Sunday, January 27, 2019

ඉස්කෝලේ කාලේ කතා 3 කොටස - කෙල්ලන් සමග කපුටා සහ ICQ චීන නංගි


            කලින් කොටසේ කිව්වනේ මගෙයි යාලුවගෙයි චැට් කිරිල්ල ගැන... දැන් අර A ළමයගෙ සීන් එක ඉවර වෙලා ආපහු එකක් හොයා ගන්න ට්‍රයි කර කර හිටියේ. කලින් කිව්වා වගේ මගේ යාලුවට තිබුනේ කොහොම හරි පිට රට ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න එක. ඌ වැඩි හරියක් ICQ එකේ. මම කපුටා සහ ICQ දෙකේම හිටියා.  ඉතින් ඔන්න ඔහොම ටික දවසක් යද්දී මෙන්න ICQ එකෙන් මට සෙට් වෙනවා තව ගෑනු ළමයෙක්... අපි ඒ ළමයට B ළමය කියමුකෝ... 

මේ B ළමයා චීන ළමයෙක්. හැබැයි එයාගේ අම්මා ලංකාවේ, තාත්තා චීන ජාතිකයෙක්. සිංහල කතා කරන්නත් පුළුවන්... හෙහ් හෙහ් එකපාරට නිකං විස්වාස කරන්නත් බෑ වගේ... කොහොම උනත් දවසක් දෙකක් කතා කරද්දී කියන දේවල් ඇත්ත ගතියක් දැනුනා. මට අම්මගෙයි තාත්තගෙයි වෙඩින් ෆොටෝ එකත් එව්වා. ඒ කියපු විදියට වැඩේ ඇත්ත. හෙහ් හෙහ් මම ඉතින් අරූටත් කතාව කිව්වා... ඌ ඉතින් එල එල කියල විස්තර එහෙම ඇහුවා... අපි දෙන්න හැම එකම කතා බහ කරන හින්ද මම ඉතින් ඔක්කොම විස්තරේ කියල දැම්ම... මට අවංකවම ඒ දවස් වල චීන කෙල්ලෙක්ට කිසිම කැමැත්තක් තිබුනේ නෑ... මට ඕනේ වුනේ ලංකාවේ ළමයෙක්. හැබැයි ඉතින් සෙට් වෙච්ච හින්ද ඔන්න ඔහේ කතා කර කර හිටියා... 

ඔහොම ඉද්දි මගේ යාලුවා දවසක් මගෙන් ඔය ළමයගේ  ICQ id එක ඉල්ලුවා... මම ඉතින් ටක් ගාල දීලා දැම්ම ඌටත් කතා කරන්න කියල... ඊට පස්සේ ඉතින් අපි දෙන්නම කතා කර කර හිටියා. පස්සේ මේ ළමයා මාත් එක්ක ස්කයිප් එකෙන් පවා කතා කළා. ඒ වෙද්දී එයා කියන කතා ඇත්ත කියන බවත් තේරිලා ඉතින් ඔන්න ඔහේ වැඩේ ඇදගෙන ගියා. ඒ කාලේ කොහොමත් ඉතින් ඔය කසාද බඳින කෙනා ගැන වගේ දේවල් කතා බහ කරනවනේ... මේ ළමයට ඕනේ වෙලා තිබ්බේ කොහොමත් ලංකාවේ කොල්ලෙක්ව. මොකද මට කිව්වා චයිනිස් කොල්ලන්ට කැමති නෑ... උන් නිකන් ගෑනු වගේ... අපේ හමේ පාටට, පොඩ්ඩක් හැඩි දැඩි ගතියට තමා එයා කැමති කියල... මම ඉතින් ඒ හැටි හැඩි දැඩි  නම් නෑ කියල ඔන්න ඔහේ කතා කර කර හිටියා... හෙහ් හෙහ්

