පහුගිය මැයි 25 වන සෙනසුරාදා උදේ 7.45ට යෙදුනු සුභ මොහොතින් සිරි ලංකාද්වීපයෙන් ගුවන් ගතවී පැය 3කුත්
විනාඩි තිස් හතලිස් පනස් ගානක ගුවන් සවාරියකින් පසු බස්ටි නංඟී මැතිනිය සමඟ මම මහතා
මැලේ මිනිසුන්ගේ රටට ගොඩ බැස්සෙමු. ඒ අවුරුදු 2ක් මැලේ මිනිසුන්ගේ රටේ පිහිටි ආයතනයක
වැඩ කිරීමේ පරම පිවිතුරු චේතනාවෙනි.
මම මීට
පෙර ඉන්දියානූ මිනිසුන්ගේ දේශයට වරකුත් තායි මිනිසුන්ගේ දේශයට වරකුත් ගොඩ බැස තිබුණද
මැලේ මිනිසුන්ගේ රටට ගොඩ බැස නොතිබූ බැවින් මෙය අලුත් අත්දැකිමක් විය. මැලේ මිනිසුන්
ආතල් ජන කොටසකි (ජන කොටස් හැට හුටහමාරකි)
ප්ලේනයෙන්
බැස ටැක්සියක් ගෙන කලින් කතාබස් කරගෙන තිබූ ආකාරයට අදාළ පුද්ගලයා හමුවීමට එපාට්මන්ටුවට
ආවිට අයියෝ සල්ලි කියා සුද්ද සිංහලෙන් කියනා යෙදුමක් මතක් විය. අප සිතා සිටියේ මැලේ
මිනිසුන් යනු පට්ට සුපිරි ජාතියක් ලෙසය. හතර වටේම පට්ට පාරවල් සහ පට්ට කාර්ය. බලන
බලන් අත තට්ටු හැට හුටහමාරක් ඇති එපාට්මන්ටු බිල්ඩිං ය. එහෙව් රටේ අපට ඉන්නට මුන් සුදානම්
කර ඇති එපාට්මන්ටුව හරියට ජයික් හිල්ටන් සිහිනය මාළිගාවත්ත ප්ලැට්වලින් එළිවීමක් වැනිය.
බස්ටි නංඟීගේ මූණ දෙස බැලීම පවා දුක් සීන් එකකි.. ඕනෑම එකක් බොහෝ විට ඔන්න ඔහේ කමක්
නෑ ගානෙන් ඉන්න මටත් මේ සීන් එක නම් ඇල්ලුවේ නැත.
අපිව මෙහි ගෙන ආ නිල වශයෙන් අපේ මෙහි
බොසා අපට එම තට්ටු නිවාසයේ ඇති එක එක එපාට්මන්ටු පෙන්නමින් ඒවා වර්ණනා කරයි.. උගේ හැටියට
ඒවා මෙහි ඇති අපට සුදුසු ඉතාම හොඳ තත්වයේ ඒවාය. අපට වැඩ කිරීමට ඇති ස්තානය පේන දුරින්
තිබීම සහ අපට පයින් වැඩට යාමට හැකිවීම ඌට ඒවා මාකට් කිරීමට ඇති පොසිටිව් ෆැක්ටර්ස්ය.
සුමානයක් විතර එක දිගට මැරීගෙන එක එක ඒවාට මහන්සි වී පට්ට මහන්සියෙන් ආ අපිට වැටී නිදාගන්න
තැනක් නොදී මූ අපිට අර එපාට්මන්ටු අවුරුද්දක බද්දකට ගැනීමට යෝජනා කරමින් හෙන ටෝක්ස්
දෙයි. එනපොට හොඳ නැති බව හීනියට වගේ මගේ කුඩා මොළයට වැටහී මහන්සි නිවා ගන්නා තෙක් හෝටලයේ නැවතී අද කළ යුතු දේ හෙටට කල් තබා ඒ රාජකීය
එපාට්මන්ටුවෙන් ගැළවී ඊට සාපේක්ෂව ටිකක් විතර හොඳ හෝටලයකට යාන්තම් සෙට් වුනෙමු.
