Monday, October 03, 2016

අම්මට හුඩු මොනවද පණිවිඩ කියන්නේ...!


දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපිට නිදහසේ හිතන්න නෑ
හිතන එකත් කෘතීම  වෙලා
අපි නොසැලකිල්ලෙන් හිතුවොත්
බොහෝ වැරදි වැටහීම් වෙන්න පුළුවන්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපේ ඔළුව ඉලෙක්ට්‍රොනික වෙලා
මේ හිස් වැසුමට අපි ඇබ්බැහි වෙලා
මේක නැතිව දැන් කිසි දෙයක් කරගන්න බෑ
මිනිස්සු අතර දැන් තියෙන්නේ  ඉලෙක්ට්‍රොනික බැඳීමක්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපේ ඇඟ ඇතුලේ චිප් හයි කරලා
අපි දැනටම අර්ධ ඉලෙක්ට්‍රොනික වෙලා
මිනිස්සු මහන්සි වෙලා වැඩක් කරන්නේ නැති තරම්
ඔක්කොම තොරතුරු අදහස් හුවමාරුව චිප් වලින්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ පටිය අතේ බැඳ ගත්තේ නැත්නම්
අපි නිකන් කොන් වෙලා යනවා
අර පෙන්නේ නැද්ද අර හොලොග්‍රෑම් එකේ හැටි
ප්‍රසිද්ධ තැන් වල පෙන්නන්න හොඳ දේවල් ද හැබෑට
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ ලෙන්ස් එකක් ඇහැට දාගෙන
කන් දෙකේ තව කෑලි දෙකක් ගහගෙන
අනිත් එක තව කැල්ලක් සාක්කුවේ දාගන්නත් වෙලා නේ
ඔය කිව්වට මේවා මේ ඇස් කන් වල දාගෙන ඉන්න හොඳද මන්ද
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ ෆෝන් එක විනිවිද පේනවා
ඊයේ මගේ අතින් නැමුනත් එක්ක
කොච්චර දේවල් කරන්න පුළුවන් වුනත් වැඩක් නෑනේ
පොඩි පෙනුමක් එක්ක අතට අහුවෙන්න හරියට නැති වුනාම
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
හැම කෙනා ළඟම ෆෝන් එකක්
මනුස්සයෙක් එක්ක හරියට කතා බහක් නෑනේ
කොයි වෙලාවෙත් බෙල්ල කඩාගෙන එක දිහා බලාගෙන
පොඩි ළමයි පවා ඇබ්බැහි වෙලා නේ
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
හැම ගෙදරම ටෙලිවිෂන් ටෙලිෆෝන්
මිනිස්සුන්ගේ ඔළුව නරක් වෙන දේවල් ම නේ තියෙන්නේ
ඒ කාලේ  නම් පණිවිඩයක් කිව්වම මිනිස්සු එකට සලකනවා
එකට දැන් එක සැරයක් කතා කරලා එකක් කියනවා පස්සේ තව එකක්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
හැම දේම මේ පත්තර වල දානවනේ
ඕනේ දේවලුයි එපා දේවලුයි
ඒ මදිවට ඕවා කියවන්න පුළුවන් කාටද ඔය හැටි
වැදගත් දෙයක් තියෙනවනම් අණ බේර කාරයෙක් එවන ඒකනේ 
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
පොඩි දෙයක්  කියන්නත් අණ බේර ගගහ යන්න ඕනේ
අනිත් එක දවස පුරා උගුර ලේ රහ වෙනකම් කෑ ගහන එක සෙල්ලමක් ද
රජ තුමාට නම් ඉතින් මොකද එයා කියයි
අපි එපැයි රට පුරා යන්න
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

දැන් බලන්න මේ වෙලා තියෙන දේ
මේ ගිනි මැලේ පත්තු කරගන්න මම විඳපු දුකක්
හොඳට ඇවිලුනේ නැත්නම් එහා කන්දට පෙන්නේ නෑ
අරූ හූ කිව්වට පස්සේ නේ මට මේක පත්තු කරන්න වෙන්නේ
මොන හදිස්සියක් ද හැබෑට හෙමිහිට ගිහින් කියන්න තිබුනනේ ඕනේ පණිවිඩයක්
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...


දැන් බලන්න මේ වෙලා තියෙන දේ
අපි දෙයක් හොයා ගත්තම අපි කනවා
ඕනනම් ළඟ ඉන්න එකෙකුට පොඩ්ඩක් දෙනවා
මේ හතර වටේ ඉන්න හැම එකාටම මේවා බෙදන්න යන්න පුළුවන් ද
උන්ට ඕනේ නම් උන් හොයාගෙන කයිනේ
අනේ මන්ද දැන් කාලේ නම්
ඒ වගේ ද ඉස්සර...

