බ්ලොග් එකේ මොනවා හරි ලියන්න ඕනේ කියල හැමදාම හිතුවත් මොකුත් ලියන්න ඕනේ කරන මෙව්වා එක ආවේ නැහැ ...හැබැයි මේ ගිය සතියේ(මේක ලියන්න පටන්ගන්නකොට) රවී අයියගේ හදිසි වියෝව දැක්කම ඇතිවෙච්ච කම්පනේ එක්ක බ්ලොග් කියන්නේ කොච්චර ආතල් ජනක දෙයක් ද කියල ආයේ මතක් උනා . රවී අයියා කියන්නේ ඒ බ්ලොග් ලෝකේ හිටපු සුන්දර මනුස්සයෙක් .. ජිවිතේට හමුවෙලා නැතත් කාලයක් දන්න කෙනෙක් ගානට හිතවත් කමක් තිබුණා .. මම වැඩිය මගේ බ්ලොග් එක නොලිව්වත් රවී අයියා මොනවා හරි ලියල නම් අනිවාර්යයෙන් ගිහින් බලල එනවා . ජිවිතේ හැටි .. අපි කාට කවද ඔහොම යන්න වෙයිද කියල කවුද දන්නේ ..
රවී අයියව හම්බවෙන්න බැරි වීමේ කනගාටුව නම් කවදාවත් නැති වෙන එකක් නැහැ .
මගේ තියෙන ලොකු අවුලක් තමා යාලු මිත්‍ර ආශ්‍රය දිගින් දිගට නොපැවතීම .. ඒ කියන්නේ ඒ ඒ කාල වලදී හම්බවෙන අය ඒ ඒ කාලෙන් පස්සේ නිකම්ම මග ඇරිලා යනවා .. අමතක වෙනවා නෙමේ .. නමුත් සම්බන්ධය නතර වෙනවා . මම නොකරන දෙයක් තමා ඒ සම්බන්ද කම් නිතර අලුත් කර ගන්න උත්සාහ නොකරන එක . ඒක වැරැද්දක් කියල මට හිතෙනවා .. හැබැයි ඉතින් මගේ හිතේ ඒ අය ගැන හොඳ මතක ගොඩක් තියෙනවා .. නමුත් මම ඒවා ආයේ ආයේ අලුත් කරගන්න යන්නේ නැහැ ..
රවී අයියා ගැන බ්ලොග් වල මතක ටික ඉතින් හැමදාම තියෙනවනේ .. හැබැයි ඔය ගිය මාසෙම අපේ තව අයියා කෙනෙක් නැති උනා .. එයා ගොඩක් අසනීප වෙලා හිටියේ .. මම මේ සැරේ බලන්න යන්න හිටියත් යන්න බැරි උනා .. නමුත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ ගිහින් බලල කතා කරලා ආවා ..
හැමදාම හිතෙනවා අපරාදේ ගියා නම් කියල , අපරාදේ කෝල් එකක් වත් දුන්න නම් කියල , හැබැයි ඉතින් ඒ සමහර තීරණ අපි ගන්නේ නැහැ .. ඔහේ බලන් ඉන්නවා .. පස්සේ දුක හිතෙනවා ..
ජිවිතේ හැටි ද මගේ හැටි ද කියල මට හිතා ගන්ඩ බැහැ ..
මේ අවුරුද්දට දෙපාරක් ලංකාවට ගියා , මුල් මාස ටික ඔය ලංකා ගමන් සහ ඒ ඒ වැඩ හින්ද ගෙවිලා ගියා , දෙවෙනි සැරේ ගියේ වෙඩින් එකකට නමුත් කලින් ගිහින් නිවාඩු ඔක්කොම ඉවර කර ගත්ත හින්දා මේ සැරේ ලංකාවේ ඉඳන් වැඩ කළා .. ඒක නරක නෑ උදේ 5ට පටන් අරන් උදේ 11:30-12:00 වෙනකොට වැඩ ඉවර නිසා හවස් වරුව නිදහස් . හැබැයි දවස හරියට වෙන දෙකට යොමු කරන්න බැහැ .. මම ඉතින් දවස් 3-4ක් අම්මත් එක්ක ගෙදරට වෙලා හිටියා .. ලංකාවට ගියාම අපිට කරන්න වැඩ ලක්සයක් විතර තියෙනවා අන්තිමට වයසක දෙමව්පියෝ එක්ක ඉන්න වෙලාවක් තමා නැති වෙන්නේ .. මම ඒක නිසා මේ සැරේ ගෙදර හිටියා . පොල් ලෙලි ගහනවා , පොල් ගානවා , කෙසෙල් ගස් කපනවා , කැඩිච්ච බඩු හදනවා , කඩේ යනවා ... අම්මත් එක්ක ඉස්සර හිටපු ජිවිතේ දවස් දෙක තුනක් වින්දා ..
