Wednesday, September 26, 2018

මස්සිනාගේ සිංදුව


මස්සිනාල සහ සිංදු කියන්නේ ජිවීතේට නැතුවම බැරි අංග දෙකක්. මස්සිනාලා ඉන්න ඕනේ කෙනෙක් මස්සිනාලගේ අගය දන්නවනේ... මටත් අපරාදේ කියන්ඩ බෑ අපුරු මස්සිනාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නගේ ඇඩ්වෙන්චර් ගැන වෙන වෙනම ලියන්න ජාති තියෙනවා. 

ඉස්සෙල්ල මේ සිංදුව අහල ඉන්නකෝ




මේ තියෙන්නේ පද වැල...

කවුරුවත් නොවී...
දැවටෙන්නට ඔය හිත ළඟ
සිතිවිල්ලක් පමණක් වී...
ඉඩ දෙනවානම් අපි හමුවෙමු
වෙනදා වාගේ අද හැන්දෑවෙත්

දෝර ගලා යයි හිත තුල සෙනෙහස
නුඹේ උණුසුම් සෙවනින් //
එපා අයිතියක් කිසිදා මා හට
හිනැහෙමු මේ විලසින්
හිනැහෙමු මේ විලසින්

කවුරුවත් නොවී.....

හදද තැවෙයි නෙත කඳුල නැගෙයි
විය නොහැකිය කිසිවෙක්//
පුංචි ඉඩක්වත් තියන්න හිත තුල
යදම් නොමැති තැනකින්
යදම් නොමැති තැනකින්

කවුරුවත් නොවී...
දැවටෙන්නට ඔය හිත ළඟ
සිතිවිල්ලක් පමණක් වී
ඉඩ දෙනවානම් අපි හමුවෙමු
වෙනදා වාගේ අද හැන්දෑවෙත්

මේ සිංදුව අපි වගේ පොඩි ළමයින්ට තාම ගැඹුරු වැඩියි... 40 පැනපු සහ ඒ ආසන්නයේ ඉන්න අයට හිතෙන දේවල් නේ ඕවා... කොහොම උනත් ඉතින් කව්රුවත් නොවී ඉන්නකොට නම් ෂේප් එකේ ඉන්න පුළුවන් කියල නම් මටත් තේරෙනවා.

දිමුතු අයියා ඉතින් බොහෝ අංශවලට දක්ෂ, හොඳ රසවින්දනයක් තියෙන, කලාකාමී චරිතයක්. මේ ඉතින් ඒවගේ තව එක දක්ෂතාවයක් එලියට දාපු අවස්තාවක්. ඔය යු.ටියුබ් චැනල් එකේ තව වීඩියෝ කීපයක් තියෙනවා. වටින අදහස් තියෙන.

එයාට මේ සිංදුව ලියන්න හේතු බූත වෙච්ච කාරනා කාරනා නම් මම දන්නේ නෑ... පස්සේ වෙලාවක අහල බලල දැන ගන්න ඕනේ. ඒ වයසට එද්දී අපිටත් වැදගත් වෙන්න පුළුවන් නේ...  අපේ අක්කගෙන් ඇහුවහම නම් කිව්වේ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්ට බෑ... කියල... එයාටත් මේ දවස් වල සිංදු, නැටුම් ගැයුම් ගැන පොඩි උණක් හැදිලා...

ඉතින් මේ සිංදුව ගැන ඔබලාගේ අදහස් කියන්න. මට හිතෙනවා මේ දවස් වල නිතර ඇහෙන ජාතියේ නොවන වෙනස් නිර්මාණයක් කියල.

දිමුතු අයියගේ යු.ටියුබ් චැනල් එකට දිගට වීඩියෝ දාන්න තමා අපේ බලාපොරොත්තුව. එයා මානව සංවර්ධනය සහ තව වෘත්තීය උපදේශනය සහ තව අන්න ඒ වගේ ජාති ගැන ප්‍රබුද්ධයෙක්. ඉතින් කාට හරි ඒ අංශ ගැන දැන ගන්න සහ උනන්දු නම් සම්බන්ද කරලා දෙන්න පුළුවන්. ඒ සම්බන්ද කාරණා ගැන ලංකාව පුරා බොහෝ ආයතන වල වැඩමුළු එහෙම පවත්වනවා. (කොයි වෙලාවෙත් ගෙදර නෑ කියල තමා අක්ක නම් බනින්නේ). ඕවා ඉතින් ඔහොම තමා.

