Thursday, December 23, 2010

මේ මොකක් ද?

මේ පින්තූරේ දැක්කම මොකක් ද මතක් වෙන්නෙ? මට මේ ෆොටෝ එක ගන්නකොට එකපාරටම මතක් වුණේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ෆිල්ම් එක... හික් හික්... මේ තියෙන්නෙ කොත්මලේ පිහිටි මහවැලි මහා සෑයේ ඇතුළෙ ඉඳන් ගත්ත ෆොටෝ එකක්... අපේ කාලයේ විශ්මකර්ම වැඩක් කියල කියන්න පුළුවන්..


අඩි 150ක් විතර යට ඉඳල එන කොන්ක්‍රීට් කනු 32ක් උඩ තමා මේ දාගැබ හදල තියෙන්නෙ... දැන් කරන්නේ මේ කණු මතු කරගෙන වටේට පේසා වළලු සහ පහත මළුව හදන එක... ගිහිල්ල බලන්න වටින තැනක්.. මම සි.බො.හමුවීමයි හිතවත් බස් කරුවන්ගේ කිතුල්ගල ට්‍රිපයයි දෙකම කැන්සොල් කරල ගිය ගමනෙදි බලා ගත්ත එක තැනක් තමා ඕක... පවුලේ අයත් එක්ක තනිකඩයෙක් විදියට යන අවසාන ට්‍රිප් එක මේක වෙන්න පුළුවන් නිසා තමා බොහෝ දේ කැප කරල මේ ගමන ගියේ... ගිය ගමන නම් පාඩු නෑ..

ඇතුළත දර්ශනයක් (අපේ කට්ටිය සමඟ)
 මේ තියෙන්නෙ එළියෙන් පේන හැටි.. දේවතාකොටුව,කොත් කැරැල්ල වගේ දේවල් තාම ලෝහ වලින් කරල තියෙන්නෙ ඉවර කරල නෑ මම හිතන්නෙ...

2 comments:

  1. මම නම් හිතුවේ පහුගිය ටිකේ සද්දයක් නැති කොට රට ගිහිල්ලා කියලා :)

    Thanks for the pics and info!

    ReplyDelete
  2. කොහෙ කියල යන්න ද මචන්... මෙන්න මෙහෙට වෙලා තියෙන දෙයක් කාල ඔහේ වැටිල ඉන්නව මිසක්... හික්

    ReplyDelete