Tuesday, October 18, 2016

ලංකාවේ ජපන් වාහන මගඩි


          ජපානේ හදන කාර් එකක් විකුණලා ජපන් රජය  ලබන ආදායමට වැඩිය ආදායමක් ලංකාවේ රජය ඒ වාහනේ ලංකාවට ගෙන්වලා ලබා ගන්නවා කියන එක මම හිතන්නේ හැමෝම දන්න දෙයක්. ඒ කියන්නේ ඒ වාහනේ හදල තියෙන සියලුම අමුද්‍රව්‍ය වලට, හදන්න ගිය වියදම, හදපු මිනිස්සුන්ගේ මහන්සිය, ආදී මෙකි නොකී සියලු වියදම පියවල ඉවර වුනාම ලැබෙන ලාභයටත් වඩා වැඩි මුදලක් අපි  ලංකා රජයට  ජපානෙන් වාහනයක් ගෙන්නද්දී   ගෙවනවා. හැබැයි කොච්චර නොවටිනා ගණන් වලට වුනත් අපි තාම ගන්න බලන්නේ ජපන් වාහනයක්. 

ජපන් වාහනයක් ගන්න එකේ කිසි වරදක් නෑ. යුරෝපියන් වාහන නඩත්තු කරන්න වත්කමක් නැති අපි වගේ රටකට හරි යන්නේ උසස්ම තත්වයේ තියෙන ජපන් වාහන තමයි. ඉන්දියන් වාහන ගැන කතා කරන එක වැඩක් නෑ. මොකද ඒ වාහන අනිත් ඒවා එක්ක සංසන්දනය කරන්න හදන එකම තේරුමක් නැති වැඩක් නිසා. 

මම වාහන ගැන දන්න දෙයක් නෑ. මේ ජපන් වාහන ගැන හදිස්සියේම එකක් ලියන්න හිතුනේ මේ පහුගිය දවස් ටිකේ අපේ ළඟම ඥාතියෙකුට මේ දවස් වල ලංකාවේ නැගලම යන හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න ගිහින් මුහුණ දුන්න සිදුවීම් කීපයක් නිසා. 

ඔය අපේ ඥාතියා විසින් එයාට හොඳ ටොයෝටා Aqua එකක් හොයල දෙන්න කියල මට නිලවශයෙන් දැනුම් දුන්නා.  ඉතින් මම නිල වශයෙන් වැඩේ බාරගෙන ඔය වාහන හොයන්න ගත්ත මෙහෙ ඉඳන් ඔන්ලයින්. ඔය වගේ වාහන, යකඩ බඩු, ටින් බෙලෙක්ක, වයර් කෑලි වැඩ වලට නියම යාලුවෙක් මට ඉන්නවා. නොකා නොබී හරි වැඩේ කරලා දෙනවා කියන පරක්කුවෙන්. ඒ කියන්නේ හැබැයි ගරාජ් බාස් කෙනෙක් නෙවෙයි. ඔන්ලයින් බාස් කෙනෙක්. මිනිහත් යහපාලනේට නිතර කඩේ යන හැබැයි රාජ ආණ්ඩුව පෙරලෙන්න කලින් අඩු ගානට ජපානේන් ඔය ටොයෝටා Aqua එකක් ගෙන්න ගත්තු හාදයෙක්. වාහනේ පට්ට.

අපි මුලින්ම කලේ මගේ යාලුවා වාහනේ ගේන්න ගත්තු ලංකාවේ ප්‍රසිද්ධ වාහන ගෙන්නවන ආයතනයකට කතා කරපු ඒක. RamaDBK එක දැනට තියෙන අනිත් වාහන ආනයනය කරන ආයතන වලට සාපේක්ෂව සාධාරණ මිලකට උසස් තත්වයේ වාහනයක් ගෙන්නලා දෙනවා කියල තමයි මගේ යාලුවා ගේ අදහස. එයාගේ වාහනේ ගෙන්නලා දීල තිබුනේ ඒ ආයතනයෙන්. වැදගත් දේ මේ ආයතනයේ වැඩ කරන අය එක්ක අපිට skype එකෙන් කතා කරලා විස්තර දැන ගන්න පුළුවන් වීම. ඕනේ වෙලාවක ඔන්ලයින් ඉන්නවා.

ඉතින් මුලින්ම මම එහෙම කෙනෙකුට කතා කරලා ඇහුවම කිව්වේ, මේ දවස් වල ඔය වර්ගයේ කාර් එකක් ගෙන්නන්න ආසන්න වශයෙන් ලක්ෂ 50ක් වත් යනවා. ටැක්ස් එක ගොඩක් වැඩි නිසා කියල. අපේ ඥාතියාගේ වාහන බජට් එක ඒ තරම් නැති වෙච්ච නිසා අපි අලුත් වාහනයක් ගෙන්නන අදහස අත ඇරලා දැම්ම. පස්සේ තිබුන විකල්පය තමයි අතේ ඇති මුදලට වෙනත් වර්ගයක වාහනයක් ගැනීම හෝ ලංකාවේ දැනට තියෙන Aqua එකක් ගැනීම.

අපි ඉතින් යෝජනා කළා වෙනත් වර්ගයක වාහනයක් ගන්න හැබැයි ඉතින් මේ දවස් වල ලංකාවේ නැගලම යන මාකට් කාර් එක ඔය Aqua එක නිසා වෙන එකක් හොයන වැඩේ ජෝන් බාස් ට ගිහින් තවත් දන්නා අදුනන අය මාර්ගයෙන් ජපානෙන්ම එකක් ගේන්න ගන්න බැලුවා. එහෙම හොයද්දි ටිකක් දුර පලාතක ඒ ආකාරයට වාහන ගෙන්වන තැනකින්  පුළුවන් කිව්වා අපේ අතේ තියෙන ගානට එකක් ගෙන්නලා දෙන්න.

