Tuesday, June 19, 2018

බාලි සංචාරය - 1


ඉන්දුනීසියාවට අයත් බාලි දුපත පිහිටලා තියෙන්නේ ඉන්දුනිසියාවටම අයත් ජාවා දුපතට නැගෙනහිර දෙසින්.  වර්ගකිලෝමීටර් 5,780 පමණ වන බාලි දුපතේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 5ක් විතර වෙනවා. බහුතර හින්දු ආගමික ජනතාවක් වෙසෙන බාලි දුපතේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ සංචාරක කර්මාන්තය. සංචාරක ආකර්ෂණය වෙනුවෙන් මනා පහසුකම් සපයල තියෙන බාලි දේශය අඩු වියදමකින් ගිහින් විනෝද වෙලා එන්න පුළුවන් කදිම තැනක්.

බාලි දුපතේ ප්‍රධාන නගරය Denpasar. දැනට කෙලින්ම කටුනායක ඉඳල බාලි වලට ගුවන් ගමන් තියෙනවද කියල මම දන්නේ නෑ... නමුත් ක්වාලා ලාම්පුර් ඉඳල පැය 3ක විතර ගුවන් ගමනකින් Denpasar වල Ngurah Rai ගුවන් තොටුපලට ලඟා වෙන්න පුළුවන්. ලංකාවේ ඉඳල යනවනම් මුලින් මැලේසියාවට ඇවිල්ල යන්න පුළුවන්. 


බාලි වල පිහිටීම දැක්වෙන සිතියමක්


වැදගත්ම දේ තමයි ශ්‍රී ලාංකික අපිට විසා රහිතව ගමන් කරන්න පුළුවන් රටක් තමයි ඉන්දුනීසියාව. ඉතින් බාලි යන්න විසා ඕනේ නෑ... ගුවන් තොටුපලේදී නිකන් අහනවා මොකටද ආවේ දවස් කීයක් ඉන්නවද කියල එච්චරයි. 

රටට ඇතුළු වෙද්දී ගුවන් තොටුපලේ කටයුතු සංකීර්ණ නෑ... ආගමන කටයුතු වලින් පස්සේ අපි ළඟ තියෙන ද්‍රව්‍ය, මුදල් ගැන පොඩි විස්තර පත්‍රිකාවක් පුරවන්න තියෙනවා එච්චරයි. නමුත් රටින් පිටවෙනකොට නම් සෑහෙන දුරට නවීන තාක්ෂණික ක්‍රම මගින් හැමදේම චෙක් කරනවා. ගුවන් තොටුපලේ පිටවීම් පර්යන්තය නවීන විදියට හදල තියෙනවා. නමුත් ඇතුල් වීම හරිම සරල විදියට තියෙන්නේ.

බාලි වල මුදල් වර්ගය ඉන්දුනීසියානු රුපියා. ඔබට ඉතා පහසුවෙන් මිලියන පතියෙක් වෙන්න පුළුවන් බාලි වලදී මොකද එහෙ තියෙන්නේ 100,000 නෝට්ටු,50,000 නෝට්ටු  ආසන්න වශයෙන් ඉන්දුනීසියානු රුපියල් ලක්ෂයක් කියන්නේ ලංකාවේ රුපියල් 1132ක් වගේ. ඉතින් මිලියන පතියෙක් වෙලා ලොකු ලොකු බිල් දාන්න හරි ලේසියි. බඩු වල ගණන් සහ සේවා වල ගණන් ඉතා අඩුයි... 

සාමාන්‍යයෙන් ගුවන් තොටුපලේ ඉඳල ක්‍රියාත්මක වෙන ටැක්සි සේවාවන් තියෙනවා. තියෙන ටැක්සි ඔක්කොම සුඛෝපභෝගී කාර් සහ වෑන් රථ. ටොයෝටා Avanza සහ ඩයිහට්සු 7 සීටර් එක තමා හැම තැනම තියෙන වාහනේ. පාර පිරෙන්න තියෙන්නේ ඒවා තමා. ගුවන් තොටුපලේ ඉඳල සංචාරකයින් අතර ප්‍රසිද්ධ Kuta වෙරළ, Sanur වෙරළ ආදී ප්‍රදේශ වලට සාමාන්‍ය ටැක්සි ගාස්තුව ලක්ෂ 2ක් විතර වෙනවා. කිලෝමීටර්  10-15ක් අතර දුරකට. 

හෝටල් වල තත්වය ඉතා හොඳයි. අඩු ගානට හොඳ තත්වයේ හෝටල් ඕනේ තරම් තියෙනවා. හරිම මිත්‍රශීලි සහ කරුණාවන්ත මිනිසුන්.

