ජීවිතේ ගැන ගොඩක් අය ගොඩක් දේවල් කියල තියෙනව... ඒ හැම එකකම ලොකූ ඇත්තක් තියෙනවා... කෙනෙක් ජීවිතේ ගැන මොනව හරි දෙයක් කියන්නෙ බොහෝ වෙලාවට තමන් ලබපු අත්දැකීමක් නිසා ලත් අවබෝධයක් නිසා කියලයි මම හිතන්නෙ...
අපිටත් කවද හරි එවැනි අත්දැකීමක් ලැබුණු වෙලාවට කවුරුන් විසින් හෝ පවසා ඇති ඒ අදහස් කොච්චර ඇත්තද කියල තේරෙනව... ගොඩක් වෙලාවට අපි කරන්නෙ අපිට අත්දැකීම ලැබෙනකම් අනුන්ගේ අදහස් ගැන එතරම් ගැඹුරට හිතන්නෙ නැති එක... බොහෝ වෙලාවට අපිට අවශ්‍ය දේ ජීවිතය අපට ලබා දෙනවා නමුත් අපි ඒ දේවල ඒ විදියට බාර ගන්න කැමති නෑ... අපි විසින් සහ සමාජය විසින් අප තුළ ඇති කරල තියෙන සම්මුතීන් වලට ගැලපෙන විදියට ඒ දේ ලැබෙනකම් අපි බලාගෙන ඉන්නවා... ඇත්තටම නම් ජීවිතේ අපිට ලබා දෙන දේ බාර අරගෙන සතුටු වෙන එක තරම් ජීවිතේ විඳින්න පුළුවන් දෙයක් තවත් නැහැ... හැබැයි ඒක කරන එක බොහෝම අමාරු වැඩක්...
ලබා දෙන හැම දේම ඒ විදියටම බාර ගන්න එක නොවෙයි මම හිතන්නෙ අපි කරන්න ඕනේ ඒ දේ අවබෝධයෙන් යුතුව භාර ගන්න එක. අකමැති දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියකුත් අපිට තියෙනවා...ලැබෙන දේ අපි ආසම දේ නොවෙන්න පුළුවන් හැබැයි ආසම දේ ලබා ගන්න උත්සාහ කරන්නෙ නැතුව ලැබෙන දේ අවබෝධයෙන් යුතුව බාර ගත්තොත් ජීවිතේ අපි හැමදාම හොයපු සතුට එයින් ලබා ගන්න පුළුවන් වෙයි...
ටිකක් හිතල බැලුවොත් මේ ලෝකෙ සැබැවින්ම සතුටින් ඉන්න මිනිස්සු ඒ වගේ අය... සැබෑ සතුට කියන්නෙ සම්මුතීන්ගෙන තොර වූ සතුට...
කියන්න ලේසියි කරන්න තමයි බැරි... මටත් වෙලා තියෙන්න ඒක..
මම මේ ලිව්වෙ මට හිතෙන දේ... මම මේව ගැන හිතන්න හේතු වුණේ කල්‍යාණ මිත්‍ර ඇසුර වෙන්න ඇති...
මේ තියෙන්නෙ එතුමාගේ ලිපිනය...
Holistic Living
ගිහින් බලන්න... බොහෝම සාමාන්‍ය මනුෂ්‍යයයෙක් නමුත් ජීවිත අවබෝධය නම් බොහෝම උසස්...
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
18 hours ago
No comments:
Post a Comment