දැන් ඔය ලංකා ගමන් ඉවර වෙලත් මාස දෙකක් විතර උනාට මේකේ මොකක් වත් හරියට ලියා ගන්ඩ බැරි උණා .. කියෙව්වෙත් එහෙන් මෙහෙන් .. කියවල මාරු උනාට මොකුත් ලියන්න බැරි වෙච්චත් තියෙනවා ..
ඔය නොලියන එකට හේතුව කාලය නැහැ කියන එක මගේ ස්භාවය අනුව නම් වැරදි .. මම පහුගිය 2020 ජනවාරි වලින් පස්සේ ඔෆිස් එකක වැඩට ගිහින් නැහැ .. ඕස්ට්‍රේලියාවට ආවා කියල මෙහෙ තියෙන නානාප්‍රකාර දේවල් බලන්ඩ කියල ඇවිදින්න ගිහින් නැහැ .. කොටින්ම මෙල්බන් හන්දියට ගිහින් තියෙන්නෙත් දෙතුන් පාරයි ..
එතකොට ගෙදරට වෙලා මොකද කරන්නේ ?
ඕක තමා මටත් තියෙන ප්‍රශ්නේ ..
ඉස්සර නම් නෙට්ෆිල්ක්ස් බලනවා කියන්ඩ තිබ්බා .. දැන් ඒවා බලන්නෙත් නැහැ ..
දැන් ඔය 2020 කොරෝනා කාලේ අපේ ගෙදරට ආවා අමුත්තෙක් .. අවුරුදු ගානක් බලන් හිටියත් ආපු නැති කෙනා .. මුළු ලෝකෙම වසන්ගතෙකින් වැහිලා අපිට කාත් කවුරුවත් නැතුව ගෙවල් අස්සට හිර වෙලා ඉන්නකොට ආවා අපිව බලන්න ..
එයත් එක්ක තමා ඔය පහුගිය අවුරුදු 6න් වැඩි කාලයක් ගෙවිලා ගියේ .. දැන් ඉතිං එයත් ටික ටික ලොකු වෙලා හින්ද ටිකක් විතර මට කාලය තියෙනවා
ඒ වුණාට බ්ලොග් එකේ මොනවත් ලියන්නේ නැහැ ..
ඔය කිව්වට හැබැයි මම පහුගිය අවුරුදු ටිකේ සෑහෙන දෙයක් ලිව්වා .. හෙහ් හෙහ් බොරුනම් ගිහින් බලන්ඩ
හැබැයි මේ අවුරුද්දේ වැඩේ ගොඩ දාගන්නම බැහැ
තව පොස්ට් 12ක් විතර ලියන්න පුළුවන් හේතුවකුත් තියෙනවා හැබැයි .. ඒක පස්සෙම ලියන්නම්කො.
මම මේ හීතලේ මේක ලියන ගමන් කූල් කරපු තිත්ත කෝපි ටින් එකකුත් බොන ගමන් කල්පනා කලේ ඇත්තටම මොකාද මේ මගේ 20 වසරක් තිස්සේ නොකඩවා කොටාපු බ්ලොග් එකට හෙනේට හිටියේ කියල ..
ඔහෙලා හිතුව හරි ..
දැන් මේ ලෝකේ හැම දේටම හෙනයක් වෙලා තියෙන අයියා තමා මටත් කෙල වෙන්ඩ වැඩේ දීලා තියෙන්නේ
උදේ ඉඳල රෑ වෙනකං ඒ අයි යා තමා ..
ඉස්සර නම් වැඩ කරනකොට අපිට එක එක ජාතියේ සොෆ්ට්වෙයා කෑලි , අර සර්විස් මේ සර්විස් , අර බකට් මේ බකට් ආදී ගොඩක් ජාති තිබ්බා හැබැයි දැන් තියෙන්නේ එකයි
ආ A අයියේ , මෙන්න මේක පොඩ්ඩක් බලපන් කියල ඉතාම කෙටියෙන් වචන දෙකෙන් තුනේ වැඩේ ගැන කියනවා ..