බාලි මිනිසුන්ගේ සංස්කෘතිය අපුරුයි. ඔවුන් හින්දු දෙවිවරුන් අදහන නමුත් ඊට අමතරව තම මියගිය නෑයන් සහ ඔවුන් පිළිගන්නා පරිදි යක්ෂ හෝ වෙනත් එවැනි නපුරු බලවේග දෙකම එක ලෙස අදහන මිනිසුන්. මේ ලෝකයේ පන්සල් වැඩිම රටක් වේ නම් ඒ බාලි නුවර වීමේ ඉතා ඉහල සම්භාවිතාවක් තියෙනවා. කලාත්මක හැකියාවන් සහිත ඔවුන්ටම ආවේනික  සංස්කෘතික ලක්ෂණ වලින් මුළු බාලි නගරයම අලංකාර වී තියෙනවා.  ඉතා විශිෂ්ට ගනයේ ප්‍රතිමා සහ කැටයම් ඕනෙම තැනක දකින්න පුළුවන්. 

බාලි දුපත සහ ඒ අවට තියෙන තවත් ප්‍රධාන දුපත් කිහිපයක් සංචාරකයින් අතර ඉතා ප්‍රසිද්ධයි. 

සම්පුර්ණයෙන් සංචාරක කර්මාන්තය මත රඳා පවතින නිසා ඔවුන් ඉතා අඩු මිලට බොහෝ පහසුකම් මේ සංචාරකයින්ට සපයනවා. මිනිසුන්ගේ ඉංග්‍රීසි හැකියාව එතරම් හොඳ මට්ටමේ නැති වුනත් ඔවුන් කෙසේ හෝ අවශ්‍ය දේ කරදීමට නිතර සුදානමින් ඉන්නවා. පරිසරය ලංකාවේ පරිසරය වගේම වුනත් පිරිසිදු භාවය නම් ලංකාවට වඩා හොඳයි කියල මට හිතුනා. අධිවේගී මාර්ග නැති නමුත් ඉතා හොඳ තත්වයේ මහා මාර්ග බාලි නගරයේ නම් තිබුනා. නමුත් අපි සංචාරය කරපු එක දුපතක නම් ලංකාවට දෙවෙනි නොවන පාරවල් එහෙම තිබුනා. නමුත් ඒ දුපතේ ඉතා ඇතුලට යනවිට.

මගේ අදහස අනුව නම් අවම වශයෙන් දවස් 4-5ක් වත් බාලි වල ගත කරන්න ඕනේ එහි තියෙන දේවල් අත්විඳින්න. නමුත් සති 2-3ක් වුනත් කිසිම එපා වීමක් නැතුව කරන්න බොහෝ දේවල් එහි තියෙනවා. අනිත් එක ලංකාවේ කෙනෙකුට පහසුවෙන් විනෝද වෙලා එන්න පුළුවන් අවම වියදමකින්. නමුත් වියදම් කිරීමේ හැකියාව අනුව අනිත් රටවලට සාපේක්ෂව බොහෝ අඩු මිලට ගොඩක් දේවල් තියෙනවා. 

අපි දෙන්නාගේ බාලි සංචාරයේ විස්තර ඉතිරි කොටසින්...



21 comments:

  1. නටපු බාල් ගැන එහෙනං කියන්නකෝ. අපිට තවත් විස්තර ඕන. මොනවද බොන්න තියෙන විස්කි වර්ග, කොහොමද කොහේද බොන්න පුලුවන්. සිගරට් පැකට් එකක් කීයද? බයිට් හොදයිද? ඔන්න ඔව්වා තමා ප්‍රශ්න..

    Avanza කියන්නේ Rush එකමද?

    ReplyDelete
    Replies
    1. දේශා බීම ගැන සහ සිගරට් ගැන තාම මගේ දැනුම ඉතා සීමිතයි... තාම ඉන්නේ Cider සහ වයින් ස්ටේජ් එකේ... හෙහ් එහෙ Bintang කියල බියර් ජාතියක් නම් තියෙනවා. මම හිතන්නේ බෝතලයක් 30,000 ක් විතර. ඒ කියන්නේ රුපියල් 300ක් වගේ.. මම හැබැයි අරන් බිව්වේ නෑ.. සිගරට් ගැනත් විස්තර නම් දන්නේ නෑ... හැබැයි ලොකු ගානක් වෙන්න බෑ..

      Avanza එක Rush වගේම තමා. මම හිතන්නේ rush එකේ පරණ මොඩල් එකක්... 7 සීටර් SUV look එකට වඩා පොඩ්ඩක් wagon පෙනුමක් තියෙන්නේ... හැබැයි සිරා.. Avanza එක ලංකාවෙත් තියෙනවා මම හිතන්නේ

      Delete
    2. අපොයි අවන්ති ලංකාවේ ඕන තරං ඉන්නවා. මාත් හිතන්නේ රෂ් එක අවන්තිගේ මොඩිෆයි වර්ෂන් එකක්.

      දන්න නිසා තමා උඹගෙන් ඔව්වා ගැනම ඇහැව්වේ. හැක්

      Delete
    3. අනේ උඹේ මොන විස්කි ද බං. වොඩ්ඩ බෝතලේකට වතුර ටිකක් දාං බීල බීඩියක් පත්තුකරගනිං. හැක්..

