මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි...
දැන් මේ රට නරක නම් රට මීට වඩා හොඳින් තිබුණු කාලයක් මින් පෙර තිබී ඇති ද? රජකාලය අතහැර 1900න් පසුව ගැන හිතා බලමු..
සුද්දා යන කම් මේ රට සුද්දා නිසා නරක් වී තිබුණා යැයි ඒ කාලයේ සිටි මිනිසුන් කියපු කතා නිසා එය සාධාරණ යැයි සිතිය හැකිය..
සුද්දා ගිය පසු ලොව සාධාරණම දේශපාලන ක්‍රමය යැයි මා දන්නා (මා දන්නේ නැත) ප්රජාතන්ත්රවාදය අපේ පාලනයට එකතු වී ඇත..
ඊට පස්සේ නිල්පාට කොල පාට රතුපාට සහ තවත් පාට වලින් අපි අපේ රට දෙස බලන්නට පුරුදු වී ඇත...
මම කුඩා කළ සිටම මේ රට දැක්කේ නිල්පාටටය.. ඒ අපේ තාත්තා නිසාය
මට හිතෙන විදියට අපි හැමෝම තාම මේ රට දකින්නේ පුංචි කාලේදි අපිට බලන්න පුරුදු කරපු පාට වලින් කියලයි... කොතරම් උගත්ව බුද්ධිමත්ම සාධාරණව බලන්න උත්සාහ කළත් ඒ පාටින් බලන්න අපි ආසයි වගේ...
එහෙම නැතුව දකින අයත් ඇති..
මම හිතන්නේ රටක ජීවත් වෙන්න රටේ දේශපාලනය එතරම් වැදගත් නෑ.. දේශපාලනය කරන අයට සහ ඒ අයගේ උදව් කාරයින්ට ඇර අනිත් අයට තම තමන්ගේ අධ්‍යාපනය සහ හැකියාවන්ට අනුව උපයාගෙන ජීවත් වෙන්න රටේ පාට මොකක් වුණත් වෙනසක් වෙන්නෙ නෑ
සර්ව සම්පූර්ණ සමාජයක් ගොඩනඟන්න වෙර දරන එක තේරුමක් නෑ.. එහෙම සමාජයක් කවදාවත් ලෝකේ ඇති වෙන්නෙ නෑ කියලයි මම හිතන්නේ..
හැම සමාජෙකම හොඳ නරක තියෙනවා... සමාජේ හොඳ කරන්න හෝ හොඳ වෙනකම් ඉන්න හදන එක අපේම කම්මැලි කම සාධාරණීකරණය කරන්න අපි හදාගත්ත දෙයක් වගෙයි මට හිතෙන්නේ...
අප ජීවත් වෙන සමාජය බාහිර උපද්‍රව වලින් රැක ගන්න එකට උත්සාහ කරන්න ඕනේ.. ඒවට කැප වෙච්ච පිරිසුත් ඕනැම රටක ඕනැම සමාජයක ඉන්නවා... ඉස්සරහටත් ඉඳයි..
මම කියන්න හදන්නෙ මේකයි..
රටේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියෙක් ගත්තොත් ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ තමන් කරන රස්සාවෙන් තමන්ගේ පවුල ජීවත් කරගෙන ඉන්න එකනේ.. රටේ හෝ සමාජයෙ සිද්ධ වෙන තමාගේ පාලනයෙන් තොර දේවල් ගැන කණගාටු වීම හෝ ඒවා වෙනස් කරන්නට යන එකෙන් ඒ පවුලට හෝ පුද්ගලයාට සෙතක් වෙන්න තියෙන ඉඩ හෙන අඩුයි... කරදර ගොඩක් තමයි ගොඩක් වෙලාවට එන්නෙ..
බොහෝ රට වල ස්වභාවය එහෙමයි..
මම දන්න විදියට නිදහසෙන් පස්සේ ඇතිවෙච්ච බොහෝ දේශපාලන පක්ෂ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තිබිච්ච අයිතිය නැති කළේ නෑ.. යුද්ධය සහ 89-90 කාල ඇරුණහම
යුද්ධ සහ අඳුරු කාල වලට දැනට දියුණු යැයි සම්මත හැම රටම වගේ මූණ දීල තියෙනවා..