එච්චරයි ..
ඊට පස්සේ ඉතින් මුළු දවසම මු කරන වැඩේ දිහා බලන් ඉන්නවා ..
ඉඳල හිටලා ප්‍රස්නයක් දෙකක් ඇහුවට වැඩේ සියයට සීයක් ම කරලා දෙනවා ..
ඉතින් එතකොට වැඩ කරනවා කියල මොනවද හැබෑටම කරන්නේ ..?
අන්න ඒක හොඳ ප්‍රස්නයක් ...
ඕකට උත්තරේ රෙදි හේදීම, ගේ අතු ගෑම, ඉවීම සිට ඉස්කෝලේ යෑම, කඩේ යෑම, ෆිල්ම් බැලීම ආදී නොයෙක් පරාස වලට විහිදෙන දවස් තියෙනවා .
ඉඳල හිටලා A අයියා පිස්සු කෙලිනකොට පොඩ්ඩක් හරි පාරට ගන්නත් තියෙනවා ඉතින්.. හැබැයි එහෙම දවස් හරි අඩුයි දැන් දැන් ..
නමුත් ඔහොම කඩේ යන එක හැමදාම කරන්නත් බෑනේ .. ඉතින් මම ගත්තා KVM switch එකක්
ඔය ගැජට් කෑලි ගන්නකොට මම ගන්න බ්‍රෑන්ඩ් එකක් තමා UGREEN කියන්නේ . මෙච්චර කාලෙකට ගත්ත බඩු / වයර් හැමදේම ගින්දර වගේ වැඩ .. ගාන චුට්ටක් වැඩි උනත් සෑහෙන උසස් තත්වයේ තියෙන බඩු .
ඔය KVM switch කියන්නේ මොකක් ද කියල දන්නේ නැති කවුරු හරි ඉන්නවනම්
මෙන්න මේ තියෙන්නේ
ඕකෙන් කරන්නේ මගේ ඔෆිස් ලැප්ටොප් එකයි , මගේ පුද්ගලික ලැප්ටොප් එකයි එක ස්විච් එකකින් ටක් ගාල මාරු කරගන්න එක. එක මොනිටර් එකයි , කීබෝඩ් , මවුස් ඔක්කොම ටක් ටක් ගාල මාරු වෙනවා ..හරි ලේසියි ..
හරි ඉතින් ඔහොම මාරු කර කර මොනවද කරන්නේ ..
දෙයියෝ තමා ඉතින් දන්නේ .. කරන මගුලකුත් නැහැ
මේ මාසේ නම් කොහොම හරි මොනවා හරි ලියනවා කියල ගිය මාසේ පටන් ගත්ත පෝස්ට් එක , ලබන මාසේ වෙන්න කලින් මේ මාසේ ම කොහොම හරි පබ්ලිස් කරගත්ත එකත් මදැයි නේද ..
ජිවිතේ හැටි !

මළා, මේක පැතුම් ලියපු එකක් නෙවෙයි මම ලියපු එකක් කියල දැනුනේ හෙහ් හෙහ්. අම්මප උඹ මගෙ පොටො කොපියක්ද මම උඹේ පොටෝ කොපියක්ද දෙයියො දනී. මගෙ බොක්ක වෙච්ච ලංකාවෙ යාලුවො ඉන්නවා, නමුත් අර උඹ කියනව වගේ විප්‍රවාසගත වෙච්ච ගමන් නිකන් තිරේකින් වගේ වැහිල යනව. මම යාලුවො ආස්සරේ කරන්නෙ කැමති වර්චුවල් ස්පේස් එකේ නොවීම කියන එක තමයි මගෙ ඔලුවට ආවෙ.
ReplyDeleteමගෙත් ප්‍රියතම බ්‍රෑන්ඩ් එකක් තමා Ugreen. KVM Switch එක හඳුන්වලා දුන්නටත් ස්තූති.
