Wednesday, April 19, 2017

කංඡායුධ සමග මගේ ගේම් ගැසීම - ලාංකීය ගේම් එකක්


      මම ගේම් ගසන්නට කැමති නමුත් ගේම් වලට ඇබ්බැහි නොවූවෙකි. මගේ ගේම් ඉතිහාසය ගැන කෙටියෙන් යමක් කියා පොඩි නොස්ටලිජික් ආතල් එකක් ගැනීම ගේම් ගැසීමට වඩා ආතල් ජනක වැඩකි.

කලුසුදු ටීවී එකකින් ආරම්භ වී පසුව කලර් වුනු අපේ ටීවී එක පුදුමාකාර උපකරණයක් විදියට මාව මවිත කලත්, ටීවී එකේ ගේම් ගසන්නටත් හැකි බව දැන ගත් වහාම නිකම්ම නිකන් ටීවී බැලීම වැඩක් නැති වැඩක් බවත් නියම වැඩේ නම් ටීවී එකේ ගේම් ගැසීම බවත් මට තේරුම් ගියේය. ටීවී එකේ ගේම් ගැසීමට අදාල  ටීවී ගේම් බොක්ස් එකක් ගැනීම සිහිනයක් බව  හොඳාකාරව දැන සිටියත් කොහෙන් හෝ ගේම් ගැසීමේ උණක් ඒ දිනවල තදට වැළඳී තිබුණු ආකාරය මට හොදින් මතකය.

ඒ දිනවල දුව පැන නටන සෙල්ලම් සහ සාමාන්‍ය සෙල්ලම් බඩු  වලට අමතරව අතේ තියාගෙන පොඩ්ඩක් හිතල මතල සෙල්ලම් කල හැකි සෙල්ලම් බඩු ටිකෙන් ටික එලියට පැමිණෙමින් තිබුණු කාලයයි.  ඔය සෙල්ලම් බඩු වලින් මට ලබා ගත හැකි මට්ටමේ තිබුනේ සෙල්ලම් බඩු වර්ග 2කි. එකක් අර ප්ලාස්ටික් puzzle එකක් සහිත කුඩා පුවරුවයි. අනිත් එක කුඩා බට්න් දෙකක් ඔබමින් වතුරේ තිබු පුංචි පුංචි රවුම් කුඩා කණු දෙකක් ඇතුලට හිර කරන පොඩි ගැජට් එකයි.  මේ තියෙන්නේ ඔය අයිටම් දෙක


ප්ලාස්ටික් puzzle එකක් සහිත කුඩා පුවරුව


කුඩා බට්න් දෙකක් ඔබමින් වතුරේ තිබු පුංචි පුංචි රවුම් කුඩා කණු දෙකක් ඇතුලට හිර කරන පොඩි ගැජට් එක

ඉලෙක්ට්‍රොනික් බ්‍රික් ගේම් මැෂිමක් යනු අති සුඛෝපබෝගී සෙල්ලම් බඩුවක් වී තිබුණු ඒ කාලයේ ටීවී එකට සවි කර සුපර් මාරියෝ හෝ තවත් එවැනි ගේම් කාඩ් දමා ප්ලේ කරන මැෂින් යනු හීනෙන් පමණක් පෙනෙන සෙල්ලම් බඩු බවට පත්වී තිබුණි.

මේ තියෙන්නේ ඔය බ්‍රික් ගේම් මැෂින්



බ්‍රික් ගේම් මැෂිමක් නම් යාළුවෙකුගෙන් රැගෙන විත් ආසාව යනකම් සෙල්ලම් කර ඇතත් කවදාවත් ටීවී ගේම් එකක් ගැසීමේ ආශාව නම් ඉෂ්ට වී නැත.

කවදාවත් සෙල්ලම් කර නැති ටීවී ගේම් එකක් 

බ්‍රික් ගේම් මැෂිමක් හම්බ වුනෙත් මම හිතන්නේ O/L කරන කාලේදී වගේ. පිස්සුවෙන් වගේ බස් එකේ යද්දී ඕක ඔබ ඔබ යනවා. මරු ආතල් වැඩේ.

ඔය කාලේදී අපේ මාමා කොම්පියුටරයක් ගෙනාවා. මම ඉතින් පුළු පුළුවන් වෙලාවට මාමලාගේ ගෙදර ගිහින් තමයි කොම්පියුටරේට අත්පොත් තිබ්බේ. කරපු එකම වැඩේ ගේම් ගැහිල්ල තමයි. අපරාදේ කියන්න බෑ.. මාමයි නැන්දයි කිසි අවුලක් නැතිව ඕනේ දෙයක් කරන්න ඉඩ දීලා තිබුනා. 

ඊට පස්සේ ඉතින් ලොකු වුනානේ.  ටීවී ගේම් ආශාව එහෙමම යට ගිහින් කොම්පියුටර් ගේම් ආශාව ආවා. මුලින්ම කොම්පියුටරේ ගෙදරට ගෙනාවේ මම පළවෙනි වතාවට උසස් පෙළ කරන්න කිට්ටු වෙද්දී.  ඒත් ඉතින් වින්ඩෝස් එක්ක නිකන් හම්බ වෙන ගේම් ටික පිස්සුවෙන් වගේ ගැහුවා. මට අදටත් මතකයි මමයි අක්කයි ඔය කොම්පියුටර් ගන්න එහෙ මෙහෙ කඩවල් වල ඇවිදින කොට ඔය රාජගිරියේ හංදියේ තිබ්බ ලොකු තට්ටු 3-4ක බිල්ඩිමක් ඇතුලේ කඩයක කොල්ලෝ ටිකක් මරු කාර් (නිකන් අමුතු යානා වගේ මතක) ගේම් එකක් ප්ලේ කර කර හිටපු හැටි දැක්ක එක. 

මම ගත්ත කොම්පියුටර් එකට ඒ වගේ ගේම් එකක් දා ගන්න බැරි කමක් තිබුනා මට මතක විදියට මොකද මගේ එකේ RAM එක 64MB. අනිත් එක ගේම් CD හොයා ගන්න විදියක් තිබුනෙත් නෑනේ. ඉතින් වින්ඩෝස් එක්ක ආපු ගේම් වලින් සතුටු වෙන්න සිද්ද වුණා.