යාලුවත් ඉතින් සැරෙන් සැරේ විස්තර අහ අහ ෂේප් එකේ හිටියා. මේ කෙල්ල ෂේප් හින්දා චීනෙන් මොනවා හරි ගෙන්න ගන්නත් අපි දෙන්නා ප්ලෑන් කළා... හෙහ් හෙහ්

මට ඒ දවස් වල ස්ටාර් වෝර්ස් පිස්සුව තදටම තිබුනා. ඔෆිස් එකේ ඉන්න කම් කලේ ඔය ටි.වී සීරිස් ඩවුන්ලෝඩ් කරන එක. මට මතකයි මම දවසක් මේ ළමයාගෙන් ඇහුවා lightsaber එකක් එවන්න පුළුවන් ද කියල හෙහ් හෙහ්...  (lightsaber දන්නේ නැති අය බැරි වෙලා හරි ඉන්නවනම්... අනේ මන්ද... එහෙම අය ඉඳල වැඩක් නෑ.. හෙහ් හෙහ්)

මේ කෙල්ලට පුදුම හිනා මම ඉල්ලපු එක අහල... ඒවා අර පොඩි ළමයින්ට සෙල්ලං කරන්න හදපු ලයිට් පත්තුවෙන පොලු වගේ කියල හොඳටම හිනා වේවි හිටියා... කොටින්ම මගේ  ඇත්ත වයස ගැනත් ඇහුවද කොහෙද... හෙහ් හෙහ් අපි කොච්චර අහිංසක ලමයිද කියල තේරෙනවනේ ඉතින්...

කතා කරපු වෙන කිසිදෙයක් දැන් මතක නෑ... ඔය lightsaber කතාව නම් තාම මතක් වෙනවා ඔය කඩවල ඒවා දැක්කම... හෙහ් හෙහ්   ඉතින් මේ ආකාරයෙන් යද්දී ඔන්න ටික ටික මේ ළමයාගේ කතා බහ අඩු වෙන්න ගත්තා ... කතා කරපු වෙලාවල මට කිව්වේ ඉතින් එක එක වැඩ..තාත්තා කැමති නෑ වැඩිය චැට් කරනවට ඕවා මේවා තමා...  මට මතක විදියට ඒ දවස් වල තව ලංකාවේ අය කීප දෙනෙක් එක්කත් කතා බහ කරනව කියලත් කිව්වා. මට ඉතින් ඒවා ඒ හැටි වැදගත් වුනේ නෑ මොකද කිව්වොත් වෙන වෙන ඔන්ලයින් නොවන සිද්දි දෙක තුනකුත් ඒ දවස් වල මගේ ඔලුවේ තිබුන එකයි කොහොමත් මේ ළමයා මගේ ටයිප් නොවන බව මට තේරිච්ච හින්දා නිකං යාලු කමක් විතරයි ඉතින් තිබ්බේ...

ඔහොම දවස් දෙක තුනක් යද්දී මේ කෙල්ල දවසක් මට කතා කරලා එක පාරටම බනින්න ගත්තා... මම මහා එපා කරපු මිනිහෙක්.. එයා මං ගැන හොයල බැලුවා.. එයාට ලංකාවේ කන්ටැක්ට්ස් තියෙනවා.. මම මේ හතර වටේ කෙල්ලෝ එක්ක චැට් කර කර ඉන්නවා... අරකයි මේකයි කියල... 

එක පාරටම මොකක් ද මේ පාත් වෙච්ච මල ඉලව්ව කියල ඉතින් මාත් ඉතින් පොඩි සද්දයක් දැම්ම... මගේ චරිතේ ගාතනේ කරන්න දෙන්න බෑනේ... ඉතින් දවසක් දෙකක් ඔහොම වලි සීන් ගියා... 

පස්සේ මම මගේ යාලුවත් එක්කත් මේ සිද්දිය කියල ඕනේ එකක් කියල හිටියා...

