වතුර තරම් ලේසී සහ ලාබදායි වෙන කිසිම ඉන්ධනයක් අපිට නෑ නේ... අපි වතුරෙන් වැඩ ගන්න පටන් ගත්තේ ඒ කාලේ ඉඳලනේ.. (ඒ = ඉස්සර). එදිනෙදා ජීවිතේ අපිට අත්‍යාවශ්‍යයෙන් කර ගන්න ඕනේ වැඩක් ලේසියෙන් පහසුවෙන් කර ගන්න වතුර පාවිච්චි කරන්න පුළුවන් අත්දුටු ක්‍රමයක් තමයි මේක... දැනට ම පාවිච්චි කරන, දන්න අය එහෙම ඉන්නව ඇති නොදන්න අයටයි මේක දාන්නේ...
දැන් ඔය හදිසි ට්‍රිප් එකක්,ටිකක් දුර නෑයෙක් ගේ/යාළුවෙක්ගේ ගෙදරක්, මළ ගෙදරක්, මඟුල් ගෙදරක් වගේ තමන්ට හුරුපුරුදු තමන්ගේ ගෙදරින් පිට තැනකට යන්න වෙච්ච වෙලාවක තමයි මේකේ වැදගත් කම ගොඩක් ම දැනෙන්නේ.. මොකද අපිට හුරු පුරුදු විදියට අපේ කටයුතු කරගන්න බැහැනේ ඒ වගේ තැන් වලදී... ඒ ඒ අවස්තාවේ තියෙන විදියට වැඩේ කර ගන්න වෙනවා... ගෙදරදි නම් එක්කෝ පිටිකිරි වර්ගයක්/මොල්ට් ජාතියක්/එලකිරි ටිකක්/අඩුම තරමේ ප්ලේන්ටියක් වත් උදේ පාන්දරට ලැබෙනවා නේ.. ඊට පස්සේ ටිකක් ඔය එහෙට මෙහෙට කැරකිලා ලෑස්ති වෙන්න අපිට වෙලාව තියෙනවා.. අර වගේ තැන් වල ඔය මොනවත් ෂුවර් නෑ... හම්බ උනත් අපිට ඕනේ වෙලාවට නෙවෙයි...
මම පොඩි කාලේ ඉඳලම කිරි ජාති/මෝල්ට් ජාති කටේවත් තියෙන්නෙ නෑ... එක්කෝ ප්ලේන්ටි නැත්නම් කෝපි තමයි (කෝපි වලට ආඩම්බර බලන්න වෙනවා කියල කතාවක් තිබුණට මට නම් එහෙම නෑ....).. ගොඩක් වෙලාවට ඉතින් හැමෝම උදේට බොන්නේ කිරි තේ නිසා ඔය වගේ තැන් වලදි මට ප්ලේන්ටිය ෂුවර් නෑ... හැමදාම "අනේ මම කිරි බොන්නේ නෑ නේ.... අනේ ඇත්තද ඉන්න මම ප්ලේන්ටියක් හදන් එන්නම්... නෑ නෑ කරදර වෙන්න එපා ප්ලේන්ටි ඕනේ නෑ..." ඔන්න ඔය විදියට තමා ඕක සිද්ද වෙන්නේ....
බස් වල/අනිත් අයගේ වාහන වල දුර ගමන් ගියාම උදේ එන්න ඕනේ නේ වෙලාවට බස් එක අල්ල ගන්න/ නැත්නම් කට්ටිය යන වෙලාවට යන්න.. ඉතින් අපිට වෙලාවට වැඩ ටික සිද්ද කර ගන්න බැරි වුණාම හෙන අවුල් නේ...අන්තිමට පැය 5-6 විතර ඉවසල ඉන්න වෙනවා කීයට හරි ගෙදර එනකම්...වාහනේ මඟදි කන්න/තේ බොන්න නතර කලත් ඒ වගේ තැන් වල පිළිවෙලකට ඕක කර ගන්න තියෙන අමාරුව නිසා ඉවසන්න වෙනවා.. තමන්ගේ වාහන වල ගියත් ඔහොම තමා.. හරි හමන් ප්ලේස් එකක් මඟදි සෙට් උනේ නැත්නම් ගෙදර පිහිට තමා....(දැන් නම් නිතර යන පාරවල් වල තියෙන හොඳ තැන් ටිකක් දන්න නිසා ෂේප්)
ඔය ප්‍රශ්නෙ (ප්‍රස්නේ මොකක් ද කියල පැහැදිලියි නේ) සහ සරීර කූඩුව ටිකක් ලෙඩ නැතිව තියා ගන්න ඕනේ කියන (ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් කියෝ) අදහස ඇතුව මම උදේට වතුර වීදුරුවක් බොන වැඩේට පුරුදු උනා... මුල් දවස් වල චුට්ටක් විතර අමාරු උනාට දැන් නම් උදේට වතුර එකක් බීල තමයි මම පටාන් ගන්නේ... ඉස්සර ප්ලේන්ටියට /කෝපි එකට චාර්ජ් වෙච්ච ඒවා දැන් කිසි වියදමක් නැතුව වතුරෙන් නිකන් ම චාර්ජ් වෙනවා....ලේසියට පහසුවට අඩු වියදමින් ඉක්මනින් වැඩේ ගොඩ...