ඔය මැෂිමේ RAM එක ගැන කියද්දී මතක් වෙන තව දහදුරා වැඩක් තියෙනවා. මම ඒ දවස් වල මගේ යාළුවකුගේ මැෂිමක තිබ්බ 128MB RAM එකක් උස්සල මගේ එකට ගහ ගත්ත එක. මම ඒක ඔන්න ඔහේ ඌට ඕක වැඩක් නෑනේ කියල හිතල උගේ එකෙන් ගලෝලා අරගෙන මගේ එකේ ගහ ගත්තා. මගේ තිබ්බ 64MB එක උගේ මැෂිමට ගහල. ඌත් සද්දයක් නැතිව හිටියා. මම හිතුවා ඌට ඕක ගානක් නැතිව ඇති කියල. හැබැයි මේ දැන් අවුරුදු 4-5කට කලින් ඌව හම්බ වෙච්ච වෙලාවේ මු කිව්වනේ අඩෝ තොට මතකද තෝ මගේ RAM එක මාරු කළා කියල.. හෙහ් හෙහ් හතර විලි ලැජ්ජාවේ පස් වෙනි එක.. ඌ එච්චර කල් ඒක ගණන් ගන්නේ නැතිව ඉඳල.. හෙහ් හෙහ්

ඔහොම ටික කාලයක් යද්දී කොහෙන් හරි හම්බ වුණා  V-COP ගේම් එක. හෙහ් හෙහ් මේක නොගහපු උන් ගේම් කාරයෝ විදියට හඳුන්වන්න අමාරුයි.

ඕක නම් මදි නොකියන්න ගැහුවා. කොටින්ම ඔය කාලේ අර මම ලියපු පොතේ මුල් කවරේට දැම්මෙත් ඔය ගේම් එකෙන් ගත්ත පින්තුරයක් හෙහ් හෙහ්...

ඕක ගහල ඉවර වෙද්දී තමයි අර ඒ දවස් වල ජනප්‍රිය වෙලා තිබ්බ, Age Of Empire වගේ Strategy ගේම්ස් ගහන්න පටන් ගත්තේ. ඒ දවස් වල සෙට් වෙච්ච තව පට්ටම ගේම් එකක් තමයි Commandos කියන එක. සතුරු කඳවුරකට ගිහින් මොකක් හරි මිෂන් එකක් කරන්න තමයි තියෙන්නේ. සමහර මිෂන් ගොඩ දාන්න සෑහෙන්න කල්පනා කරන්න ඕනේ.. කොටින්ම මම උසස් පෙළ පියෝ ඇප්ලයිඩ් ගණන් හදන්න වත් ඒ තරම් නම් කල්පනා කරලා නෑ.. හෙහ් හෙහ්.. මග දිගට බස් වල යද්දිත් මිෂන් එක ප්ලෑන් කරන එක තමයි කලේ.

ඔය ගේම් දිරවන්නේ නැති වයසක උන්දැලට මේ කියන්නේ අපේ මනසේ හැකියාවන් දියුණු වෙන්න පොත් පාඩම් කරලා ගණන් හදන්නම ඕනේ නෑ.. ගේම් ගහල වුණාත් හිතන විදිය, යමක් ප්ලෑන් කරන විදිය ඉගෙන ගන්න පුළුවන්..දැන් මේ අපි ඉන්නේ අපුරුවට.. හෙහ් හෙහ්..

තව තිබ්බා Warcraft කියල ගේම් එකක්. එකත් ඔය වගේම Strategy ගේම් එකක්. හැබැයි අමුතු හයිටෙක් වැඩ සහ මැජික් තිබුනේ. ඔය අස්සේ තව කාර් ගේම් එකකුත් ප්ලේ කළා Test Drive හරි මොකක් හරි නමක් තියෙන. ඕවා ගගහ ඉන්න අතරේ ඉතින් යන්තම් ඔය එහෙන් මෙහෙන් හම්බ වෙන සල්ලි වලින් ගෙදර මැෂිමේ හැකියාව ටික ටික වැඩි කරගෙන තව තව ගේම් ගැහුවා. Unreal කියල එකක්, Doom ද කොහෙද කියල තව එකක් ගහන කාලේ වෙද්දී පළවෙනි රස්සාවටත් ගිහින්.  රස්සාවට ගිහින් කොහොම හරි අමාරුවෙන් මැෂින් එකේ RAM එක 1GB වලට වගේ වැඩි කරගත්තට පස්සේ Need for Speed වගේ පට්ට ගේම් ගැසීමේ හැකියාව ලබාගත්තා. හෙහ් හෙහ් මම හිතන්නේ Need for Speed Carbon ද මොකක් ද කියල ආපු ගේම් එකට වෙනකම් ගැහුවා. ඊට පස්සේ නම් ඔන්න ටිකෙන් ටික ගේම් උණ අඩු වෙලා ගිහින් ටිපිකල් රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා, කසාද බැඳලා ඉන්න ඕනේ කියන තත්වයට පත්වුනා.

ඊට පස්සේ ගේම් ගැසීම අභාවයට ගියාට හදිස්සියෙවත් ගේමක් සෙට් වුනොත් සැරයක් දෙකක් ප්ලේ කරලා බලන එක නම් නතර වුනේ නෑ.

කොහොම හරි ඉතින් එව්වා මෙව්වා වෙලා සෑහෙන්න ලොකු වෙලා මේ පහුගිය අවුරුදු 2-3-4කට කලින් මේ රටට ආවට පස්සේ ආපු මගේ ඔය කීවෙනි හරි උපන්දිනේදී මම සල්ලි සල්ලි කියල බලන්නේ නැතිව Need for Speed Most Wanted එකේ Android වර්ෂන් එක සල්ලි දීලා අරගෙන ෆෝන් එකට දාගත්තා මම විසින් මටම දෙන උපන්දින තෑග්ගක් හැටියට.. දැන් ඉතින් ඔය යන එන වෙලාවට ඕක ෆෝන් එකේ දාගෙන ගහනවා. පට්ට ගේම් එකක්.

ඊට පස්සේ ආයේ ගේම් උණ මට  හැද්දේව්වේ අපේ අක්කගේ පොඩි එකා. ඌට හැදෙන ගේම් උණට සෙට් වෙන්න හිටියේ මම. මොකද උගේ තාත්තා හෙවත් මගේ ලොකු මස්සිනාට ගේම් ප්ලේ කිරීම කෙසේ වෙතත් ගේම් කියන වචනෙවත් සෙට් වෙන්නේ නැති එකෙක්. පොඩි එකා ගේම් ගහන එකට විරුද්ද නොවුනත් පොඩි එකත් එක්ක සෙට් වෙලා උගේ ලෙවල් එකට වැටිල ගේම් ගහන එකට පොඩි එකාට ඕනේ වුනේ මාව. තාත්තව නෙවෙයි.. හෙහ් හෙහ්...

