ඇවිල්ල නතර කරලා තිබ්බ... මහා බ්‍රහ්මයත් කරන වැඩ කියන්නේ ඒ බස් එකේ හිටියේ කොහෙද මන්ද ඉස්කෝලෙක කෙල්ලෝ ටිකක්... කරුමෙක මහත කියන්නේ ඒ කෙල්ලොත් අපි වගේම උසස් පෙළ කරන වයසෙමයි...  මම කියන්නේ එහෙම දේවල් සිද්ද වෙනකොට ගම්පහ තිබිච්ච එකම සිරා කොල්ලන්ගේ  ඉස්කෝලේ වෙච්ච (අනිත් ගෑනු ඉස්කෝල අපි ඒ දවස් වල තඹේකට ගණන් ගත්තේ නෑ.. ඒවායේ හිටපු කෙල්ලන්ව තනි තනි වශයෙන් ඔලුව උඩ තියන් ගණන් ගත්තට ) අපේ ඉස්කෝලේ උසස් පෙළ කොල්ලෝ වශයෙන් අපිට ඇහැ කන පියාගෙන ඉන්න බැහැනේ ... 

මොනවා උනත් අපි එතන  චාටර් කර ගන්නේ නැතුව ඒ නංගිලා එක්ක ජනෙල් වලින් කතා බහ කරගෙන නම ගම ඇඩ්රස්, ටෙලිෆෝන් නම්බර් එහෙම තිබුන නම් ඒවා හුවමාරු කරගෙන බොහොම වැදගත් විදියට හැසිරුණා...  බස් එකෙන් බැහැල ගිහින් ඒ බස් එකට නගින්න හදපු අවස්ථා එහමත් එකක් දෙකක් තිබ්බ මම හිතන්නේ.. කොහොම වුනත් පොලිසි නොයන මට්ටමින් උදේට කාල අපි එතනින් ආව..  

මේ කතාවට අදාළ නැති අතුරු කතාවක් වශයෙන් එදවස මා විසින් ටෙලිපොන් නම්බරය බස් එකේ ජනෙලෙකින් එම බස් එක තුලට විසි කිරීමේ අතුරු ඵලයක් වශයෙන් හඳුනා ගත් එක්තරා ගැහැණු ළමයෙක් ගැන කතා හැටහුටහමාරක් මේ අවස්ථාවේදී මතක් උනත් ඒවා එසේ තිබෙන්නට හැර නැවත ප්‍රධාන ගමනට හැරෙමු... 

ඔය ආකාරයේ සුන්දර සිද්දිත් එක්ක බස් එක ටිකෙන් ටිකේ නුවරට කිට්ටු උනා..  

මට මතක විදියට ඔය පේරාදෙණිය හරියේ එක තැනක බස් එක ටිකක් නතර කළා ... මම එච්චර ඔර්ගනයිසින් අන්සේට සම්බන්ද උනේ නැති නිසා වැඩිය ඒවා ගණන් ගත්තේ නෑ.. පිටි පස්සේ බජාර් එක ඒවා හැන්ඩ්ල් කළා..  කොහොම හරි ඉතින් පොඩි ළමයි බලන නිසා නොකිව්වට මොකද අපේ උන් සැර බීම ජාති (පොඩි ළමයි ජින්ජර් බියර් කියල හිතා ගන්නකො) එහෙම අරන් ඇවිත් තිබුනා.. මග දිගට හීනියට වගේ ටික ටික බිව්වත් එක්ක...  එහෙන් මෙහෙන් මදි මදි තව ගමු වගේ කතාත් ඇහුනා ඔය අතර මගදී...    

දැන් කොහොම හරි සර්ටත් කියල කොල්ලෝ දෙතුන් දෙනෙක් බස් එකෙන් බැස්සා.. අපිට ඉතින් එච්චර ගානක් නෑ..  අවංකවම මම දැනගෙන හිටියේ නෑ සීන්  එක.. ටික වෙලාවකින්  මෙන්න අවුරුදු 30-40-50ක් වගේ මනුස්සයෙක් මොකක්දෝ පාර්සලයක් අරන් බස් එකේ දොර ලඟට ආව..  බස් එකේ දොර ළඟ සිට් එකේ හිට්යේ සර්... "ආ මහත්තය මෙන්න මේක දෙන්න කිව්වා" කියල අර මනුස්සය අපේ සර්ට අර පාර්සලේ දුන්න...  