හෝටලයට
පැමිණ මේ සිද්දිය පිළිබඳව මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද,
බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද (වයසින් අංකල් වුවද අනිත් සෑම එකකින් ම එලම කොල්ලෙකි..)
මහතෙකුට ඇමතුමක් දුන්නෙමු. ඒ මහතාගේ උපදෙස් පරදි සියලු කටයුතු හෙටට කල් තබා අප දෙදෙනා
මලා සේ වැටී නිදාගත්තෙමු..
මැලේ මිනිසුන්ගේ
දේශයේ අප ගෙවූ පළමු දිනය එසේ නිමා විය…
පහුවදා
උදේ පාන්දර අටට විතර නැඟිට මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද,
බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද ඒ මහතා, එම මැතිනිය සහ පුතනුවන් සමඟ ඉහත කී පට්ට
එපාට්මන්ටුව බැලීමට නැවත වරක් පිටත් වී ගියෙමු… ඒ මැලේ මිනිසුන්ගේ රටේ සෑම එපාට්මන්ටුවක්
ම මෙසේම දැයි කන්ෆර්ම් පිට දැන ගැනීම සහ රටතොට සහ එහි ජීවිතවීම ගැන උපදෙස් ආදිය ඒ මහතාගෙන්
ලබාගැනීමේ බලාපොරොත්තුව සහිතවය…මඤඤං වී සිටි
අප දෙදෙනාට රට ගැන,රටේ මිනිසුන් ගැන, උන් සමඟ කටයුතු කිරීම ගැන, වැඩ කටයුතු සිද්ද කර
ගැනීම ගැන පියෙකු මෙන් උපදෙස් ඒ මහතා ද මවක මෙන් උපදෙස් එම මැතිනියද ලබා දුන්නෝය. ඒ
මහතා විසින් ලබා දුන් ප්‍රණීත භෝජන සංග්‍රහය ගැන ද නොකියාම බැරිය. ඒවා මහත් ඵල මහානිසංස
ලැබෙන පිං කං ය…
ඒ උපදෙස්
වලට අනුව අප දෙදෙනා පෙර කී එපාට්මන්ටුවෙන් නූලෙන් ගැලවී අපිට හරියන එපාට්මන්ටුවක් අප හොයා ගනිමු යන ගට් එක
හිතට අරගෙන නැවත පෙරකී හෝටලයටම සෙට් වුණෙමු. මෙහිදී අපගේ බොසාගේ හිත මද වශයෙන් රිදුණද
ඒ හිත එක මොහොතකට හදන්නට අපිට අවුරුදු 2ක් කට්ට කන්න බැරි නිසා ඒවා ඒ ඒ විදියට සිද්ද
වෙන්න ඉඩ ඇර අපි කෙලින් තීරණයක් ගතිමු.. අප ගත් තීරණය ගැන ඒ වන විටත් මැලේ දේශයේ සතියක්
ගෙවා තිබූ අප මිතුරාටද, එදින ගොඩ බැසගත් නව මිතුරාටද දැන් වූ නමුත් ඔවූහූ අර පට්ට එපාට්මන්ටුවේ
ජීවත් වීමට තීරණය කළ බව පසුව දැන ගන්නට ලැබිණි. ඒවා ඒ ඒ අයගේ කැමත්තය…
දෙවන දවස
එසේ නිමාවූ අතර 3න් වෙනි දවසේ මට පළමු වරට වැඩට යාමට සිදුවිය.
අවුරුදු 3-4ක් ඩෙනිමයි අතට අහුවූ ටීෂර්ට් එකකුයි ඇඳන් වැඩට ගිය මට ජෙන්ටා ගසා වැඩට යාම සියල්ලට
වඩා අජූත කාරනාවක් විය. නමුත් මැලේ රටේ දී අප වැඩ කළ යුත්තේ එසේය. ඒවාට හිත හදාගත යුතු
විය.