ඊට පස්සේ මම  මිනිහත් එක්ක සෙට් වෙලා මේ කාලේ පට්ට ජනප්‍රිය වෙලා තියෙන Clash of Clans ගහන්න පටන් ගත්තා. ෆෝන් එකෙන්. එකත් මරු ගේම් එක. ලංකාවේ කොහොම වුනත් මේ රටේ නම් තරුණ, බාල, මහලු කියල වෙනසක් නැතිව ඔය ගේම් එක නම් ගහන අය ඉන්නවා. මෙහෙ ඉන්න ගොඩක් මිනිස්සු ෆෝන් එකෙන් කරන්නේ ඔය එක එක විදියේ ගේම් සෙල්ලං කරන එක.

මම මේ බ්ලොග් කියවන ඔය ගේම් ගැන වැරදි ආකල්ප වලින් බලන අයට දැන ගන්නත් එක්ක යමක් ලියන්නම්. මම මුලින්ම වැඩ කරපු කොම්පැනියට හම්බ වුණා ඔය කොහේදෝ රටක ප්‍රොජෙක්ට් එකක්. ඒ ප්‍රොජෙක්ට් එක තමයි ඒ රටේ හදපු පරිගණක ක්‍රීඩාවක් ටෙස්ට් කරන එක. ඒ වැඩේ කරන්න බාර දුන්නේ ලංකාවේ උසස් අධ්‍යාපනය ලබල, ඔය උපාධි එහෙම අරගෙන ආපු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන්ට. පරිගණක මෘදුකාංග වලදි ගේම් කියන්නේ සෑහෙන්න හොඳ තැනක් තියෙන රස්සාවක්. ගේම් ලියන එක ලේසි නෑ..  කොටින් ම ඒ දවස් වල ඒ වැඩේ කරපු මගේ යාළුවන්ට පඩි ගෙව්වේ ගේම් ගහනවට. පස්සේ පස්සේ  ඒ වැඩේට තව කට්ටිය ඕනේ වෙලා අපේ කොම්පැනියේ ලොක්කා මට කිව්වා කවුරු හරි හොයල දෙන්න කියල. පස්සේ මම ඔය උපාධියක් අරන් රස්සාවක් නැතිව අනාථ නාථ වෙලා හිටපු මගේ අතීසාර යාලුවෙකුට ඒක සෙට් කරලා දුන්න. ඌ කාලයක් පඩියට ගේම් ගහල රස්සාව පටන් අරන් පස්සේ පස්සේ වෙන වෙන දේවල් ඉගෙන ගෙන දැන් ලක්ෂ ගණන් වලින් පඩි ගන්නේ...

පරිගණක ගේම් කියන්නේ යකෙක් නෙවෙයි. අපි කවුරුත් දන්න අඳුරන Tesla සමාගමේ නිර්මාතෘ මෙන්ම අද ලෝකයේ සිටින ඉතා නිර්මාණශීලි මෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙක් වෙච්ච Elon Musk ඔහුගේ විවේක වෙලාවලදී කරන ප්‍රියතම වැඩක් විදියට මේ පරිගණක ක්‍රීඩා හඳුන්වනවා. ඔහු ගේම් විශේෂඥයෙක්.

හරි ඉතින් ගේම් ගැන ඉතිහාස කතා පොර ටෝක් ඇති. මේ ලංකාවේ හදපු කංඡායුධ ගේම් එක ගැනත් මම ෆේස්බුක් එකේ දැකල පොඩ්ඩක් උනන්දු වෙලා හිටියා. මේ ලඟදි ඕක නිල වශයෙන් නිකුත් කලාය කියල පණිවිඩයක් දැක්කට පස්සේ ගේම් එක හදපු අපේ ලංකාවේ සහෝදර සහෝදරියන්ට උපකාරයක් වශයෙන් එයාලගේ වෙබ් අඩවියේ සඳහන් විදියට මුදලක් ගෙවල මම මේක ගත්තා. කැමති කෙනෙකුට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නත් ඔවුන් පහසුකම දීල තියෙනවා. එක ඉතා වටින වැඩක්.

මේ තියෙන්නේ ගේම් එක. කැමති කෙනෙකුට මෙතනින් ෆේස්බුක් එකට ගිහින් ඔවුන් හා සම්බන්ධ වෙන්න පුළුවන්



ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ලින්ක් ටික එවෙලේම මට ලැබුනත් මම ඊට මාසෙකට විතර පස්සේ තමයි මේ ගේම් එක බා ගත්තේ. ඉතින් ඔය නිවාඩු පාඩුවේ ඉන්න දවසක මම මගේ කාර්යාල පරිගණකයේ ඕක දාගෙන බැලුවා. මේ ලැප්ටොප් එක ගේම් ගහන්න හදපු එකක් නොවුනත් සෑහෙන හොඳ තත්වයේ තියෙන නිසා ගේම් එක අවුලක් නැතිව වැඩ කරනවා. හැබැයි ග්‍රැෆික් නම් පොඩ්ඩක් අවුල්. මට හිතා ගන්න බැරි මගේ ග්‍රැෆික් කාඩ් එක මදි නිසා වෙන අවුලක් ද නැත්නම් ගේම් එකේ ග්‍රැෆික් අවුලක් ද කියන එක.  කොහොම හරි ඉතින් ගේම් එක ගහද්දි මට හිතුනු ටික මම ලියල දාන්නම්.  හදපු අයට උදව්වක් විදියට.. මම ගේම් ඩිවෙලොප්මන්ට් ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.

1. මේ ගේම් එකේ ඉන්න ප්‍රධාන චරිතය දැක්කම මට නිකන් එන්නේ කම්මැලි හැඟීමක්. වීර චරිතයක් කියන හැඟීම නෙවෙයි. හැබැයි තාම ගේම් එක වැඩිය සෙල්ලම් කලේ නැති නිසා තීරණයක් දෙන එක අසාධාරණයි කියල හිතෙනවා.

