Saturday, August 18, 2018

බාලි සංචාරය - 3


පසුගිය කොටස්

1 කොටස

2 කොටස


පහුවදා ගමනට අපි හොටෙල් එකෙන් වාහනයක් සෙට් කරගත්තා. උදේ නමය වෙද්දී ගමන පිටත් වෙද්දී අපේ අදහස තිබුනේ බාලි වලට යන ඕනෙම කෙනෙක් බලන්න යන ප්‍රධාන පන්සල් දෙකක් බලන්න යන්න. එකක් Tanah Lot සහ අනික Uluwatu. මිට අමතරව Ubud කියල වෙනම රට ඇතුලට වෙන්න තිබුණු පැත්තක් ලස්සනයි කියල අපි ඉන්ටර්නෙට් එකෙන් හොයල දැනගෙන තිබ්බ නිසා ඒ පළාත බලන්නත් අදහසක් තිබුන. වාහනේ රියදුරු තැන එක්ක කතා කරද්දී තේරුනා අර කියපු පන්සල් දෙක බලන එක සහ Ubud යන එක එක දවසෙන් කරන්න බෑ කියල. ඊට පස්සේ අපේ තීරණේ වුනේ එහෙනම් Ubud පළාත බලල එක පන්සලක් විතරක් බලමු කියන එක. නානාප්‍රකාර පන්සල් ඉතින් අපිට අමුතු දේවල් නෙවෙයි නේ.

ඔහොම හිතාගෙන ඔන්න ගමන පිටත් වුනා. වාහනේ රියදුරා ටිකක් කතාවට බර නිසා මම මිනිහත් එක්ක කතාවට සෙට් වුනා. 

ඉන්දුනීසියාව කියන්නේ  මුස්ලිම් රටක්. නමුත් බාලි සම්පුර්ණයෙන්ම වගේ හිංදු. නමුත් ඒ හිංදු සංස්කෘතිය  ටිකක් වෙනස්. මම හිංදු සංස්කෘතිය ගැන වැඩිය දන්නේ නෑ... නමුත්  රියදුරා සමග කල කතා බහේදී අපිට හුරුපුරුදු හිංදු ඇදහිලි වලිට වඩා වෙනස් කියල මට හිතුනා. ඔවුන් අදහන විදියට සහ බුද්ධාගම් කාරයෝ හැටියට අපිත් හිතන විදියටම තල තුනක් තියෙනවා. එකක් උඩින් තියෙන දේව තලය, අනික අපි ඉන්න මනුස්ස තලය සහ යටින් තියෙන අපාය. අපි වගේ දෙවියන්ට විතරක් සලකල ලකුණු දාගන්න බලන්නේ නැතුව බාලි වල මිනිස්සු යටින් තියෙන අපායේ ඉන්න නරක යැයි සම්මත බලවේග වලටත් පුද පුජා තියල ලකුණු දාගන්නවා. ඔවුන්ගේ තර්කය වන්නේ හොඳ සහ නරක යන දෙකම හරියාකාරව සමබරව තබා ගැනීමෙන් ඔවුන්ට සෙත සැලසෙනවා කියල. මිට අමතරව ඔවුන් මිය ගිය ඥාතීන් අදහන වැඩෙත් කරනවා. ඒ අතින් බලපුවහම ඒ මිනිස්සු හැමෝටම එක හා සමාන ලෙස සලකනවා. මේ සැලකීම් කොතරම් දුරකට ඔවුන් පිළිපදිනවද කිව්වොත් ඔවුන් සිය නිවෙස් පන්සල් බවට පත්කරගෙන ඒ ඒ අදාළ දෙවියන්ට,යක්ෂයින්ට සහ ඥාතීන්ට පුද පුජා පවත්වනවා. හැම ගෙදරම පන්සලක් වීම තමා බාලි නගරයේ තියෙන මම දැකපු වැදගත්ම සහ වෙනස් ම ලක්ෂණය.  තම තමන්ගේ වත් පොහොසත් කම් අනුව තම ඉඩම තුල සාදන පන්සල් වල විශාලත්වය සහ අලංකාර බව වෙනස් වෙනවා.  මෙන්න මේ ලිංක් එකේ තියෙනවා බාලි නිවසක ආකෘතිය.