අම්මට හුඩු මොනවද පණිවිඩ කියන්නේ...!

27 comments:

  1. දැන් බලන්න අපිට මෝල් වෙලා මෝල දාගන්න තැනක් නෑ

    ReplyDelete
  2. Information Overload...

    ඒ වගේ ද ඉස්සර... :-D

    ReplyDelete
    Replies
    1. කොච්චර ඕවර්ලෝඩ් උනත් තව මදි කියල දැනෙන ඒකනේ අවුල..

      Delete
    2. කිසිම දෙයකින් සෑහීමකට පත්නොවීම මනුස්ස ගතියකි‍‍..

      Delete
    3. මිනිස්සු ඒ විදියට සෑහීමකට පත් වුණා නම් අපි තාම අර අන්තිම කොටසේ ඉන්න ලෙවල් එකේ ඉන්න ඉඩ තිබුන නේද බුරා.. හෙහ් හෙහ්

      Delete
  3. දැන් බලන්න මේ වෙලා තියෙන දේ
    අර කොහෙද මන්ද රෝන්දෙක ගිහිල්ල
    පැරා සේලිං ද මොකක්ද කරන්න ගිහිල්ල
    මේ මනුස්සයගෙ මොළේ කුරුවල් වෙලා
    දැන් මේ ලියවෙන දේවල්
    අනේ මන්ද දැන් කාලෙ නම්
    ඒ වගේ ද ඉස්සර...

    අම්මට හුඩු මොනවද මම මේ ලියන්නේ..

    ReplyDelete
    Replies
    1. මට ඊයේ උදේ ඉඳල පොඩ්ඩක් බඩ දඟලන ගතියක් තිබුනා.. හවස් වෙද්දී නම් හරි ගියා.. මම මේක ලිව්වේ ඊයේ රෑ.. අද උදේ මේක කියවල බට්ටි නගා මගෙන් අහනවා ඔයා මේක ලිව්වේ ඊයේ අර බඩ දඟලපු වේලාවේද කියල.. හෙහ් හෙහ්..

      දැන් එතකොට ප්‍රසා කියන්නේ පැරා සේලින් කරලා ඔළුව කුරුවල් වෙලා කියල...

      ඔන්න පේනවනේ ඉතින් අපි දහ අතේ කල්පනා කරලා හිතල මතල ගොතල ගලපලා ලියන ඒවට මේ රට්ටු කියන කතා...

      අනේ මන්ද මේ කාලේ නම්..

      Delete
  4. "පවර නිරිඳෙක් වීය බඹදත් - සුගතපාලද සිල්වා"
    පොත කියෙව්වා නම් වැටහෙයි ගොඩක් දේවල්
    LM

    ReplyDelete
    Replies
    1. LM ඇනෝ,
      එහෙම පොතක් ගැන නම් අහල නෑ. මොනවද එකේ තියෙන්නේ? පොඩ්ඩක් කියන්නකෝ ..

      Delete
    2. හුටා... මේ LM මමනේ!! හෙහ් හෙහ් හෙහ්
      ජීවයේ පැවැත්ම සහ ලෝකධාතුවේ ඇරඹුම (පෘතුවියේ) පාදක කරගෙන ලියපු කතාවක් නිසා ඒ පොතේ තියෙන්නේ මෙහෙම එන්න එන්නම දේවල් සංකීර්ණ වෙච්ච හැටි.

      Delete
  5. දැන් බලන්න මේ වෙලා තියෙන දේ - අපි රොබෝලා වෙන්න ඔන්න මෙන්න

    ReplyDelete
    Replies
    1. අපේ ජිවිත කාලේ (තව 30-40ක් අල්ලලා හිටියොත්) මේකේ කියපු උඩම දෙක ඇර අනිත් ටික නම් අපිට අත්විඳින්න පුළුවන් වෙයි..

      Delete
  6. අනාගතයේ සිට වර්තමානය හරහා අතීතයට.

    ReplyDelete
    Replies
    1. මට නම් හැබැයි ඒ හැටි වරදක් පෙන්නේ නෑ අනාගතේ..

      Delete
  7. පණිවුඩ යැවීමේ අනාගතයේ සිට අතීතයට කාල තරණයක්.
    හිතල බලද්දි පිස්සු වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. මේ එක පැත්තක් විතරයි.. හැම දේම ඔය විදියට වෙනස් වේගෙන යනවා.. ඔහොම තමයි ඉතින් ඕවා වැඩිය හිතන්න හොඳ නෑ.. :)

      Delete
  8. ඕක හැමදාම ඉතින් ඔහොම වේවි නේද ?