2. මම තේරුම් ගත්ත විදියට මේ ගේම් එක හදල තියෙන්නේ දැනට තියෙන ගේම් එන්ජින් එකක් භාවිතා කරලා (Unreal Engine). ඒ කියන්නේ ගේම් එකේ සංකීර්ණ වැඩ කටයුතු ගොඩක් ඒ එන්ජින් එකෙන් සිද්ධ වෙනවා.

3. ගේම් එක පටන් ගන්නකොට දැනෙන හැඟීම ටිකක් කම්මැලියි වගේ. ඒ කියන්නේ ඉන්ට්‍රෝ එක  මදි වගේ. හවස ගෙදර යන්න ඕනේ කියන හැඟීමෙන් ඉන්න මාළු කාරයෙකුට සිද්ද වෙන අකරතැබ්බයක් වගේ හැඟීමක් එන්නේ. ගෙදර යනගමන් කියන මානසිකත්වය ආවම ගේම් ගහන්න හිතෙන්නේ නෑනේ.. හෙහ් හෙහ්

4. ඉන්ට්‍රෝ එකේ තියෙන කතාව පොඩ්ඩක් ආසා හිතෙන විදියට, ගේම් එකේ කතාව සහ සිද්දි කිහිපයක් එකතු කරලා පොඩ්ඩක් ආසා හිතෙන විදියට තිබුන නම් හොඳයි.

5. මුලින් ම ගේම් එක පටන් ගන්න තැන තියෙන ජැටියෙන් එලියට යන්න හෙන ගේමක් දෙන්න වුණා.  මොකක් හරි හේතුවක් නිසා යන්න තියෙන නියමිත පාර දිගේ අපේ වීරයා ඇවිදගෙන ගියේ නෑ. ඉතින් මට එපා වුණා. හැබැයි මමත්  අතාරින්නෙ නැතිව වීරයාව මුහුදට දාල ගොඩට අරන් ගියා.

6. කොහොම හරි වෙරළට ගිහින් ගේම් එක සෙල්ලං කරගෙන යනකොට දැනුනේ තියෙන දර්ශන වල පැහැදිලි බව සහ විස්තර සහිත බව තවත් වැඩි වුනානම් කියන එක.

මුලින්ම තියෙන වට පිටාවේ තියෙන යම් යම් අඩුපාඩු හින්ද වැඩි වෙලාවක් සෙල්ලම් කරන්න ආස හිතෙන්නේ නෑ. මම දන්නවා ඕවා හදන්න අමාරුයි කියල හැබැයි ඉතින් කරන වැඩේ උපරිම විදියට කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. මට හිතෙන්නේ ඒක ලාංකීය අපි හැමෝටම තියෙන අඩුපාඩුවක්. යන්තම් වැඩේ කෙරෙනවනම් ඇති කියල හිතෙන එක. හැබැයි උසස් තත්වය කියන එකට ලැබෙන වටිනාකම නිකම්ම නිකන් වැඩේ කෙරෙන දේකට තියෙන වටිනාකමට වඩා සෑහෙන්න වැඩියි. අලුත් වර්ෂන් වලදී හැදෙයි කියල හිතමු.

මම අන්තිමට නතර වුනේ අර අලියාගෙන් බේරෙන්න තියෙන තැනදී. ඊට පස්සේ ආයේ සෙල්ලම් කරන්න බැරි වුණා. වැඩි දෙයක් කියන්න අමාරුයි ඔක්කොම සෙල්ලම් කරන්නේ නැතිව.


කොහොම වුනත් ඉතින් ලංකාවේ අපේ වැඩක් විදියට අගය කරන්න ඕනේ. අනිත් පැත්තට නිකම්ම නිකන් ලංකාවේ අපේ වැඩක් විදියට මේ වගේ වැඩ කරලා වැඩක් නෑ. උපරිම තත්වයෙන් හදල ලෝකෙටම දෙන්න පුළුවන් විදියට හදන්න ඕනේ කියලයි මගේ අදහස. එහෙම ලෝකෙටම දෙන්න පුළුවන් විදියට හදන්න නම් ඉතින් අපේ කම කියන එකට වඩා ලෝකයේ මිනිස්සු හැමෝගෙම කම කියන එක ගැන හිතල මේ වගේ දේවල් හදන්න ඕනේ කියලයි මම හිතන්නේ.  මේ කණ්ඩායම මේක හදන්න වෙච්ච මහන්සිය අඩු තක්සේරු කරන්නේ නෑ. හැබැයි ඉතින් ඔය මහන්සියෙන් උපරිම ප්‍රයෝජනයක් තමන්ට සහ රටට ගන්න නම් අපිට ටිකක් විතර අපේ තියෙන මානසිකත්වයෙන් මිදිලා හිතන්න වෙනවා. 

මාස ගණනකට  කලින් ලියා අස්සක දමා තිබුණු මේක බ්ලොග් වසන්තය වෙනුවෙන් සුද්ද බුද්ද කර පින්තුර දමා පබිලිස් කරන ලදී  

52 comments:

  1. සමහර ගේම් වල ලෙවල් බැලුවම ඊට වැඩිය ඇඩ්වාන්ස් ලෙවල් මැත්ස් වලින් කරල ගොඩ යන එක ලේසියි කියල හිතෙනව. ගේම් එකක් ඔහෙ ගහන්නං වාලෙ ගහන්නෙ නැතුව ගහනවනං මොළේට හොඳ ව්‍යායාමයක් ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රටජි ගේම් ගහන එක ඒ වගේ තමා. ඔලුව කොලොප්පන් වෙනවා. අවකලනය අනුකලනය පරාදයි.. හෙහ් හෙහ්

      මම නම් දැන් වැඩියම කැමති කාර් රේස් වලට.. හිතන්න කරන්න දෙයක් නෑ.. පාගල යන්න නේ තියෙන්නේ

      Delete
  2. අර ප්ලාස්ටික් කොටු අදින ගේම් එක පොඩිකාලෙ මාත් ආසාවෙන් සෙල්ලං කරපු එකක්. වළලු දාන එකත් කරල තිබුණට මට ඔය ටීවී ගේම් බොක්ස් එකක් සෙල්ලං කරන්න තාම හම්බවෙලා නෑ.
    කොම්පියුටරයක් ගෙනාවට පස්සෙ මුලින්ම ගහපු ගේම තමයි පිට්ෆෝල් කියන ගේම් එක. මාස ගානක් මහන්සි වෙලා දෙන්නෙක් එක්ක ලෙවල් 13 ක් ද කොහෙද තියෙන එක ඉවර කරගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ප්ලාස්ටික් කොටු අදින ගේම් දැන් ගන්න නෑනේ ද මම නම් දැකල නෑ..