කොහොම කොහොම හරි මේ කෙල්ල හේතුවක් නැතුව මට බනින එක වැඩි වෙන්න ගත්තා... අන්තිමට නිකන් වැඩේ මල ඇනයක් වෙන්න අරං අන්තිමට චැට් එකෙන් ගහ මරාගන්න මට්ටමට ආවා.. හෙහ් හෙහ්...  මට මතක විදියට මං ගැන දන්නා තව ලංකාවේ එක්කෙනෙක් එයා දන්නවා.. මං ගැන හොයල බැලුවා  අරකයි මේකයි කියල තමා ඔය වලි පටන් ගත්තේ... මට ඉතින් මේ මොන මගුලක් ද කියල තමා හිතිලා තිබ්බේ.. කොහොම හරි ඔහොම ගිහින් ඒ හුට පටෙත් නතර වෙලා ගියා...

මට ඔය වලි යන්න මුලික වෙච්ච කතා බහ කිසි දෙයක් මට දැන් මතක නෑ.. හැබැයි මේ කෙල්ල පස්සේ පස්සේ පාවිච්චි කරපු වචන එහෙම ඒ ළමයට තිබ්බ සිංහල දැනුමත් එක්ක කියන්න පුළුවන් කමක් නෑ කියල මට ඔය සිද්දි ඉවර වෙලා කාලයක් ගියාම තේරුම් ගියා... මොකද ස්කයිප් කෝල් එහෙම නුහුරු සිංහලෙන් කතා කලේ... හැබැයි පස්සේ වලි චැට් එහෙම නියම සිංහලෙන් ආවා..... හෙහ් හෙහ් හෙහ්... 

ඉතිං ඔය ආකාරයෙන් ඒ චීන ශ්‍රී ලංකා සම්බන්දතාවයත් කැඩිලා ගිහින් මම ඔය වෙන වෙන අක්කලා නංගිලාගේ සීන් වලට පැටලිලා ඉතින් ඕවා අමතක වෙලා ගියා...

තව මාස 3 4ක් යද්දී මගේ යාලුවත් ඒ කොම්පැනියෙන් අස් වෙලා ගියා. මිනිහා රට යනවා කියල තමා අස් වුනේ... මමත් ඊට මාස 6කට විතර පස්සේ ඒ කොම්පැනියෙන් අස් වෙලා ගිහින් ඔක්කොම වෙනස් වුනා. කපුටා සහ ICQ චැට් කිරිල්ලත් අලුත් තැන වැඩට ගියාම නතර වෙලා.. පොඩ්ඩක් වගකීමෙන් හැසිරෙන්න පටන් ගත්තා මම.. ඒ කිව්වේ ඔන්ලයින් ලයින් නොදා පොලවේ පය ගහල ඉන්න කෙල්ලෙක් හොයා ගන්න එක... හෙහ් හෙහ්... 

ඊටත් අවුරුදු 2-3ට පස්සේ ඔය ICQ, කපුටා ඔක්කොම පරාද කරගෙන ෆේස්බුක් ජනප්‍රිය වෙන්න පටන් ගත්ත කාලේදී අපිත් ඉතින් කසාද බඳින වයසටත් ඇවිල්ලා හිටියේ. ෆේස් බුක් එක මට මුලින්ම හඳුන්වල දුන්නෙත් ඔය ඔහොම ඔන්ලයින් හම්බවෙච්ච ගෑනු ළමයෙක්... ඒ ලමයව සෙට් වුනේ Orkut එකෙන්ද කොහෙද.. එයා නම් තාම ෆේස්බුක් එකේ ලයික් එකක් දාගෙන ඉන්නවා... හෙහ් හෙහ්.. තව ආතල් ජනක සිද්දි ෆේස්බුක් එකේ සිද්ද වෙන අතරෙදි අර මගේ යාලුවා චීන ගෑනු ළමයෙක්ව කසාද බැඳලා එයාගේ ෆොටෝස් ෆේස්බුක් එකේ දාල තිබුනා... ඌ පදිංචි වෙලා හිටියේ පිට රට...

හෙහ් හෙහ් හෙහ්...

