Thursday, March 31, 2016

මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් - 4

කලින් කොටස් 3 බලලම ඉන්න




ජනවාරි මාසේ ආයේ සුපුරුදු පරිදි අපි වැඩට යන අතරේ පාළුව යන්නත් එක්ක ඔන්න ඔහේ කියල අපි දෙන්න තව ගමනක් ගියා...!

මේ ගමන ගියේ ඔෆිස් එකේ අම්බානක් වැඩ අස්සේ... යනවද නැද්ද යනවද නැද්ද කියල හිත හිත ඉඳල අන්තිමට සෙනසුරදා රෑ හෝටල් හොයල ඉරිදා උදේ ගියේ.. සඳුදා තිබ්බ නිවාඩුවක් අල්ලලා...

පහුගිය මාස 4-5ක් තිස්සේ නම් සිරාවට වැඩ කළා.. ඔය අවංකවම ඇත්තට  වැඩ කරන මින්ස්සු කොච්චර බිසී වෙනවද කියල ඔන්න මට තේරුනේ මේ දවස් ටිකේ තමයි. මම මේ කියන්නේ මම මේ රස්සාව කරන්න පටන් අරන් දැන් අවුරුදු 12ක් විතර වෙනවා...ඒ කාලෙටම මෙච්චර වැඩ කලාමයිද කොහෙද.. හෙහ් 

කොහොම වුනත් මේ බ්ලොග් ලියන මිනිස්සු මේ වෙනුවෙන් කරන කැප වීම දැක්කම මට අවංකවම මං ගැනම ලැජ්ජයි. කොටින් ම කිව්වොත්  අධික වැඩ නිසා නෙවෙයි මොකුත් නොලියන්නේ මහා මොකක්දෝ කම්මැලි කමක් නිසා.. අනිත් එක මේ අවුරුද්ද පටන් ගද්දිම වගේ ලංකාවට Netflix දුන්නනේ එදාම මලෙසියාවටත් ඕක ලැබුනා.. පලවෙනි මාසේ නොමිලේ දුන්න නිසා මම ඕක ගත්තා.. ඉස්සර වගේ ටොරන්ට්ස් හොයන්නේ නැතුව ඉතින් tv එක දාගෙන ඔහේ කැමති ෆිල්ම් එකක්/ tv සීරිස් එකක් බැලීමේ පහසුව එක නිසා කලින් බ්ලොග් ලියල ගත්ත ආතල් එක  ටික ටික tv විසින් හොරකම් කළා කිව්වොත් හරි... කම්මැලි කම , ඇබ්බැහිවීම , අධික මහන්සිය සහ ඔක්කොටොම වැඩිය වැඩ කරන තැන ඉන්න කැහැටු චීනා සමග උදේ හවස  මල පැනීම නිසාත් මේ බ්ලොග් ලිවිල්ල කඩා කප්පල් වුණා..

යාන්තම් ඉදිරිසති කීපයේදී මද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේ වැඩ ටිකක් අඩු වෙයි.. නමුත් කොච්චර වැඩ තිබුනත් මේ බ්ලොග් කලාවට ආදරය කරන මිනිසුන් මේ වෙනුවෙන් කරන කැපවීම දැක්කම සිරාවටම මට ම ලැජ්ජයි..

අනිත් එක මම වගේ යලට මහට ඔහේ ලියන මගේ පෝස්ට් එකක් මේ පහුගිය බ්ලොග් සම්මාන උළෙලට නිර්දේශ වෙලා තිබුනා මම දැක්ක... මම ඒක දැක්කේ දැන් දවස් 3- 4කට කලින්.. එක දැකල මට ඇත්තටම පොඩ්ඩක් අප්සැට් ගියා. මොකද කිව්වොත් මම ඒවා ඔහේ ලියනවා මිසක් අවංකවම උනන්දුවකින් මහන්සියකින් නොලියන නිසා. ඊට වඩා කැපවීමකින් මේ දේ කරන මිනිස්සුන්ට ඒ සම්මාන ලැබිය යුතුයි කියලයි මම හිතන්නේ.. කොහොම උනත් නෙලුම් යායේ සැමට බොහොම ස්තුතියි!! 