නයි කයි ද රෝස් පාන් ද කිරි අප්පට බල්ලෝ  පැනපි ද හත්හිලව්ව්ට ගහපු කලාබරේද හෙන ගහපිය ගණන් බලාපිය ද නැත්නම් කිරි ගහට ඇන්න වගේ ද එහෙමත් නැත්නම් ඔය ගැලපෙන ඕනේ රුපකයක් දාල හිතා ගත්තට කමක් නෑ... වනේ වන සතුරෙක් ට්‍රිප් එකක් යනකොට වත් මින් ඉදිරියට මේ වගේ දේවල් නම් වෙන්න එපා ... 

සංසාරේ බළල් මයිල් කිව්වා වගේ පිටි පස්සේ බජාර් එකේ අයියල සෙට් එකක් බැහැල ගිහින් ළඟ තිබ්බ බාර් එකකින් ගත්ත ගල් ද පොල් ද බියර් ද මොනවාද මන්ද බෝතල් ටික අර ගොන් වහන්සේ ඇවිල්ල දුන්නේ අපේ සර් ගේ අතටම .. කොහොමද ආතල් එක...  රෙදි නෑ හසන්ත..!!

පසුව දැන ගත් පරිදි මෙහෙමයි වෙලා තියෙන්නේ.. අපේ උන් දෙතුන් දෙනෙක් බස් එකෙන් බැහැල ගිහින් ඉස්කුල් යුනිෆෝර්ම් එකෙන් බාර් එකට යන්න බැරි නිසා ඒ ළඟ හිටපු ඩයල් එකකට සල්ලි දීල බඩු ටික අරන් බස් එකට දෙන්න කියල..   ඒ ගොන් වහන්සේ එක්කෝ අපිට කෙලවන්න හිතාගෙන හරි නැත්නම් මොලේ අර කුම්බියගේ පස්තාච් බාගේ තරම් වත් නැති කම නිසා හරි බබා වගේ ඇවිල්ල අපේ සර්ට දුන්න.. 

දැන් ඉතින් ඊට පස්සේ වෙච්ච දේවල් මම විස්තර කරන්න ඕනේ නෑනේ... මොකක් ද ඕයි තමුසෙලා මේ කලේ.. මම කවුරු කියල හිතාගෙන ද තමුසෙලා මට බෝතල් ගෙනත් දෙන්නේ.. යකෝ මුන් ළමයි නෙවෙයිනේ.. හරවනවා බස් එක මොන ට්‍රිප් ද මුන් එක්ක යානාදී වශයෙන් සර් අපේ ගුණ ගායනා කළා..

කට්ටිය අනාතයි ඉතින්... කොහොම හරි ඉතින් නොවඳිනා වැදුම් සර් ට වැඳලා වැඳලා බස් එක හරවන්නේ නැතුව කොහොම හරි හන්තානෙට ආව.. තිබිච්ච ආතල් ඔක්කොම ඉවරයි.. එක එකා බැන ගන්නවා තනිකරම කොමියුනිකේෂන් අවුලක්.. අන්තිමට ඉතින් කට්ටියම චාටර්..  

හන්තාන කන්ද පාමුලදිත් සර්ගෙන් හොඳ දේශනාවක්.. ඊට පස්සේ දැන් කොහොම හරි අපිට බයයි මේ යකා මේක ඉස්කෝලෙට ගිහින් කියයි කියල..  කොහොම හරි ඉතින් සර්ව අපි දන්නා විදියට බැලන්ස් කරලා අපි කට්ටිය හන්තානේ නැග්ග...  වැඩ සටහන අතේ මාට්ටු උනාට බෝතල් ටික නම් නාස්ති උනේ නෑ.. කන බොන වයස නේ ඉතින් ..