මම දැනගත්ත විදියට සිය නෑ පරපුරේ විශාලත්වය අනුවත් මේ තනන පන්සල් වල ප්‍රමාණය වෙනස් වෙනවා.  මේ තියෙන්නේ ඔය හදන පන්සල් වල ආකෘතියක්.


බාලි නිවසක  පවුලේ පන්සල - පින්තුරය ගුග්ල්


පාර දෙපස කොහේ බැලුවත් විවිද හැඩයෙන් යුතු පන්සල් සහ මෙන්න මෙවැනි ඉතා අලංකාර කැටයම් සහිත  නිර්මාණ තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමා බාලි මිනිසුන් කලාවට දක්ෂ මිනිසුන් බව. මුළු බාලි දුපත පුරාම තියෙන්නේ අනෙක විදියේ කැටයම් කිව්වොත් හරි.

මෙතන ඉඳල පින්තුර ටිකක් දාන්නම්

මහ පාරට පෙනෙන බාලි නිවසක කොටසක්. වාහනේ යන ගමන් ගත්තු එකක්

මේ තියෙන්නේ ඔය සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් පාරට පේන හැටි...  නගරයේ විදි වල දිගටම මේ වගේ තමයි

විශේෂයෙන් හදපු පන්සල් වෙනම තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ පන්සලක පින්තුර

බාලි වල හැම තැනම වගේ මේ විදියේ උසට හැදුනු කණු දෙකක් තියෙනවා.
බාලි පන්සලක ඇතුලත


මේ පන්සල ඇතුලට යන්න නම් හැමෝම රෙද්දක් ඇඳ ගන්න ඕනේ. දිග ඇඳුම්, කොට ඇඳුම් කියල වෙනසක් නෑ... පොඩි ගානක් දීල රෙද්දක් අරගෙන සරම වගේ ඇඳගෙන යන්නයි තියෙන්නේ..

පන්සල පුරාම තියෙන්නේ කැටයම් තමා...

අමනුෂ්‍ය කැටයමක්
දෙවියෙක් වෙන්න ඇති
තවත් ගල් වලින් නෙලපු කැටයමක්


ඔය පන්සල බලාගෙන අපි පාරදිගේ යනකම් මග දෙපස තිබුනේ විවිධාකාරයේ අත්කම් භාණ්ඩ විකුණන කඩ. හරි ලස්සන නිර්මාණ තිබුනා.

විනාඩි 45ක පැයක විතර ගමනකින් පස්සේ Ubud කියල ඔවුන් සංචාරක ආකර්ෂණය ඇති කරලා පෙන්නන්නේ මෙන්න මේ වෙල... හෙහ් හෙහ්... Bali Rice Fields කියල සුද්දෝ නම් එනවා බලන්න. අපිත් ඉතින් මැජික් වගේ මෙන්න මේ වෙල දිහා බලල ආවා. මෙතන ඉතින් හැමවෙලේම කුඹුරු කොටන ගොවියෙක්, ගොයම් අදින, කුඹුරු වැඩ කරන අය රඟපාන්න ඉන්නවා... හෙහ් හෙහ්

පොල් ගස් දෙකක් මැද්දෙන් තඩි ඔන්චිල්ලාවකුත් බැඳලා හොඳ ගානක් හම්බ කරගන්න සීන් එකකුත් තිබ්බා.

ලංකාවේ තියෙන කුඹුරු යායවල් දැකපු අපිට මේවා මොනවාද

මේකේ මොනවා බලන්නද කියල අපි දෙන්න ටක් ගාල එතනින් ඇවිල්ල ඩයිබර් ට කිව්වා මේක වැඩක් නෑ ළඟ තියෙන තව මොනවා හරි බලන්න යමු කියල. ඒ සැරේ මිනිහා කිව්වා ළඟ තියෙනවා තව හෙන පුජනිය පන්සලක් ඕනනම් ඒක බලමු කියල.  ආපු එකේ මොනවා හරි බලල යන්න ඕනේ නේ කියල අපි ගියා ඒක බලන්න.