මම කිව්වා හරි එහෙනම් එහෙන් ගන්න හැබැයි ගන්න කලින් අපිට වාහනේ Auction Sheet එක බලන්න ඕනේ කියල.

ජපන් වාහන ලංකාවට හෝ වෙනත් රටකට අපනයනය කරන්න කලින් එහෙදි  Auction වලට දානවා. ඒ Auction  වලදී ඒ වාහනයේ තත්වය අනුව වාහනේ වර්ගීකරණය කරනවා.  ඒ විස්තර තියෙන පත්‍රිකාව තමයි ඔය  Auction Sheet  එක කියන්නේ. මේ Auction Sheet එක තියෙන්නේ ජපන් භාෂාවෙන් හැබැයි ඉතින් එකක් දෙකක් බැලුවහම තියෙන දේවල් තේරුම් ගන්න පුළුවන්. මේකේ තියෙනවා වාහනේ නිෂ්පාදිත වර්ෂය සහ මාසය, දුවපු කිලෝමීටර් ගාන, චැසි නම්බරය සහ වාහනයට සිදුවී ඇති සියලු අලාබහානි ඒ කියන්නේ කුඩා සීරුම් පවා ලකුණු කරලා තියෙනවා. සමහර සීරුම් අපි නම් ගණන් ගන්නේ වත් නැති තරම්. නමුත් ඒ හැමදේම ලකුණු කරලා තියෙනවා. මේ සියලු කරනු වලට අනුව වාහනේ වර්ගීකරණය කරලා තියෙනවා

මෙන්න මේ සයිට් එකෙන් කැමති කෙනෙකුට ඔය වර්ගීකරණය සහ Auction Sheet  ගැන වැඩි විස්තර හොයා ගන්න පුළුවන්.

මෙන්න මේ එළකිරි අඩවියේ තියෙන විස්තරෙන් සිංහලෙන් ම ඔය ගැන ඉගෙන ගන්න පුළුවන්. ලින්ක් එක දුන්න හසිතට බොහොම ස්තුතියි.

සාමන්යෙන් S  කියන්නේ අලුත්ම කාර්, 5 කියන්නෙත් නිකන් අලුත් කාර් එක  Auction එකට එන්න ගෙනාපු කිලෝමීටර් ගාන විතරක් දුවල අන්න ඒවගේ.

මේ වර්ගීකරණ වල අන්තිම ගොඩේ තියෙනවා A,R,RA වගේ වර්ගීකරණය වෙච්ච. ඒ කියන්නේ අනතුරක් නිසා වෙච්ච අලුත් වැඩියා හෝ වෙනත් මොනයම් වර්ගයක හෝ අලුත් වැඩියාවක් කරපු වාහන. ගොඩක් වෙලාවට R කාණ්ඩයේ ඒවා හරි අඩු මිලට මේ වෙන්දේසි වලදී අලෙවි වෙනවා.

ඉතින් ජපානයෙන් අලුත්ම තත්වයේ හොඳ වාහනයක් ගන්න නම් අපි අඩුම තරමේ කාණ්ඩ අංක 4න් උඩවත් එකක් ගන්න ඕනේ.

හරි ඔය විස්තර ඔක්කොම මගේ යාලුවගෙන් ඉගෙන ගෙන මම පොර වගේ උපදෙස් දුන්නා වාහනේ Auction එකෙන් ගන්න කලින් අපිට Auction Sheet එක බලන්න ඕනේ ඊට කලින් වාහනේට Bid කරන්න එපා කියල.



දවසකින් දෙකකින් මෙන්න ඒ මනුස්සය අපිට කියනවා හරි මට හොඳ වාහනයක් හම්බ වුණා. කාලාතුරකින් හම්බ වෙන හොඳ  එකක් අරකයි මේකයි කියල. ඊට පස්සේ අපි ඉල්ල ගත්තා Auction Sheet එක. අඩුපාඩුවක් නෑ තඩි R අකුරක් ගහපු හතර වටේ හැප්පිච්ච සලකුණු මාක් කරලා තියෙන එකක් හෙහ් හෙහ්.. මිනිහ නම් කියන්නේ ඒ මාක් කරලා තියෙන ඔක්කොම පොඩි පොඩි දේවල් R ගහල තියෙන්නේ මේ පොඩි රෙපෙයාර් එකක් කරපු නිසා කියල. ජපන් වලින් තියෙන්නේ එහෙම ලු. මිනිහා එහෙම කියල දැන් මේ වාහනේට මම bid කරලා තියෙන්නේ දැන් ආයේ කැන්සල් කරන්න බෑ වගේ කතා ටිකක් කියල තිබුනා. අපි කිව්වා ඉතින් අපි පැහැදිලිව කිව්වනේ bid කරන්න කලින් අපිට බලන්න ඕනේ කියල. ඒ නිසා අපි මේක ගන්නේ නෑ කියල. කොහොම හරි ඒක ෂේප්.

ලක්ෂ 40ක් 50ක් දීලා ගන්න වාහනේ මොකට හැප්පිච්ච එකක් ගන්නවද කියල අපි ඒ වැඩේ අතෑරලා දැම්මා. මොකද R වාහනයක් පස්සේ කාලෙක විකුනන්න ගියාමත් මේ  Auction Sheet  ගැන දන්න අය ගන්නේ නෑ. අපි හරියටම දන්නේ නෑනේ වෙලා තියෙන දේ.

ලංකාවේ තියෙන සේල් වලින් වාහනයක් ගන්න අදහස ගැන ආයේ සලකල බලද්දී හැමෝගෙම අදහස වුනේ ලංකාවේ සේල් වල 99%ක් තියෙන්නේ ඔය වගේ R වර්ගයේ වාහන හොඳ එකක් නම් හොයා ගන්න හරි අමාරුයි ගාන ටිකක් වැඩි පුර ගෙවල හරි අලුත් එකක් ජපානෙන් ගෙන්න ගන්න බලන්න කියල.