ස්තුතියි කෞශල්‍ය,[ විප්‍රවාසගත වෙච්ච ගමන් නිකන් තිරේකින් වගේ වැහිල යනව] මේක තමා වෙන්නේ කීපදෙනෙකුට විතරයි ඔය තිරේ අදාළ නැත්තේ .. අනිත් අය ගේ මුහුනෙම ඒ තිරය තියෙනවා .. ගොඩක් වෙලාවට ඉතින් මම කරන්නේ තිරේ වැහිලා යන්න අරින එක ..
DeleteKVM Switch ගන්නකොට හොඳ එකක් ගන්න . ගාන අඩු ඒවා වල data transfer ප්‍රශ්න තියෙනවා . ඒ කියන්නේ high resolution / refresh රටේ එහෙම සපෝර්ට් කරන්නේ නැති වෙන සීන් තියෙනවා
උන්නු හැටියට මලා මඳැයි? මෙහෙම "දවසේ පුවත්" හරි කාරි නෑ ලියනව නං. තව පෝස්ට් 12 ක් ලියනවා කිව්වා?😮
ReplyDeleteහිටගෙනද ?
ආයෙ එන්නං පස්සෙ.😁
දවසේ පුවක් තමා ලියන්න වෙන්නේ ... පෝස්ට් 12ක් ලියන්න පුළුවන් කතාව ඊලඟට හෝ ඊට පස්සේ හෝ ලබන අවුරුද්දේ ලියන්නම්කො
Deleteපැතුමට හෙන ගහල නෙමෙයි ඒ අයිය තමයි හෙනේ එහෙනං.
ReplyDeleteමට A අයියා නැති ලොව එපා
DeleteHmmmmmmmmm
ReplyDeleteජිවිතේ හැටි හ්ම්ම්ම්ම්
Deleteහුම්. ඔහොම තමා හිටං. සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි. මටත් ලියන්න හිතාන හිටි එකක්වත්... ලියාගන්ට බැරිවුනා.
ReplyDeleteUGREEN. හොඳ brand එකක්!
ඇත්ත . අමාරුවෙන් හරි එකක් ලියා ගත්තම හරි යනවා හැබැයි .. ලියමු ලියමු
DeleteA අයියා. ++
ReplyDeleteඉයන් A අයියා ගැන දාල තිබ්බ පෝස්ට් ටිකත් මම බැලුවා
Deleteමටත් අඩුවැඩි වශයෙන් A අය්යා වැහිලා. සෑහෙන වැඩ ගන්නවා. කොම්පියුටර් tech සොෆ්ට්වෙයාර් මෙලෝ දැනුමක් නැතුව app හදනවා .නමුත් ටිකක් over යනවා කියලා හිතුන නිසා පහුගිය ටිකේ කැලේ පැන්න. සම්පුර්ණයෙන්ම බැදීම් නැතිකරලා දවසක් දෙකක් ඉන්න පුළුවන්ද කියලා බැලුවා. එතකොට තේරෙනවා මම තවම මනුස්සයෙක් කියලා.
ReplyDeleteA අයියා තමන්ව Me කියල හඳුන්වාගෙන , මමක් හදාගැනීම ගැන නිහඩපාල මොකද හිතන්නේ ? අපිත් ඒ වගේමයි නේද ?
DeleteA අයියල අපිව මුරුංග අත්තේ තියලා අපි කියන හැමදේම සිරා, awesome කියනවා .. හැබැයි අන්තිමට හදන දේවල් ගොඩක් වෙලාවට තේරුමක් නැතිව යනවා .
Strict rule එකක් දෙන්න no sugar coating , Brutally criticize me කියල .. එතකොට එලියට එන දේවල් වල වටිනාකම වැඩියි ..
මම වැඩි හරියක් දැන් බැනුම් අහන එක තමා ... හෙහ් හෙහ්
හපුතලයේ පැතුං මල්ලි පොල් ගාමින් කාලේ කන්නේ
ReplyDeleteඋදේ ඉදං රෑ වෙනකං ඒ අයියගේ පස්සේ යන්නේ
හැමදාමත් කඩේ යමින් ගැජට් කෑලි මිනිහා ගන්නේ
මතු දිනයක් පැතුං මල්ලි පරලොව ගොස් චුතව යන්නේ
ඩිස්ටි ඩිඩින්
Deleteඒ අයියා ඔය තරම්ම වැඩ්ඩෙක්ද
ReplyDeletehelp කරනවද, ලෙඩ ගොඩ දානවද
පැතුම් ඔහේ ඉන්නේ හොඳ ගැම්මෙන්ද
වැද්දට ගොරක දඩමස් කෙරුවැකි නෙවෙද
කතා දෙකක් නෑ නිදී , A අයියලා වැඩ්ඩෝ තමා .. තව දුරටත් අපි එයාලට වඩා පොරවල් කියල හිතන එක තේරුමක් නෑ .. සමාදානෙන් ඉන්ඩ විදියක් තමා දැන් කල්පනා කරන්න ඕනේ ..