අද මේක ලියන්න හිතුන්නෙත් අර කල්‍යාණ මිත්‍ර දාල තියෙන පෝස්ට් එක දැක්කට පස්සේ.. තමුන්ගේ වැඩ රාජකාරී කැප කරලා ඔවුන් ඒ කරපු දේවල් කියෙව්වම අවංකවම සතුටක් සහ කනගාටුවක් ඇති වෙනවා. සතුට ඔවුන් කරපු දේ ගැන. කනගාටුව මං ගැන. අඩුම තරමේ කෝල් එකක් වත් නොදුන්න එකට, චැට් එකක් වත් නොදාපු එකට..  මොනවා කරන්නද ඔය මගේ උපන් හැටි ද කොහෙද හෙහ් හෙහ්

හරි ඉතින් මේ පටන් ගත්ත ට්‍රිප් ගමන් ටික ගැන ලියල ඉවර කරලා දාල අලුතින් මොනවා හරි ලියන්න හිතුවා.. 

මැලේසියාවේ සිතල පළාත් කියල මහ ලොකු පැති නෑ.. ප්‍රසිද්ධ තැන් කීපයක් තියෙනවා  Cameron highlands, Genting Highlands, Fraser Hill හැබැයි ඉතින් හපුතලේ කොල්ලෙක් වශයෙන් මට පොඩ්ඩක් ලැජ්ජයි  ඒ පළාත් වලට සීතලයි කියන්න.. එතකොට නුවර එළියේ කොල්ලෝ ගැන කවර කතා ද හෙහ් හෙහ්

අන්තිම මොහොතේ හෝටල්  හොයන්න ගිය නිසා අපි යන්න හිතපු Fraser Hill වල හරි හමන් එකක් තිබුනේ නෑ..දීර්ඝ සති අන්තයක් නිසා බජට් හොටෙල් හොයන්න අමාරුයි.  ඉතින් ඔන්න ඔහේ කියල ඉතින් යන්න ඕනේ දිහාට 40km විතර දුරින් අපි හෝටලයක් බුක් කළා.. නුවර එළියේ හෝටල් නැති නිසා අඩුම තරමේ හපුතලේ හරි යමුකෝ හිතල පොඩ්ඩක් විඳින්න කියල හිතාගෙන තමයි බුක් කලේ..

සුපුරුදු පරිදි අපි දෙන්න උදෙන්ම පිටත් වුණා. මේ සැරේ ගමනේදී මට සහයට ඩයිබර් කෙනෙක් හිටිය නිසා හාට් එකට පොඩ්ඩක් අවුල් වුනත් මම නිදහසේ ගියා.  ඩයිබර් කවුද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ... හෙහ් හෙහ් ලංකාවේදී ලයිසන් අරන් මැලේසියාවේදී මුලින් ම වාහනයක් අතට ගත්ත බට්ටි නගා ඇර වෙන කවුද ඉතින්.. අපරාදේ කියන්න බෑ කරදරයක් නැතුව කිලෝමීටර් 100ක් විතර වාහනේ අරන් ගිහින් සෑහෙන ලොකු සේවයක් කළා.. මගේ හාට් එක දෙතුන් පාරක් නතර වුණා. ඒ ඇර වෙන මොකුත් අවුලක් වුනේ නෑ...

දැන් ඔන්න ඔහොම දෙන්න මාරුවෙන් මාරුවට එලෝලා එලෝලා එලෝලා එලෝලා අපි ආවා කන්දක් උඩට කන්ද උඩට එන්න කලින් ඔය එක තැනකින් බැහැල පොඩි දොළ පාරක් බලන්නත් ගියා...