ඊට පස්සේ අයවැය ආයේ සලකල බලල අපි ආයෙත් අර RamaDBK එකට කතා කරලා බැලුව එකක් ගේන්න ගන්න. මේ සැරේ අපි Auction Grade 4න් උඩ වගේ කිලෝමීටර් 10,000-20,000ක් වගේ දුවපු එකක් තමයි හොයන්න බැලුවේ. හැබැයි අපිට පොඩි බයක් තිබුනා හදිස්සියෙවත් අපි වාහනේ එහෙන් ගත්තට පස්සේ නොවැම්බර් වල ජාතික අයවැයෙන් වාහන බදු ආයේ වැඩි කරයි ද කියල. RamaDBK කතා කරපු කෙනත් මට කිව්වේ එයාලගේ ඊළඟ ෂිප්මන්ට් එක බජට් එකෙන් පස්සේ එන නිසා ටැක්ස් ගැන නම් ෂුවර් නෑ කියල.

සෑහෙන දියුණු ආර්ථික තත්වයක් තියෙන රටක් නිසා  එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාව අඩු උනත්, හදිසියෙවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නැත්නම් හිටපු රජ පවුලේ කවුරු හරි කරපු හොරකමක් හින්ද හරි රට ගොඩ ගන්න බැරි තරමට ආර්ථිකේ බංකොලොත් වෙලා හදිසියෙවත් ආයේ වාහන බදු වැඩි කලොත් කියල අපි ඒ අදහසත් අතෑරලා දැම්ම.

ඊට පස්සේ ඉතිරි වුනේ අර ලංකාවේ තියෙන හැප්පිච්ච කාර් 99%ට අහු නොවී කොහොම හරි අපේ බජට් එකට වාහනයක් හොයා ගන්න එක.

ඉතින් හැමෝම වගේ ලංකාවේ වාහන හොයන්න පාවිච්චි කරන්නේ ලංකාවේ ජනප්‍රියම වෙබ් සයිට් දෙකක් වෙච්ච autolanka එකයි ikman.lk එකයිනේ. ඊට අමතරව ඉතින් ඉරිදා පත්තරේ තමයි. අපි මෙහෙ ඉඳන් ඔන්ලයින් වාහන හෙව්වා. එහෙම හොයද්දි තමයි මෙන්න මේ ආතල් ජනක වැඩේ වුනේ.

ඔහොම හොයද්දි අපිට මෙන්න මේ වාහනේ හම්බ වුණා

ඕකේ තියෙන විස්තරේ හැටියට අපේ බජට් එකට වඩා පොඩ්ඩක් වැඩි වුනත් කතා බහ කරලා අඩු කර ගන්න බලාපොරොත්තුවෙන් මම කතා කළා මෙහෙ ඉඳන්.

"ඔව් ඔව්  මේ ලඟදි තමයි වරායෙන් නිදහස් කර ගත්තේ. අලුත්ම වාහනේ. Unregistered, ෆුල් ඔප්ෂන් ඔක්කොම තියෙනවා. හරි හරි කෑෂ් දෙනවනම් ඉතින් බලමුකෝ අඩු කරන්න. මම විස්තර එවන්නම්" ආදී වශයෙන් කතා බහ කරලා මම එයාලගෙන් ඔය වාහනේ Auction Sheet එක ඉල්ල ගත්තා. මේ තියෙන්නේ.




විස්තර ටික ඔක්කොම WhatsApp එකේ දාල මිනිහ මට කියනවා ඔයාට ඕනේ නම් Toyota Lanka එකට දාල ටෙස්ට් කරලා බලන්න කිසි අවුලක් නෑ කියල. 

දැන්වීම දාල තියෙන විදියට මේක ජපානේ දුවල තියෙන්නේ  20,000km. හැබැයි මේ ෂිට් එකේ හැටියට 45,662Km දුවල තියෙනවා. පොඩ්ඩක් බැලුවොත් තේරෙයි. ඔය උඩම දකුණු කොනේ තියෙන්නේ සමස්ත වර්ගීකරණය ඒ කියන්නේ මේකේ හැටියට 4. අවුලක් ම නෑ. අපි හොයපු මට්ටමේ එකක්.

දුවපු කිලෝමීටර් ගාන බොරුවක් වෙච්ච එක කමක් නෑ කියමු. මොකද ඉතින් ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපැයි. එකේ දාල තියෙන ෆුල් ඔප්ෂන් ඔක්කොමත් එක්ක බැලුවම ඉතින් ඒ හැටි අවුලක් නෑ වගේ.

මම ඉතින් මේක ලැබුණු සැනින් අර යටකී යාළුවාට මේක දැම්ම skype එකේ. විස්තර හොයල දියන් කියල. විනාඩි 10ක් ගියේ නෑ මෙන්න skype එකේ හිනා මුණු ගොඩාක් එක්ක එනවා "මෙන්න මල්ලි ඔයාගේ වාහනේ කියල" හෙහ් හෙහ්

මේ තියෙන්නේ ඔරිජිනල් Auction Sheet එක



හෙහ් හෙහ් පොඩ්ඩක් උඩ එකත් එක්ක බලන්න. පේනවා නේද දකුණු පැත්තේ උඩ කොනේ තියෙන R අකුර. ඊටපස්සේ වම් පැත්තේ කොනේ තියෙන 1534 කියන අංක 4න් මුල දෙක හැලිලා ගිහින් 34 විතරක් ඉතිරි වෙලා. මොනවා උනත් km ගාන වෙනස් කරලා නෑ. මට හිතෙන්නේ පොරට ෆොටෝෂොප් එඩිටින් ඒ හැටි බැරුව ඇති. හෙහ් හෙහ්.  මේ Auction Sheet එකයි උඩින් තියෙන Auction Sheet  එකයි එකම කාර් එකේද කියල දැන ගත්තේ වාහනේ චැසි නම්බර් එකෙන් . චැසි අංකෙ තමයි ඔය කාර් එකේ දළ සටහනක් ඇඳපු රූපේ ට උඩින් තියෙන ඉලක්කන් 7තේ නම්බර් එක. හෙහ් හෙහ් කොහොමද ඔරිජිනල් එකේ තියෙන රෙපෙයාර් මාක් ටික. මිනිහ මට එවපු එකේ තියෙන්නේ යාන්තම් එකයි වම්පැත්තේ කොනට වෙන්න.

