Sunday, January 06, 2013

ගුරුත්ව ලාම්පුව සහ සූර්‍යය බල සෙල්ලම් බඩු...

විකල්ප බලශක්ති ක්‍රම අපිට ඕනෙ වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි. දැනටමත් අපිට ඒක හොඳටම දැනෙන වෙලාවල ඕනෙතරම තියෙනවා. අපේ රටේ නම් 80-90% විතර විදුලිය තියෙනවා. නමුත් කුප්පි ලාම්පු එලියෙන ජීවත් වෙන මිනිස්සු ඕනේ තරම් මේ ලෝකෙ ඉන්නවා. ලංකාවෙත් ඉන්නව. කාලෙකට පස්සේ ඒ වගේ කුප්පි ලාම්පු එලියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් විදියේ නිර්මාණයක් ඇවිල්ල . තාම බොහොම ප්‍රාථමික අවධියේ තියෙන්නේ හැබැයි දියුණු කරල වැඩක් ගන්න පුළුවන් වගෙයි. 
මෙතනින් මේ ගුරුත්ව ලාම්පුවට අදාළ විස්තර බලා ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන් කොහොමද කියල නම් දන්නේ නෑ. නමුත් ඔබට ඔවුන්ගේ ඒ ව්‍යාපෘතියට ආධාර කරන්න පුළුවන්.

මේ තියෙන්නේ ගුරුත්ව ලාම්පුවක්

අපේ රටෙත් දැන් දැන් වීදි ලාම්පු ආලෝකයට සූර්‍යය ශක්තිය ලබා ගන්නවා. අලුතින් නවීකරණය කරපු දියවන්නා ඔය ආශ්‍රිතව තියෙන වීදි ලාම්පු මේ ක්‍රමයේ ඒව(අද දැනගත්ත විදියට ඒවා ආරක්ශා කරන්න පොලිසියෙනුත් ඉන්නවලු. දාපු ඒවා හොරු ගලෝලා). 

අපේ රටෙනුත් මේ වගේ විකල්ප බලශක්ති ක්‍රම ගැන සැරෙන් සැරේ අහන්න ලැබෙනවා. හැබැයි ඒවට මොකද වෙන්නේ කියන එක ගැටළුවක්. මේ ගුරුත්ව ලාම්පුවේ නිර්මාන කරුවන්ටත් මේව කරන්න රජයේ සහයෝගයක් නම් ලැබිල නෑ. නමුත් ඔවුන් ඒ දේ කරනවා. මම බොහෝ වෙලාවට දකින එකක් තමා ලංකාවේ මොකක් හරි දෙයක් හදපු මිනිස්සු ඒක දියුණු කරල එළියට දාන්න රජයේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මම නම් හිතන්නේ නෑ මොනම නිර්මාණයක්වත් රජයේ සහයෙන් එළියට දෙන්න පුළුවන් වෙයි කියල. හදපු දේ තමන් ම වැඩි දියුනු කරල එළියට දෙන්න පටන් අරන් දියුණු වෙනකොට රජයේ සහයෝගය (හෝ කඩාකප්පල් කිරීම) ලැබෙයි. මේ ලෝකේ හදන උපකරණ හැම එකක් ම එහෙම හදපුව තමයි මම නම් හිතන්නේ.

කොහොම හරි අපිත් දැන්ම මේවගෙ දේවල් ගැන දැනුවත් වෙලා පුළු පුළුවන් හැටියට මෙවැනි දේවල දියුණු කරන්න උදව් කරන එක නම් වටිනව.

කවද හරි ගෙයක් හදන කොට සූර්‍යය ශක්තිය උපරිමෙන ලබා ගන්න මමත් හිතාගෙන ඉන්නව (ඒ කාලේ වෙනකොට සෝලර් පැනල් වල ගාන අඩුවෙලා තියෙයි). මේ ලාම්පුවත් මගෙ නම් හිතට අල්ලල ගියා. ඊ-බොක්කෙන් හොයල එකක් ගෙනල්ල බලන්න ඕනේ.

