සැබෑ ආදරය හරි අපූරු විදියට අපිට හමු වෙනවා. ගොඩක් වෙලාවට ඔය හමුවෙන ආදරය තේරුම් ගන්න අපිට තේරෙන්නේ නෑ. සැබෑ ආදරය නම් මෙන්න මෙහෙමයි කියල අපේ සමාජය අපිට උගන්නල තියෙන රාමු වලින් එහාට ආදරය දකින්න අපිට නොහැකි වෙලා තියෙන එක හරිම අපරාදයක්. රාමු වලින් තොර වෙච්ච කුඩා දරුවන්ගේ ආදරය අපිට කිසි අඩුවකින් තොරව දැනෙන්නත් අනෙකුත් බොහෝ සම්බදතා වලදී විවිධ කොන්දේසි වලට අනුකුලව ආදරය අපිට දැනෙන්නෙත් හේතුව මේ අපි හිර වෙලා ඉන්න රාමු නෙවෙයි ද?
yin yang සංකේත දෙකක් අතර දන්වැලකින් බැඳුනු රතු පාට හදවතක පින්තුරයක්
ළමා කාලයෙන් පස්සේ අපේ හිත්වල තියෙන ආදරය හෙමින් හෙමින් වෙනස් වෙන හැටි හරි පුදුමයි. ළමා කාලයේදී අනිත් අය ගැන අපේ හිත්වල තියෙන ආදරය හරි සිම්පල්. සුළු දේකට මහ මෙරක් තරම් ආදරේ වෙනවා. පුංචි ටොපියක්, නැත්නම් පුංචි සෙල්ලම් බඩුවක් නිසා හිතේ ඇතිවන සතුට නිරායාසයෙන්ම ආදරයක් බවට පෙරළෙනවා. ටික වෙලාවකින් ඕක ගානක් නැති වෙලා යන එක ඇත්ත. හැබැයි ඒ ඇතිවන ආදරේ හරිම ඔර්ජිනල්.
පස්සේ පස්සේ පුංචි කෙල්ලක් හෝ පුංචි කොල්ලෙක් ගැන අපේ හිත් වල ඇතිවන ක්‍රෂ් එක මට හිතෙනවා ඔර්ජිනල් කියල. හැබැයි ඒ වෙද්දී ටික ටික කන්ඩිෂන් වෙලා තියෙන අපේ හිත ඒ ඇතිවෙන ඔර්ජිනල් හැඟීමට ඉඩ දෙන්නේ නෑ. පුංචි උනත් වටෙන් පිටෙන් ඇහිලා දැනිල තියෙන දේවල් එක්ක ඒ ආදරේ සංසන්දනය වෙනවා. සුන්දර මතකයන් විතරක් ඉතිරි කරලා ඒ ක්‍රෂ් ක්‍රෑෂ් වෙලා යන්නේ අපේ හිතේ ඇතිවන ඔරිජිනල් ආදරේට වඩා වට පිටාවෙන් ලැබිච්ච කන්ඩිෂන් වෙච්ච මනස බලවත් වෙන නිසා.
එතනින් පස්සේ ආදරේ කියන්නේ තනිකරම සමාජීය දෙයක්. සමාජයෙන් ඉගෙන ගෙන තියෙන, උදේ හවස මාධ්‍ය වලින් ඔළුවට දාන අනුන්ගේ ආදරයෙන් අපි අපිට හරි යන ආදරය හොයන්න දඟලනවා. ඔය අනුන්ගේ රාමු අස්සෙන් අපිට ඕනේ කරන ආදරය හොයාගෙන යද්දී අපිට ලැබෙන අපුරුම තෑග්ග තමයි විවිධාකාර අත්දැකීම්. සමහර විට මුළු ජිවිතයම රසවත් කරන්නත්, එහෙම නැත්නම් මුළු ජිවිතයම මහා වේදනාවකින් පිරිච්ච විඳවීමක් කරන්නත් ඔය අත්දැකීම් වලට පුළුවන්. ඒ වේදනාවන් ලෝකයම රසවත් කරන අපුරු කලා නිර්මාණ වෙන්නත් පුළුවන්. මට හිතෙන විදියට සහ මගේ අත්දැකීම් වලින් නම් අපිට හරියන ඔර්ජිනල් ආදරය අපිට හම්බවෙන්නේ අපි ඔය තරුණ කාලේදී අනිත් අය කියන හෝ අනිත් අයගේ රාමු අස්සෙන් ආදරය හොයනකොට නෙවෙයි. අපි අපේ අවංක ස්භාවයෙන් අපි අපිම වුනාම තමයි ඒ හරියන කෙනා අපිට ලැබෙන්නේ. එහෙම හම්බවෙන ආදරය හැමදාම තියෙනවා. අමුතුවෙන් තියාගන්න දෙයක් නෑ.