යන්නේ කොහෙද
මල්ලේ පොල් වගේ උදෑසන ටැක්සියක් කතා කරගෙන දන්නා ඉංග්‍රීසියෙන් යන්න ඕනෑ තැන ගැන ටැක්සි
කරුවාට පාර කියූවෙමි. ඌ ගත් කටටම ගාන මෙච්චරයි යනවනම් යමු නෝ මීටර් කියා කැඩිච්ච ඉංගිරිසියෙන්
කියා මට ඕනෑවට වගේ හිටියේය. ඕනේ මඟුලක් යැයි කියා ඔන්න ඔහේ යමු කියා අලුත් ජොබ් එකේ
පළවෙනි දවස වෙනුවෙන් නොවටිනා ගානක් ටැක්සියට ගෙව්වෙමි.. ඒවා වැළැක්විය නොහැකිය.. අපි
සුද්දන්ගෙන් කඩන ලෙසට උන් අපෙන් කඩා ගන්නේය..
ඔපීසිය
නම් පට්ටය.. ඒ කියන්නේ සිරාවටම පට්ටය… ලෝකයේ බිහිවන නව නිර්මාණ බොහෝමයක උපත සිදුවන
තැනකි.. පේටන්ට් බල පත්‍රම බර ගානක් හිමි කමක් ඇති මැලේ දේශයේ මහ ආණ්ඩුවේ වියදමින්
දුවන රිසර්ච් ඇන්ඩ් ඩිවෙලප්මන්ට් සෙන්ටර් එකකි.
නැනෝටෙක්නොලොජි,ඉලෙක්ට්‍රොනික්ස්,මයික්‍රෝබයොලොජි,කොමියුනිකේෂන්
ටෙක්නොලොජි ආදී මෙකී නොකී සෑම දෙයක් පිළිබඳව පරයේෂණ කරන ආයතනයකි…
මෙවැනි තැනක මම මොන
ලබ්බක් කරන්නේදැයි ඔබට සැකයක් ඇත්නම් එය මෙසේ පැහැදිලි කළ හැකිය.. මැලේ රටේ රජයට සම්බන්ධව
කරන නව සංකල්පයක් සහිත පද්ධතියක වැඩ කිරීම වෙනුවෙන් ඔවුන් මාව,බස්ටී නංඟීව සහ තවත්
අපේ කොල්ලන් 4 දෙනෙකු තෝරාගත්තෝය. බොහෝ විට ලංකාවෙන් තවත් අයට එම අවස්තාව ලබා ගැනීමට
හැකිවනු ඇත.. අදාළ ක්ෂේත්‍රයේ වසර 7-8ක පළපුරුද්ද ඇතිනම් චෑන්ස් ලබා ගත හැකිය.. වැඩි චිස්තර සඳහා ටොප් ජොබ්ස් බලන්න. නැතිනම් මාව
අමතන්න..
එතන පස්ට
කැන්ටිමක් ද ඇත.. උදේ දවල් කෑම ඉතා ප්‍රණීත ලෙස එතනින් සාධාරණ මිලට ලබා ගත හැක.
ඔය ආකාරයට 3න් වෙනි දවස ගෙවී ගිය අතර හවස ගෙදර යාමට නැවත ටැක්සියක් නොගෙන පුරුදු වෙන්නටත් එක්ක
කෝච්චියේ සහ මොනෝ රේල්ලුවේ හෝටලයට ගියෙමි.. එතැන් පටන් අලුත් එපාට්මන්ටුවක් සොයා ගන්නා
තෙක් උදේ හවස වැඩට ගියේ මේ ක්‍රමයෙනි..
අලුත් එපාට්මන්ටු
සොයා ගැනීමද ආතල් ජනක වැඩකි, ඉන්ටර්නෙට් එකෙන්
බලා, දුරකතන ඇමතුමක් ලබා දී ඒජන්තවරයා සහ අයිතිකරුවා සමඟ වෙලාවක් වෙන් කරගෙන ඒවා බැලීමට
යායුතුය. එසේ බැලීමට ගිය පළමු එකේදීම මට අර ඉහත කී මහත්මා කී කතාව සත්‍ය බව වැටහී ගියේයේ..
තවත් අඹ ගස් ඕනෑ තරම් ඇත.. බොහෝ ඒවා මී පැණි මෙන් රස ඇති අඹ ඇති ගස් ය.. මැලේ රටේ ද
අන්ඩ පාලයෝ සිටින බව මෙයින් මට විසි පස්වන වරට පමණ තහවුරු විය..