මේ සිංදුව ගයන කෙනා සහ තනු නිර්මාණය කරපු කෙනෙත් මේ ක්ෂේත්‍රයට අලුත්ම අය මම හිතන විදියට. ඒ දෙදෙනාත් සිංදුව ලස්සන කරන්න උපරිමෙන් දායක වෙලා තියෙනවා. මේක රේඩියෝ වල ඇහෙයි ද කියල නම් මම දන්නේ නෑ... නමුත් නිතර අහනකොට එපා නොවන ලස්සන සංගීතයක් සහ අපේ හිත් සහ බැඳීම් ගැන නිවාඩු පාඩුවේ හිතල බලන්න පුළුවන් විදියේ සිංදුවක්.

බ්ලොග් ලියන කියවන ඔබගේ අදහස් සහ විවේචන (පස්සේ ගැසීමට මඩ)  ඉතා ආදරයෙන් බාරගන්නවා.



19 comments:

  1. හෙලෝ පැතුම් ,

    හරිම නිස්කලංක ගතියක් දැනෙන සිංදුවක් .
    වුනාට ඒ උඹලා වගේ 40 පැනපු එවුන්ට මේක හරියන්නේ නෑ, අපි වගේ පොඩි කොල්ලොන්ට හරියන එකක් මේ, හැක හැක

    ReplyDelete
    Replies
    1. හෙලෝ ඉවාන්,

      බොහොම ස්තුතියි ඉවාන් අදහසට..
      මට 40 වෙන්න තව සෑහෙන කලක් තියෙනවා යකෝ...

      මේ එක නෙමෙයි තව මාර ගතියට ලියපු බ්ලොග් එකක් තියෙනවා.උඹ බලල තියෙනවද?

      උඹ දන්න කියන කෙනෙක් ලිව්වේ... ඒ දවස් වල

      මේ තියෙන්නේ..
      http://iwanpaulooshaa.blogspot.com/

      ඒක ලියපු එකා උඹට හම්බ උනොත් අපි මතක් කළා කියපන්. මිනිස්සුන්ව අමාරුවේ දාල ඔහොම හැංගිලා ඉන්ඩ එපා කියලත් කියපන්... ආයේ කොහොම හරි ලියන්න කිව්වා කියලත් කියපන්..

      Delete
    2. ඉවාන් ඔහේ තාම ලැට් එක ඇතුලෙද?

      Delete
  2. Replies
    1. මේ වැට නම් අපේ මස්සිනා කොහොම තේරුම් ගනියි ද මං ද. මිනිහ බ්ලොග් කියවීම ගැන ඒ හැටි දන්නේ නෑ..

      ස්තුතියි ප්‍රා.

      Delete
  3. වැඩක් නෑ බං තව කපල කොටල හදන්න ඕන සිංදුවක ගතිය එන්න නං. කවි ලිව්වට හැමෝටම සිංදු කියන්න බෑ ඒකට සතත අභ්‍යාසය ඕනේ. හිතින් රස විඳින්න ඕන. මස්සිනාට කියහං මං බැන්න කියලා.. හැබැයි මේකේ අදහසට මං උපරිම ලයික්. වෙව්ලල යන විදියට වචන ඇවිත් නෑ. (වෙන්ටෝනේ ඒකයි බොස්) හැක්

    ReplyDelete
    Replies
    1. පලි- දැං කව්රුවත් එන්න එපා හතිලිහ පැනපු උන්ට මෙව්වා දැනෙනවා කියන්න එහෙම. මොකද මං තාම පැතුම්ටත් වඩා බාලයි. (දැනුම්දීමකි) හැක්

      Delete
    2. ස්තුතියි දේශා, විවේචන තමා වැදගත්.. වෙව්ලල යන ගතිය එන්න නම් සිතිවිල්ලක් පමණක් වෙච්ච එක මාට්ටු වෙන සීන් එකක් ගැන එහෙමත් දාන්න වෙයි මම හිතන්නේ... මම කියන්නම්කො එයාට... සමහර විට ඊලඟ සිංදුව හොඳට එයි....