දොළ පාර

ඕක බලල යද්දී මේ වගේ පොඩි ජලාශයකුත් දැක්ක





වංගු 500ක් විතර කැරකිලා කැරකිලා කැරකිලා අපි කන්ද උඩට ආව

කන්ද උඩ තිබුනේ මෙන්න මේ වගේ හන්දියක්

මෙතන තමයි ඔය ප්‍රසිද්ධ Fraser Hill කියන්නේ

ඔය ඒ කාලේ ටින් කර්මාන්තෙට ආපු සුද්දෙක් ගේ නමක් දාපු කන්දක්. වැඩි දෙයක් නෑ. හීතල ගැන කිව්වොත් නිකන් නුවර වගේ ගතියක් තමයි තිබුනේ.. ඔන්න ඊට පොඩ්ඩක් වැඩි ඇති.. සමහර විට අපි ගිය වෙලාව සහ කාලේ නිසා වෙන්න ඇති. අපි දෙන්නට කන්ද නැගල උඩට ආවම හෙන බඩගිනියි. ළඟ තියෙන හොටෙල් එකකින් දවාලට කාල මොකද කරන්නේ කියල කල්පනා කරනකොට අපේ ඩයිබර් ළමයට ටිකක් වගේ මහන්සියි කියපු හින්ද ඉතින් වැඩිය ඇවිදින්නේ නැතුව හොටෙල් එකට යමු කියල හිතුවා.

අපි ඇවිද්දේ නැති වුනාට මේ පළාත jungle trekking, bird watching වගේ දේවල් වලට ප්‍රසිද්ධයි. ගොල්ෆ් ගහන අයටත් හොඳ පිට්ටනි තියෙනවා

මේ තියෙන්නේ එකක්


ඔන්න ඔහේ හොටෙල් එකට යමු කියල ආයෙත් ඉතින් වාහනේට නැග්ග. ඉතින් ඩයිබර් ළමය හීනියට නිදි අතරේ මම එලෝනවා. මම ඔහොම එලෝලා එලෝලා එලෝලා එලෝලා  බලද්දී දෙයියනේ අර නැග්ග කන්ද ඔක්කොම බැහැල.. හරියට නිකන් ගම්පහ වගේ පැත්තක් (ගම්පහ සිරා පැත්තක්) මම කිව්වේ දේශගුනේ ගැන. අයියෝ සල්ලි කිව්වලු. ඔය හෝටලේ තිබුණු පළාත ට කියන්නේ රවුබ් කියල.. මම හිතන්නේ අපි වෙන්න ඇති ඒ පලාතට ගිය පළවෙනි ෆොරින් ටුවරිස්ට්ස්ල හෙහ් හෙහ්  හෙහ් හෙහ්

ඉතින් මොකෝ කරන්නේ කියල හෝටලේට ගියා. ගිහින් පොඩි රෙස්ට් එකක් අරන් කල්පනා කළා මොකෝ කරන්නේ කියල... හීතලයි කියල නාමයක් නෑ.. ගුග්ල් එකේ හෙව්වට බලන්න කියල ඒ හැටි දේකුත් නෑ.. ගම්පහ ගිහින් අත්තනගලු ඔය බලනවා වගේ පොඩි පොඩි ගංගා දෙක තුනකුයි කොහෙද මන්ද කැලෑවක තියෙන දිය ඇල්ලකුයි ගැන විස්තර තමයි ආවේ..  

ඔන්න ඔහේ ටවුම වටේ යමු කියල ගියා බලන්න

මේ තියෙන්නේ ටවුම

ඔය ළඟ තිබ්බ කඩේකින් බනිසක් වගේ එකක් කාලා

 චීන පන්සලක් තියෙනවා කියල ඒක හොයාගෙන  යමු කියල ආයේ ගියා. අපේ වෙලාවට එක වහල දාපු පාලුවට ගිය පන්සලක් 

මේ තියෙන්නේ

අපි ඕක බලන්න ගියේ නෑ.. අන්තිමට ඉතින් හිස හැරුණු අතේ යනවා වගේ පාර දිගේ ඔහේ ගියා
යද්දී මේ වගේ ලස්සන පොල් / තැඹිලි වත්තක් දැකල ලංකාව මතක් වුණා..

