Sunday, April 03, 2016

ජීවිතය



හරිම සරලයි
ඔබ ජිවත් වෙන්න
අනෙකාට ජිවත් වෙන්න ඉඩ දෙන්න.
එච්චරයි...

ඔබ දකින ලෝකය ඔබේ මිස
අනෙකාගේ නොවෙයි.
අනෙකාට ඇත්තේ ඔබට කිසිදිනෙක නොවැටහෙන
ලෝකයක් විය හැකිය.

ඔබ අනෙකා ගැන සිතන්නේ
ඔබ නිසා මිස, අනෙකා නිසා නොවන බව
ඔබට පිළිගත හැකි නම්
දෙදෙනාම සතුටු වනු ඇත.

සතුට ඇත්තේ
ඔබ අනෙකා වෙනුවත්
අනෙකා ඔබ වෙනුවෙන් වත්
ජිවත් නොවීම තුලයි.

ජිවත් වීම
ගැටලුවක් වන්නේ
ඔබ තුලින් අනෙකාව
ඔබට දකින්නට නොහැකිවූ විටයි

අප සැවොම
එකම හේතුවකින් හටගෙන
එකම හේතුවකින් නැතිවී යයි
හේතුව හැමදාම එකමයි

අවසානයේ
ඔබ සහ අනෙකා යනු
එකම හේතුවක ඵලයන් දෙකක් මිස
වෙන කිසිත් නොවේ.

ගසක ගෙඩි වලට
කෙදිනක වත් අනෙක් ගෙඩි සමග තරඟයක් නැත.
එකම හේතුවක විවිධ ඵල
සහජීවනයේ උපරිමය.

ඔබ අනෙකා කෙරෙහි ඇති බැඳීම
සහජීවන බැඳීමක් නම්
එහි ගැටුමක් නැත
නමුත් බැඳීමක් ඇත.

ඒ බැඳීම සුමටය
මිදීම පහසුය
මිදුණු පසුත්
අනෙකා සහ ඔබ, දෙදෙනාම සතුටිනි

බැඳීම රළු වන්නේ
ඔබ අනෙකාවද
අනෙකා ඔබවද
දැකුමෙන් බැඳ ගත් විටය..

ඔබේ දැක්ම ඔබේය
අනෙකාගේ නොවේය
අනෙකාගේ දැක්ම
ඔබේ නොවේය

ගසක ගෙඩි
ගංගාවේ ජලය
අහසේ වලාකුළු
බැඳී ඇත නමුත් මිදී යයි

බැඳීම් විඳින්නට හැක
බැඳීම දකින්නට ද හැක
නිවැරදි ලෙස දකින විට
විඳීමක් ඉතිරි නොවනු ඇත

බැඳීම් සමග ජිවිතය
හරිම සරලයි

නිවන් දකින ගස්


25 comments:

  1. සඳ සඳ වගෙයි
    තරු තරු වගෙයි
    මල මල වගෙයි
    අපි අපි වගෙයි...


    ඇති යන්තම් මොකක් හරි ලියල. ලියපු දේත් යාන්තම් ඔලුව වෙහෙසවල ලියල. කම්මැලිය!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ඒ පොස්ටුව ගැන නම් ඉතින් මට රචනාවක් ලියන්න පුළුවන්. ඒකෙ තියෙන බොහෝ දේවල් එක්ක මට එකඟ වෙන්න බැහැ.

      Delete
    2. එකඟ වෙන්න බැරි දේවල් ටික කම්මැලි නැතිව ලියමු බලන්න...

      නිකම් ලිස්සල යන්න ඔට්ටු නෑ

      මම කිව්වනේ අප්‍රේල් පළවෙනිදා ඉඳල කම්මැලි කම නැති කරගෙන ලියනවා කියල. අපි ඉතින් කිව්වොත් කිව්වා

      (අපේ දවස එනකම් හිටියේ වැඩ පටන් ගන්න)

      Delete
    3. වැද්දෝ බණ කියනවා අහල තියෙනවද? අහල නැත්තම් මීට ඉහලින් ඇති කොමෙන්ටුව කියවන්න.