කෙසේ හෝ
ටැක්සි වලට බොරු ගනන් ගෙවමින් උන්ට කැඩිච්ච ඉංග්‍රීසියෙන් පාර කියමින් සොයා ගත් දෙවන
එපාට්මන්ටුව (මෙය කොන්ඩෝවකි) පට්ට ලෙස අපේ සිත් ගත්තෝය.. ඒ කියන්නේ බස්ටි නඟිගේ සිත්
ගත්තාය. ඒ කියන්නේ ඒ වැඩේ ෆයිනල් ය..
යට කී මහත්මාට
ඩේලී අප්ඩේට් දෙමින්,ස්ටේටස් රිපෝට් යවමින්,උපදෙස් ලබාගනිමින් කෙසේ හෝ නියමිත පරිදි
එම කොන්ඩෝව අපි අවුරුද්දක් සඳහා ලබා ගත්තෝය. ඒ මැලේ දේශයේ ගෙවුණු 4වෙනි දවසේදීය..
පස්වෙනි
දවසේදී හීන් සීරුවේ බඩු ටික ගෙනත් දමා.. වැඩට ගොස් හීන් සීරුවේ අලුත් ගෙදරට ඇවිත් නිදා
ගත්තෙමු.. මම වැඩට ගිය දාට පසු දින බස්ටි නඟාද වැඩ පටන් ගත්ත අතර අපි දෙන්නා දැන් වැඩ
කරන්නේ එකම තැනය.. ඒ කියන්නේ අල්ලපු පුටුවේය..
(එහි හොඳ සහ නරක දෙකම ඇති අතර ඒවා බ්ලොග් වල ලිවීම සුදුසු නැත…)
හයවෙනි
දවසේ උදේ පාන්දර අපේ එපාට්මන්ටුවට පොඩ්ඩක් දුරින් ඇති ගේට්ටුවකින් ටෙක්නොලොජි පාක්
එකට ඇතුළත් වී පැය භාගයක් ආතල් එකේ ඇවිදීමෙන් ඔපිස් එකට ඉතා පහසුවෙන් ආ හැකි බව අප
සොයා ගත්තෙමු.. ඒ සොයා ගැනීමත් සමඟ ටැක්සි වලට බොරු ගනන් ගෙවීම සහ උන්ට පාර කියා දෙමින්
ගමන් යෑමේ කරදරයෙන් ගැළවුනෙමු.. කකුල් රිදීම වෙනම කතාවකි…
එසේ 6වෙනි
දවස ගෙවා දමා අද සෙනසුරාදා මැලේ දේශයට පය ගසා ගෙවුණු සත්වන දවසේ යාන්තම් ඉන්න හිටින්න
තැනක් පිළිවෙලකට සකස් කරගෙන මනුස්ස ස්වරූපයෙන් ඉදිරි වසර 2ක ගෙවීම නිල වශයෙන් ආරම්භ
කළෙමි… මේ සියල්ලේ ගෞරවය ඉහත කී මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය
වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද ඒ මහතාට, එම මැතිනියට පින් සිදු වන්නට ලබා
ගත් දේමය.. සුළු සුළු ඇණ ගැනීම් කීපයක් මැද්දේ උවද සාර්ථක සතියක් ගෙවීමට මා වැනි මන්ද
ඩයල් එකකට හැකිවූයේ ඒ විසේසන්න උපදෙස් මහිමයෙනි..
