ජීවිතේ අපිට තියෙන ප්‍රශ්න, ප්‍රශ්න ද කියල හිතෙනව සමහර වෙලාවට...
අපි බොහෝ දෙනෙක් කණගාටු වෙන්නෙ හොඳම දේ නොලැබීම නිසා...
අවශ්‍ය දේ ඕනෑවටත් වඩා තියෙද්දි අපි කණගාටු වෙන එක මහා විහිළුවක් වගේ...
ජීවිත කාලයෙන් භාගයක් අපරාධ කරපු, තක්කඩි කම් කරපු, වංචාවෙන් තර්ජනයෙන් සැප විඳපු
බොහෝම නිර්භීත මනුස්සයෙක් තමන් කළ කී දෑ ගැන පසු තැවෙන කොට... තමන් අතින් වැරදි සිද්ද වුණු මිනිස්සුන්ට
හද පත්ලෙන්ම අනුකම්පා කරනකොට... තමන්ට තලා පෙළා තමාව මුලා කොට දුසිරිතෙහි යොදවපු මිනිසුන්ට හදවතින්ම මෛත්‍රී කරනව දකිනකොට හිතෙනව...
අනේ අපේ හිත්වල තියෙන දුක් මොනවද කියල...
අංගුලිමාල කතාවෙ මොඩර්න් වර්ෂන් එකක් වගේ... ඒ මනුස්සයගෙ ඇස්වල තිබුණු සතුට... හිනාවෙ තිබුණ අවංක කම...
සර්.. මට මිනිහෙක් ගෙ බෙල්ල කපන එක මහ ලොකු දෙයක් නෙවෙයි... ඔහු එහෙම කිව්වා...අපි ඔක්කොටම ඇහෙන්න... ඒ තරම් දරුණු හිතක් තිබුණු මනුස්සයෙක්.. ඒ තරම් දරුණු හිතක්
ලෝකෙටම මෛත්‍රී කරන්න පටන් අරන්... අවංකවම...
මේක මම හිතපු දෙයක් නෙවෙයි ඇත්තටම ඇසින් දැක කනින් ඇසූ දෙයක්... ඒ වගේ මිනිස්සු අපි අතර ඕනෙ තරම් ඉන්නවා..
.................................................................................
කොල්ලුපිටිය හන්දියට ගිහින් තියෙන ඕනෙම කෙනෙක් හන්දියෙ තියෙන කොට්ටන් ගහ යට ඉන්න අන්ධ හිඟන්නිව දැකල ඇති... අද යාළුවෙකුගෙ ෆස්ට් සැලරි ට්‍රීට් එකට කේක් ගේන්න හන්දියට එනකොට අර හිඟන්නිගෙ හස්බන්ඩ් ඒ අන්ධ හිඟන්නිටයි එයාගෙ පුතාටයි බත් කවනවා... පාර අයිනෙ මුල්ලකට වෙලා වටේ යන එන හෙන බිසී මිනිස්සුට පෙනි පෙනී ඒ මනුස්සය කාගෙන් හරි පිනට හම්බ වෙච්ච බත් එක හොඳට අනල බොහෝම ආදරෙන් අර අසරණීට කවනවා.. පොඩි එකත්.. පොඩි කිව්වට අවුරුදු 10ක් 11ක් විතර ඇති.. එහාට මෙහාට කැරකි කැරකි තාත්තගෙ අතින් බත් කනවා...
අද මේ දෙවෙනි දවස මම මේ ලස්සන scene එක දැකපු... කලින් දවසෙ ඒ මිනිස්සු දවල්ට කකා හිටියෙ පාන්.. එදා නම් මම බත් එකක් අරන් දුන්න.. පොඩි එකා අසරණ බැල්මක් දාල බත් එක අතට ගත්තා.......
මමයි යාළුවයි ඉතින් කේක් අරන් ගියා... කේක් කෑල්ලක් නොකෑවොත් අපේ ෆන් ලයිෆ් එකට නිකන් මදි මදි වගේනෙ...
GULF WAR BREAKING: Did president Trump made a mistake with Iran?
-
Did president Trump made a mistake with Iran?
Trump's mistake has done to Iran so far
🔷All Iranian leaders were assassinated, from the top of the pyr...
3 hours ago
ප්‍රශ්න ප්‍රශ්නයක් නොකරගෙන ඉන්නතාක්කල් ඒවගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ReplyDeleteඔබ හරි.. නමුත් ප්රශ්නය ප්‍රශ්නයක් නොකරගෙන ඉන්නව කියන එක හරියට කරන්න පුළුවන් අය ඉන්නෙ කීයෙන් කී දෙනා ද?
ReplyDeleteකියන්න ලේසියි.. කරන විදිය හරියට කියල දෙන්න කවුරුත් නැති එක තමයි මිනිස්සුන්ට තියෙන ප්රශ්නය..