එහෙම හම්බ වෙන ඒ ආදරය ඇතුලේ තියෙන අපුරු රස විඳින්න පුළුවන් වෙන්නෙත් අපිට ඒ හමුවෙන කෙනා ව පිටින් දාන රාමු වලින් තොරව ඒ පුද්ගලයාගේ සැබෑ ස්වරුපයෙන් දකින්න පුළුවන් නම් විතරයි. සමාජ රාමුවක් ඇතුලෙන් දකින්න ගත්ත ගමන් ආදරය දිය වෙලා යනවා. අපිට හමු වෙච්ච ඒ පුද්ගලයාගේ තියෙන සමහර පුංචි දේවල් අපිට මිස් වෙනවා. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අනන්‍ය වෙච්ච චරිත. ඉතින් ඒ අනන්‍යතා අපිට දකින්න පුළුවන් නම් ඒ මිනිස්සු කොච්චර අපුරු චරිතද කියල හිතෙයි. හැබැයි තව කාගේ හරි මතයක් තුලින් මිනිස්සුන්ව මනින තාක් අපිට ඒ අනන්‍ය බව දකින්න බෑ.
ආදරය ඇතිවෙන්න ඕනේ ගැහැණු පිරිමි, පිරිමි ගැහැණු අතර විතරද? ගැහැණු ගැහැණු, පිරිමි පිරිමි ආදරය ගැහැණු පිරිමි ආදරයට වඩා අඩු වෙන්නේ කොහොමද? අපි නොදකින, නොසිතන ඒ පැති අපි ටැබූ විදියට සලකල මග ඇරලා දාල තියෙනවා. ගස් වැල් තුල ආදරය තියෙනවා. සොබා දහමේ ආදරය තියෙනවා. සතා සීපාවා තුල ආදරය තියෙනවා. අපි ඒ ආදරයට හරිම සංවේදියි. හැබැයි අර ටැබූ ආදරයට අපි අසංවේදියි.
අපි බොහෝවිට ආදරය සහ බැඳීම පටලවාගෙන ඉන්නේ. ආදරය තියෙන්න බැඳීමක් තියෙන්න ඕනේ නෑ. බැඳීම තද වෙන්න වෙන්න ආදරය අඩු වෙනවා. බැඳීමෙන් දුක වැඩි වුනාට ආදරයෙන් දුක අඩු වෙනවා. ආදරය බැඳීමක් කර ගන්න ගියාම දුක වැඩි වෙනවා. බැඳීමෙන් තොර ආදරය හරිම අපුරුයි. ආදරය කියන්නේ බැඳීමක් කියල විතරක් අපේ ඔළුවට දාල තියෙන නිසා අපිට ආදරයේ සහ බැඳීමේ වෙනස තේරුම් ගන්න අමාරුයි. අපිට කාගේ උනත් පොඩි ළමයෙක් දැක්කම හරි ආදරයක් ඇති වෙනවා. නමුත් අපි ඒ ළමයට බැඳිලා නෑ. හැබැයි කිසිම හේතුවක් නැතිව ආදරයක් ඇතිවෙනවා. හැබයි ඒ හැඟීම වැඩිහිටියෙක් කෙරෙහි එහෙම ඇති වෙන්නේ නෑ. වැඩිහිටියෙක් ගැන එහෙම ආදරයක් ඇති වෙන්නේ බොහෝ විට කුමක් හෝ බැඳීමක් නිසා. අපිට වැඩිහිටියෝ පව් කියල හිතුනට එයාලට ආදරේ හිතෙන්නේ හරි අඩුවෙන් සමහර විට රුපය නිසා වෙන්න ඇති.
ආදරය ගැන මේ සටහන ලියන්න හිතුනේ දැනට මාස කිහිපයකට කලින් බලපු අපුරු චිත්‍ර පටියක් නිසා. බාගෙට ලියල දාල තිබිච්ච එකක් ඉවරයක් කරලා දාන්න හිතුනා. චිත්‍ර පටිය ගැන යමක් නොකියාම බෑ. නමුත් කතාව ස්පොයිල් නොකර ඒ ගැන කතා කරන්නත් බෑ. කොහොම වුනත් තරුණ යුවලක් අතර ඇතිවෙන ආදරය සහ ඒ ආදරය කොච්චර දුරට යනවද කියල මේ කතාවෙන් කියවෙනවා. සැබෑ ආදරය ටැබූ ද විය හැකිය කියල මට හිතුනේ ඒක බලල ඉවර වුනාම.