      අඩෝ 40 කියන්නේ පට්ටම වයස කියල තමා මස්සිනා නම් කියන්නේ...මිනිහට 40 පැනලත් දැන් සෑහෙන කාලයක් වෙනවා ...

      උඹල අපි මේ පොඩියට ඉන්න හින්ද තමා මේ ඔක්කොම ප්‍රශ්න...

      Delete
  4. පලවෙනි පාර ඇහුවම වරදක් දැනුනේ නෑ.. ඕනෙම සින්දුවක් හිතට වදින්නේ කිහිප වතාවක් ඇහුණාම සහ අපිට සමීප අත්දැකීමක් වෙනකොට. ඒ වගේම දැන් රුප රචනා කලාව හරහාත් සින්දු හිතට වද්දවන්න හෝ එපා කරවන්න පුළුවන්. මේකට විෂුවල් එකකුත් කරමු කියන්න. හැමෝටම සුභ 'පැතුම්'!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමි. පළවෙනි පාරට වැඩිය දෙතුන් පාරක් අහද්දී අහන්න ආස හිතෙනවා. මටත් මුලින් අහද්දී හිතුනේ සරල ලස්සන සිංදුවක් කියල.. හැබැයි දෙතුන් පාරක් ෂේප් එකේ අහද්දී පොඩි ලෞල්ය ගතියක් තියෙනවා... හෙහ් හෙහ්..

      විෂුවල් එකක් කරන්න නම් අදහසක් තියෙනවද කියල මම දන්නේ නෑ.. හැබැයි හොඳ යෝජනාවක්.. මණ්ඩලේට දාල බලන්නම් මම.

      Delete
  5. 40 පැන්න උන්ටනේ ඕව තේරෙන්නෙ. අපිට අදාල නෑනෙ ඕව. හැක්..
    ලස්සනයි පද පෙල.

    හොඳ වෙලාවට අපේ මස්සිනාල දෙන්න සින්දු ලියන්නැත්තෙ. හැක්..x2

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න අයියා, මම කිව්වේ හැබැයි දෙවෙනි වතාවට 40 පැන්න අය ගැන නෙමෙයි...

      අවුලක් නෑ ප්‍රසන්න අයියල , දේශකල, අපි තාම පොඩි ළමයි නේ..

      අපේ අනිත් මස්සිනා ගන්නේ වෙන ජාතියක අමුතුම ආතල්... ඒවා ගැන වෙනම දවසක එකක් ලියන්නම්..

      Delete
  6. හප්පා තව අවුරුදු 12 ක්ම යනවා මේක තේරුම් ගන්න...😜

    ඇත්තටම මට තේරුමක් අල්ලගන්න අමාරු වුනා කිව්වොත් නිවැරදියි...

    ReplyDelete
    Replies
    1. සෙන්නා තාම පොඩි වැඩියි එහෙනම්... තව ගොඩක් ලොකු වෙන්න ඕනේ. හොඳට බත් කාල ඉක්මනට ලොකු වෙලා ඇවිත් ආයේ කියවල බලන්න.. හෙහ් හෙහ්..


      තේරුම ඉතින් හිතින් විතරක් පෙම් කරන්නම් . අයිතිවාසිකම් කියන්න ට්‍රයි නොකර වගේ අදහසක්. ඔහොම දේවල් හිතෙන්නේ මම හිතන්නේ 40 විතර පැන්නට පස්සේ.

      Delete
  7. ලස්සනයි මචෝ සින්දුව...

    හරිම නිසකලන්කයි අහනකොට....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විභීෂණ

      Delete
  8. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම ඒ පැත්තේ ඇවිත් බලන්නම්

      Delete
  9. මේ සින්දුව ගොඩ යන්න නම් කෞෂි නඟා දාලා පොඩි video එකක් හදන්නම වෙනවා

    ReplyDelete