මිනිස්සු හැමදෙනාටම තියෙන පොදු ප්‍රශ්න වලදි මිනිස්සු එකතු වෙලා ඒව විසඳන්න පාලකයින්ට බලපෑම් කරනවා.. ඡන්දෙදි ඒ දේ කරන්න අවස්තාවකුත් දීල තියෙනව..
ඡන්දත් නැති යුද්ධත් නැති අඳුරුත් නැති මේ වගේ කාලෙක දි අපි කරන්න ඕනෙ මොකක් ද?
අපේ වැඩක් කරගෙන ඉන්න එකනේ..
ඔය අපේ වැඩ කරගෙන ඉන්න හදනකොට එක එකාගෙ බලපෑම්, අවනීතිය,අසාධාරණකම් සිද්ද වෙන නිසා තමයි අපිට මේ රටේ සිස්ටම් එක අවුල් කියන එක ඔලුවට එන්නේ.. ඊට පස්සේ අපි තියෙන සිස්ටම් එක හරිගස්සවන්න හරි ඒකේ වැරදි ගැන කණගාටු වෙවී ඉන්න එක හරි නැත්නම් හතරවටේ සිස්ටම් එකට බැන බැන යන එක හරි කරනව. අපේ වැඩේ පාඩුවේ කරගෙන ඉන්න බැරි වීමට අපෙන් වෙච්ච අඩුපාඩුව හොයනවට වඩා රටේ සිස්ටම් එකේ අවුල් නිසා එහෙම උනයි කියල හිතාගෙන ඉන්න එකට අපි කැමතියි.. ඒක ලේසියි..
අපි සර්ව සාධාරණ වෙලා ඉද්දිත් අපිට එක එකා කෙලවන්න හදනකොට මොකද ඉතින් කරන්නේ... අපි සර්ව සාධාරණයි නම් ඉතින් ඔය පොඩි පාඩුවක් අලාභයක් දරාගෙන වැඩිය පැටලෙන්නෙ කරන්නෙ නැතුව ඉන්න එක අපිට කරන්න පුළුවන් නේ.. එතකොට සිස්ටම් එකේ අවුල් වැඩිය පේන්නෙ නැතුව යනවා.. කෙලවන්න හදන එකාට උනත් හිතෙයි පස්සෙන් එලෝ එලෝ වද දෙන එක තේරුමක් නෑ කියල.
හරි බහුතරයක් ඉන්නෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න අයනේ.. එයාලට තියෙන ඊළඟ ප්‍රස්නේ බඩුමිල නේ.. මම නොදන්න කමට අහන්නේ.. ඉතිහාසේ කවදාවත් බඩුමිල කියන එක සිරාවට අඩුවෙලා තියෙනවද? පාන් 3.50 ට දුන්න වගේ ටෙම්පරි අඩු වීම් නැතුව..
සමස්තයක් විදියට අතීතේ ඉඳන් මේ දක්වා වෙලා තියෙන්නෙ හැමදේකම මිල ඉහල ගිහින් තියෙන එක..ඒක අපේ රටේ විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි නේ..
ඉන්ධන සහ අනෙකුත් සම්පත් ජනගහනය වැඩි වෙනකොට ක්ෂය වෙන එක වැඩිවීම නවත්තන්න මොන රටේ මොන පාලකයටවත් බෑ.. ඒ සම්පත් තියෙන රටවල් ඒවා වැඩි මිලට විකුණන එක අපිට නවත්තන්න බෑ නේ..
රටේ නාස්තිය දූෂණය වංචාව පගා ගැනීම් වැඩි යි... ඔය තියෙන්නෙ මොන පාට ආන්ඩුවක් රට කරන්න ආවත් විපක්ෂෙ ඉන්න අයට සදාකාලිකව කෑගහන්න තියෙන පොයින්ට් එකක්... මොකද බලය තියෙන අය ඒ බලයෙන් තම තමන්ගේ පවුල් වලට හිතමිතුරන්ට සලකන එක රජ කාලේ ඉඳන් තිබුණු දෙයක්... අඩු වැඩි වීම් සිද්ද වෙන්න පුළුවන් හැබැයි කවදාවත් එහෙම නැති කාලයක් නම් තිබිල නෑ.. කොයි රටෙත් එහෙමයි කියලයි මම හිතන්නේ..