චිත්‍ර පටියේ නම The Danish Girl බලල තියෙන අය ඔයාලට දැනුන අදහස කියන්න. නොබලපු අය හොයාගෙන බලන්න. ආදරයේ සියුම් තැන් කොච්චර තියෙනවද කියන එක හිතල බලන්න හිතෙයි.
මේ තියෙන්නේ මේ අදහස ගැන මිට අවුරුදු 6-7කට කලින් මම ලියපු සටහනක්. මේ වගේ අදහස් ගැන හිතල බලන්න පුරුදු පුහුණු කරපු අපුරු ගුරුවරු ටිකක් මට හිටියා. ටිකෙන් ටික යාන්ත්‍රික වෙලා ගිහින් දැන් ඔළුවෙන් ඒ අදහස් වේලිලා ගිහින්. නැවත ඔවුන් හමුවී වියලුනු හිතට තෙතමනය ගේන්න කාලය ඇවිල්ල.

The Danish Girl චිත්‍ර පටයේ ප්‍රචාරක පෝස්ටරයක්
මේ තියෙන්නේ මේ අදහස ගැන මිට අවුරුදු 6-7කට කලින් මම ලියපු සටහනක්. මේ වගේ අදහස් ගැන හිතල බලන්න පුරුදු පුහුණු කරපු අපුරු ගුරුවරු ටිකක් මට හිටියා. ටිකෙන් ටික යාන්ත්‍රික වෙලා ගිහින් දැන් ඔළුවෙන් ඒ අදහස් වේලිලා ගිහින්. නැවත ඔවුන් හමුවී වියලුනු හිතට තෙතමනය ගේන්න කාලය ඇවිල්ල.
මේ බිත්තියාට මොකක් වෙලාද?? වසන්තම් ලී කුට්ටියකට ඉව කරනව වගේ.. හැක් හැක්..
ReplyDeleteඔය දනිස් ගර්ල් මං ගාව ඉන්නවා.. තාම බැලුවේ නෑ..
සැබෑ ආදරය.. එක්කෝ ඕන නෑ.. හැක්
අවස්ස අයට දනිස් ගර්ල්ගේ ඩිරෙක්ට් කන්ටැක්ට් නම්මරය.. මේක තමා මගේ ආසම පොට් එක..
Deletehttp://www.directdlmovie.com/?p=1014
අඩේ දේශකයා, ඔන්න පේනවනේ රට්ටු හිතන හැටි. අපි මේ බොහොම සද්භාවයෙන් පරණ පෝස්ට් හොයල හොයල පබ්ලිෂ් කරනවා යන්තම් මාසේ කවර් කර ගන්න හෙහ් හෙහ්.. වසන්තම් ලී කුට්ටි වලට ඉව අල්ලන එක වෙනම කතාවක්.. දැන් බලපන් අර ප්‍රසිද්ධ බ්ලොග් කරුවො පත්තර වලට කියල තියෙන ඒවා බලල ඒවා ආදර්ශෙට අරන් අපිත් හැදෙන්න නේ මේ හදන්නේ.. හෙහ් හෙහ්.. උඹලට පෙන්නේ කුට්ටි විතරයි... :D
Deleteදනිස් කෙල්ල බලපන්. අන්න කෙල්ලෝ
මේ ලින්ක් එකට පට්ට ඉස්තුතියි. හොඳ ෆිල්ම් ටිකක් තියෙනවා වගේ. ගෙදර ගිහින් බාල බලන්න ඕනේ. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම්
Deletehttps://popcorntime.sh/ ඔන්න ඕකෙන් කෙලින්ම ස්ට්‍රීම් කරන්න පුළුවන්.
ඒක ටොරන්ඩ්ද??අිපේ දේවාලේ ටොරන්ට් පුජා කිරීම තහනං
Deleteටොරන්ට් නෙවෙයි. කෙලින්ම ස්ට්‍රීම් වෙනවා. සොෆ්ට්වෙයාර් එක බාගෙන ඉන්ස්ටෝල් කර ගන්න විතරයි තියෙන්නේ
Deleteආදරය සම්බන්ධව උඹේ අදහස මගේ අදහස් එක්ක 100% සමපාත වෙනවා.
ReplyDeleteමේ ෆිල්ම් එක බලලා නෑ හොයාගෙන බලන්න ආසා හිතුනා පෝස්ට් එක කියෙව්වට පස්සේ.
මේ විෂයට අදාල ෆිල්ම් දෙක තුනක් මමත් බලලා තියෙනවා.
බෲක්බැක් මවුටන්, ප්‍රේයර්ස් ෆොර් බොබී වගේ ඒවා හරිම අනුවේදනීය කතා.
අපි ආදරය ගැන හිතන විදිය වෙනස් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. අපි හිත් තාම විවෘත නෑ. එහෙම විවෘත වෙන්න වෙන්න ජිවත් වෙන එක හරි ලේසියි. මට හිතෙන්නේ එහෙමයි.
