Sunday, July 21, 2013

සිංහල යුනිකෝඩ් ලියන්න හොද ෆොනටික් මෘදුකාංගයක් ගැන උදව්වක්...

මම මෙච්චර කල් පාවිච්චි කලේ ගාර්ප් සිංහල සොෆ්ට්වෙයාර් එක... මොකක්දෝ හේතුවකට මම දැනට පාවිච්චි කරන ලැප් ටොප් එකේ මේ  ගාර්ප් එක වැඩ කරන්නේ නැ... සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත දා ඉදල ගාර්ප් එක පාවිච්චි කරපු නිසා ඊට පස්සේ අලුතින් එකතු වෙච්ච සිංහල යුනිකේත සොෆ්ට්වෙයාර් ගැන මට එච්චර අදහසක්  නෑ.. මට ඕනේ වෙබ් පිටු වල සහ වින්ඩෝස් වල ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් වර්ඩ්,එක්සෙල්,නෝට් පෑඩ් වගේ ඒවයෙත් කෙලින්ම ෆොනටික් විදියට ලියන්න පුළුවන් එකක්.. ගාර්ප් එකේ ඔය පහසුකම් ටික ඔක්කොම තිබුණ .. 

දැන් මේ ලියන්න ගූග්ල් ඉන්පුට් ටුල්ස් වලින්.. මේක හොදයි වෙබ් පේජ් වල ලියන්න .. හැබැයි කෙලින්ම වින්ඩෝස් වල ලියන්න මේක පාවිච්චි කරන්න නම් බෑ වගේ .. කට්ටිය සිංහල ලියන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ටික කොහේ හරි ලිස්ට් එකක් හදල තියෙනවද..? මම ගූගල් කරලා හොයා ගත්ත කීපයක් ට්‍රයි කළා එකක් වත් අර මම කියපු ඔක්කොම පහසුකම් එක්ක හොයා ගන්න බැරි වුණා.. මේ ලැප් ටොප් එක ෆොර්මැට් කරලා මට ඕනේ විදියට හදාගන්න බෑ.. ඉතින් තව ටික කාලයක් යනකම් සිංහල ලියන්න මොකක් හරි අටව ගන්න ඕනේ ... අලුතින් මොකක් හරි එකකට හුරු වෙන එකේ මගේ අවශ්‍යතා ටික ඔක්කොම හරි යන එකක් හොයලම හුරු වෙන්නයි හිතුවේ ...  

මේ බ්ලොග් ලියන අයියල අක්කල ,නැන්දල මාමල,නංගිලා මල්ලිලා,ආච්චිලා සීයල සහ මචං ල මචින්  ලාගෙ අදහස් ටිකක් දෙන්න ප්ලීස්... ලා ....

34 comments:

  1. මම නං භාවිත කරන්නේ සිංහල ime එක. ඕනම තැනකට වැඩ හරිම පහසුයි. මෙතැනින් බාගන්න හැකියි.
    http://www.locallanguages.lk/
    තව මෙන්න මෙතැනත් හොඳ දේවල් ටිකක් තියනවා
    http://subasa.lk/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා.. මම බලන්නම්..

      Delete
  2. සිංහලIME ඒකේ Singlish ටයිප් කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මට ත් ඕනේ වින්ඩෝස් ඇතුලේ සිංග්ලිෂ් ලියන්න එකක්.. ට්‍රයි කරලා බලලම කියන්නම්..

      Delete
    2. සින්ග්ලිෂ් වලට මෙන්න මේක හරි
      http://subasa.lk/keyboards/phonetic.php

      Delete
    3. නලින් අයියා මට ඕනේ කොපි පේස්ට් නොකර කෙලින්ම ලියන්න පුළුවන් එකක් ..ගූග්ල් ඉන්පුට් ටුල්ස් වගේ එකක්

      Delete
  3. මම ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් තමා මේ ලියන්නේ. මම දැනට අවුරුද්දක විතර කාලයක ඉඳලා පාවිච්චි කරනවා. ලඟදි යාලුවෙකුගේ Original Win 8 තියන Laptop එකකට බාගත කරලා දුන්නා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහි වාසිය තමයි MS Office සමග offline මෙයින් වැඩ කරන්නට හැකිවීම. ලියන අතරේදීම windows key + space bar එබීමෙන් ක්ෂණිකව ඉංග්‍රීසි සිංහල අතර මාරුවෙන්න පුළුවන්. මේ කමෙන්ට් එකේ සිංහල/ඉංග්‍රීසි ගැහුවෙත් ඒ ක්‍රමයටයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මට ගූග්ල් ඉන්පුට් ටුල්ස් වල තිබුණු එකම අවුල ඕෆ් ලයින් ලියන්න බැරි කම.. සහන් දුන්න සොෆ්ට්වෙයාර් එක දාගත්තම එකත් හරි වගේ .. තව ටිකක් පුරුදු වෙන්න ඕනේ . ස්තුතියි ඇවිත් කොමෙන්ට් එකක් දාල ගියාට..