සර් ගේ මුණ චකබ්ලාස් උනාට කොහොම හරි සුන්දර හන්තාන චාරිකාවකින් පස්සේ අපි සුපුරුදු පරිදි ගෙවල් වලට ගියා...

මට මතක විදියට ට්‍රිප් එක සිකුරාදා ගිහින් අපි ආයේ ඉස්කෝලේ ගියේ සදුදද කොහෙද..  ඔන්න ඉතින් කට්ටිය බිත්තර තම්බ තම්බ සඳුදා උදේ ඉස්කෝලෙට එනවා.. අඩෝ වැඩේ චාටර් ලු නේද? මොනවාද යකෝ ඔච්චර දෙයක්වත් කරගන්න බැරිද..? කවුද $##$$% සර් ගේ අතට බෝතල් දීපු %%#@%#යා  වගේ කතා වටේ පිටේ පන්තිවල උන්ගෙන් එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්තා..  හරි ඒ කියන්නේ කිරි බර්ටි යා (සර්ගේ නම බර්ටි) ගම කාල ...

දැන් ඉතින් කට්ටිය බලන් ඉන්නවා ඊලග කෝල් එක පිනා ගෙන් එනකම්... ඔය අතරේ මට මතක විදියට සරුත් පන්තියට ආවා ... මිනිහා මහ නෝන්ඩියට අපි දිහා හිනාවක් දාල රෙජිස්ටරේ මාක් කරලා ගියා ද කොහෙද..? කොහොම හරි ඉන්ටර්වල් එක වෙනකොට උසස් පෙළ අංශ ටික ඔක්කොම දන්නවා සීන් එක.. 

උගන්නන එන ගුරුවරුත් නිකන් කින්ඩියට වගේ කතා කරලා යනවා යන්න...  ලොකුම චාටර් එක දුන්නේ කෙමිස්ට්‍රි කරපු හේමචන්ද්‍ර සර්.. පන්තිය දොර ගාවට ඇවිත් දොරේ උඩ ගහල තියෙන 13-B කියන එක දිහා බලල කියනවා මේක දැන් 13-B නෙවෙයි 13 බා(ර්) කියල..   අනිත් පන්ති වල උන්ට මල් මල් ඉතින්..

කොහොම හරි හවස් වෙනකොට ඉහලින් අණක් ආවා  ට්‍රිප් එක ගිය හැමෝම ගෙදරින් කාව හරි එක්කන් එන්න ඕනේ.. එහෙම නැත්නම් පන්ති තහනම් කරනව කියල..  ඔය වෙනකොට විභාගෙට මාස 3-4ක් ඇති..

මොනවා කරන්නද ඉතින්.. මම ගිහින් ගෙදෙට්ට සීන් කෝන් එක කිව්වා.. අපේ අම්මයි තාත්තයි දන්නවා මොනව කලත් මම බොන සබ්ජෙක්ට් එකේ නෑ කියල.. අපේ තාත්ත කොහොමත් කන බොන මනුස්සය. අනිත් එක අපේ පන්තියේ කොල්ලෝ සෙට් එකටම දවසක් උයල කන්න දුන්න අපේ තාත්ත.. ඉතින් තාත්ත දන්නවා  කොල්ලන්ගේ තරම.

කොහොම හරි ඉතින් පහුවදා අම්මල තාත්තල ටික ඉස්කෝලේ මේන් හෝල් එකට ගෙන්නලා දැන් ගුරුවරුයි ප්‍රින්සිපලුයි හෙන ටෝක්ස්..  බනිනවා පලු යන්න... කතා දෙකක් නෑ සම්පුර්ණ වරද අපේ .. කිසිම සමාවක් දෙන්න චෑන්ස් එකක් තිබ්බේ නෑ...  අම්මල තාත්තලටත් ඉතින් කට උත්තර නෑ... 

