අද මම 7.29 ට ඔෆිස් එකට ආවා. අද නිවාඩු දාන්න හිතාගෙන ඊයේ ගෙදර ගියේ හැබැයි අන්තිමට උදෙන් ම වැඩ. සුවර් එකට 1/2 ඩේ එකක් වත් දාන්න නම් ඕනේ අද. අද නිකන් වැඩ කරන්න හිතෙන්නෙ නෑ වගේ... (ගොඩක් දවස්වලට ඉතින් එහෙමනේ)
උදෙන් ම වැඩට එන එක හොඳ ද නරක ද?
මම හිතන්නේ ජීවිතේ සාර්ථක වෙන්න නම් උදේම අවදි වෙන එක වැදගත්. උදේම වැඩට එන එක සාර්ථක වෙන්න හේතුවක් ද කියල නම් මට ෂුවර් නෑ... මොකද මම අද ආපු වෙලාවෙ ඉඳල කළේ බ්ලොග් බලන එක.
හැබැයි වැඩ පටන් ගන්න විනාඩි 15කට විතර කලින් එන එක නම් වැදගත්. මම හැමදාම එන්නෙ වැඩ පටන් අරන් විනාඩි 15කට පස්සෙ නේ... ඒකත් ඉතින් අවුලක් ම නෑ.. පඩිය පොඩ්ඩක් අඩු වෙන එක විතරයි එකම පාඩුව.
ඊයේ මගේ බෝත්ඩේ එක. අද උදෙන් ම වැඩට ආවා... මම හිතන්නේ මට උදෙන් ම වැඩ කරන්න පටන් ගන්න කල වයස දැන් තමා හරි ගිහින් තියෙන්නෙ... එකම අවුල හෙට සැටඩේ වීම තමා... හෙට උදෙන් ම නැගිටින එක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්රශ්නයක්...
කොහොම වුණත් ඉස්සරහට ටිකක් උදෙන් ම නැඟිටල වැඩක් පලක් කරල ටිකක් පිළිවෙලට ඉන්න ඕනේ... මේ තියෙන වැඩ ටික කරගන්න එහෙම නැතුව බැහැනේ හැබෑටම...
Pedophilia- Sexual Offending Against Children in Sri Lanka
-
*Dr. Ruwan M Jayatunge, M.D. PhD *
The issue of pedophilia is increasingly alarming in Sri Lanka, where a
disturbing number of offenders include in...
21 hours ago
පරමාදේ නම් රුස්සන්නේ නැති වැඩක් මට අප්පා... කොටින්ම මේනියා එකක් වෙන තරමටම...
ReplyDeleteවෙලාවට ඔයා අපේ බොස් නොවුණේ... හී හී..
ReplyDeleteවෙලාවට වැඩ කිරීම එකක්... වෙලාවට වැඩට යාම තව එකක්... වෙලාවට හෙන කලින් වැඩට ගිහින් ලකුණු දමා ගැනීම වෙනම ම එකක්.. අපේ ඔෆීසියේ තියෙන්නෙ ඔය 3න් වෙනි එක...
ඇත්තම කිව්වොත් 8.30 ට පටන් ගන්න වැඩට 7.00 වෙනකොට ගිහින් ඉන්න එක කොච්චර සාධාරණ ද? අනේ මන් ද එහෙම මිනිස්සුන් ගේ පවුල් ජීවිත කොහොම ද කියල. 5.00 ට ඕෆ් වෙන්න තියෙන එක හැමදාම 7.00-8.00 වෙනකම් ඉන්න එක හොඳට වැඩ කරන කෙනෙක්ගේ ලක්ෂණයක් කියල මට නම් හිතෙන්නෙ නෑ... ඒ තියෙන මල පැනීම නිසා මම 4.59 ට එලියට ගිහින් 5.01 ට කාඩ් එක ගහනවා හැමදාම ...
හැබෑටම ඔව් නේන්නම්... එහෙම ප්රභේද 3ක්ම තියනවා කියලා මටත් දැනියි ඇත්තටම තේරුනේ...
ReplyDeleteඑව්වා නම් පීචංම වැඩ තමා අප්පා...
අපි සවුදි වල වැඩ කරන කාලෙ ස්ටීව් කියන අපේ ටීම් ලීඩර් කිව්වේ රස්සාව කරන්නේ පවුල රකින්න මිසක් පවුල තියෙන්නේ රස්සාව රැකෙන්නෙ නෙමේ කියා...
මූනිච්චාවට කරන එව්වයින් ඉතින් තමන්ම ඇන ගන්නවාම තමා..
මෙහෙමයි ඉතින් ප්රමාදය පසුතැවිල්ලට හේතූ වේ කියන මූලධර්මය නිසා අපිට හැමදාම කොම්පැනියෙන් අඩු සැලකිලි. හැබැයි ඉතින් මම අම්ම උදේට කවන බත් ටික කාල මගේ අනාගත නෝනට අපේ අම්ම දෙන බත් එකත් අරගෙන.. ඉඳල හිටල එයාවත් ඔෆිස් එකට දාල, අම්මවත් ඔෆිස් එකට දාල තමා වැඩට යන්නෙ... මගේ ආර්ථිකේට නම් ටිකක් අවුල් හැබැයි ඉතින් හිතට සතුටුයි... ජීවත් වෙන්න නේ ඉතින් මේ හැමදේම කරන්නේ...
ReplyDelete