      Delete
  4. පැතුම් මම ඔයාට මේල් එකක් එවන්නම් ..ඒක ඉන්ස්ටෝල් කරන්න..ඕෆ්ලයින් වින්ඩෝව්ස් වල වැඩ.. ඒ කියන්නේ කම්පියුටර් එකට වෙනම ලැන්ග්වේජ් එකක් විදිහට add වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ගැන අපටත් කියන එක අවුලක්ද නැත්නම් අපි ඔ‍ටුවොද? :)

      Delete
    2. :p

      ගූගල් ime ඕෆ්ලයින් එක බන්..(පැතුමා ඒක දන්නේ නැහැ..අනිත් අය ඒක ගැන දන්නවනේ..) අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ..

      Delete
    3. සහන් එල කිරි... මට මේවගේ සින් එකක් තමයි ඕනේ වුණේ .. තැන්කු වේවා ..

      Delete
    4. ඇනො.. ඔයා ඔටුවෙක් නෙවෙයි.. මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා..ගිහින් බා ගන්න...

      http://www.google.com/inputtools/windows/

      Delete
    5. අම්මට හුඩු! මේක නියමයිනෙ.

      i remember, I tried to use it when it was released first. Didn't work for me. Now it is so much better, and that suggestion drop down menu is quite handy. I'm still not used to it, so my typing is painfully slow. Thanks, for both of you

      Delete
  5. Please instruct me how to install it.

    With gratitude

    Mandawala hamuduruvo

    mdpannawansa@gmail.com

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවන්ට ඕනේ ගූග්ල් ඉන්පුට් ටුල්ස් ඕෆ්ලයින් ටුල් එකද? එක මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන නිකම්ම ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ..

      http://www.google.com/inputtools/windows/

      ඊට පස්සේ
      Right-click the taskbar, point to Toolbars, and then click Language bar. මේ විදියට ලැන්වේජ් බාර් එක අරගෙන සිංහල සිලෙක්ට් කරන්න. එතකොට ගූග්ල් ඉන්පුට් ටුල්ස් වලට අදාල පොඩි මෙනු එකක් පෙනෙයි... හාමුදුරුවන්ට තේරුණා කියල හිතනවා ..

      Delete
  6. Please instruct me how to install it.

    With gratitude

    Mandawala hamuduruvo

    mdpannawansa@gmail.com

    ReplyDelete
  7. මං පාවිච්චි කරන්නෙ Singreesi Unicode version 1.8 කියන එක. මේක පොඩි stand alone app එකක්. අවාසනාවට දැන් ලියපු කෙනා ඒක වැඩිදියුණු කරන එක නවතලා දාලා වගේ.

    ඒත් googal කලොත් තාමත් හොයා ගන්න බැරි නෑ. මේකත් ෆොනටික් එකක්. ෆොනටික් වලත් , එක එක ඇප් වල අකුරු ගහන්න ඕනෙ විදිහ වෙනස්.

    උදා:
    "සිංහල" කියන වචනය ගහන්න:


    මට මේක දැන් හුරු වෙලා නිසා හොඳයි කියල හිතෙනවා. අනික offline වැඩකරනවා. Offline කියන එක නං එච්චරම අවුලක් නෙමෙයි. ඔය ඕනම web based ඇප් එකක් save as -web page complete විදිහට save කර ගත්තාම offline වැඩකරන්න පුළුවනි. එහෙම save කරල ගත්තාම subasa උනත් නරක නෑ. එකෙ character map එකකුත් තියනවා නෙ.

    මම Singreesi වලට කැමති තව හේතු තියනවා.