අපි දෙන්නට හරි ජොලි මේ වැඩේ නිසා.

ඕක මට එවල ටික වෙලාවකින් වාහනේ අයිති කෙනා මගෙන් ඇහුවා විස්තර ටික හම්බ වුණා නේද  මොකද කියන්නේ කියල. මම ඉතින් හැරෙන තැපෑලෙන්  පණිවිඩයක් දැම්ම මේ කාර් එක මට එපා. ඔයාට ඕන නම් මම ඔය කාර් එකේ ඔරිජිනල් Auction Sheet එක එවන්නම් කියල..

"ආ එවන්න බලන්න .." , "අනේ ඔව්මයි.... මේක එඩිට් කරපු එකක් නේ..... අනේ මම දන්නේ නෑ. ඕක තමයි මට හම්බ වුනේ. මම නෙවෙයි මේක ගෙන්නුවේ... මම ඩිලර් කෙනෙක් ගෙන් ගත්තේ. මට කිසිම අවුලක් මේ වාහනේ පෙන්නේ නෑ. එකයි මම ටොයෝටා ලංකා දාල බලන්න කිව්වේ"

 ආදී වශයෙන් මට පිළිතුරු රාශියක් ලැබුනා. මම ඉතින් බොහොම ස්තුතියි කියල නිකන් හිටිය. හෙහ් හෙහ්

මම මේ දැන්වීමේ ලින්ක් එක මෙතන දැම්මේ කිසිම තරහකින් හෝ ඒ තැනැත්තාගේ වෙළඳාමට බාධාවක් කරන අරමුණින් නෙවෙයි. මේ වාහනේ නරක එකක් කියල මම කියන්නේ නෑ. ගන්න කෙනෙකුට ගත්තට කිසිම පාඩුවක් වෙන එකකුත් නෑ. හැබැයි අපි වියදම් කරන මුදලට උසස්ම තත්වයේ වාහනයක් ගන්න හොයන කෙනෙකුට මේ වගේ දැන්වීම් නිසා වෙන්නේ පාඩුවක්. මේ දාපු කෙනා මේක නොදැනුවත්ව කරා වෙන්න පුළුවන් හැබැයි ඉතින් ලංකාවේ වාහන සේල් වල සැබෑ තත්වය හොඳටම පැහැදිලි වුණා අපිට නම්.

අපිට මේ වැඩේ හොයා ගන්න ගියේ විනාඩි 10යි. අද අන්තර්ජාලයේ ඕනෙම බඩුවක් ගැන විස්තර , පාවිච්චි කරපු අයගේ අදහස (User Reviews), තරඟ කාරී මිල ගණන් යටතේ ලාබෙට ගන්න පුළුවන් තැන් ඕනේ තරම් තියෙනවා. ඕනෙම බඩුවක් ගන්න කලින් විනාඩි 10ක්-15ක් වැය කරලා හොයල බැලුවට පාඩු නෑ.

ඕකෙන් පාඩමක් ඉගෙන ගත්ත අපි වාහන සේල් වල සහ පෞද්ගලිකව විකුනන්න තියෙන වාහන බලන්න ගිහින් එකක් හොයන්න තීරණේ කළා. මගේ යාලුවා ඉතින් මම කවද හරි ලංකාවට එන දවසක ගේන්නම් කියපු Kandos චොකලට් එකකට පොරොන්දු වෙලා අපේ කට්ටියත් එක්ක ලංකාවේ ඇවිදල වාහන හොයන්න එකඟ වුණා.  මොනවා උනත් හරි හොඳ එකා.

එහෙම ඇවිදපු පහුගිය දවසක ඌ මට කෝල් එකක් දීලා කිව්වේ මෙහෙම

"යකෝ මුන් ඔක්කොම අලි හොරු. එකෙක් මට කියනවා අපි ගාව  Auction Sheet නම් නෑ. ඔයාලට ඕනේ නම් අපි එකක් හදල දෙන්නම් අවුලක් නෑ ලු.  මොනවා උනත් ඌ නම් අවංක හොරෙක් හෙහ් හෙහ් හෙහ්".

ආයේ කියනවා "මචං වාහනේ ටයර් 4 නම් හොඳටම ගෙවිලා හැබැයි මීටරේ දුවල තියෙන්නේ නම් කිලෝමීටර් 3000යි. හෙහ් හෙහ් "

ඔය විදියට වාහන සේල් වල ඇවිදපු උගේ අන්තිම අදහස වුනේ සේල් වලින් නම් වාහන ගන්න එපා. ඔක්කොම අලි බොරු. මීටර් කරකවපු R කාර් කියල.

මගෙයි උගෙයි අවසන් අවවාදය වුනේ බජට් එකෙන් ඔය කියන තරම් ගාන වැඩි වෙන එකක් නෑ.. දැනටම ලක්ෂ 30ක් බදු ගහන එකේ තව මොනවා ගහන්නද පොඩ්ඩක් බලල හොඳ එකක් ගෙන්න ගන්න කියන එක. හැබැයි ඉතින් එයාලගේ කැමැත්ත සේල් වලින් නැතිව ගෙදරක පාවිච්චි කරපු එකක් ගන්න. මේ වෙද්දී නම් විශ්වාසවන්ත එකක් හම්බ වෙලා තියෙන්නේ ගෙදරක තියෙන එකක්. ලඟදි ගනියි.

ඉතින් ඔන්න ඔහොමයි ලංකාවෙන් කාර් ගන්න ගියාම වෙන්නේ. එහෙම ගන්න අදහසක් තියෙනවනම් පොඩ්ඩක් හොයල බලන්න. ෆේස් බුක් එකෙත් තියෙනවා ඔය හයිබ්‍රිඩ් කාර් වලටම වෙන් වෙච්ච ගෘප් එකක්. ඒවාට සම්බන්ද වෙලා හොඳට දැනුවත් වෙලා වාහනයක් ගන්න.