      ටීවී බොක්ස් ගේම් ගහන්න අපි පිං කරලා නෑ බන් හෙහ් හෙහ්

      Delete
  3. රූප දෙකක් පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් පේන්න ඕනේ. මම හැදුවා.

      Delete
    2. තාමත් නැද්ද? මම හැදුවා. incognito window එකෙන් බැලුවම පින්තුර පේනවා කියන්නේ අවුලක් නෑනේ..

      Delete
  4. කන්ඡායුධ ගන්නමයි කියලා හිතං හිටියේ මාත් , දැන් නිකං මටත් කම්මලියි වගේ හිතුනා

    ReplyDelete
    Replies
    1. මගේ මැෂිමේ අවුලක් ද දන්නේ නෑ.. හැබැයි ඉතින් නරකම නෑ බන්.. නොමිලේ දෙන වර්ෂන් එක අරන් ගහල බලපන්.. ලාංකීය ගතිය තියෙනවා ගේම් එක පුරාම.. හෙහ් හෙහ් රෙද්ද හැට්ටේ ඇඳපු ගෑනු පරාන එහෙම ඉන්නවා.. හෙහ් හෙහ්

      Delete
    2. රෙද්දහට්ටේ අදලද හරියන්නේන

      Delete
    3. ඔය මැෂිම දැන් පරණ වේගන එනවා ;-)

      Delete
    4. හෙහ් හෙහ් තිස්ස අයියා..:D මම අලුත් මැෂිමක් ගත්තා ගේම් ගහන්න

      Delete
  5. අදයි බ්ලොග් එක දැක්කේ...

    ගේම් වලින් මොලේ වර්ධනේ වෙනවා නං මොනවා කියන්නද?...Sherlock Holmes Crimes and punishments ගේම් එක ගහල බලන්න.ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.තනිකරම මොලේම වැඩෙන එක තමයි.ඒ මදිවට ඉංග්‍රීසී.උන් කියන දෙබස් වලින් ඒ විදිහටම හෝඩුවා ගන්න ඕනි.නිකමට ප්ලේ කරල බලන්න.

    කංඡායුධ දාගෙන බලන්න ඕනේ.ඒක ගැන නං මොකුත් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කොටි මල්ලිවත් දැක්කේ අද නේ.. මම මේ ෂර්ලොක් හෝම්ස් ගේම් එක නම් ගහල නෑ.. මට අර කොමාන්ඩෝ ගේම් එක නම් ආයේ හොයා ගන්න ලොකු වුවමනාවක් තියෙනවා. හැබැයි හොයා ගන්න බෑ..

      මේ රටේ නම් ගේම් ටුනමන්ට් එහෙම තියෙනවා. තරඟෙට ගේම් ගහල දිනන. මම හිතන්නේ හොඳ තෑගී හම්බවෙනවා.

      කංඡායුධ ගහල බලල අදහස් කියන්න. හදපු අයට උදව්වක් වෙයි නේ



      Delete
  6. මමත් ඔය ඉඳහිට කම්පියුටර් ගේම්ස් ගහල තියෙනවා. හැබැයි ඔය නම් දන්නෙ නෑනෙ.. ඒවට අපිම දාගත්ත නම් තියෙනවා.. ඒව ඉතින් ලියන්නත් ලැජ්ජයි...

    ReplyDelete
    Replies
    1. ගේම් ගහපු කොල්ලෝ නම් මේ නම් දන්නවා ෂුවර්. ගෑනු ළමයි නම් මොන ගේම් ගහනවද කියල අපි දන්නේ නෑ.. ඔන්න ඔහේ දාපු නම් කියන්න බලන්න. සමහරවිට ඒ නම් වලින් නම් අපිත් ඔය ගේම් ගැන දන්නවා ඇති..

      හැබැයි තරුරසි ගේම් ගහන්න කැමති වීමම ලොකු දෙයක්.

      Delete
  7. අපි ගහපු ගේම් "පාම් පැන්සි 1 සහ 2"ග විලිලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. තාමත් පරක්කු නෑ සුරංග. අදම පටන් අරගෙන ගේම් ගහන්න.පස්සේ පසුතැවිලි නොවන්න. පාම් පැන්සි නම් මම අහල දැකල නෑ.. ෆේස් බුක් ගේම් එකක් ද?

      Delete
  8. බැලුවම මමත් සෑහෙන්න ගේම් ගහල තියනවනෙ,ඔය රවුම් දාන එකයි බ්‍රික් ගේම් එකයි සරල වුනාට එපාවෙන්නෙම නෑ.මටනම් ටීවී එකට කෑලි ගහගෙන මාරියෝට කුමාරි හොයල දෙන්න පුළුවන් වුනා.

    ReplyDelete
    Replies
    1. මටත් බ්‍රික් ගේම් එකනම් කවදාවත් එපා වෙන්නේ නෑ.. මාරියෝ ගේ එක මම කොම්පියුටර් එකේ නම් ගහල තියෙනවා ද කොහෙද.. මට ඒ හැටි අල්ලලා ගියේ නෑ ඒක.

      Delete
  9. අර බ්‍රික් ගේම් එකට කිවුවෙ Tetris කියලා නේද? TV ගේම්ස් නම් මාත් කවදාවත් ගසා නැත. මුලින්ම කම්පියුටර් එකේ ගහපු ඩොස් ගේම්ස් ටික Lotus, Prehistorik, Prince of Persia වගේ ඒවා.. අන්තිමටම පැල් බැඳගෙන ගැහුවෙ Mortal Combat. අනේ හැබෑට අපි කීබෝර්ඩ් එකට දුන්නු වදයක්. ඒ දවස්සොල මොන ජොයිස්ටික්ස් ද?

    ඊට පස්සෙ පැන්නා Need for Speed වගේ එවුවට. Age of Empires ආවා ඊට පස්සෙ. ඒ දවස්සොල ඔෆිස් එකේ සෙනසුරාදාට අපි කරන්නෙ නෙට්වර්ක් එකේ strategy games ගහන එක තමා. හැබැයි Call of Duty වලින් පස්සෙ මම ටික ටික ගේම්ස්වලින් ඈත් වුනා. දැන් නම් කිසිම උනන්දුවක් නැහැ. ෆෝන් එකේ තියෙන්නෙ සුදෝකු විතරයි ගේම් එකක් කියලා. ගැහුවත් ගහන්නෙ ඒ වගේ inteli games විතරයි.