කෙසේ හෝ
අවසන් වශයෙන් පැවසිය යුතු දෙයක් වන්නේ.. ලංකාව
හැර යාමේ බලා කිසිම බලාපොරොත්තුවකින් තොරව සිටි මට බොහෝම සාමාන්‍ය ලෙස අලුත් ජොබක් සොයා ගැනීමට
දැමූ ඇප්ලිකේෂන් එකක් බැක් ෆයර් වීමෙන් ලබා ගත් දෙයකි මේ ගමන සහ රැකියාව.. අවුරුදු 2ක අවසානයේ (ඊට කලින් දොට්ට නොදැම්මොත්) නැවත ලංකාවට පැමිණ සෙට්ල් බෙට්ල් වීමේ පරම
පවිත්‍ර චේතනාවෙන් මේ ගමන පැමිණියෙමි… අපි නොදන්න බොහෝ දේ ලෝකයේ සිදුවන නිසා යන්තම්
හෝ ඒ දේ සමඟ ගැටී වැඩ කිරීමේ අවස්ථාවක් ලැබීමත්, ඒ අවස්ථාව මට ඕනෑ හැම දේම (ගෙදර උන්දෑටත්
රස්සාවක් සමඟම) දීමට ඔවුන් එකඟ වීමත්, කීයක් හරි වැඩියෙන් හම්බ කරගෙන ගැජමැටික්ස් ටිකක්
එකතු කරගෙන යාමට හැකි නිසාත් ආ ගමනකි..
මෙහි බොහෝ
දේ හොඳය.. හැබැයි ලංකාව ඊට වඩා බොහෝ හොඳය…
ප.ලී
මෙම පෝස්ටය පසුගිය සෙනසුරාදා ලියා අවසන් කලද මාගේ google එකවුන්ට් එක මෙහි සිට බාවිතා කිරීමෙ තිබූ ගැටලුවක් නිසාවෙන් බ්ලොගයට ලොග් වීමේ හැකියව ලැබුනේ අදය.
ප.ලී
මෙම පෝස්ටය පසුගිය සෙනසුරාදා ලියා අවසන් කලද මාගේ google එකවුන්ට් එක මෙහි සිට බාවිතා කිරීමෙ තිබූ ගැටලුවක් නිසාවෙන් බ්ලොගයට ලොග් වීමේ හැකියව ලැබුනේ අදය.
මගෙත් හොඳටම හිතට ඇල්ලුවා පැතුම් මේ පෝස්ට් එක නම්.. ඔයා මට මේ ගැන කියපු දා අපි දෙන්නා මේ ගැන කතා කරා මතකද...? ඒ සියල්ල හොඳින් සිද්ද උන එක ගැන හරි සතුටුයි...දැන් කරන්න තියෙන්නේ වත්තේ හතර මායිම් හොයන්න නොයා , වැල යන අතට මැස්ස ගහන එකත් , මයියොක්කා ගලවන් එන එකත් විතරයි...
ReplyDeleteසුබ පැතුම් ඔබ දෙදෙනාට...!
ඔව් සහන් මේ තීරණේ ගන්න කලින් මම සැහෙන්න කල්පනා කලා. පස්සේ ඕනේ දෙකට මුණ දෙන්න හිතාගෙන ආවේ. මේ වෙනකම් නම් සියල්ල අවුලක් නැතුව සිද්ද වුණා .. බලමු ඉස්සරහටත්.. ඔයා එදා දුන්න උපදෙස් සැහෙන්න උදව් වුණා තීරණේ ගන්න. මොකද හරියටම දන්න කෙනෙක්ගෙන් අවංකව ලැබුණ උපදෙසක් නිසා. ඒ වගේ උපදෙස් දුන්න සහ දැනටත් ඕනේ වෙලාවක ඉන්න තව කෙනෙක් මෙහෙ ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ ඉස්සරහටත්. ස්තුතියි.
ReplyDeleteඑහෙනම් අලුත් වැඩ කටයුතුවලට සුභ පැතුම් අයියා :)
ReplyDeleteස්තූතියි හසිත.. දැන් තමා නිදහසේ බ්ලොග් ටික බලාගන්න වෙලාවක් ලැබුණෙ..
Deleteඅනිවා ලංකාව තරම් කොහේද වෙන තැනක් නමුත් ගිය වැඩේ සාර්ථක කරගන පරිස්සමෙන් වරෙන්
ReplyDeleteඅවුරුදු 2න් එන්න තමා ප්ලෑන් එක.. ඊට කලින් පැන්නුවේ නැත්නම්.. හිකිස්..