54 comments:

  1. මචෝ කොහොමද ඔරිජිනල් auction sheat හොයා ගන්නෙ,,ලොකු දෙයක් උබේ මේ පෝස්ට් එක..අපි සල්ලි දීලා ලදරමකට කර ගහන්න ඕනා නෑ නේ

    ReplyDelete
    Replies
    1. ItalyDilan, වාහනේ ලංකාවට ගෙනල්ල තියෙන්නේ මාස 3ක් වගේ කාලයක් ඇතුලත නම් http://exportcar.jp/en/component/auctstat/ හෝ http://jpnauction.com/aj_neo?classic කියන සයිට් වලින් වාහනේ අපි දන්න විස්තර ටික දීලා හොයන්න පුළුවන් පරණ auction විස්තර.

      වාහනේ auction එකෙන් අරන් තියෙන්නේ අවුරුද්දකට විතර කලින් නම් හොයා ගන්න අමාරුයි. එහෙම වුනාම පොඩි ගානක් ගෙවල විස්තර හොයල දෙන වෙබ් සයිට් තියෙනවා.

      චැසි නම්බර් එකෙන් වාහනේ ගැන විස්තර හොයා ගන්න පුළුවන් සයිට් ගොඩක් තියෙනවා. හැබැයි ඒවායින් auction විස්තර දෙන්නේ නෑ. පොඩ්ඩක් ගුග්ල් කළා නම් හොයා ගන්න පුළුවන්.

      Delete
  2. වටිනා අදහස් ගොන්නක් අඩංගු ලිපියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේවා පොඩි දේවල්. දන්නා ටික ලියල දැම්ම කාට හරි ඕනේ උනොත් බලා ගන්න.. :)

      Delete
  3. කාර් සේල්කාරයින්ව විශ්වාස කරන්නෙපා. ඒක ලෝක සත්‍යයක්.

    මටත් ඒ උපදෙසම දුන්නා පාට් ටයිම් කාර් සේල්කාරයෙකුත්.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.. ලංකාවේ නම් ඔය නමගිය පරණ සේල් වල පවා කරන්නේ මේ වගේම හොර වැඩ ලු. අලුතින් දාන පොඩි පොඩි සේල් ගැන කවර කතා ද..

      වෙලාවට අපිට ලංකාවට වැඩිය ජපානේ විශ්වාස කරන්න පුළුවන් වෙලා තියෙන්නේ හෙහ් හෙහ්..

      Delete
  4. Replies
    1. තීර්ථ යාත්‍රිකයා, නැවත දැකීම සියල්ලටම වඩා වැදගත්.. :D

      Delete
  5. වැදගත්වෙයි ස්තුතියි.

    ReplyDelete
  6. මේ අවුරුද්දට කියවපු හොදම එළිදරව්ව.. ස්තුතියි පැතුම්..

    ReplyDelete
    Replies
    1. අපි ලොකු මහන්සියක් වෙලා කරපු දෙයක් නෙවෙයි බන්. මෙච්චර පහසුවෙන් මේවා අහුවෙනවා කියන්නේ කොච්චර දුරට මේවාගේ දේවල් වෙනවා ඇති ද.. අඩුම තරමේ තව එක්කෙනෙක් දෙන්නෙක් හරි දැනුවත් වෙයි නේ.

      Delete
  7. මෙහෙන් අවුරුදු දෙකට වඩා තරමක් පරණ වාහන යාළු කමට නිකම් දෙන්නම් කියපු අවස්ථා කීපයක්ම තියෙනවා. ඒවා ගෙනත් ගෙවන්න වෙන බදු ප්‍රමාණය සහ අනෙකුත් ඒවා ගැන කිවුවම ඔවුන් පුදුම වෙනවා.

    මටත් මෙහෙන් වාහන එවන්න කියල ලගම යාලුවෝ කීපදෙනෙක්ම කිවුව. බෑ කිවුවම අමනාප වුන අයත් ඉන්නවා. ඔවුන් ජීවිත කාලයම ඉතුරු කරපු සල්ලි වලට මමත් හරියට නොදන්නා අවදානම් වැඩක් කරන්න බැරි බව කොයිතරම් පැහැදිලි කරලා කීවත් පිළිගත්තේ නෑ.

    ................................................
    ලංකාවට ඇවිත් ජපන් සමාගමක් වාහන හදන දවසක් වෙනකන් ඔය විදිය වෙනස් වෙන එකක් නෑ. ජපන් වාහන සමාගම් සහ ඉලෙක්ට්‍රොනික සමාගම් අඩුමිල ශ්‍රමය සොයාගෙන එන්න කැමතියි. සීග්‍රයෙන් අඩුවෙන ජනගහනයක් සිටින ඔවුන් චීනය මෙන් අධිරාජ්‍යවාදය පතුරන්න උත්සහ කරනවා අඩු බවයි පෙනෙන්නේ. බදු සහන වලට වඩා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ පරිදෘශ්‍ය කාර්යක්ෂම රාජ්‍යසේවා යාන්ත්‍රණයක්. තායිලන්තය ඔවුන්ට ඒ උදවුව හොදින් කරන බවයි සමහර ආයතන වල අය කියා තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වොක්ස්වැගන් කම්පැණි ගෙන්න හදන අතරේ ජපන් වාහන ආයෝජකයින් ගෙන්වා ගන්න උත්සහා දරුවා නම් හොඳයි වගේ එහෙනම්.

      Delete
    2. ඇත්තටම ලංකාවට කිට්ටු වෙන්න හොඳ රටක් විදියට ජපානේ හොඳයි නේද? ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වයත් සෑහෙන කාලෙක ඉඳල තියෙනවා නේ. ඇයි දන්නේ නෑ ඒවාගේ යෝජනා ඉදිරිපත් වෙන්නේ නැත්තේ..