මග දිගට නෙක නෙක විසිතුරු බඩු විකුණන කඩ මහ ගොඩයි... මෙන්න මේ වගේ අපුරු බඩු තිබුනා

කැටයම් කරපු හරක් හෝ අශ්ව ඔලුවක්. මම හරි ආසයි මේවට
විවිද කැටයම්


ලංකාවේ අයට දකින කොට නිකං මෙව්වා වෙලා යන නිර්මාණය මෙන්න මේ විදියට තමා ඒ මිනිස්සු විකුනන්නේ...

පුරුෂ ලිඟුවක ආකෘතියට නිමැවුණු අළු බඳුනක්

මේක අළු බඳුනක් විදියට සහ ඔය ටොනික් පියන් අරින්න පුළුවන් විදියටත් බාලි වල මිනිස්සු පාවිච්චි කරනවා.. ඒ අතින් බැලුවහම හරි පුදුමයි නේද?

ඕවත් බලාගෙන අපි ගිය යට කියපු අර පූජනිය පන්සල බලන්න. ඒකත් ලස්සන පන්සලක් අර වගේම කැටයම් පිරිච්ච. මේ පන්සලේ තියෙන දිය උල්පත් වලින් නාන එක පුජනිය වැඩක් විදියට ඒ මිනිස්සු සලකනවා. කට්ටිය හෝ ගාලා නානවා.

පන්සලේ ඇති උල්පත් වලින් එන වතුර මේ විදියට තමා පෝලිමේ ගිහින් නාන්නේ

එතනත් ඉතින් පොඩ්ඩක් කැරකිලා.. අර වගේ පොඩි පොඩි බඩු විකුණන කඩ ටිකකුත් බලාගෙන අර කියපු ප්‍රසිද්ද පන්සල බලන්න ගියා.  ඒ පන්සල මුහුද අයිනේ තියෙන ලස්සන තැනක්. අපේ වෙලාවට එදා බාලි මිනිසුන්ගේ මොකක් හරි පුජාවක් පන්සලේ තිබුනා. ඉතින් උඩට යන්න ලැබුනේ නෑ.. මේ තියෙන්නේ ඒ පන්සල. Tanah Lot කියල ගුග්ල් එකෙන් වැඩි විස්තරයක් බලා ගන්න පුළුවන්. ඉර බහින වෙලාවට මේ පන්සල හරි ලස්සනයි කියල තමා කියන්නේ... අපි දෙන්න ඉර බහින කම් ඉන්නේ නැතුව ආවා


Tanah Lot පන්සල
 මෙතන උඩ තියෙන කොටසට යන්න දුන්නේ නෑ

වලාකුළු බර ගතියක් තිබ්බ හින්ද ඉර බහින එක බලන එක පැත්තකට දාල දිව්‍ය ලෝක රසට හදපු අච්චාරුවකුත් කාල, මග තිබ්බ තැනකින් පච්චේකුත් කොටාගෙන අපි ගියා හෝටලේට.
මේ අච්චාරුවට පලතුරු වර්ග මහ ගොඩක් දාල, හකුරුත් මිශ්‍ර කරලා ගලේ අඹරල තමා හදන්නේ.. පුදුම රහක් තිබුනේ...

පහුවදා උදේ ආපහු එන්න තිබ්බ හින්දා අපි හොටෙල් එකේ වැඩි වෙලා ඉන්නේ නැතුව ගියා සංචාරකයෝ අතරේ ප්‍රසිද්ධ Kuta නගරයේ ඇවිදින්න.  පාරවල් දිගේ විසිතුරු බලාගෙන රෑටත් කාල ඇවිල්ල නිදාගත්තේ Kuta නගරයේ දවසක් නිදහසේ ගත කරන්න ඉඩක් නොලැබීම ගැන පසුතැවිල්ලෙන්..

