අද මම කාලෙකට පස්සෙ ඉරිදා හවස් වරුව ගෙදර හිටියා.
හවස 4 විතරට විතර අපේ අක්කගේ පුතා ඇවිත් කියනවා අන්න අඹ ගහේ සරුංගලයක් තියෙනවා කියලා.
ඒ වෙලාවෙත් කොම්පියුටරේ කොට කොට හිටිය මට නිකමට ගිහින් බලන්න හිතුණා.. පිටිපස්සෙ ගෙදර ආන්ජලෝ මල්ලි (මල්ලි කිව්වට හරි විදියට පුතා) තමයි දැකල තියෙන්නෙ.
මටත් හරි ජොලියක් ගියා දැක්කම... අඹ ගහට නගින හැටි අපි කරපු කෝස් සහ උපාධි එකක වත් හරියට උගන්නපු නැති නිසා කෙක්කක් හොයාගෙන වැඩේට බැස්සා. අපරාදේ කියන්න බෑ ආන්ජලෝත් මටම හරි යනවා ගස් නගින්න බැහැ... මොඩර්න් කොල්ලො නේ.
1. අඹ ගහ මුදුනේ ඇති සරුංගලය
2. සරුංගලය සොයා ඇදෙන කෙක්ක
3. කෙක්ක සහ සරුංගලය ගැටීමට මොහොතකට පෙර
4. ජයග්රහණය ලබා ගත් කෙක්ක
5. දරුණු ලෙස හානියට පත් සරුංගලය
6.කෙක්කෙන් වැඩ පෙන්වන ආන්ජලෝ
7.සරුංගලය බිමට එනතෙක් ඉවසිල්ලක් නැති රිසිඳු වා
7.හෙන කාලෙකින් ශිල්ප දක්වන මම
8.රිසිඳුගේ අධික උනන්දුව (මෙය පැවතියේ 5ට බෙන් ටෙන් පටන් ගන්නා තෙක් පමණි)
9.සුපුරුදු ලෙස කරේ නඟිමින්
10. බූරු ඇඳ දිග ඇරගත් මම සහ හැමවිටම අයියාව අනුගමනය කරන බීනු
11.අයියා සහ නංඟී සූදානමින්
12. පොඩි වුන්ගේ සැබෑ සතුට
13.රිසිඳුගේ සැන්දෑව
14.ජීවිතයේ ලස්සන
ඔන්න ඔහොමයි අද හවස් වරුව ගෙවිල ගියේ...
Pedophilia- Sexual Offending Against Children in Sri Lanka
-
*Dr. Ruwan M Jayatunge, M.D. PhD *
The issue of pedophilia is increasingly alarming in Sri Lanka, where a
disturbing number of offenders include in...
21 hours ago

එල එල ...............
ReplyDeleteමටත් අර කියපු කොස් එක්ක කොරන්ඩ බැරි උනානේ ...
නැද්ද ඔන්ලයින් එකක්වත් කොරන්ඩ :D
නියමයි..!
ReplyDelete