      තමන් පිට රට පාවිච්චි කරපු වාහනේ ගෙනාවත් අපිට ලොකු බද්දක් ගෙවන්න වෙනවා. සාපේක්ෂව අඩු වුනාට ඉතින් තේරුමක් නෑ.

      කාර් ගනිද්දී නම්අ පිට ලංකාවට වඩා වැඩි විශ්වාසයක් ජපානේ ගැන තියන්න පුළුවන් වීම ලොකු දෙයක් හෙහ් හෙහ්...

      Delete
    3. දේශපාලන බලදාරියෝ සමග මහාචාර්ය මොන්ටි කාසිම් (එතුමාව හැමෝම දන්නා නිසා නම කීවට වරදක් නෑ මම හිතන්නේ) වගේ ජපන් තාක්ෂණික/අධ්‍යාපන ක්ෂේස්ත්රයේ යම් විශ්වාසයක් දිනාගතිපු අය මැදිහත් වෙලා උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ. අපි වගේ කණිෂ්ටයන් වෙත පවා (අන්තරජාතික පර්යේෂණ අරමුදල් වැනි) පොඩි පොඩි දේවල් වලට යම් විශ්වාසයක් ඔවුන්ගේ තිබෙනවා. ලොකු දේවල් ගැන සාකච්චා වලට ජපන් ක්‍රමය හා භාෂාව හොදින් දන්නා ජේෂ්ඨ වෘත්තිකයෝ සිටීමෙන් වාසියක් ගන්න පුළුවන් බව බලධාරියෝ නොදන්නවා නොවෙයි ඉතින්.

      අපිව යම් පමණකට ජපන් නිෂ්පාදන ලෙස ඔවුන් සලකනවා. මම ඒක හොදට දැක තිබෙනවා. වෙන රටවල ඉන්න ජපන් උගතුන්ගෙන් පවා අපි සමහර උදව් ඉල්ලපු වෙලාවල් වලදී පුළුවන් තරමින් උදවු කළා වගේම ඔවුන් අඩුම වශයෙන් බැරි බව කියා පිළිතුරු දුන්න. සමහර ශ්‍රී ලාංකික උගතුන් පවා කිසිම පිළිතුරක් නොදී සම්පූර්ණයෙන්ම නොසලකා හැරපු අවස්ථා තිබෙනවා.

      Delete
  8. මෙහෙව් රටකනේ බං අපි ජීවත් වෙන්නේ. නොදකින් කාර් සේල්කාරයෝ.

    ReplyDelete
    Replies
    1. කුරහන් හේනේ මල් මල්ලී, කනගාටු වෙන්න එපා. මේවා මේ පොඩි දේවල් විතරනේ. නැව ගිලුනත් බෑන් චුන් කියල ඔන්න ඔහේ වැටිල ඉන්න රටක් තියෙනවනේ.. අපිට තියෙන්නේ ඒ රටේ බුද්ධිමත්ව වැඩ කරන එකයි.. එතකොට ලොකු අවුලක් නෑ බන්..

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හෙක් හෙක්.. නියම ඉන්වෙස්ටිගේෂන් එක.
    ඇත්තටම ඔය වගේ ගානක් වියදං කරල වාහනයක් ගන්නවනං ඕව ගැන හොයන්න ඕන තමයි. ඒත් කීයෙන් කී දෙනාද ඔය වගේ වැඩක් කරන්නෙ.

    RMV එකෙනුත් මේ ලඟදි කියල තිබුණ වාහන හිතන්න බැරි තරං අඩු ගානට දෙනවනං පරිස්සං වෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. RMV එකෙන් අඩුම තරමේ එහෙම එකක් දන්න එකත් ලොකු දෙයක් නේ බන් ඇක්ෂන් ගැනීම කෙසේ වෙතත්.. හෙහ් හෙහ්..


      මමයි මගේ යාළුවයි ඒත් කතා වුණා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න "ජාලයෙන් හොයා ජපන් වාහන වල හොර අල්ලාදෙනු ලැබේ" කියල.

      සලකල බලන්න ඕනේ..


      Delete
    2. එහෙම කරනවනං උඹලත් 'සුදු' මොකක්හරි වාහනයක් වෙන් කරල තියාගනිං අන්තිම ගමන යන්න. හැක්..

      Delete
  11. අර උඩම තියෙන R එක කොළිටි එකට අදාල එකක් නෙමෙයි ද?

    ReplyDelete
    Replies
    1. නෑ මම හිතන්නේ ඒක වෙන නමක් හරි මොකක් හරි.. මමත් හරියටම දන්නේ නෑ එක නම්..

      Delete
  12. පට්ට ලිපියක්. මම මේක උස්සල ශෙයා කරන්නං නමත් එක්ක. අවුලක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ රාජ්.. නම නම් නොදාන තරමට තමයි මම නම් කැමති.. හෙහ් හෙහ්..

      Delete
    2. අම්මියෝ මටත් අමතක උනා කියන්න.. නම කපලා මේකම මාත් බ්ලොග් එකේ දැම්ම කියාංකෝ ලස්සනට.. හැක්

      Delete
    3. අඩෝ දේශකයා බලපන් නිරපරාදේ මම උඹේ බ්ලොග් එකට ගිහින් බැලුවනේ උඹ දාල ද කියල.. හෙහ් හෙහ් අපරාදේ යකෝ කාගේ උනත් ඉන්ටර්නෙට්..

      Delete
    4. අනේ ඔය දේශයකා දාන බ්ලොග් හිටං.

      Delete
  13. පැතුම් වෙටරන් කෙනෙක්නෙ බ්ලොග් කලාවට. මේකනම් සුපිරි ලිපියක්. සෑහෙන දේවල් ඉගෙනගත්තා. අර RamDBK එකේ පෙන්නන ගනං ටැක්ස් නැතුවද ඒ? ඒකෙ වාහන වලට පෙන්නන්නෙ වැරදි පින්තූරනෙ. සමහරවිට එකලඟ තියෙන වෙනස් වාහන දෙකකට එකම පින්තූරෙ ලෝඩ් වෙනවා.