අවුරුදු 2කට විතර කලින් මම අක්කගෙ පුතාට ඊ-බේ එකෙන් සූර්‍යය බලයෙන් වැඩ කරන සෙල්ලම් බඩු සෙට් එකක් ගෙනත් දුන්නා. ඒ දවස් වල මිනිහා පොඩි නිසා එච්චරම තේරුමක් තිබුනේ නෑ. හැබැයි බැට්‍රි නැතුව වැඩ කරන්න පුළුවන් එකක් කියන එක තේරුම් ගත්තා. අව්ව තියෙන තැන් හොය හොය ගිහින් ඒකත් එක්ක සෙල්ලම් කලා.  කැමති කෙනෙක් ඉන්නවනම් ගෙනත් දෙන්න මෙතනින් බලන්න. මම තව එකක් ගෙනල්ල මිනිහට හොරෙන් හංඟල තියන් ඉන්නව තව ටිකක් ලොකු උනාම ආයෙත් දෙන්න. 

මම ඉස්සර ඉඳලම උනන්දු වෙච්ච විෂයක් මේක. මට මතකයි පේරාදෙනිය කැම්පස් එකේ ඉංජිනේරූ ප්‍රදර්ශනයක් බලන්න ගිහින් වැහි බිංදු වල චාලක ශක්තියෙන් කරන්ට් එක නිපදවන්න පුළුවන් කියල යාළුවෙක් එක්ක හෙන තර්කයක් දාගත්තා. හික්.. ඒ කියන්නේ ඔය ක්වොන්ටම් ශක්තිය ගැන (දන්න මඟුලක් නැති උනාට ඒලෙවල් කාලෙදි ඕව ගැන හෙන උනන්දුයි නේ.. ). එදා ත්‍රිකුනාමලේ බීච් එකට ගිහින් මුහුද් දිහා බලාගෙන ඉන්න්කොටත් ඔය ගැන හිතුණා. උදම් තරංග වලිනුත් බලශක්තිය උපදවා ගන්න පුළුවන්නේ. ලංකාවේ නම් තියෙනවද දන්නෙ නෑ.. 

කොහොම උනත් අනවශ්‍ය ලයිට් නිවල ලයිට් බිල අඩු කරගන්න එකනම් අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්. අපි දෙන්නා හැම මාසෙම ලයිට් බිල රු 500ට අඩුවෙන් තියාගෙන ඉන්නවා. ටිකක් සිහියෙන් උනන්දුවෙන් කලොත් කරන්න අමාරු දෙයක් නෙවෙයි.

3 comments:

  1. උදම් බලය යොදවල ශක්තිය ගන්න ලොකූ ඉඩ ප්‍රමාණයක් යනව. නැති නම් අපිම හොද සැකැස්මක් හොයා ගන්න වෙනව. පිටරට වලත් සමහර නිර්මාණ කරන්න හිතන තරම් උදව් ලැබෙන්නේ නෑ. නමුත් වටිනාකමක් ඇතිනම් මාකට් කිරීමට අනුග්‍රාහක සොයා ගන්නට බැරි කමක් නෑ. මම දන්නා තරමින් එහෙ කඩදාකප්පල් කිරීම මෙහෙට සාපේක්ෂව අඩුයි.
    නයෂ්ටික බලය හොදයි කියල හිතෙන නැද්ද.

    ReplyDelete
  2. න්‍යෂ්ටික බලය හොඳයි ලංකාව වගේ රටකට දරන්න අමාරුයි නේද යන වියදම. හැබැයි තව කාලෙකින් කරන්නම වෙයි. ලෝක මට්ටමෙන් නම් ඉස්සරහට න්‍යෂ්ටික ශක්තිය දියුණු වෙලා එයි. සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් සරල බලශක්ති ක්‍රමයක් විදියට මේ ගුරුත්ව සංකල්පේ නම් මට අල්ලල ගියා.

    ReplyDelete
  3. ඇත්තටම අපේ පුවත්පත් අලුත් සොයාගැනීම් වලින් පිරිලා. ඒත් කාලයත් එක්ක ඒවාට වෙන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ.. එවුවයින් බාගයක් ක්‍රියාත්මක කලා නම් අපෙ රට සුර පුරයක්..

    ReplyDelete