Monday, February 05, 2018
සියුම්
සියුම් තැන්
ගැන සියුම් සිතුවිලි
වසාලන සඳ දුවන සිත
දුරස් වී යයි
සහන හැඟුමන්
සිහිය මගහැර
සිතට මුල්තැන
එකක් පසු පස තව එකක් ලෙස
ගැටළු පැන එයි
දිවිය රළු කොට
ගැඹුරු දේ ගැන
වෙහෙස වන විට
පුංචි සිතුවිලි පසෙකලා
උදම් වී එයි
මාන හැඟුමන්
පිටට පෙන්වන
මවාගත් බව
දකින්නට හැකි වන
දිනක මතු යම්
නිසල වී යයි සැලෙන සිත
හොඳයි නම් මම
දනට පිනට ලැදි නම් සිත
බණත් දහමත්
පරතෙරට දැන
නිවන් මග ඒවි විවරව
සැබෑ සත්‍යය
දකින්නට නම්
ඔබත් ලොවත් යනු
එකක් මිස දෙකක්
නොවන වග
දනට පිනට ලැදි
බණෙන් පිරුණු
හරිම හොඳ ඔබේ සිත
කඩතුරා හැර
දැකිය යුතු මය එය
සොබා දහම ද
ජිවය ද
ඔබ සහ අනෙකා ද යනු
සත්‍යයේ පැවතුමයි
විශ්වයේ ඇති සැබෑවයි
කෙළවරක ඇති
නිවන පිළිබඳ
සිහින දකිමින්
පිං කරන සඳ
වැසී යන්නේ ඒ සැබෑවයි
සියුම් සිතිවිලි
මග හැරී යන
සිහින නිවනෙන්
මෙපිට ඇවිදින්
දකින්නට හැකිනම්
නිවන ඇත්තේ
මෙතැන මේ මොහොතේම බව
Subscribe to:
Post Comments (Atom)
සියුම් ප්‍රහාරයක්.. ඒ උනාට අලි ප්‍රහාරයකට වඩා දැනෙනවා.. ;)
ReplyDeleteහෙහ් හෙහ් අලි ප්‍රහාර වලින් පරිස්සම් වෙන්න කාලේ ඇවිල්ල
Deleteඅපිට එව්වා මෙව්වා කියා කියා සමහරු දැන් කවිත් ලියනවා. අනේ වාසනාවන්!
ReplyDeleteකතාවක් ලියමු. ඔය පින් ඇති කවි මොකෝ අපිට! ( හිනාවීම තහනම්!)
අපි ඉඳල හිටලා කවි (වගේ) එකක් ලියනවා වගේද ලිඛිත ගේ නන්ස්ටොප් කවි ලිවිල්ල..
Deleteකතාවක් ලියල ඉවර වුනා විතරයි නේ...
සියුම් ලියුම්
ReplyDeleteහෙහ් හෙහ්.. අනේ මන්ද..
Delete