      Delete
    4. කවුද වැද්දා.. කෝ බණ?

      Delete
  2. හරිම සරලයි
    එත්! හිතන්න දේ බොහොමයි..
    අගෙයි. ඔව් ඉතා අගෙයි. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර,
      හිතට ආපු දේ ලියල දැම්ම..

      Delete
  3. අනෙකාගේ දෑස්වලින් අපිට අපි ව දකින්න පුළුවන් වුණ දවසට ගොඩක් ගැටලු විසඳේවි..

    ReplyDelete
    Replies
    1. ඔව්, ගැටලුවක් ආපු වෙලාවට අපිට ඔහොම දකින්න අමතක වෙන එක තමයි අවුල..

      Delete
  4. පැතුම්.. හැබෑට බොල මේ උඹමද??

    අපුුර්වයි..

    ReplyDelete
    Replies
    1. නෑ වෙන කෙනෙක්. හැක්..

      Delete
    2. වෙන කෙනෙක්... වෙන කෙනෙක්.. අම්මෝ මම නෙවෙයි!

      Delete
  5. //ඔබ අනෙකා ගැන සිතන්නේ
    ඔබ නිසා මිස, අනෙකා නිසා නොවන බව// සෑහෙන්න හිතන්න වෙනව වගේ.

    නියමයි.

    ReplyDelete
    Replies
    1. හිතල බලන්න නිකන් ඉන්න ගමන්.. මම කිව්වේ මේ බෝතලයක් ගහනකොට වගේ හෙහ් හෙහ්

      Delete
  6. ඔය ගැන ඩූඩ්ගෙන් ඇහුවනම් ඌ කියයි "අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි" කියලා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා, මට එච්චර තේරුනේ නෑ..

      Delete
    2. http://bluejeansntshirts.blogspot.com/2013/05/75-dudes-wisecracks.html

      Delete
  7. කල්පනාවෙන්
    සම්මුතීන්
    හදාගන්න
    අමාරු වෙයි..

    ඔබ යන්න වමෙන්
    මම යන්නම් දකුණෙන්
    ඩෝං.......!!!!

    ReplyDelete
    Replies
    1. ඔබ යන්න වමෙන්
      මම යන්නම් දකුණෙන්
      හරිම සරලයි

      Delete
  8. මා ආ වග
    සටහන් කරමි
    කවි බැරි බව
    කියා යමි

    ReplyDelete
    Replies
    1. කවි කොහෙද බන් තියෙන්නේ.. දිගට ලියාගෙන යන්නේ නැතුව වචනෙන් වචනේ එන්ටර් කි එක එක ඔබ ඔබ ලියන එක කොහොම ද කවි වෙන්නේ හෙහ් හෙහ්..

      Delete
  9. හම්...මාත් අව ඔන්න

    ReplyDelete
    Replies
    1. ආපු එකම ලොකු දෙයක් නේ.. ආවා කියල කියපු එක තමයි වැඩියෙන් වටින්නේ හෙහ් හෙහ්..

      Delete
  10. අනික අනිකා විදිහට බලන්න බැරි කරල තියෙන්නෙ තමන් තමන් විදිහට නෙමෙ හැදෙන්නෙ, ජීවත් වෙන්නෙ ඉපදුනු දා ඉදල.. වෙන වෙන අයගෙ ඔන එපා කම් වලටයි හැදෙන්නෙ..ජීවත් වෙන්නෙ.. ජන්මෙට වඩා ලොකුයිලුනෙ පුරුද්ද.. :) :)

    ReplyDelete
    Replies
    1. අඩුම තරමේ තේරුම් ගත්ත මිනිස්සු ටිකවත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වුනොත් හරි... Be the change you want to see in the world කියල ගාන්ධි කිව්වේ ඒකනේ..

      Delete