තාත්තා නැති වුණාට පස්සේ අපේ ගෙදර තිබ්බ බුලත් වට්ටිය(හෙප්පුවක් නෙවෙයි තිබුණේ) අභාවෙට ගියා... අම්ම නම් එහෙන් මෙහෙන් අහුවෙච්ච වෙලාවට පුවක් කෑල්ලක් හපන්න පුරුදු වෙලා හිටියා හැබැයි ඉස්සර හෙන සාරෙට තිබිච්ච බුලත් වට්ටිය එහෙම ම නැති වෙලා ගියා.. මම බුලත් විටක් මුලින් ම කනකොට මට වයස 8-10 විතර ඇති... කට රතු වෙන ආතල් එක ගන්න තමයි මුලින් මුලින් කෑවේ..(දැනුත් ඒකට තමයි..)... තාත්තා හුණු කෑවේ නෑ..හැබැයි දුම්කොළ කෑවා.. මමත් මුලින් මුලින් බුලතුයි පුවකුයි විතරක් කකා ඉඳල ටික ටික දුම් කොළත් කෑව.. ගෙදර බුලත් වට්ටිය නැති උනාට පස්සේ ඔය මළ ගෙදරකදි දානේ ගෙදරක දි වගේ තමයි විටක් කන්න සෙට් වුණේ... අම්ම කොහෙන් හරි හොයාගෙන එන පුවක් කෑලී ඉඳල හිටල හපනවා...
ඊයේ හපුතලේ ගියානේ (නැති වෙච්ච බුද්ධික මල්ලිගේ අවුරුද්දේ දානෙට) එකෙදි තමයි අවුරුද්දකට විතර පස්සේ විටක් කන්න සෙට් වුණේ... එකක් කෑවා බුලතුයි පුවකුයි දුම්කොළයි හපල.. ටික වෙලාවකින් එළියට ආපූ වංගෙඩියෙන් ආච්චි කෙනෙක් කොටල දුන්න එක කෑවා ඊට පස්සේ... කොටල කනකොට නම් පට්ට රසයි බුලත් විට...
කට්ටියත් එක්ක බුලත් විට කකා ඉන්න කොට අම්ම කිව්ව තාත්තා බුලත් කන්න පුරුදු වෙච්ච සිද්දිය..
ඉස්සර අපේ තාත්තට බුලත් පේන්න බැරිලු... බුලත් කන අයටත් එක එක ඒව කිය කිය ඉඳල... අම්මනම් අද වගේම අහුවෙච්ච වෙලාවට පුවක් කැල්ලක් බුලත් කොලයක් හපන්න පුරුදු වෙලා ඉඳල තියෙන්නෙ.. කොහොම හරි දවසක් තාත්තගේ දතක් ගලවන්න වෙලා තියෙනවා... ඔය වෙලාවෙ අම්ම කියල තියෙනව මම වගේ පුවක් කෑල්ලක් බුලත් කොළයක් ඉඳල හිටල හපනව නම් ඔය දත් අමාරු එන්නෙ නෑ කියල... ඊට පස්සෙලු තාත්ත බුලත් කෑම පටන් අරන් තියෙන්නෙ... හැබැයි අම්ම වගේ ඉඳල හිටල නෙවෙයි අන්තිම වෙනකොට ෆුල්ටයිම් විටක් කටේ ලෙවල් එකට තාත්තා බුලත් කෑව අම්මගෙනුත් බැනුම් අහ අහා... දත් අමාරු නම් ඊට පස්සේ හැදුනේ නැද්ද කොහෙද හැබැයි දත් ටික නම් කහට පාට වෙලා තිබ්බ..
බුලත් කන එක හොඳ ද නැද්ද කියල නම් මම දන්නෙ නෑ..හැබැයි කන එකේ හෙන ආතල් එකක් නම් තියෙනවා..
වැදගත් ම සිද්ධිය තමයි බට්ටි නංඟියත් (අනිත් මම) ජීවිතේ පලමු වතාවට පුවක් මදයක් කාපූ එක.. හිහී හීහී... මුලින් මම බුලත් කන එකට එක එක ඒව කිය කිය ඉඳල පස්සෙ බලනකොට හෙමිහිට පුවක් මදයක් හපනවා...
Review - Is Grokking Algorithms book by Aditya Bhargava worth it?
-
Hello guys, I have read many books on data structures and algorithms like Introduction
to Algorithms by Thomas H. Corman and Algorithm design manual by Ste...
1 hour ago
බුලත්විට නිසා දත් කැක්කුම්, විදුරුමස් දියවිම්, දත් දිරායාම් වගේ දේවල් නම් වෙන්නෙ නෑ. ඒත් දත්ටික ජරාවාස වෙනවා.... කතාවක් තියෙනව, බුලත්විටක් හපන කටවල්වල 'කටවහ' නෑ කියල...
ReplyDeleteඅපේ තාත්තටත් මෑතක් වෙනකන් දවසකට බුලත්විට දෙකක්වත් අඩුම තරමේ කන පුරුද්දක් තිබුණා.දැන් නම් බුලත්විට කන එක නවත්තලා තියෙන්නේ.
ReplyDeleteමමත් බුලත්විට කාලා තියෙනවා.හුණු,දුම්කොළ නැතුව.......
ඔය බුලත්වටක් එහෙම කෑවම හොදට බඩගිණිවෙනවා.කොතක් ගහන්න පුලුවන් කිසි ගේමක් නැතුව.අනික දත් රෝග හැදෙනවා අඩුයි.අද තියෙන ගොඩක් ටූත් පේස්ට් වලින් දත් දිරායනවා.
අපේ ගමේ කිරි අම්මත් හොදට විට හපනවා.දැන් අවුරුදු 80 කට වඩා වයසයි මම හිතන්නේ.කිරිඅත්තා ඉන්න කාලේ දෙන්නා තරගෙට විට හපන්නේ. :D
..............................................................................................................
මමත් ගමේ ගියාමනම් බුලත්විට කනව. ඒත් තවම හුණුයි දුංකොලයි ටැස් කරන්න බැරි උනා :D
ReplyDeleteමම නම් කන්නෙ මළ ගෙවල්වල නිදිමරන්න සෙට් වුණොත් විතරයි. දත් මදින්න ගියාම එපාවෙන හින්දමයි කන්නෙ නැත්තෙ.
ReplyDeleteමෙහෙ නැති හින්දා කන්නේ නැහැ නැත්නම් මගේ ජනප්‍රිය කෑමක් තමයි.. බඩ පැලෙන්න කාලා විටක් දාගෙන ඉස්තෝප්පුවේ ඉඳගෙන ගස් කොලන් කඳු පේලි වෙල්යාය දිහා බලන් නිදිකිරණ එක තරම් කම්මැලි ආතල් එකක් තවත් නැහැ..
ReplyDeleteමටනං ඔය හුනු, දුංකොල ඕනෙදෙයක් ඔට්‍ටුයි . . . හැබැයි කොටල . . . . කොටන්නැති විටකිං වැඩක් නෑ . . . .
ReplyDelete