    ReplyDelete
    Replies
    1. අඩේ මමත් ප්‍රින්ස් ඔෆ් පර්සියා සහ මෝටල් කොම්බැට් ගහල තියෙනවා. මට හැබැයි ඔය ගහගන්න ගේම් එච්චර අල්ලලා ගියේ නෑ.. මෝටල් කොම්බැට් ඉස්සර ටීවී එකේ පෙන්නුවා නේද?

      ඔෆිස් නෙට් වරක් එකේ දාගෙන ගේම් ගහන එක මරු වැඩේ. අපි එක සැරයක් කළා ඔය වැඩේ. Call of Duty සෑහෙන්න ප්‍රසිද්ධ ගේම් එකක් නේද? මම කවදාවත් ගහල නෑ. මම දන්නා විදියට ඒ ගේම් එක දැනට තියෙන සිරාම ගේම් එකක්.

      මම නම් ෆෝන් එකේ ඔය පොඩි පොඩි ගේම් දෙකතුනක් ගෙන ඉන්නේ. කොහේ හරි කාලේ කන්න සෙට් වුනාම හොඳයි. හොඳ strategy ගේම් එකක් තාම හම්බ වුනේ නෑ.. ෆෝන් එකෙන් ගහන්න

      Delete
    2. පැතුමො, මෙන්න තියෙනවා තැනක් පරණ ගේම්ස් බාගන්ට පුළුවන්.. බාගෙන ට්‍රයි එකක් දෙන්ට බලාන්ට අතීතෙ තියාපු රෙකෝර්ඩ්ස් කඩන්ට.. :-D

      COMPUTER GAMES

      Delete
    3. ඔය ප්‍රින්ස් ඔෆ් පර්සියා එකේ තප්පර දෙක තුනකින් ගේම් එක ඉවර කරන්න පුලුවන් හොර ක්‍රමයක් තිබුණ කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ප්‍රින්ස් වලට අමතරව තව මොකක්ද එකක් ගහල.

      Delete
    4. එහෙම එකකුත් තිබ්බද? ඔය සෙට් එකේ එකක
      ( Two thrones) ගහන්නම බැරි ලෙවල් එකක් තිබුණ(ට්‍රේනර් දාගෙනවත්).මම කලේ කවුදෝ පිංවතෙක් නෙට් එකට අප්ලෝඩ් කරල තිබුණ සේව් ෆයිල් එකක් හොයල ඒක දාගෙන ඊලඟ ලෙවල් එකට මාරුවුණා.

      Delete
    5. key combination එකක් තිබුනා, මට මතක නෑ හරියටම මොකක්ද කියලා.. ඒකෙන් පුළුවන් ලෙවල්ස් අතර පනින්ට.. ලෙවල් 1 ඉඳන් ලෙවල් 2 වලට, 2න් 3ට, ඔහොම පැන පැන යන්ට පුළුවන් ලෙවල් එක කම්ප්ලීට් කරන්නෙ නැතුවම.. අපේ හිටියා ප්‍රින්ස් ඔෆ් පර්සියා එක්ස්පර්ට් කෙනෙක්, හිටහල්ලාකො උගෙන් අහලා බලාන්ට..

      ගේම්ස් ළඟට ඊළඟ ජනප්‍රියම මාතෘකාව චීට් කෝඩ්ස්.. අලුත් චීට් කෝඩ් එකක් හොයාගත්තා කියන්නෙ ඉතිං කොලොම්බස් අමෙරිකාව හොයාගත්තා වගේ තමා ඒ දවස්සොල.. මට අල්ලලාම ගියේ Age of Empires I එකේ චීට් කෝඩ්ස් ටික.. රෝමන් හමුදාව මැද්දට එකපාරටම ගිහින් අතාරිනවා යුද්ධ ටැංකියක්, දාලා හතර වටේටම කෙලලා අරිනවා සුන්නද්ධූලි වෙන්ට.. :-D

      Delete
    6. ගේම් එක ලෝඩ් කරන්න prince megahit ද කොහෙද ගහන්න ඔන කියලයි මට මතක. කී කොම්බිනේෂන් එකනං මතක නෑ. අපේ කොල්ලට ගහන්න මේ එක මැසිමක ප්‍රින්ස් දාල තියෙනව. බලල කියන්නං.

      Delete
    7. බුරා මම ඒ සයිට් එක බැලුවා. මට කොමාන්ඩෝස් වත් v-cop වත් හොයා ගන්න බැරි වුනා නේ. තව අර F17 කියල ෆ්ලයිට් සිමියුලේටර් එකක් මම බාගෙන බැලුවා. මගේ මැෂිම 64bit හින්ද රන් කරන්න බැරිලු. ඔය පරණ ගේම් දැන් රන් කරන්න බැරි ද දන්නේ නෑ..

      Delete
    8. ප්‍රසන්න අයියේ ඔය ප්‍රින්ස් of පර්සියා ගේම් එක හොයා ගන්න තැනක් දන්නවනම් කියන්නකෝ.

      Delete
    9. බුරා, හෙහ් හෙහ් මම ඒක දැක්කේ නෑ.. ඩවුන්ලෝඩ් කරලා බැලුවා රන් කරන්න බෑ බන් මෙන්න මෙහෙම කියනවා.

      The version of this file is not compatible with the version of Windows you're running. Check your computer's system information to see whether you need an x86 (32-bit) or x64 (64-bit) version of the program, and then contact the software publisher.

      මගේ මැෂිමේ තියෙන්නේ Win 7 64 bit. මේ ගේම් රන් වෙන්නේ නෑ.. :(

      Delete
    10. පැතුමො, මෙන්න මෙතන තියෙනවා V-Cop.. හැබැයි ඉතිං උඹට 32-bit කම්පියුටර් එකක් හොයාගන්ට වෙයි..

      OldVersion.com

      Delete
    11. Pathum : හොඳ වැඩේ...! සාදු !!!!

      Delete
    12. ලිඛිතා, ගේම් එකක් ඇතුලට දාල වෙඩි තියෙනවා.. අපි හරි සැරයි

      Delete
    13. අපි වගේ XP වල නැවතිලා හිටියනං ඉවරනෙ. හැක්..

