Tuesday, January 07, 2025

ලියනවා ලිවිල්ලක්

මේ අව්රුද්දෙ නම් බ්ලොග් ලියනවා ලිවිල්ලක් .. ඔන්න බලන් ඉන්ඩකෝ ..

එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා !

අනුර අයියට හොරු අල්ලලා ,  හොරුන්ගේ සල්ලි වලින් හාල් පොල් අරන් , රිලව් මරල ,  ලංකාව සුද්ද කරලා ,  බස් වල කෑලි ටික ගලවල , 33 කෝටියක් දෙවියන්ට ඉස්පිරිතාල හදනවට නඩු දාල සිරි ලංකාව දියුණු කරලා ඔහෙලට නිදහසේ මං ලියන බ්ලොග් කියවන්ඩ හේතු වාසනා වේවා කියල සාදු කාරයක් දෙන්ඩ 

26 comments:

  1. හේරත් දියතලාවේ හෙන ගොඩේ නේද?

    ReplyDelete
    Replies
    1. දියතලාවේ නම් ඉතින් ගොඩේ හා සමෝසමේ ම මඩෙත් ඉන්ඩ ඇති :))) අවුරුද්දට හය මාසයක් ගොඩ කියලා එකක් නෑ එහේ.. මඩ තමයි හැම තැනම.

      Delete
    2. මම දියතලාවට චුට්ටක් කලින් හපුතලේ .. හෙහ් හෙහ්

      Delete
  2. සාආදු සාආදු සා ආආ දු

    ReplyDelete
  3. මාව ගොඩ ගනින් යකෝ!😋

    -ඉස්කුරු ලොක්කා -

    ReplyDelete
    Replies
    1. ඕවා පහුගිය ආණ්ඩුවෙන් කරපු වැරදි.. අපි යන්නේ අලුත් ගමනක්

      තමුන්නාන්සේලා අපිට බාදා කරන්ඩ එපා

      Delete
    2. ජයවේවා!
      සුනවේ 🙏💐👌

      Delete
  4. දිගට ලිවිය හැකි නං කිව්වම සාදු
    දෙන්නං ගිගුම් දෙවමින් තව තව සාදු

    ReplyDelete
    Replies
    1. ලපයට වදී අද දින හෙන හත සාදු
      ජන්දේ දුන්නු උන්ටත් එය වේ සාදු

      Delete
    2. කොමෙන්ට් ටිකක් දාල ආවම ලියන්නන මෙව්වා එකක් එනවා .. ඕක දිගට තියා ගන්න අමාරුව නේ ප්‍රස්නේ

      Delete
  5. මාත් ඔහොමමයි හිතුවේ.. ඇත්තටම ආයේ ලියන්න පට්ට ආසයි. ඒ වගේම මේ අවුරුද්දේ මුල් කාර්තු දෙකේ පොඩි නිදහසකුත් තියෙන හැඩයි. එහෙනම් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙමට කියල වෙනසක් නැහැ .. හැමදාම එකම විදියට වැඩ .. හැබැයි ගොඩක් කාලේ කනවා ෆෝන් එකටයි , ෆිල්ම්ස් බලන්නයි .. ඒ කාලේ ටිකක් අඩු කරන්ඩ හිතුවේ මේ අව්රුද්දෙ

      Delete
  6. හැමදාම ලියන්න. ලියවිල්ල අතෑරුනොත් හරි අමාරුයි ඒ තැනට නැවත එන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමා වෙන්නේ .. ටික දවසක් නොලියා හිටියම පටන් ගන්න හිතෙන්නෙම නැහැ

      Delete
  7. බ්ලොග් බැරිනං මැල්ලුං හරි ලියල දානව මේකෙ ඉඳගෙන.

    ReplyDelete
  8. කැලැන්ඩර් අවුරුදු විස්සක් තුළ එක දිගටම කැලැන්ඩර් අවුරුද්දකට එක පෝස්ට් එකක් හරි දමලා තියෙන මම දන්න එකම සිංහල බ්ලොග් එක. කොහොම හරි දිගටම ඇදගෙන යමු.

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා, ඒකනේ දන්නෙම නැතුව නාකිත් වෙලා ..හෙහ් හෙහ් .. ලියමු ලියමු

      Delete
  9. දැන්නම් බ්ලොග් එපාම වෙලා බන්...චිත්‍ර කතා වලට වෙච්ච් වැඩේ දැන් බ්ලොග් වලට වෙලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ඩ දෙන්න බෑ අපේ හාමුදුරුවනේ .. අපි මේක කොහොම හරි නග්ගල ගන්ඩ ඕනේ

      Delete