ලංකාවේ නැද්ද උත්සාහයෙන් දියුණු වෙච්ච,නිදහසේ සතුටින් ජීවත් වෙන මිනිස්සු? යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන රස්සාවල් කරගෙන දරුවෝ හදාගෙන බොහොම සැපෙන් සාමෙන් ඉන්න මිනිස්සු නැද්ද?
එහෙම ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ මේ අසාධරණ සමාජේ ඇතුළෙ නෙවෙයි ද? දුෂණයෙන් වංචාවෙන් අවනීතියෙන් යට වෙච්ච අහස උසට නඟින බඩු මිලක් තියෙන සමාජේ එහෙම මිනිස්සු ඉන්න විදියක් නැද්ද?
ඇත්තටම මේ සමාජේ ඔය කියන තරම් නරක නම් මිනිස්සු කවුරුත් සතුටින් ඉන්න විදියක් නෑ.. අසාධාරණව සල්ලි හම්බ කරන මිනිස්සු ඇර සාධාරණ රස්සාවක් කරගෙන ඉන්න වෙන කාටවත් හොඳ වහනයක් ගෙයක් දොරක් හදා ගෙන්න ඉන්න විදියක් නෑ..
හිකිස්....
පාර පුරා යන මැක්සා වාහනයි හතර වටේම තියෙන සිරා ගෙවලුයි ඔක්කොම එතකොට හොරුන් ගේ,අපරාධකාරයින්ගේ වෙන්න එපෑ..
පිට රට ගිහින් සල්ලි හම්බ කරන් එන්න ඕනේ...
අන්න ඒකේ හොඳ පොයින්ට් එකක් තියෙනවා.. මොකද අපේ රටට වඩා පිටරටවලදි අපිට හම්බ කරන්න පුළුවන්...
එකක් එහෙ හොඳට ගෙවනවා.. අනිත් එක අපි එහෙදි හොඳට වැඩ කරනවා.. මොකද අපිට ඒ රටේ පවතින සිස්ටම් වෙනස් කරන්න යන්න හිතෙන්නෙ නෑනේ.. ඒවයේ අඩුපාඩු වැරදි හොයල අපිට වැඩක් නෑනේ.. අපි අපේ පාඩුවේ රස්සාව කරගෙන කීයක් හරි හම්බ කර ගන්නවා..
ඒ රටවලදිත් පාඩුවෙ ඉන්න නොදී ලෙඩ දාන උන් ඕනෙ තරම් ඉන්නවා.. හැබැයි වැඩිය කචල් බචල් දාගන්නෙ නැතුව ඉන්න එක නුවනට හුරුයි කියල ඕනෙම මැටි මොලේකට ඒ රට වලදි තේරෙනවා..
බඩු මිල කොහොම ද.. පිස්සු හැදෙයි.. පුළුවන් හැම වෙලේම ලංකාවෙන් තමා කෑම ටික ඇඳුම් ටික ඔක්කොම ගන්නේ... මෙහෙ කොච්චර බඩු ලාබද... හිකිස්...
ඒ රටවල වංචා දූෂණ නෑ.. එහෙනම් ඇයි එකම බඩුව එහෙයි මෙහෙයි ගනන් දෙකක්.. මෙහෙ රුපියල් 50 පාන් ගෙඩිය එහෙ 500 වෙන්නෙ ඇයි..
ඒ රටවල් කොච්චර ලස්සන ද? පිරිසිදු ද? හැමදේම ක්‍රමානුකූලයි... ඒ මිනිස්සු අවුරුද්දකට ටැක්ස් කොච්චර ගෙවනවද කියල නිකමට හොයල බැලුව ද? ඒ රටවල ආදායම් මාර්ග මොනවද කියල එහෙම දන්නවද?
ලේසියෙන් නිවාඩු නම් ගන්න බෑ... හිකිස්.. මෙහෙ වගේ නෙවෙයි...ඒ මිනිස්සු කම්මැලි නෑ.. වෙලාවට වැඩ.. අපි වගේ නෙවෙයි...
හිකිස් බිකිස්...