ඌ බැන්දේ අර මාත් එක්ක කතා කරපු චීන ළමයද කියන එක මට අදටත් හරියට කියන්න බෑ... මම කවදාවත් උගෙන් ඒක ඇහුවෙත් නෑ... මොකද ස්කයිප් එකෙන් යාන්තමට දැක්ක රුපෙක මතකයක් විතරයි මට තිබුනේ.. ඒ වෙද්දී ඒ කෙල්ල ගැන කිසිම තොරතුරක් හොයා ගන්න බැරි විදියට id ඔක්කොම වෙනස් වෙලා... ඇත්තටම මට ඒක උගෙන් ඕනේ වෙලාවක අහන්න පුළුවන් කම තිබ්බත් මම ඇහුවේ නැත්තේ  මට ඒ ගැන හොයන්න කිසිම වුවමනාවක් ඒ දවස් වල තිබුනෙ නැති එක. අනිත් එක බැරි වෙලා හරි ඌ බැඳලා හිටියේ ඒ කෙල්ල නම් මම ඒක අහන එකෙන් ඌ අවුල් යයි කියල මට හිතුන නිසා...  මොකද මට ඒක කිසි වැඩකට නැති සිද්දියක් වුනාට ඌට ඒක ඌ හැමදාම හොයපු දේ වෙන්න ඇති නේ... 

නමුත් අර අපිට සමහර දේවල් ඉබේ දැනෙන ගතියක් තියෙන්නේ.. අන්න ඒ ගතිය අනුව මට හිතෙනවා මගේ යාලුවා ඉතා දක්ස අන්දමින් ඌට හැමදාම ඕනේ වෙච්ච දේ කරගෙන කියල... හෙහ් හෙහ් හෙහ්


12 comments:

  1. එළ .. උඹේ යාලුවම තමා ගේම ගහලා තියෙන්නේ...ආයෙ දෙකක් නෑ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ෂුවර් නෑ ඉතින්... ඌම තමා ඒක දන්නේ... හෙහ් හෙහ්

      Delete
  2. එක්ක කතත් බොක්ක වෙනයි.. කොක්කන පයි වෙන වෙනමයි..

    අපේ ආච්චි ඉස්සර නිතර කියන ආප්තෝපදේශයක්.. :D

    ReplyDelete
    Replies
    1. ආදරේ අන්ධයිලු නේ... ඌට මට වඩා ඒ ළමය වැදගත් වෙන්ඩ ඇති... ඕව නම් මොනවද මෙයා

      Delete
  3. හැක්.. උඹට බැරි උනාට උඹේ යාලුව චීන ශ්‍රී ලංකා සබඳතාවය අගේට පවත්තගෙන ගිහිල්ල වගේ.

    අර කෙල්ලගෙන් මකරෙක් එවන්න කියල ඉල්ලුවෙ නැති එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මුල් දවස් ටීකේ නම් මකරෙක් ඉල්ලුවත් එවන ගානට හිටියේ... පස්සේ මකරියක් වගේ තමා වලියට ආවේ... හෙහ් හෙහ්..

      චීන ශ්‍රී ලංකා සබඳතා හැමෝටම කරන්ඩ බෑ.. ඒවාට හැකියාව තියෙන්න ඕනේ.. හෙහ් හෙහ්

      Delete
  4. https://www.dailymail.co.uk/news/peoplesdaily/article-3643147/Inventor-vagina-calligraphy-expelled-Chinese-artists-association-having-women-write-genitals.html

    ReplyDelete
    Replies
    1. හපොයි! පුදුම යක්කු තමා එහෙ ඉන්නේ...

      Delete
  5. හිත දුවන තැන්. නියමයි .

    ReplyDelete
    Replies
    1. නිකන් ඉන්න වෙලාවට පොඩි රවුමක් දාල එන්න හොඳයි ඉතින්... හෙහ් හෙහ්

      Delete
  6. මං ට්‍රයි කලා ජපං යන්ඩ :-D
    කොහොම කියලය හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමේට ද? හෙහ් හෙහ්.. කියන්නකෝ බලන්න විස්තරේ

      Delete