සීනි ප්‍රස්න නෑ... උදේ පාන්දර කඩේ දුවන්න වෙන ප්‍රස්න නෑ... ගමනක් බිමනක් යනකොට හිත අප්සැට් කර ගන්න දෙයක් නෑ... අතර මඟදි බුම්මන් ඉන්නෙ නැතුව ඕනේ දෙයක් කාල බීල ආතල් එකේ යන්න එන්න පුළුවන්... බ්‍රෑන්ඩ් එක වෙනස් වුණා කියල කට අවුල් වෙන්නෙ නෑ...ගණන් වැඩි වෙන ප්‍රස්න නෑ... සීන් වැඩියි/කහට වැඩියි/පිටි වැඩියි/මෙලෝ රහක් නෑ වගේ කතා නෑ... සරලයි... පහසුයි....ලාබයි...
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
18 hours ago
වතුර තමා බේත එතකොට.....
ReplyDeleteඇත්තට උදේ පාන්දර වතුර එකක් බිව්වම මාර ෆීට් ...
කියලා වැඩක් නෑ...
ReplyDeleteතාම වතුරෙන් බෑ...
උණුහුමට පුරුදු වෙලා මයේ හිතේ...
තේ එක සෙට් වුනේ නැත්නම් ආයේ දවක් දෙකක් ගිහින් හරි තේ එක ලැබෙන කල් ඉන්නවා...
පුදුම වැඩක්....
ඇත්ත තමා. සිම්පල් ප්ලෑන් එකක්.. මාත් කාලයක් ඕක උත්සාහ කලා. ඒත් හරි ගියේ නෑ.. අයෙත් පාරක් කරලා බලන්න ඕනෙ. ජයවේවා..
ReplyDeleteමටත් තියනවා කිරි බොන්න බැරි ප්‍රශ්නයක්!ඒකට සිංහලෙන් කියන්නේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියලා! :) ඉස්සරහට දාන්න ඉන්න පෝස්ට් වල ටෙක්ස්ට් සයිස් එක ලොකු කලානම් හොඳයි කියල හිතෙනවා!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමටනං වතුර ඕනෙත් නෑ . . . . . ඔටෝ චාජ්
ReplyDeleteමාත් වතුර වීදුරු දෙකක් බීලයි පටන් ගන්නේ.ඊට පස්සේ බඩ පැලෙන්න කාල කිරිතේ එකකුත් බොනවා හකුරු කැල්ලක් එක්ක..
ReplyDeleteprasanna86k,
ReplyDeleteවතුර බොන එකෙන් දැනෙන වෙනස නම් නියමයි... මාර සැහැල්ලු ගතියක් තියෙනව.
තිස්ස අයියා, ට්‍රයි ට්‍රයි වන් ඩේ යූ විල් චාර්ජ්...
ඇනෝ, ට්‍රයි ට්‍රයි වන් ඩේ යූ විල් චාර්ජ්...ටූ...
Sabith, මට කිරි සුවඳත් අප්සෙට් වෙන තරමට ඕක තියෙනවා... වමනෙට එන්න තරම්... අකුරු ටිකක් ලොකු කළා නම් හොඳයි තමයි.. ස්තූතියි..
ඕනයා, ඔයාලා පිං කළ ඇත්තෝ නේ... හික්... ඔටෝ යන එක උදේට විතරක් වෙන්න හදා ගත්තේ කොහොමද?
සරත්, වතුරෙන් පටන් අරන් මමත් පැලෙන්න කනවා... කිරිනම් ඇලජික්... බඩේ ප්‍රමාණේ ගැන ටිකක් කොම්ප්ලේන් තියෙන එක තමා මට නම් තියෙන එකම අවුල..