      Delete
    4. ගොඩකවෙල නයා වෙලාවක තෝව හොයාගෙන ඇවිල්ල ගල් ගහන්නේ හරිය

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දැන් ඊමේල් එන්නේ නැති හින්ද මකපු කොමෙන්ට් බලා ගන්නත් විදියක් නෑ... මකන්න එපා මෙයා ඔන්න ඔහේ තියෙන්න අරින්න...

      Delete
  3. හෙක්.. හෙක්.. බාලි ගිහිල්ල සුද්ද වගේ ලක්ෂ ගණං වලින් වියදං කරන්න පුලුවන් එහෙනං නෙහ්. ඊගාව විස්තර ටිකත් දාහං.

    ReplyDelete
    Replies
    1. මතකනේ අර ලක්ෂ්මන් ඉලංගකෝන් මහත්තයා වියට්නාම් ගිහිල්ල බිලියනපතියෙක් උන එක.

      Delete
    2. මමත් ඒක කියෙව්වා. දේශා උඹට බොන්න ඕනේ නම් එහෙ පලයන්... එහෙ බිම කියන්නේ දෙවියන්ටත් පුජා කරන හෙන පුජනිය වස්තුවක්...

      Delete
    3. ප්‍රසා, වියදම් කරන එක ආතල් ලක්ශේ කොල වලින් දෙනකොට... ලොබ නැතුව රුපියල් 10000ක් විතර දීලා බනිස් ගෙඩියක් කාල.. 3000ක් දීල චූ කරලා එන්න පුළුවන්... 5000ක් දීලා චූ කරපු තැනුත් තිබුනා... සෙල්ලං නෑ...

      Delete
  4. පින්තූර ටිකකුත් තිබ්බා නං අගෙයි

    ReplyDelete
    Replies
    1. පින්තුර ඉදිරි පෝස්ට් වලට දාන්නම්. ස්තුතියි

      Delete
  5. https://www.tripadvisor.com/ShowUserReviews-g1380108-d3264822-r248721321-Kecak_and_Fire_Dance-Pecatu_Nusa_Dua_Peninsula_Bali.html
    එහෙදි බැලුවද?

    එක්කො මෙහෙ ඇවිල්ලා ඇහැරිලා ඉන්න කැරැක්ටර් එකම බලාගන්න බැරියැ

    Btw,රාමායණයෙ "වාලි" චරිතයෙන්ද දූපතට නම ලැබුනෙ?

    ReplyDelete
    Replies
    1. ප්‍රා. ෆයර් ඩාන්ස් බලන්න බැරි වුනා. අපේ හොටෙල් එකේ මැනේජර් අපිට කිව්වා ඒ කිට්ටුව තියෙන තැනක් ගැන. හැබැයි අපි ඒ පැත්තට යන්නේ නැතිව වෙන පලාතක් බලන්න ගිය හින්දා ඒක මිස් වුනා.

      රාමායනය සහ හිංදු ඇදහිලි වල බලපෑම විශාල වශයෙන් තිබුනත් නම නම් එහෙම ලැබුණද කියල මම දන්නේ නෑ.. විකිපීඩියාවෙත් එහෙම සඳහනක් නෑ නේද? රාමායනෙට වඩා මහා භාරත් කතාවේ බලපෑම තදින්ම තියෙනවා. ඊළඟ කොටසේ ලියන්නම් ටිකක්

      Delete
  6. සුනාමි අවධානමත් ඉහලයි නේද? 2004 දී ලොකු විනාශයක් වුනා මතක විධිහට...

    ReplyDelete
    Replies
    1. සුනාමි අවදානම අනිවාර්යෙන්ම ඇති. 2004 දී ආවේ Banda Ache කියන ප්‍රදේශයට මට මතක විදියට. ඒ කියන්නේ ඉන්දුනීසියාවේ උතුරු පැත්තට වෙන්න. බාලි තියෙන්නේ සම්පුර්ණයෙන්ම විරුද්ධ පැත්තේ. 2004 දී බාලි වලට හානි වුනාද කියල මම දන්නේ නෑ.. නමුත් ඉතින් ඕනේ වෙලාවක සුනාමියක් එන්න පුළුවන් කලාපයක් තමා.

      මේ තියෙන්නේ බාලි සහ Banda Ache

      https://www.google.com/maps/dir/Bali,+Indonesia/Banda+Aceh,+Banda+Aceh+City,+Aceh,+Indonesia/@-2.177054,98.8468944,5.48z/data=!4m14!4m13!1m5!1m1!1s0x2dd141d3e8100fa1:0x24910fb14b24e690!2m2!1d115.188916!2d-8.4095178!1m5!1m1!1s0x3040377ae63dbcdf:0x3039d80b220cb90!2m2!1d95.3237559!2d5.5482904!3e4

      Delete
  7. පින්තූර එහෙම ගත්තේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. පින්තුර එක්ක ඊලඟ පෝස්ට් එක දාන්නම්. බොහොම ස්තුතියි

      Delete