අපේ තාත්තට සිරා කටක් තිබ්බා.. අවුරදු ගානක් දේශපාලනය කරලා .. රැස්වීම වල කතා කරලා ඕනේ තැනක බය නැතුව කතා කරන්න නියම හැකියාවක් තිබ්බා.. දැන් කට්ටියගේ දෝෂාරෝපණ ඔක්කොම අහගෙන ඉඳල අපේ තාත්ත අන්තිමට නැගිටලා කියල තියෙනවා "සර් මම මේ කොල්ලෝ ටිකට මගේ අතින් උයල කන්න දීල තියෙනවා.. මම දන්නවා මේ ළමයි ගැන.. කොල්ලෝ මේ කාලේ ඕව කරනවා .. අපිත් ඉස්කෝලේ කාලේ මිට වඩා දේවල් කරලා තියෙනවා.. මේවා දුර දිග ගෙනියන්නේ නැතුව විභාගේ ගැන හිතල සමාව දෙන්න බලන්න කියල" ඊට පස්සේ සභාවේ තත්වය පොඩ්ඩක් හොඳ අතට හැරිලා... දැඩි අවවාද රැසකින් පස්සේ අපේ පන්ති තහනම නතර වුණා...

හැබැයි ඊට පස්සේ කෙමිස්ට්‍රි සර් අපිට උගන්නන ආවේ නෑ... මිනිහා පන්තියේ දොර ගාවට ඇවිත්.. "මේක ඉතින් පන්තියක් නෙවෙයි නේ.. ඉගෙන ගන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් මම අනිත් පන්තියට උගන්නන වෙලාවට ඇවිල්ල ඉගෙන ගන්න එකයි ඇත්තේ... හික් " ඔන්න ඔහොම රටේ නැති චාටර් දාල යනවා.. පංති බාර සරුත් ඊට ටික කාලෙකින් අස් වෙලා ගියා... ඒ කියන්නේ අවසන් කාලේ අපිට කෙමිස්ට්‍රි,ෆිසික්ස් , මැත්ස් කරන්න නිල වශයෙන් ගුරුවරු හිටියේ නෑ.. 

ඔන්න ඕකයි කොල්ලනේ වීරක්‍රියාව... ඔන්න ඔහොමයි 13 බී බා උනේ... දැන් අපි බලමු මේකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවාද කියල..

1. ට්‍රිප් යනකොට බොන්න ඕනේ දේවල් කලින්ම ප්ලෑන් කරලා බස් එකට දාගන්න ඕනේ..
2. මගදී බයිට්වත් ගන්න තියා ගන්න හොඳ නෑ.. සර්ලට ඉව තියෙනවා
3. කරුමෙට හරි මගින් ගන්න සෙට් උනොත් හරියට සාකච්චා කරලා වැඩේ කරන්න ඕනේ.. හිතා මතා කරන කඩාකප්පල කාරී වැඩ වලටත් මුණ දෙන්න සුදානමින්..
4. සර්ලව විස්වාස කරන්න ඕනේ උගන්න දේ සම්බන්දව විතරයි.. ඒ කියන්නේ ඔය වගේ නොසන්ඩාල වැඩ වලට දඩුවමක් නොදී අරින්නේ නෑ සාමාන්‍යයෙන් හොඳ ගුරුවරයෙක්..
5. චාටර් උනාම අනිත් පන්තිවල උන්ගේ මඩ වලට මුණ දෙන්න පුරුෂ දයිරිය තියෙන්න ඕනේ..
6.ඔය වගේ සීන් ගෙදරට උනත් කියන්න තරම් අවුලක් නැති තත්වෙන් ගෙදර ශේප් එකේ තියා ගන්නත් ඕනේ.. නැත්නම් සල්ලි දීල තමා කාව හරි එක්කන් යන්න වෙන්නේ..
7. පන්තියම තහනම් උනත් ටිම් වර්ක් තියෙන්න ඕනේ...
8. උසස් පෙළ කරන කාලේ ඕව නොකරොත් ආයේ කරන්න වෙන්නේ නෑ.. කැම්පස් යන උන් කරත් අනිත් උන්ට ඔහොම ආතල් සෙට් වෙන්නේ අඩුවෙන්....
9.ට්‍රිප් යනකොට ටෙලිපොන් නම්බර්/ඇඩ්රස් කොළ අරන් යන එක පාඩු නෑ.. ගේමක් නැතුව ගොඩ දාගන්න පුළුවන්.. දැන් මොබයිල් ෆෝන් එක්ක වැඩේ ලේසියි... 
10. දුම් බීම පිළිකා ඇති කරයි.. වැඩිපුර අරක්කු බීම සිරෝසිස් ඇති කරයි...