    බොහොම ස්තුතියි පැතුම්. (ඉතිං කොහොමද බං ලාංකිකයෙක් හොඳ වාහනයක් ගන්නෙ? බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඕනෙද?)

    ReplyDelete
    Replies
    1. Dude, RamaDBK එකෙන් වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් වෙබ් සයිට් එකෙන් විස්තර හොයනවට වඩා හොඳම වැඩේ skype එකෙන් එකේ ඒජන්ට් කෙනෙක් ට චැට් එකක් දාන එක. මම හිතන්නේ ඒ දාල තියෙන ගණන් ටැක්ස් නැතුව ජපානේදී වාහනයේ මිල. ඕකට ෂිපින්,ඉන්ෂුරන්ස් එහෙම එකතු වෙලා එන ගානට තමයි ටැක්ස් ගහන්නේ..

      අපේ නම් අවසාන තීරණේ වුනේ අලුත් ජපන් වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් මේ වගේ විශ්වාසවන්ත ආයතනයක් ලව්වා තමුන්ම auction එකෙන් තෝරලා බලල වාහනයක් ගන්න කියන එක.

      එහෙම නැත්නම් ටොයෝටා ලංකා වගේ තැනකින් ගෙන්නන්න ඕනේ.. හැබැයි හෙන ගණන්.

      ඔය මගේ යාලුවා නම් කිව්වේ RamaDBK එකෙන් ගන්නේ 180,000ක් වගේලු එක වාහනයක් ගෙන්නලා දෙන්න. පාඩු නෑනේ..

      Delete
    2. අනේ නෑ පැතුම්. අලුතෙන් වාහනයක් ගන්න නෙවෙයි. වාහන පිස්සෙක් නිසා ඇහුවෙ. මේ කාලෙ හෙනම කෝඩෙ ගහලා ඉන්නෙ. නමුත් ඒ නිසා වාහන ගැන හොයා බලන එක අතෑරලා නෑ. ස්තුතියි තොරතුරු වලට

      Delete
  14. පැතුම්,

    බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක යාවත්කාලීන කරන්ට එහෙම අදහසක් නැද්ද? මේ පෝස්ට් එකේ වැදගත් කම නිසාම මම ඒක යාළුවො කීපදෙනෙක් අතරේ ෂෙයාර් කලා වයිබර් එකේ.. එතකොටයි දැක්කෙ, මේ බ්ලොග් එක කොහොමද මොබයිල් ෆෝන්වල පේන්නෙ කියලා..

    මේක පරණ ටෙම්ප්ලේට් එකක් නිසා රෙස්පොන්සිව් නෑ.. පුංචි ස්ක්‍රීන් වල කියවන්ට අමාරුයි.. අලුත්, රෙස්පොන්සිව් ටෙම්ප්ලේට් එකකට මාරු වුනානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. බුරා, මගේ ඔළුවේ දැන් ඔය අදහස කාලෙක ඉඳල තියෙනවා. මට මේක Update කරගන්න ඕනේ. හැබැයි මම මේ කලර්ස් වලට මේ ටෙම්ප්ලේට් එකට කැමතියි. මට HTML වැඩ එච්චර තේරෙන්නේ නැති නිසා නිකන් හිටියා.

      වැඩේ හරියට ගොඩ දාල දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මම කැමතියි කරන්න. කාට හරි මුදල් ගෙවල කර ගන්න මම කැමතියි

      මේ ටෙම්ප්ලේට් එක අවුරුදු 10ක් පරණයි හෙහ් හෙහ්..

      Delete
    2. අටමට කි්වව නං ඇන්ඩායිඩ් ඇප් එකක් හදල දේවි..

      Delete
  15. කාටහරි සල්ලි ගෙවලා හදාගන්නෙ මොකටද බං? බ්ලොගර්ලා දෙන්නෙ අලුත් ටෙම්ප්ලේට්ස්, බ්ලොගර් ඩෑෂ්බෝර්ඩ් එකට ගිහින් එතැනින් අලුත් ටෙම්ප්ලේට් එකක් තෝරගන්ට...

    මේ තියෙන්නෙ මුල්ම පරම්පරාවේ බ්ලොගර් ටෙම්ප්ලේට්ස්. ඒ කියන්නෙ බ්ලොග්ස්පොට් එක මුලින්ම කරලියට ආපු කාලෙ එවුවා. මං හිතන්නෙ දැන් මේ ටෙම්ප්ලේට්ස් ගූගල්ලා ගාව වත් නැතුව ඇති... :-D

    ReplyDelete
    Replies
    1. වෙන ටෙම්ප්ලේට් දාල මම බැලුවා. මගේ හිතට ෆිට් වෙන එකක් නෑ.. හෙහ් හෙහ් සල්ලි දීලා මේක කස්ටමයිස් කරන්න කල්පනා කරන්නේ එකයි. වැඩේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් හොයල දීපන්.

      මේ ටෙම්ප්ලේට් වලට තව කාලයක් යනකොට ඇන්ටික් වටිනාකමක් ලැබෙනවා බන් ඒ කාලෙට හොඳ ගානට දෙන්න පුළුවන් වෙයි.. හෙහ් හෙහ්

      Delete
  16. ලංකාවේ වාහන කතන්දරේ ඉතින් ඔහොම තමයි. එක පාරක් මං දන්න කෙනෙක් සේල් එකකින් NOAH එකක් ගෙනාවා. පස්සෙ JAAI සයිට් එකෙන් චෙක් කරල බලනකොට ජපානෙදි ඔටෝ මෙහෙදි මැනුවල්.
    මෙන්න මෙතන ඔක්ෂන් ෂීට් එක ගැන සිංහලෙන්ම විස්තර කරලතියනවා, title

    ReplyDelete
    Replies
    1. JAAI සහතිකේ ලොකු විස්තරයක් නෑ.. වාහනේ ඇත්ත තත්වය ගැන. එක හොඳයි දල අදහසක් ගන්න. ඔක්කොම බොරු කරන රටේ මේවා මහ ලොකු දේවල් නෙවෙයි නේ.