එදා රෑ වීදි දිගේ පොඩි රවුමක් දාල  බැලුවා.

 මයිකල් ජැක්සනුත් ඇවිල්ල හිටියා. රෑ වෙච්ච හින්ද අත වනාගෙන ආවා

කණුවක් බදාගෙන නටන අක්කල එහෙමත් හිටියා... මේ අක්කල දෙන්න නම් බාර් එකක බීල නටනවද කොහෙද... කණුවක් බදාගෙන නට නට හිටපු අක්ක කෙනෙක් බාගෙට ගලවාගෙන හිටපු ඇඳුම් ටික තව ගැලවෙයි ද කියල මම දෙතුන් වතාවක් මා එතනින් ගිහින් බැලුවා... මම හිතන්නේ ඒ වෙද්දී රෑ වෙලා මදි...

එදා මහ රෑ වෙනකම් ඔය විදිය දිගේ එහෙට මෙහෙට රස්තියාදු ගැහුවේ තව දවසක් දෙකක් ඉන්න තිබ්බ නම් හොඳයි කියල හිත හිත. හෙන ලාබෙට තිබ්බ මසාජ් එහෙම දැක්කම අපරාදේ කියල හිතුනා.

පහුවදා උදෙන්ම නැගිටලා එයාර්පෝර්ට් යන්ඩ කලින් Kuta වෙරළ පැත්තෙත් පොඩි රවුමක් දාල බැලුවා.  බීච් එක ලොකුයි නොගැඹුරු ගතියක් තිබුනේ... සර්ෆින් කරන්න පුරුදු කරන කට්ටිය ගොඩක් හිටියා. රුපියල් 2500කට විතර පැය දෙකක් සර්ෆ් කරන්න දෙන අය හිටියා. පැයක පුහුණුවකින් පස්සේ. වෙලාව මදි කම හින්දා ඒ වැඩේ කරන්න වුනේ නෑ...Kuta කියන්නේ අඩු වියදමකින් හොඳට විනෝද වෙන්න පුළුවන් සංචාරක නගරයක්. බොහෝ දේවල් අඩු මිලට තියෙනවා.

එදා උදේ පාන්දර වෙරළේදී බාලි වැසියන් ගේ සරල පුජාවකුත් බලාගන්න ලැබුණා. මම හිතන්නේ වෙරෙලෙන් ජිවත් වෙන කෙනෙක් වෙරළේ පොඩි පුජාවක් කරනවා. මේ තියෙන්නේ ඒ සීන් එක. අපි වගේම තමා.



ඔන්න ඔහොමයි අපේ බාලි සවාරිය.


18 comments:

  1. අගෙයි අගෙයි සංචාරෙනං. අර පන්සල නිකං කිරින්දෙ ලොකේෂන් එක වගේ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කිරින්ද වගේ තමා. හැබැයි මේ පන්සලේ වෙරළ තනි ගලක්.. විශේෂ දෙයක් නෑ එක අතකට හැබැයි පුදුම ටුවරිස්ට්ස්ල ගොඩක් එන්නේ..

      Delete
  2. දැං බොලා අර ලී ගැජමැටික් කීයක් වගේ ගත්තද? මං අහන්නෙ එකේක සයිස් වලින්. හැක්..

    ReplyDelete
    Replies
    1. "ඔය තියෙන එක හොඳටම ඇති" කිව්ව හින්ද ආයේ ගන්න ගියේ නෑ බං...

      Delete
  3. හෙලෝ පැතුම් ,

    ඔය ලී කැටයම් මෙහෙ ගෙනල්ල බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් නැද්ද , අර අළුබඳුන එහෙමනං සෑහෙන ගානකට දුන්න හැකි හැබැයි , එයාපෝට් එකේදිම කූඩුව ධුලට වෙලා ඉන්නත් පුළුවන් , පත්තරේ එහෙම නම දාගෙන

    ReplyDelete
    Replies
    1. http://deeleedoo.com/

      http://dangerouslilly.com/2014/04/wood-sex-toys-introduction/

      Delete
    2. හෙලෝ ඉවාන්,

      ඉතින් කොහොමද?