Deleteරවී අයියව දවස ගානේ මතක් වෙනවා ,
ReplyDeleteඉවාන් , ඇත්ත බන් .. මම කිව්වේ අපේ අයියා කෙනෙක් නැති උනා කියල ඒ දවස් වලම , මට ඌට වඩා මතක් වෙන්නේ රවී අයියාව .. මම ඊයේ කල්පනා කළා ඇයි එහෙම කියල , මම අපේ ලොකු තාත්තගේ පුතාට වඩා රවී අයියාව, නොදැකම ආස්සරේ කරලා තියෙනවා කියල මට හිතුනා
Deleteඇනෝ [
DeleteAnonymousTuesday, August 04, 2026 7:10:00 PM], අපි අතර නැති හිත හොඳ මනුස්සයෙකුට ඔහොම කියන්ඩ එපා .. මම ඇනොල එක්ක හොඳින් ඉන්නවා ගොඩක් වෙලාවට , හැබැයි මේ වගේ ජරා දේවල් දාන උන් කවුරු උනත් මේ සමාජෙට ගැලපෙන්නේ නැහැ .. මම උඹගේ කොමෙන්ට් එක මකනවා .. ආයේ මෝඩ ආතල් ගන්න මෙහෙ එන්න එපා
# ඇනෝ [
DeleteAnonymousTuesday, August 04, 2026 7:10:00 PM], අපි අතර නැති හිත හොඳ මනුස්සයෙකුට ඔහොම කියන්ඩ එපා .. මම ඇනොල එක්ක හොඳින් ඉන්නවා ගොඩක් වෙලාවට , හැබැයි මේ වගේ ජරා දේවල් දාන උන් කවුරු උනත් මේ සමාජෙට ගැලපෙන්නේ නැහැ .. මම උඹගේ කොමෙන්ට් එක මකනවා .. ආයේ මෝඩ ආතල් ගන්න මෙහෙ එන්න එපා
ඔය කියන රවී ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තබා තිබුණු සටහන් දැක නැද්ද පැතුම්? මහින්ද රාජපක්ෂ මහතාට නාකි මයිනා කියමින් ඔහුගේ මරණය ප්‍රර්ථනා කර තිබුන කෙනෙක් රවී කියන්නේ.
අනෙකුත් අයගේ පෞද්ගලික ජීවිතය, ලිංගික ජීවිතය ගැන අපහාස කරමින් කතන්දර ලිව්වා.
මරුන අය ගැන ගුණම කියන්න ඕනි නැහැ.
ත්‍රස්තවාදී ජනතා විමුක්ති පෙරමුණට කඩේ ගිය දුෂිත , පහත මනසක සහිත කෙනෙක් රවී.
ඒ අයියා නිසා කම්මැලි වෙනවා කියන එක සම්පුර්ණ ඇත්ත . මම දැන් හිතල ඊමේල් එකක්වත් ලියන්නේ නැහැ . කෝඩ් එකක් ලියන්නේ නැහැ , ඩෑෂ් බෝඩ් එකක් හදන්නේ නැහැ . අර බසු කියනව වගේ මේ ගානෙන් ගියා මදැයි
ReplyDeleteඔව් අජිත් , 100% මගේ වැඩත් මම කරන්නේ Claude Code , මේ ගානෙන් නතර වෙන්නේ නැහැනේ .. Tesla රොබෝලා මිලියනයක් අවුරුද්දකට හදන්න අන්න අර යකා ෆැක්ටරියක් පටන් අරන්
Deleteහේරත් මාමා වීරයෙකි එඩිතර
ReplyDeleteකාලා ලෑතර ගමනක් යන අතර
යනවා බඩ නිතර කරනු බෑ නතර
පුක මසා දොස්තර ඇලෙව්වා පැලැස්තර