    ReplyDelete
    Replies
    1. හැමදාම හැමදෙදීම ඕක ඔහොම වෙයි.. හැබැයි මට හිතෙනවා තව අවුරුදු 1000-2000ක් වගේ කාලයක් යද්දී මිනිස්සු මනසින් මිට වැඩිය පරිණාමය වෙයි කියල... ඒ කියන්නේ මනසින් උසස් තල වල ඉන්න මිනිස්සු වැඩි වෙයි. එතකොට නොස්ටල්ජියාව වගේ ගති නැති වෙලා යයි.. :)

      Delete
    2. එතකොට ඒ කාලෙ ඉන්න බ්ලොග් ලියන්නො එහෙම කොහෙද දන්නෑ නේද තම තමන්ගෙ සිතුවිලි සේව් කරන්නෙ? කෙලින්ම තමන්ගෙ මනසින් අනිත් අයගෙ මනස්වලට ලියනවා ඇති. කමෙන්ට් කරන එකත් එහෙම වෙන්ටැති... හුටා! එතකොට කොහොමද ඇනෝ ඇවිත් කමෙන්ට් දාන්නෙ!? :-O

      Delete
    3. කවුද හිතුවේ කියල හොයා ගන්න බැරි වෙන්න මොකක් හරි ටෙක්නික් එකකුත් එයි මම හිතන්නේ.. හෙහ් හෙහ්

      හැකරුත් ඉඳියිනේ.. අඩේ ඒ කාලේදී අනේ කවුද මගේ හිත හැක් කරලා අනේ හිතන ඒවා ඔක්කොම එලියට දාල කියල කියන අයත් ඉඳියි.. හරි ආතල් එකට තියෙයි.. :D

      Delete
  9. ඔන්න ඔහොමයි බන් කාලෙන් කාලෙට වෙනස් වීම් සිද්ධ වෙන්නේ . . අපි ගොඩක් අයට අමාරු ඒ වෙනස්වීමට හුරුවෙන එක ඒ වෙනස්වීම දරා ගන්න එක.
    සේපාලි මායාදුන්නේගේ නවකතාවල එයා ලස්සනට ලියනවා මේ කාල වල වෙනස් කම් එක එක්කෙනා පිලිගන්න විදිහ සහ හැම කාලෙකම හොඳ නරක දෙකම සම සමව තිබුනා කියන එක . .

    ReplyDelete
    Replies
    1. [හැම කාලෙකම හොඳ නරක දෙකම සම සමව තිබුනා කියන එක] මේක නම් සම්පුර්ණ ඇත්ත. තම තමන්ගේ හැටියට හොඳ හෝ නරක වැඩිපුර පෙනීම තමයි ඉතින් වෙන්නේ..

      සේපාලි මායාදුන්නේ කියල කෙනෙක් ගැන මම අහල නෑ.. මොනවාද එයාගේ පොත්?

      Delete
    2. පුදුමයි පැතුම් සේපාලි ගැන අහලා නැහැයි කිවුවහම. එයා දැන් අවුරුදු විස්සක විතර ඉඳන් සිංහල පොත් ලෝකයෙ ඉන්න කෙනෙක්.

      මෙයාගෙ මුල්ම පොත -දෙබෙදුමට ඩී ආර් විජේවර්ධන තෑග්ග ලැබුනා. ඒකෙන් තමා එයාගෙ නම සාහිත්‍ය ලෝකෙට එන්නෙ. එයාගෙ තව ජනප්‍රිය පොත් තමා අස්මීමාන, තිදස, ප්‍රේත වස්තුව, දණ්ඩ චක්‍රය, මහාසාමි...

      Delete
    3. බොහොම ස්තුතියි බුරා, මම ගොඩක් වෙලාවට ගිහින් ගන්නේ පරිවර්තන නිසා මේවගේ පොත් මිස් වෙනවා. දැන් අවුරුදු 4කින් ලංකාවේ පොත් බලන්න යන්න බැරි වුණා.. :(

      Delete
  10. දැන් බලන්න මේ වෙලා තියන දේ
    කියවන්න වෙලා නැ
    ඒ වගේද ඉස්සර...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.. ඇත්තටම ඉස්සර තිබ්බ වෙලාවට දැන් මේ මොකද වෙලා තියෙන්නේ..

      Delete