      Delete
  10. එජ් ඔෆ් ද එම්පයර් සහ කොමාන්ඩෝස් ගේම් දෙකෙන් එහාට හොඳයි කියල කියන්න පුළුවන් ගේම් එකක් මම ගහල නැහැ. නිකාම් මරාගෙන කපාගෙන වෙඩි තියාගෙන ඉස්සරහට යනවට වඩා වැඩි යමක් එජ් ඔෆ් ද එම්පයර් සහ කොමාන්ඩෝස් ගේම් දෙකේ තියෙනව. කොමාන්ඩෝස් III ගේම් එකේ නම් ලෙවල් 3 වලින් එහාට යන්න බරිවුනාද කොහේ මට. මෙහෙම කිව්වට දැන් අවුරුදු දෙකකින් විතර ගේම් ගහල නැහැ. අන්තිමට ගැහුවේ එජ් ඔෆ් ද එම්පයර් III ද කොහේ.

    කන්චායුද ගැන කියනවනම් අපේ රටේ දෙයක් නිසා ඇගයිය යුතුයි. ඒත් වටපිටාවේ පවතින අනෙකුත් තරඟකාරී ගේම්ස් එක්ක තරඟ කරන්න බැරි දෙයක් එලියට දාපු එක අපරාදේ. තව ටිකක් මහන්සි වෙලා උපරීම යමක් කරලා එලියට දැම්මනම් තමා වටින්නේ. ඒත් අපි එහෙම කිව්වට කරන එවුන් තමා එව්වට තියන දුෂ්කරතා දන්නවා ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. මටත් කොමාන්ඩෝස් නම් පට්ට විදියටම අල්ලලා ගියා. දැන් එකේ අලුත් වර්ෂන් එකක් තියෙනවද? මට හොයා ගන්න බැරි වුනා. මමත් වෙඩි තියන ගහගන්න ගේම් වලට එච්චර කැමති නෑ.. මට අල්ලලා යන්නේ කාර් රේස් සහ strategy ගේම් තමා.

      කාංචායුධ ගැන කතාව ඕක තමා. මහන්සියට ප්‍රතිඵල මදි වගේ. ගේම් එකක් හදන එක ලේසි නෑ. හැබැයි ඉතින් මහන්සි වෙන එක උපරිම මහන්සි වෙලා හොඳට හිට් වෙන්න හදන්න පුළුවන් නම් තමනුත් ගොඩ රටත් ගොඩ..

      අර Call of Duty වගේ ගේම් කියන්නේ සල්ලි ආකර නේ ඉතින්

      Delete
  11. පැතුමා උඹ ඩෙල්ටා ෆෝස් ගැහුවෙ නැද්ද? මරන්න වටිනවා එහෙනං.
    මමත් කොම්පියුටර් ගේමින්ග් අත්පොත් තිබ්බේ අර අමුතු ස්පේස් ආකේඩ් ගේම් එකකිනුයි, ඩූම් 2 එකෙනුයි තමයි. ඉන් පස්සේ වී-කොප්. ඔය ඔක්කොම හැබැයි අනුන්ගේ කම්පියුටර් වල. මට ඒ ලෙවල් කාලේ (ඔව් උඹයි මායි එක වයසේ වගේ) කොම්පියුටරයක් හම්බුවෙනකොට වින්ඩෝස් එක්ස්පී කියන්නේ මාර සීන් එක වෙලා තිබුණු කලේ. ඒ නිසාම මගේම කම්පියුටරේකින් මුලින්ම පිස්සුවෙන් ගැහුවේ ඩෙල්ටා ෆෝස්!

    මගේ අතීසාර මිත්තරයෙක් හිටියා. ඌයි මායි ගේම් හුවමාරු කරගන්නවා. ගෙදර මිනිස්සුත් හෙන ‍ෆිට්. උන්ගේ අම්මට ඉතින් මම හෙන හොඳ පුතා. දවසක් මම මූව හොයාගෙන යනකොට මූ නෑ. අම්මා ෆුල් සීරියස් මූඩ් එකක් දාගෙන මාව පැත්තකට එක්කගෙන ගිහින් කියනවා මූ රෑට රෑට හොරෙන් නැගිටලා කොම්පියුටරේ දාගෙන මොනාද කරනවලු. ලයිට් ඕෆ් කරලා වුනාට ස්ක්‍රීන් එකේ එළියට අම්මට මීටර්. ඉතින් දැන් අම්මට අහන්නත් බෑ, මොකද අම්මට ෂුවර් මූ වැල අදිනවා කියලා. ඉතින් මට අවවාද කරන්නලු! මොකද මුට නංගියෙකුයි මල්ලියෙකුයිත් ඉන්නවා. ආයෙ උන් දෙන්නත් නරක් වුනොත් එහෙම.
    ඔන්න ඉතින් මාත් හා කියලා ඔලුව වනලා අරූ ආවට පස්සේ ඇහුවා මොනාද යකෝ මහ රෑ නැගිටගෙන කම්පියුටරේ කරන්නේ. බලන වැලක් මාට්‍ටු නොවෙන්න බලපන්කෝ කියලා. මූ කියනවා "අඩෝ මම නංගිටයි මල්ලිටයි නින්ද යනකල් ඉඳලා නැගිටින්නේ ඩෙල්ටා ෆෝස් ගහන්න" කියලා! බලනකොට මුගේ ගෙදර තියාගෙන ඉන්න අය්යා තත්වේ හැටියට අරුන් දෙන්නට පේන්න ඩෙල්ටා ෆෝස් වගේ ගේම් එකක් ගහන එක හෙන මදිකමක්ලු. ඒ නිසාලු රෑ ජාමේ නැගිටගෙන එළිවෙනකල් ඕක ගහන්නේ. ඕක තමා පුල්මුඩේ තත්වේ!

    ReplyDelete
    Replies
    1. අපි ආසන්න වශයෙන් එකම වයසේ තමා බන්. මමත් ඩෙල්ටා ෆෝස් ගහල තියෙනවා. හැබැයි මට ඔය යුද්ධ ගේම් හරි ගහ ගන්න ගේම් හරි එච්චරම අල්ලලා යන්නේ නෑ. හැබැයි V-Cop නම් කවදාවත් ඇති වෙලා නෑ.. මම මේ ළඟදිත් ඕක හොයාගෙන ගැහුවා. හෙහ් හෙහ්

      මහ රෑ නැගිටගෙන ගෙන ගේම් ගහන එක සිරා කොල්ලෙක් වශයෙන් කරන්නම ඕනේ.. මම ඒ දවස් වල Need for Speed ඔහොම ගහල තියෙනවා. ඊට පස්සේ තව අර Unreal කියල එකක් තිබුනා. එක නම් බය හිතෙනවා. රෑ 10න් විතර පස්සේ ඒක ගහන්නේ නෑ.. හෙහ් හෙහ් සෝම්බි සීන් එකක් ද කොහෙද තිබුනේ..