තව කණ්ඩායම් හැඟීමෙන් කරපු ඇඩ්වෙන්චර් මතක් උනොත් ලියන්නම්... 

24 comments:

  1. අපේ කස්ටිය නම් සර්ලව වේලාසනම ගොඩදාපු හින්දා ප්‍රස්නයක් නෑ. වැඩිය රෑ වෙනකල් තොපි බොනව එහෙම නෙවෙයි කියලා සර්ලා සර්ලට නිදාගන්න ලෑස්තිකරපු තැනට ගියා. අපේ උං පාන්දර 3 වෙනකල් බීවා :D

    ReplyDelete
    Replies
    1. හරි ඉතින් රෑ වෙලා නෑ නෙ. පාන්දර නෙ වෙලා තියෙන්නෙ :D

      Delete
    2. අපේ සර් ටිකක් එක ජාතියක චරිතයක් .. හෙනම ෆිට් වෙන ජාතිය නෙවෙයි.. එකයි අවුල උනේ..

      Delete
  2. ඉස්කෝලෙ යන කාලෙ බොන්න එපා. කොයි කාලෙත් නොබී ඉන්න පුළුවන් නම් හොඳයි..බොන එක වීර ක්‍රියාවක් නෙවෙයි.. ඒකෙන් පෞරුෂය වැඩිවෙලා පෙනෙයි කියල හිතන්නෙ මෝඩයෝ.. මං නොබොන මිනිහෙක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. බොන එක කිසි ගතියක් නැති වැඩක්... ගතිය තියෙන්නේ අනිත් උන් බීල කරන දේවල් දිහා බලන් ඉන්න එක..

      Delete
    2. පැතුම් කියපු කතාවම තමයි අපේ මහත්තයත් කියන්නෙ..

      Delete
  3. අපොයි දැං ඉස්කෝලෙ යන එවුවො කරන ඒවයෙ හැටියට ඕව මොනාද. ගල්, මල් ගහන්නෙ නැති දෙයක් තියෙනවැයි.
    පැතුම්ගෙ තාත්ත අවස්ථාවෙ හැටියට නියමෙට වැඩ කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. සිරාවට අපි හෙන අහිංසකයි ඒ අතින් නම්.. අපේ තාත්ත මට වඩා ඉස්කෝලේ ජනප්‍රිය උනා ඔය සීන් එකෙන් පස්සේ.. :)

      Delete
  4. ඔය ඉන්නෙ තව කාඩ්බෝඩ් වීර රැලක්... හි හි...

    ඉස්‌කෝලෙ කාලේ සිගරට් අරක්කු බීම පටං ගත්ත අයට ඒක නවත්තගන්න ගොඩක් ආමාරුයි.. අත්දැකීම් වලින්ම තමයි මං ඕක කිව්වෙ... මොනා කරන්නද.. ඒ කාලේ කොල්ලොන්ගෙ මොළ වල තත්වෙ හරකුන්ගෙ මොළ වල ගානට බැහැලා තියෙන නිසා මේවා තේරෙන්නෙ නෑ.. ඒ මදිවට තාත්තලත් “ අපි ඔය කාලේ ඔයිට හපන් ඒවා කළා” කියලා අරුන්ව සුද්ද කරනව..

    ReplyDelete
    Replies
    1. ඔය ආතල් තේරෙන්නේ කොල්ලන්ට විතරයි හිරු...හෙහ් හෙහ් තාත්තල කියන්නෙත් කාලෙකට ඉස්සර කොල්ලෝ නේ... හරක් කියන්නේ පුජනිය සත්තු ජාතියක් .. ඉතින් සෙල්ලන් ද හරක් මොළ ...