Deleteමේ ෆිල්ම් එකේ තියෙන්නේ වෙනස් සිද්දියක්. බලන්න. මමත් මේ දාල තියෙන ෆිල්ම් බලන්නම්. මම ඔය වගේ අමුතු විදියේ කතා බලන්න හරි කැමතියි. ෆිල්ම් එක බලල ඉවර වුනාම අපි හිතන විදිය ගැන ආයෙත් හිතන්න හිතෙන කතා.
එදිනෙදා වැඩ කෝටියක් එක්ක ෆිල්ම් එකක් බලනවා කියන එක දැන් චැලේජ් එකක් වෙලා බන්. ඒත් මේක කවදා හරි නිවාඩුවක් ආ ගමන් බලන්න ඕන ලිස්ට් එකට දාගත්තා.
Delete‘‘අපි බොහෝවිට ආදරය සහ බැඳීම පටලවාගෙන ඉන්නේ. ආදරය තියෙන්න බැඳීමක් තියෙන්න ඕනේ නෑ. බැඳීම තද වෙන්න වෙන්න ආදරය අඩු වෙනවා. බැඳීමෙන් දුක වැඩි වුනාට ආදරයෙන් දුක අඩු වෙනවා. ආදරය බැඳීමක් කර ගන්න ගියාම දුක වැඩි වෙනවා. බැඳීමෙන් තොර ආදරය හරිම අපුරුයි. ආදරය කියන්නේ බැඳීමක් කියල විතරක් අපේ ඔළුවට දාල තියෙන නිසා අපිට ආදරයේ සහ බැඳීමේ වෙනස තේරුම් ගන්න අමාරුයි. ‘‘
ReplyDeleteමේ කතාව ඇත්ත. මටත් ජීවිතේ මේ වෙනස තේරුම්ගන්න බැරිවුණා. චිත්‍රපටිය නම් බලල නැහැ. බලන්න ඕනි.
ඔය වගේ දේවල් තේරුම් ගන්න කවදාවත් පරක්කු නෑ.. වචන වලින් තේරුම් ගියාට ප්‍රායෝගිකව අපි ඒ විදියට ජිවත් වෙනකම් අපිට ඒක ඇත්තටම අත්දකින්න බෑ. ලියන්න ලේසියි. කරන්න අමාරුයි හෙහ් හෙහ්
Deleteඇත්ත ඇත්ත ලියන්න ලේසියි. ඒ විදියට ජීවත් වෙන්න අමාරුයි. විශේෂයෙන්ම මේ සිරි ලංකාවෙ.
Deleteසැබෑ ආදරය ...හම්බවෙන විදිය ගැන එක එක පොස්ට් ගියා කාලයක්..
ReplyDeleteජය වේවා ..!!!
සුමුදු, සිරාවට මම මේ පෝස්ට් එක ලියන්න ගත්තේ ඔය සැබෑ ආදර සීන් එක නැගල යන කාලේ.. හෙහ් හෙහ් මාතෘකාව දැම්මේ ඒකටත් එක්ක. හැබැයි දැන් තමා පබිලිස් කලේ.. හෙහ් හෙහ්..
Deleteඇත්ත නොදැනුවත්ම අපේ ආදරය සමාජීය උවමනාවක් වෙනවා එතකොට අපිට අපි මග හැරෙනවා
ReplyDeleteමගේ හිතෙත් තවම ඇරියස් එකක් තියෙනවා මම කැමති රෑපයට ආදරය කරන්න බැරිවීම ගැන. ඒ රෑපය දැක්කාම මගේ හිතේ හැංගිලා තියෙන ආදරේ ඉබේම මතු වෙනවා.
ReplyDeleteආදරය ! මටනම් හිතෙන්නෙ හුදු පැවැත්ම උදෙසා සිත සමඟ අත්සන් කරණ තාවකාලික, එකඟ නොවු කල්ඉකුත්වීමේ දිනයක් ඇති එකඟතාවයක් කියලා. එවන් එකඟතා එකක් හෝ කිහිපයක්, එකවර හෝ එකකට එකක් පසු ආදී වශයෙන් ඇතිවිය හැකිය.
ReplyDelete//පස්සේ පස්සේ පුංචි කෙල්ලක් හෝ පුංචි කොල්ලෙක් ගැන අපේ හිත් වල ඇතිවන ක්‍රෂ් එක මට හිතෙනවා ඔර්ජිනල් කියල.// දැන් පැතුම ඕවගේ කියක් තිබ්බද? ෆිල්ම් එක බාගත්තට තවම බලන්න බැරිවුනා. අදවත් බලල කියන්නම්.
ReplyDelete