    1. සිංහල, ඉංග්‍රිසි කලවමට ලියන්න පුළුවන්
    2. වචන කඩල ලියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මාත් සිංගිරිසී තමයි ගොඩක් කල් ඉඳන් යුස් කරන්නේ..Chromeවලටනම්extensionඑකක් තියෙනවා..කොපි පෙස්ට් තම්යි...
      ඇන්ඩ්‍රොයිඩ් වල හෙළකුරුIME එකත් ලඟදී වෙනක් හොඳට වැඩ කලා..දැන් ටික දවසක ඉඳන් පිස්සු නටනවා..

      Delete
    2. මම මේක නම් පාවිච්චි කරලා නෑ.. මට ඕනේ කොපි පීස්ට් නොකර කෙලින්ම ලියන්න පුළුවන් එකක් ... කලින් මම පාවිච්චි කරපු ගාර්ප් එකේ ඔය ඔක්කොම ටික හෙන ලේසියෙන් කරන්න පුළුවන් කම තිබුන.. දැනට නම් ගූග්ල් ඉන්පුට් ටුල්ස් වලින් මගේ වැඩේ කරන්න පුලුවන් වෙයි වගේ.. කොහොම වුනත් මේ ටූල්ස් බලල තියාගන්න එක හොඳයි .. ස්තුතියි කොමෙන්ට්ස් වලට

      Delete
  8. http://www.kaputa.com/uniwriter

    http://www.kaputa.lk/

    ReplyDelete
    Replies
    1. මේ කපුටා ටුල් එක හෙන පරණයි නේද .. මේකත් කොපි පේස්ට් කරන්න ඕනේ නිසා මම බලල නිකන් හිටිය ... කොහොම වුනත් ස්තුතියි ඇනෝ..

      Delete
  9. මට නම් හරියටම හරි ගියෙ ගුගල් ඉමි.. ඕෆ් ලයින් ටයිප් කරන්නත් පුලුවන්. වින්ඩෝස් වලට විතරයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඉතින් වින්ඩෝස් නිසා මේක හොඳයි වගේ .. බලමු පාවිච්චි කරලා ..

      Delete
  10. මේක පාවිච්චි කරන්න... ඕනම තැනක සිංග්ලිශ් වලින් ටයිප් කරාම යුනිකෝඩ් වදිනවා......

    Realtime singhish

    ReplyDelete
    Replies
    1. මේකත් හොඳයි වගේ .. ට්‍රයි කරලා බලන්නම් .. ස්තුතියි..

      Delete
  11. මට නම් සින්ගීරිසි යුනිකෝඩ් එක වරදක් නෑ දැන් මං පුරුදුවෙලා ඒකට ..ගූගල් එක වරදිනවා..

    ReplyDelete
    Replies
    1. හත් අවුරුද්දක් සිංහලෙන් කොටන්න පාවිච්චි කරපු එකට කෙල වෙච්ච එකනේ මට වුණේ.. මුල ඉඳන් අලුතින් ඉගෙන ගන්න කම්මැලියි වගේ ..

      Delete
  12. "පැන්සල - Pencil"

    http://www.serandibsoft.com/pencil-350835363505353035233517.html

    ReplyDelete
    Replies
    1. මේක මම බැලුව මට එච්චර අල්ලලා ගියේ නෑ.. ඇවිල්ල කොමෙන්ට් එකක් දැමමට ස්තුතියි ඇනො..

      Delete
  13. මම රාජ කුමාරයෙක් නෙමේ - මම කම්මැලි කොල්ලෙක් :-)
    ඔය YASITH (dot) NET පාවිච්චි කරන එක තමා මම දන්න කීප දෙනෙක්ම පාවිච්චි කරන්නේ පැතුම් මල්ලී
    ඕෆ් ලයින් වැඩ වලට මම තමීරගේ Singreesi 1.8 එක පාවිච්චි කරනවා
    යසිත් කීව ටූල් එකනම් කොයිදේටත් හොඳයි!

    ReplyDelete
  14. නිර්වානේට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. බාගෙට ලියල දාන්නේ නැතුව ඔක්කොම ලියලම දාන්න හිතුවා... ඒක දැක්කද? මම හිතුවේ කවුරුත් දැක්කේ නෑ කියල.. හි හි

      Delete
  15. මේ ..හේරත් මහත්තයා සිද්ධාර්ථ කුමාරයා බමුනෙක් නෙවෙයි.. ඔහු අයිති උනේ ක්ෂත්‍රියයන්ට.. ඒ කියන්නෙ පාලකයින් යුද ශිල්පීන්.. ආයිත් ලියනකොට හදල දාන්න..

    ReplyDelete