      Delete
  5. ඔය වගේ ඒවා ලස්සනට ශේප් කරන්න පුලුවන් කන බොන සර්ලා ට්‍රිප් වලට සෙට් කර ගන්නවානම්.බෝතලයක් ඉතින් පාඩු වෙයි ඕනම නම්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. අපේ සර් ඒ ජාතිය නෙවෙයි.. ෆිට් වගේ හිටියට ෆිට්ම නෑ.. ඒකයි කෙල වුණේ..

      Delete
  6. කොළ කෑලිවල ඇඩ්‍රස් ලියලා විසික් කරන වැඩේ මාත් කලා.. ඒ කාලේ ෆෝන් වැඩිය ජනප්‍රිය නැහැ නෙව... ඔන්න කම්පස් ආවට පස්සේ ෆෝන් නම්බර් එක ලියලා විසි කරලා මම කෑල්ලකුත් ගොඩ දාගත්තා.. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒ ආතල් එක නම් කියල වැඩක් නෑ.. මාත් එක්ක සෙට් වෙච්ච ළමය අවුරදු ගානක් ෆිට් එකේ හිටියා.. ගෙවල් වලින් පවා සීන් එක දැනගෙන හිටියා.. ලව් එකක් නොවුනට හෙනම ෆිට් එකක් වෙලා හිටියා... දැන් නම් කිසිම ආරංචියක් නෑ...

      Delete
  7. සර්ව මගින් බස්සලා උඹලා ටික විතරක් යන්න තිබුනේ ඩ්‍රයිවර් එක්ක.:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දැන් කාලේ උන් නම් එහෙමත් කරයි.. අපිට ටිකක් විතර ගුරු ගෞරවේ තිබ්බා..

      Delete
  8. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
  9. දැං මේ සර්ල, විශේෂයෙන්ම කෙමිස්ට්‍රිය බීලම නැද්ද දන්නෑ? අනේ මෙහෙමත් ගුරුවරු! පිස්සු හැදෙනව.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අනේ මන්ද බන්.. 13 වසරට ආවට පස්සේ තමා හොඳ නරක උගන්නන්න හදන්නේ.. කොල්ලෝ බොනවා කවදාවත් දැකල නෑ වගේ තමයි හැසිරෙන්නේ...

      Delete
  10. අපිට නම් උන්නා කන බොන සෑර්ලා ටිකක් පැතුම්... වැඩේ චාර්ටර් නොවී ලස්සනට කරනවා නම් ඕනේ එකක් කරන්න පුළුවන් කම තිබ්බා.. සෑර්ලා දන්නවා මුන්ගේ විසේ යවන්න බැහැ කියලා... අපේ කාලේ ඉතින් ෆෝන් කෙරුවාවල් තිබ්බේ නැහැනේ.. ලියුමක් ආවොත් තමයි.. මා ළඟ ඒ ලියුම් තාම ඇති ... වෙලාවක දාන්න ඕනේ ... රසවත් මතක ...

    ReplyDelete
    Replies
    1. සර්ලා ෆිට් කියල අපි හිතාගෙන හිටියට ඇත්තටම ෆිට් නෑ කියල අපි තේරුම් ගත්තේ ඔය සීන් වලින් පස්සේ තමා.. හෙහ් හෙහ් ...ලියුම් වැඩේ නම් මමත් සෑහෙන්න කළා... ලියුමක් ආවම දැනෙන සතුට ඉතින් කියල නිම කරන්න බෑ...

      Delete
  11. ඉස්කොලෙයන කාලෙනම් ඔවට සෙට්වෙන එක හොද දෙයක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ... හැබැයි කොල්ලෝ ඕව කරලා බලන එක නතර වෙන්නේ නෑ... කවද හරි තමන් ම තේරුම් අරන් නතර කරනවා / නොබොනවා මිසක් ...

      Delete