Virtual Reality කියන්නෙ මට පොඩි කාලේ ඉඳල තිබ්බ උණ වලින් එකක්... මගෙ ඊ-මේල් එක virtualpathum වුනෙත් ඒ උණ නිසාම තමයි...
මම Real Reality එකට වඩා Virtual Reality එකට කැමති මොකද කියල නම් මම දන්නෙ නෑ..
මොකක් ද මේ Virtual Reality කියන්නෙ...
පරිගණකය තුළ මවා ගත හැකි යථාර්ථයට සමීපව හෝ සම්පූර්ණයෙන් කල්පිත වූ පසුබිමක්,පරිසරයක් සරලව ලෙස හඳුන්වන්න පුළුවන්... මෙහිදී එම මවාගත් පරිසරයේ ඇති ශබ්ද රූප සියල්ල ඒ අයුරින්ම සජීවීව දැනෙන ලෙස නිර්මාණය කර ඇති අතර පරිගණක වැඩ සටහන් සහ උපකරණ විසින් භාවිතා කරන්නා සම්පූර්ණයෙන්ම වෙනස් වූ පරිසරයක් තුළට රැගෙන යයි..
බොහෝ විට පරිගණක තිරය සහ ත්‍රිමානේක්ෂ දර්ශන ක්‍රම තුළින් ලබාදෙන රූපමය අත්දැකීමක් ලෙස විඳිය හැකි අතර ශබ්ද සහ ස්පර්ශ වලින් සමන්විත වූ උපකරණ ද මේ වන විට නිපදවා ඇත...
නවීන පරිගණක ක්‍රීඩා සහ වෛද්‍ය විද්‍යාත්මක උපකරණ මෙම Virtual Reality සංකල්පය බොහෝවිට යොදා ගන්නා අතර මේවායේදී virtual artifact භාවිතා කිරීමේ හැකියාවද පවතී...
මෙය වර්තමානයේදී ජනප්‍රිය සහ බහුලව යොදා ගන්නා සංකල්පයක් වුවත් මෙහි ආරම්භය ක්‍රි.ව. 1560 තරම් අතීතයට දිව යන්නක් බව පැවසේ... එකල්හි නිර්මාණය කරන ලද පාරදෘෂ්‍ය බිතුසිතුවම් මෙහි මූලික අවදිය බව වර්තමාන පිළිගැනීමයි..
Virtual Reality යන වචනයේ ආරම්භය ලෙස මුලින්ම සඳහන් වනුයේ ප්‍රංශ ජාතික නාට්‍ය රචකයෙකු,කවියෙකු, නළුවෙකු සහ අධ්‍යක්ෂක වරයෙකු වූ Antoine Marie Joseph Artaud (Antonin Artaud) ගේ The Theatre and Its Double (1938) යන කෘතියේ theatre යන වචනය පැහැදිලි කිරීමට භාවිතා කර ඇති "la réalite virtuelle", යන්නයි...
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
18 hours ago
No comments:
Post a Comment