      අර ලින්ක් එකට බොහොම ස්තුතියි හසිත.මම ඒක මේ පෝස්ට් එකටම දාන්නම්..

      Delete
  17. ඉතාම වටිනා (x100) පෝස්ට් එකක්. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්.. :)

      Delete
  18. මට දැනට තේරුමක් නැති උනාට මේක ගොඩක් වැදගත් ලිපියක්. අයියේ කොපි කරලා ද්රාෆ්ට් එකේ සේව් කරා.මට මේක අනිවාර්යෙන් ඕනේ වෙනවා.මෙහෙ කාර් ගොඩක් ලාබයි.

    ReplyDelete
    Replies
    1. අපි තමයි කාර් වලට බොරු ගණන් ගෙවන්නේ.. ගොඩක් රටවල කාර් ලාභයි..

      Delete
  19. මම නම් මගේ කාර් එක ගත්තේ මමම බිට් කරල ජපන් ඔක්ශන් එකකින්..අපිටම ඔක්ශන් ශීට් එක බලලා පොටොස් එහෙමත් බලලම... අපිටම බිට් කරන්න සපොර්ට් කරන ජපන් කොම්පැනියක් තියනවා.. අපි කියන ගානට එයලා අපි වෙනුවෙ න් බිට් කරනවා.. අපිට කාර් එක අවොත් එයලා ජයිකා ඉන්ස්පෙක්සන් දාලා වාහනේ ලංකාවට ශිප් කරනවා ඔක්ශන් එකේ ගානට වඩා වැඩි වෙන්නේ යෙන් ලක්ශ 2කක් විතර ( ලංකාවේ මුදලින් ඒකාලේ දෙලක්ශ විසිපන්දාහක් වගේ) ශිපින් සහ ශිපින් ඉන්ශුවරන්ස් කොස්ට් එකත් එක්කම...

    ReplyDelete
    Replies
    1. Ruwanthaka, ඒ විදිය තමයි ජපන් වාහනයක් ගන්න තියෙන හොඳම විදිය. මේ සේල් වලින් ගන්නවා කියන එක හෙන බොරුවක්..

      Delete
  20. මම නම් මගේ කාර් එක ගත්තේ මමම බිට් කරල ජපන් ඔක්ශන් එකකින්..අපිටම ඔක්ශන් ශීට් එක බලලා පොටොස් එහෙමත් බලලම... අපිටම බිට් කරන්න සපොර්ට් කරන ජපන් කොම්පැනියක් තියනවා.. අපි කියන ගානට එයලා අපි වෙනුවෙ න් බිට් කරනවා.. අපිට කාර් එක අවොත් එයලා ජයිකා ඉන්ස්පෙක්සන් දාලා වාහනේ ලංකාවට ශිප් කරනවා ඔක්ශන් එකේ ගානට වඩා වැඩි වෙන්නේ යෙන් ලක්ශ 2කක් විතර ( ලංකාවේ මුදලින් ඒකාලේ දෙලක්ශ විසිපන්දාහක් වගේ) ශිපින් සහ ශිපින් ඉන්ශුවරන්ස් කොස්ට් එකත් එක්කම...

    ReplyDelete
  21. මේක මටත් ප්‍රයෝජනවත් පෝස්ට් එකක් පැතුම් . ඊළඟ දෙසැම්බරයේ අලුත් වහනෙකට මාරු වෙන්නයි හිටියේ . බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට බජට් එකෙන් වාහන ටැක්ස් පොඩ්ඩක් අඩු වෙයි කියල හිතෙනවා. කෙලින්ම ජපානෙන් ගෙන්වන්න තිලක් අයියා.

      Delete
  22. බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න එක තමා හොඳ....

    මේ විධිහට ලෙඩ ගොඩක් එහෙම අහු වුනොත්, හත්මුතු පරම්පරාවම බංකොලොත් වෙනවා.. ආයෙ ඒකෙ දෙකක් නෑ...

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන් නම් හොඳයි සෙන්නා. ලක්ෂ 50-60ක් වියදම් කරන එකේ මොකද කුණු ගොඩවල් ගන්නව ද.. බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තම අවුරුදු 5ක් යනකම් කිසිම ලෙඩක් දුකක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්..

      Delete
  23. කරෝලිස් බුදුන් කාලෙ එකක් හින්ද පැතුමගෙ මේ ටෙම්ප්ලේට් එකේ අනම්මනං ලෙඩ නම් ඇති. ඒත් මම නම් මුගෙ මේ ටෙම්ප්ලේට් එකට ලෙසටම කැමතියි. ෆුල් ක්ලැසික් ඇන්ටික් ලුක් එකක් තියෙන්නෙ.

    හිතට මොකක හරි අවුලක් ආහම මම කරන්නෙ මුගෙ බ්ලොග් එකට ඇවිල්ල ටික වෙලාවක් ඇසිපිය නොහෙලා ටෙම්ප්ල්ලේට් එක දිහා බලාඉන්න එක. අම්මට වූඩු හිතේ අවුල දුරුවෙලා යන්නෙ ආය කියල වැඩක් නෑ ඩබල් එකේ...

    ReplyDelete
    Replies
    1. මටත් මොන හිතකින්වත් මේක වෙනස් කරන්න හිතෙන්නෙම නෑනේ.. මම මේ දවස් වල මිල ගණන් කැඳවමින් ඉන්නේ පොඩි අප්ඩේට් පාරක් දාන්න.. ක්ලැසික් ගතිය එහෙමම තියාගෙන නවීන පහසුකම් ඔක්කොම දෙන්න..

      Delete