      මට නම් අපේ ගෙදර හොරෙන් ගහන අවුලක් තිබුනේ නෑ.. නංගිටයි අක්කටයි කොහොමත් ඕව ගැන කිසිම හැඟීමක් නෑ.. මෙලෝ රහක් නැති ජාතියක් හෙහ් හෙහ්...

      හැබැයි රෑ තිස්සේ වැල ඇදීම පිළිබඳව නම් වෙනම පොස්ට් රැසක් ලියන්න පුළුවන් හෙහ් හෙහ් හෙහ්

      Delete
  12. මට නම් කොම්පියුටර් ගේම් ඇලජික් බං. නිකන් කාලේ කනවා විතරයි

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි, දැන් උඹ ඔය කොම්පියුටර් ගේම් නොගහ ඉතිරි කර ගත්ත කාලෙන් මොනවාද කරන්නේ කියපන් බලන්න.. හෙහ් හෙහ්

      Delete
    2. මල් මල්ලිට වගේ තමයි මටත් කම්පියුටර් ගේම් ගැන උනන්න්දුවක් ඇත්තේ නැහැ."ප්‍රින්ස් ඔෆ් පර්සියා" කියන ගේම් එක නම් සෙල්ලම් කරලා තියෙනවා වගේ මතකයි.ඉස්සර මගේ ෆෝන් එකේ කාර් රේස් ගේම් එහෙම තිබ්බා.එව්වා හැබැයි මම නෙමේ ගැහුවේ.ඔය පොඩි උන් තමයි ෆෝන් එක අරන් සෙල්ලම් කෙරුවේ.දැන් නම් එක ගේම් එකක්වත් නැහැ.

      Delete
  13. සුබ අලුත් අවුරුද්දක් වේවා, පැතුම්. මම ගේම් ගැහිල්ල පටන්ගත්තෙ නොකියා සිම්බියන්වලින්. ඒ දවස්වල Tomb Rider, Assasins creed එහෙම ගැහුව ෆෝන්වල කී පෑඩ්වල හම යනකං.PC ගේම්වලින් මට වැඩියෙන්ම අල්ලල ගියේ Need for speed Most wanted, Underground ගේම් දෙක.තව Splinter cell ගේම් සෙට් එකත් අමතක කරන්නම බෑ මාර විදියට මොළේ වෙහෙසවන්න වෙනව.ඇයි Prince of persia, IGI the plan,Sniper elite 1,2,Max payne එහෙම. ගේම් කියන ජාතිය නොතිබුණානං අපි ඔය ත්‍රාසජනක අත්දැකීම් කවද ගන්නද නේ? කංජායුධ ගේම් එක තාම ගහන්න බැරිවුණා ගහල බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. Assasins creed එකත් පට්ට ගේම් එකක් නේද? මම හැබැයි මොබයිල් වර්ෂන් එකක් විතරයි ටිකක් ගහල තියෙන්නේ. Project IGI කියල එකකුත් තිබුනද? මට IGI කියල ගේම් එකක් ගැහුවා මතකයි හැබැයි ටික දවසයි. අනිත් ඒවා නම් ගහල නෑ..

      මම මේ දවස් වල Need for speed No Limit කියල එකක් දාගෙන ගහනවා හෙහ් හෙහ්..

      හසිත ඇතුළු පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
    2. මාත් Assasins creed මොබයිල් වර්ෂන් එක විතරයි ගහල තියෙන්නෙ. Project IGI නම් මට මහ එපාකරපු ගේම් එකක් කොච්චර දැඟලුවත් 1වෙනි ලෙවල් එකෙන් එහාට ගිහින් නෑ. ඒකෙම එකක් තමයි IGI the plan කියන්නෙ.මම කියනවට ගහල බලන්නකො එළුවයි තම්පලා මිටියයි වගේ කේස් එකක්.

      Delete
  14. අපි ගැහුවා ඉස්සර නින්ජා ගේම් එකක්.. බූඩෝ කියලා.. මමනම් ගේම් වලට එච්චර මනාපයක් තිබුනෙම නෑ...

    ReplyDelete
  15. මම ඒ ගේම් එක ගැන නම් අහල නෑ සෙන්නා. සමහර අයට ගේම් හරි යන්නේ නෑ.. අපේ අක්කගේ මහත්තයත් ඒ වගේ මොනවා කලත් ගේම් එකක් ගහන්න පුරුදු කරන්නම බෑ.. හෙහ් හෙහ්

    ReplyDelete
  16. මගේ ගේම් අතීතෙත් ඕකම තමා වතුර game එකෙන් පටන්ගෙන brick game tv game වලින් පස්සේ 486 com එකකින් floppy disk දාගෙන dave, supermariyo වලින් පටන් ගත්තේ. ඔය v-cop game එකේ gun eka reload කරන්න තිබ්බේ ර'click එකකින් එතකොට "රිලෝඩ් "කියල සද්දෙන් කියනවා. එක ළඟ ඕක reload කරද්දී අන්තිම අකුර ලොප් වෙලා ඇහෙන්නේ. දවසක් අපේ ලොකුතාත්තා මම game ගහන සද්දෙට "මොකක්ද බං ඔය කරන්නේ. මොකාද ඔය හැම වෙලාවේම "රිලෝ ...රිලෝ " කියලා කැගහන්නේ වහලා දාපන්කෝ ඔය මඟුල" ..... :D

    ReplyDelete
  17. සිරා ලිපියක් නේ. දැක්කෙම නැහැ. මමත් කාලයක් ගේම් ගහලා ඔය කියන ඒවා කොරල අන්තිමට බ්ලොග් ගේම් වලට බැස්සට පස්සේ නැවතුන. අන්තිමට ඩෙල්ට ෆෝර්ස් නුයි තව මොඅකක්ද නින්ටෙන්ඩෝ එකේ ගහපු ගේම් ටිකකුයි විතරයි. මේක කියෙව්වම ආයේ යන්න හිතුන ගේම් පැත්තේ.

    ReplyDelete