ඊට කලින් යන්න (යන්නම යන්න) වුනොත් කරන්න දෙයක් නෑ... නැත්තං තව 30කින් පැන්සොං ගන්න පුලුවන්... හී හී... හරි ජොලී.... ඉතිරි 30ත් හිටිය 30 වගේම ඉන්න හිතුවට ඉන්න අමාරු වෙයි වගේ.. වැඩ කිරීම නිල වශයෙන් පටන් ගන්න වෙනවනේ අද ඉඳන්... (හෙට ඉඳන් ම ඔන්න ඔහෙ පටන් ගන්නව.. අද ටිකක් රෙස්ට් කරල....) 30න් පැන්සං ගන්න එක 45න් විතර කර ගන්න බැරි වෙයි ද දන් නෑ නේද?.... ටිකක් කල්පනා කරල මොකක් හරි අටමගලයක් හොයාගෙන හරි හදාගෙන හරි (මම කරන්න හිතන හැම එකම මට කලින් වෙන කවුරු හරි කරල නිසා කරන්න දෙයක් නැතුව මෙච්චර කල් හිටියේ...) බිල් මාමා, ගූග්ල් අයියල,මාර්ක් මල්ලි වගේ වුණා නම් 30 අවුරුදු සැලැස්ම 5 අවුරුදු කරන්න පුළුවන් (කඩිනම් මහවැලි ව්‍යාපාරේ වගේ)......අපිට බිලියන්,ට්‍රිලියන් වලින් ඕනේ නෑනේ... ණය ටික ගෙවල ඔය ගෙයක් දොරක් හදාගෙන වාහනයක් 2ක් ගන්න කීයක් හරි තිබ්බනම් ඇති නේ..
ඊට පස්සෙ ඉතින් ගෙදර අයත් එක්ක පාඩුවේ සන්තෝසෙන් ලැබෙන දෙයින් සතුටු වෙලා ඉන්න එකනේ.. ඔය ටික කරල ඉවර වුණාට පස්සෙ තමයි එහෙම පාඩුවේ සන්තෝසෙන් ඉන්න පුළුවන්... ඒ කියන්නේ උපරිම 60න් පස්සෙ තමයි එහෙම ඉන්න වෙන්නේ.. ඊට කලින් එහෙම පාඩුවේ ලද දෙයින් සතුටු වෙලා ඉන්න හදන එක හෙන මෝඩ කමක්... මොකද සතුට හැමදාම තියෙන්නෙ අනාගතේ නිසා (සතුට ඇත්තේ මේ මොහොතේ කියන එක අපිට තේරුම් යන්නේ 60-70-80 විතර වෙනකම් හෙන ම චාටර් එකක් කාල බෑං කියල නතර උණාට පස්සේ නේ... ) එතකං අනාගතේ තියෙන සතුට වෙනුවෙන් අපිට වර්තමාන සතුට කැප කරන්න වෙනවා...
ඕක මෙහෙම කරන්නත් පුළුවන් වර්තමානේ සතුටින් ඉන්න ගමන් අනගත සතුට හදා ගන්න එක... ඒකට ඉතින් රේස් දුවන එක නතර කරන්න වෙනවා.... (ඔය කිව්වට කරන මඟුලක් පුළුවන් තරම් ඉක්මනට කර ගන්න ඕනේ....(පුළුවන් තරම් ඉක්මනට කරල ඉවර වෙනකොට කොහොමත් 60 පනිනවා))
මේ 30 ඇතුලෙදි මේ හැම එකෙන් ම සදහටම ගැලවෙන මාර්ගය හරියටම අවබෝධ කර නොගත්තොත් මේ වගේ 30 ඒවා තව කීයක් චාටර් කන්න වෙයි ද දන්නෑ... අන්න ඒකට මහන්සි වෙලා 60 විතර වෙද්දි ඒක ගොඩ දාගන්න ඕනේ... ඒක එක.. අනිත් ඒවා ඒ අතරේ ගොඩ දාල දානව ඉතින් ඔය පුළු පුළුවන් විදියට... 30ක් මා සමඟ සිටි සැමට බොහෝම ස්තූතියි... ඉතිරි 30ත් (ඉන්න ටික) ඔන්න ඔහොම ඉමු....
Michael Jackson- The "Man in the Mirror" Paradox
-
Michael Jackson rose to global superstardom, yet the shadow of his abusive
father loomed large over his achievements, transforming him into a
necessary...
16 hours ago
මම නම් අනගතේ මොක උනත් වර්තමානේ සතුටින් ඉන්නවා. කවුද දන්නේ අනාගතේ මොනා වෙයිද කියලා. අනාගතෙත් දුකක් උනොත්. එතකොට සතුට කියන දේ ගෙවිච්ච වර්තමානෙත් නෑ. ගතකරන අනාගතෙත් නෑ.
ReplyDeleteඅද අයියගේ බර්ත් ඩේ එකද?O_o
ReplyDeleteමල්ලියේ,
ReplyDeleteඔයා පැන්ෂන් යන වයස හැටියට සලකන්නේ, 55 ද, 57 ද, 60 ද?
මොකද ලංකාවේ එක එක ආයතන වල විශ්‍රාම යන වයස වෙනස්. රාජ්‍ය රෙගුලාසි අනුව මේ දිනවල පිළිගන්න නිල වයස තමා 57.
කොහොම උනත් මම නං 39න් විශ්‍රාම ගියා, පහුගිය ජුලි මාසෙ. මම ඒක සලකන්නේ මට ලැබුණු දුර්ලභ අවස්ථාවක් විදිහට. ජීවිතේ අලුතෙන් පටන් ගන්න එහෙම චාන්ස් එකක් හැමෝටම ලැබෙන්නේ නෑ.
ඉතින් ඔය මොනවා උනත් අද ඔයාගේ උපන්දිනේ බවනේ ඔය කියන්නේ.
ඉතින් ඔයාට සුබම සුභ උපන්දිනයකට ආසිරි. ජීවිතේ ජය ගන්න ශක්තිය, ධෛර්යය, බලය ලැබේවා!
මධුරංග,
ReplyDeleteමමත් එහෙම තමා ඉතින්... ඕක ඉතින් අපි හැමෝම කියනවා විතරයි... බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි ඇත්තටම කරන්නේ...
~ Rajith Doo~
ඔව්...
පොත් ගුල්ලා,
මම 60 න් තමා යන්න හිතාගෙන ඉන්නේ... හික්.. සුභ පැතුමට ස්තූතියි..
Happy birthday !!
ReplyDeleteඅඩ් පතුමා උබට 30ක් ද බන්... නකී නේ...
ReplyDeleteඅපිනම් තාම කොල්ලො.. හික්ස්..
එල එල . . . මගෙත් පැංසොං යන්න හිතාන ඉන්න වයස තමයි අවුරුදු 60
ReplyDelete