      ලංකාවේ ඉල්ලුමක් තියෙයි ද? පොඩ්ඩක් හොයල බලල කරමුද බිස්නස් එක? එයාපෝර්ට් එකෙන් ගෙන්න බැරි නම් අපි බෝට්ටුවෙන් ගේමු...

      ලංකාවේ මිනිස්සුන්ට සෑහෙන ප්‍රයෝජන තියෙයි ගෙනාවොත්...

      හැබෑටම ඔහොම අදහසක් මට එහෙදි ආවේ නෑනේ... දැන් ඉතින් ආයෙත් යන්න වෙනවා... හෙහ් හෙහ්

      ඔය ප්‍රා.ජේ දාල තියෙන්නේ බිස්නස් ගැන


      Delete
  4. //අපි වගේ දෙවියන්ට විතරක් සලකල ලකුණු දාගන්න බලන්නේ නැතුව බාලි වල මිනිස්සු යටින් තියෙන අපායේ ඉන්න නරක යැයි සම්මත බලවේග වලටත් පුද පුජා තියල ලකුණු දාගන්නවා.//

    අපිත් පූජා කරනවා බොස්.
    මහසෝන්, කාලි, ඔඩ්ඩි, දේසපාලක උතුමන්.

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා නේන්නම්. අපේ පන්සල් වලත් තියෙනවනේ. මම හිතන්නේ බාලි වලට වඩා ලංකාවේ වැඩියි. 33 කෝටියක් දෙවියෝ ගැන නේ ඉතින් කොයි වෙලෙත් ඔලුවේ තියෙන්නේ..

      ඔක්කොම බැලුවම 33න් කොටි 235ක් විතර ඇති නේද?

      සිරාවට බාලි වල මොන ඇදහිලිද ලංකාවෙනෙ අදහන්නේ..

      Delete
  5. නියමයි..පරන කොටස් ටිකත් බලලා එන්නම්

    ReplyDelete
  6. උඹට ඉතිං දෙතුන් පාරක් අර අක්කව බලන්න යන්න දුන්නද හැබෑට. හැක්..

    මරු

    ReplyDelete
    Replies
    1. අපි ඒ පාරේම දෙතුන් පාරක් එහෙට මෙහෙට ගියා බං.. අක්ක පාරට පේන්න නට නට හිටියේ...

      කඩේ ඇතුලට ගියේ නෑ... එහෙම යන්න නම් ඉතින් උඹල අපි සෙට් වෙලා යන්ඩ ඕනේ.. පවුල් පිටින් ගිහින් බෑ... හෙහ් හෙහ්

      Delete
  7. තව ලිපියක් ඔනේ..හොටෙල් නම..ගනන් මිනුන්....ත්ව කෙනෙකුට යන්න ආස හිටේන ප්‍රයොජනවත් වෙයි කියලා හිතේන හැම ඩෙයක්ම

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා, හොටෙල් නම් මචං තම තමන්ගේ කැමැත්තෙ හැටියට booking.com or agoda.com වලින් බුක් කරගන්න පුළුවන්නේ..

      ටුවර් පැකේජස් එහෙමත් ඕනේ තරම් තියෙනවා. කොහේ යන්නත් කලින් ගුග්ල් එකේ හොඳ රිසර්ච් එකක් කරලා බලල තමන්ට ගැලපෙන දේවල් හොයාගෙන යන්න ඕනේ.. ගණන් මිනුම් වෙනස් වෙනවනේ කාලෙන් කාලෙට..

      Delete
  8. අදයි මෙහෙට ගොඩ උනේ ... බාලි සංචාරයේ පරණ ලිපි දෙකත් කියවලමයි ආවේ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  9. අයියන්ඩි. පැහැදිලි කිරීමක් දෙන්නකො , ඒජන්සියකින් යන එකද ⁣ලාබ, ප්‍රයිවට් යන එකද.....

    ReplyDelete