නිදිමත වේගෙන එන නිසා දැන් ඇති
මට කියන්න ඕනෙ වෙච්ච දේ මේකයි... මේ රටේ දියුණු වෙන්න ඕනේ තරම් අවස්තා තියෙනවා... අඩුපාඩු නැතුව නෙවෙයි නමුත් කාගෙන් වත් බාධාවක් නැතුව ඕනෙ තරම් හම්බ කරගෙන සැපෙන් සාමෙන් ජීවත් වෙන්න කිසිම අවුලක් නෑ... එකම දේ අපි දේවල් දිහා බලන විදිය පොඩ්ඩක් වෙනස් කර ගන්න එක... අපි දකින ලෝකය වෙනස් වුණාම ඒ ලෝකයට හරි යන්න අපිත් වෙනස් වෙනවා... පිටරට වල යන එන එක වරදක් නෙවෙයි... හැබැයි එහෙම යන්න ඕනේ මේ රටට බැන බැන නෙවෙයි... අපේ තියෙන අඩුපාඩු නිසා හෝ අවංකවම අපිට සිද්ධ වෙන අයුතු දේ නිසා කලකිරිල යන අය ඉන්න පුළුවන් නමුත් ඒකෙන් කියන්නෙ නෑ මුලු රටම එහෙමයි කියල..
පිටරට වල ගිහින් අපි ජීවත් වෙන ආකල්ප වලින් මේ රට ඇතුලෙත් ජීවත් වෙන්න අපිට පුළුවන්... එහෙම ඉන්නකොට මෙහෙයි එහෙයි වෙනසක් දැනෙන එකක් නෑ... මෙහේ වඩා සැපවත් වෙයි.. මොකද අපිට අයිති හැම දේම හැම කෙනාම ඉන්නෙ මෙහෙ නිසා...
අවසාන වශයෙන් මෙන්න මේක පොඩ්ඩක් බලන්න
'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්!' - ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්
‘ලංකාව කියන්නෙ දූපතක් වුණාට පුංචි විශ්වයක්. මෙය දර්ශනීය තැන්වලින්, විවිධ දේශගුණයන් වගේ ම විවිධ සංස්කෘතීන්ගෙන් පිරිලා. ඔබ මේ රටට ගේන දේ අනුවයි, ඔබට රටෙන් යමක් ලැබෙන්නෙ. කොළඹ නගරයේ බටහිර පන්නයට හැඩ ගැහුණු, දූවිලිවලින් පිරුණු වීදිවලින් පිටට නොගිහින් හෝටලයට වෙලා හිටියොත් එක සතියකින් ම මේ රට ඔබට එපා වේවි. ඒත් ඔබ ජනයා ගැන, ඉතිහාසය ගැන, කලාවන් ගැන, සොබා දහම ගැන, ඒ කියන්නෙ ජීවිතයට වටින ඒ වගේ දේවල් ගැන උනන්දු නම්, ඔබටත් මේ රටේදි, මේ මට වගේ ම, සුන්දර දේ හමුවේවි. ඒවා අත්විඳින්නට ඔබේ මුළු ජීවිත කාලයමත් මදි බව ඔබට වැටහේවි.’ එතුමා බි්රතාන්ය ගුවන් සේවාවේ ප්රකාශනයකට ශී‍්‍ර ලංකාව ගැන ලිව්වෙ එහෙමයි.
ශී‍්‍ර ලංකාව තරම් ලස්සන රටක් ලෝකයේ තවත් නෑ
‘සමහර විට ලංකාවෙ ඇති ආකර්ෂණයන් ඉක්මවා යන දේවල් ලෝකයේ එක එක රටවල ඇති. පැරණි නටබුන් අතරින් කාම්බෝජයේ ඒවා මීට වඩා ආකර්ෂණීය ඇති. ටහිටි දූපතේ මීට වඩා ලස්සන වෙරළවල් ඇති. බාලි දූපතේ මීට වඩා දර්ශනීය තැන් ඇති. (ඒත් මට නම් සැකයි). තායිලන්තයේ මීට වඩා සුහදශීලී ජනයා ඇති. ඒත් මා නම් හිතන්නෙ නෑ මේ හැම ආකර්ෂණයක් ම ඇති වෙනත් රටක් ඇතියි කියලා මේ ශී‍්‍ර ලංකාව හැර.’ එතුමා මෙහෙම ලිව්වෙ 1970 දි ශී‍්‍ර ලංකාව ගැන ලියවුණු තවත් පොතකටයි.
උපුටා ගැනුම මල්කැකුළු අඩවියේ පූර්ණ අනුමැතිය සහිතව