Deleteසුළු ගානක් ගෙවා බයිසිකලයක් මිලදී ගන්න
ReplyDeleteබයිසිකලයක් අරන් උදේ හවස වැඩට යන්න නම් පුලුවන්.. හැබැයි හයිවේ වල බයිසිකල් පදින එක නම් මාරාන්තිකයි.. :).. ඩ්‍රයිවින් ලයිසන් එක හදාගෙන පොඩි කාර් කට්ටක් ගන්න ඕනේ.. කාර් හෙන ලාබයිනෙ..
Deleteහ්ම්ම් බ්ලොග් එක ලියන්න ගත්තා කියන්නෙ මෑන් සෙට්ල් ඩවුන් කියන එකනෙ..
ReplyDeleteඑකෙක් මදිවට ඔන්න දෙන්නෙක්ම..මැලේ රටට අබ සරණයි... :D
Deleteසරත් අයියා, පුද්ගල සෙට්ල් ඩවුන් කරවීමේ ඇමති කමක් වගේ එකක් හදාගෙන හරි කමක් නෑ ගිහින් ඔය ආතක් පාතක් නැති අපේ රටේ උන් ටික ටිකක් සෙට්ල් බෙට්ල් කරල දන්නකෝ..
Deleteමාරයා, මෙහෙ හොඳ කුක් ල අඩුයි බන්.. මුන්ට හොඳට ලුණු මිරිස් දාල උයන්න තේරෙන්නේ නෑ.. තව අඩු ඔයා වගේ පස්ට කුක් කෙනෙක් තමා..
Deleteඔබ මැලේසියාවට ඇවිල්ල තවම මාසයයි නෙ.
Deleteකොහොමද මැලේසියාවෙ කුක්/චෙෆ් අඩුයි කියන්නෙ?
පාර අයිනේ ලොකු කුඩ යට රිංගිට් 2.50ට ඩයමන්ඩ් හැඩයට ගොට්ට ගැසූ,ගනකම් දුඹුරු කොලේ ඔතපු බත් කාල තියෙනවද?මෝල් ඇතුලෙ තිබෙන රෙස්ටොරන්ට් වලින් රිංගිට් 25.00න් බඩ පැලෙන්න තමන් කැමති කෑමක් කන්න පුළුවන්.
තරු හෝටල් වල රිංගිට් 50.00හෙ ඉදල ඉහලට රසවත් කෑම වේලක් ගන්න පුළුවන්.
KL වල සමහර හොද ඉන්දියන් රෙස්ටොරන්ට් වලින් කොත්තුවක් කන්න පුළුවන් රිංගිට් 10.00ට ටිකක් අඩුවෙන්.
රටකට ආපු ගමන් අපේ කට්ටිය නොමග යන විදියට ලියන්න එපා.
හි හි.. කේන්ති ගන්න දෙයක් නෑ.. මම මේ මාරයා දාපු කොමෙන්ට් එකට එකක් ලියල දැම්මේ.. මිනිහ කුක් නිසා..
Deleteඇත්ත මම මේ රට ගැන මෙලෝ දෙයක් තාම දන්නේ නෑ තමයි .. හැබැයි හිටපු මාසෙට හොදට ලුණු මිරිස් ඇතුව ටිකක් සැරට කන්න තැනක නම් තාම හම්බ වුණේ නෑ.. ඔයා කියපු ඒවා ට්‍රයි කරලා බලන්නම්..ස්තුතියි..
ගණන් ගන්න එපා බං.. ඔය කෙන්ජි අයියට ගිනිපුක්ගාය... :D :D :D
Deleteපැතුම් පුතා,
Deleteමම බැන්නෙ නැහැ ඔබට ඇල් මැරිල වගේ ලියන අයව අලුගසල දාල ගන්න ඕන හින්දයි මම දන්න දේ කිව්වෙ.
අපේ මාරයා මලයත් හිතන් ඉන්නෙ මම (ගංජ)සුරුට්ටුව පත්තු කරන්නේ හුළු අත්තෙන් කියල.
සුරුට්ටුව තාම පත්තු කරන්නෙ ගිනි කුරෙන්.
හැබැයි අලියා ලකුන දරන එකෙන් නෙමෙයි.
පැතුම් පුතා.. මාරයා මල්ලි..යකෝ මූ නයාම කන්ට එපෑ.. යකාගේ නෑකං නෙව මෙව්වා.. :D
Deleteකෙන්ජි අයියා.. මේකා මේ ඇල් මැරිලා වගේ ලිව්වට මොකද මේ තමා දැන්ට සිංහල බොලොග අවකාශේ ඉන්න පරණම හාදයා... මේ යෝධයා ඔය ඇල් මැරුනා වගේ ලියන හින්දම තමා හෙමින් හෙමින් තාමත් ගමනේ යෙදිලා ඉන්නේ...
මාරයා පේනවනේ ජිවිතේ යථාර්තය .. :) හික්.. මම හිතන්නේ කෙන්ජි අංකල්ලාගේ කෙස් පැහිල ඇත්තේ අව්වට නෙවෙයි ... :) :) මාරය මාමයි,කෙන්ජි මාමයි, පැතුම් පුතයි... හරි සූයි..... :D :D...
Deleteකෙන්ජි මාමේ, මචං කිව්වට සොරි ඇ...:D ඇල් මැරිල වගේ ලියන්න හේතුව පට්ට කම්මැලි කම.. ඒක ඉන්බිල්ට් ම ආපු එකක්.. අළු ගසල මෙහෙම ආවට සින් ගාල ආයේ අළු ගොඩට දුවන්නමයි හිත.. :) මොනවා උනත් ඉදල හිටලා හරි ඇවිල්ල බලල යන එක වටිනවා..
Deleteමෙහෙ කන්න හොද තැන් ගැනත් පොඩ්ඩක් ලියල දාන්න..
සුබ පැතුම් අලුත් ඇරඹුමට
ReplyDeleteස්තූතියි මචෝ..
Deleteඑල කිරි මචන්. හොඳින් ඉඳලා වරෙන් :) ජය
ReplyDeleteස්තූතියි මචෝ..
Deleteඅද තමයි මම මේ පැත්තට ආවේ සහන් අයියා දුන්නු ලින්කුවෙන්. දෙන්නටම සුභ පතනවා අළුත් රටක අළුත් ජොබ් එකට. ජය වේවා!
ReplyDeleteබොහොම ස්තුතියි ඇවිත් ගියාට..
Deleteමදෑ.. මේක මෙච්චර කල් මිස් වෙලා තිබ්බේ මට අමු කැවිලා තිබිලද...
ReplyDeleteමම හිතන්නේ අමු නෙවෙයි ඉදිච්චා කැවිල ඇත්තේ.. හි හි.. මම වැඩිය ලියන්නේ නැනේ..ඉතින් මිස් වීම සාධාරණයි.
Deleteමගෙනුත් සුභ පැතුම් ...හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා කියලා පතනවා .සහන් අය්යා කියපු පාරෙන් තමයි ආවේ ..
ReplyDeleteශහන් අයියා තමයි අයියා...හික් හික්... කොහෙන් හරි කමක් නැ පාර හොයාගෙන ආපු එක ගැන සතුටුයි..
Deleteමේ මුලු පෝස්ට් එකමයි කමෙන්ට් කීපයකුයි අන්න කවුදෝ ඇනෝ කමෙන්ට් තුනක් විදියට බ්ලොග් එකේ දාලා!
ReplyDeletehttp://www.w3lanka.com/2013/07/blog-post_14.html
මේ මුලු පෝස්ට් එකමයි කමෙන්ට් කීපයකුයි අන්න කවුදෝ ඇනෝ කමෙන්ට් තුනක් විදියට W3Lanka බ්ලොග් එකේ දාලා!
Deleteහික් .. ඇනොලගේ වැඩ ගැන මම මොනවා කරන්නද කතන්දර මහත්තයෝ..ඔන්න ඔහේ ගන්න ආතල් එකක් ගන්නේ නැතැ...
Deleteමේ බ්ලොග් එකට මම කලිනුත් ආවා වගේ මතකයි. ඒත් දැන් ආවෙ සයිලන්ට් සහන් ගේ ලින්කුවකින්.ඔබ පරන බ්ලොග් ලේඛකයා වීම ගැන මගේ සුබ පැතුම්.
ReplyDeleteපොස්ට් එක හරි රසවත්. කම්මැලිකමක් නැතුව කියෙව්වෑකි.