 කළුවර වැටෙද්දී ඔන්න ඔහේ ආපහු යමු කියල හරවගෙන ඇවිල්ල මෙන්න මේ කෝවිල අස්සට ගිහින් බැලුව

ඒකෙත් ඇති දෙයක් නැති හින්ද ඉතින් අන්තිමට හෝටලේ ළඟ කඩේකින් රෑටකාල ආපහු ආව.. හෙහ් හෙහ්

අපරාදේ කියන්න බෑ හෝටලේ wifi speed එක හොඳ හින්ද මම Netflix එකේ Breaking Bad කොටස් දෙකක් විතර බලල නිදා ගත්තා.. හෙහ් හෙහ්

ට්‍රිප් යනවනම් ඉතින් එහෙමයි!!

ඊට පස්සේ පහුවදා උදෙන් ම හොටෙල් එකෙන් පිටත් වෙලා ආවා එද්දී අතර මගදී මෙන්න මේ චීන පන්සල දැක්ක. කලින් දවසේ හැන්දෑවේ අපි හෙව්වේ මේ පන්සල හැබැයි ගියේ වෙන එකකට. ඊට පස්සේ  ඉතින් ඒ පන්සලේ පොඩ්ඩක් ඇවිදලා ආපහු ආවා

මේ තියෙන්නේ පන්සලේ තිබ්බ අපුරු තැන් ටිකක්








ඔය ටික බලල ඩයිබර් ළමය වාහනේ එලවද්දී මම මෙන්න මේ වගේ ආපු පාරේ පොටෝ එකක් ගත්තා.





ඔන්න ඔය විදියට අපේ බුකිට් ෆ්‍රේසර් සහ රවුබ් සංචාරය නිමා වුණා (බුකිට් කියන්නේ මැලේ බාසාවෙන් කන්ද (Hill) කියන අදහස)

ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි ආයෙත් වැඩට යන අතරේ පෙබරවාරි මාසේ අපි තව ගමනක් ගියා!!!!

( ඒ ගමන ගැන කවද හරි ලියනකම් දැනට ඔය ඇති)


23 comments:

  1. දැන් මේකට කියන්නේ 'කෝ සංචාරේ' කියලද කියලයි මම මේ කල්පනා කලේ...

    අම්මප කම්මැලිකම තමයි. දෙන්න හිතෙනවා හොම්බට හැටක්. අන්න මම අලුත් කැටගරියක් නිර්දේශ කළා. ඒකෙ ඔබතුමාටත් තැනක් තියෙනවා. තෑගී ලැබෙන්නේ එවෙලේම. කල්‍යාන නේ පොස්ටුව යට මගේ කොමෙන්ටුව බලන්නකෝ... හම්බෙයි... ( එකටත් කම්මැලියි කියයි ගල් ඉබ්බා!)

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් පලවෙනිදා සිට කම්මැලි නොවීමට තීරණය කරලා තියෙන්නේ.. එතකන් පොඩ්ඩක් අල්ලල ඉන්න

      Delete
    2. ඒකත් අප්‍රෙල් පළවෙනිදාටම අයිති ප්‍රකාශයක් වගේ.. මගේ දෝසයක්ද මන්ද.. හෙහ්...

      Delete
    3. අනිවාර්යයෙන්ම දෝෂයක් නම් ඉතින් ඔයාගේ තමයි..

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, හොඳ පොයින්ට් එකක්.. නිකමට වත් හිතුනේ නෑ.. වෙනස් කළා. බොහොම ස්තුතියි

      Delete
  3. Replies
    1. වැරදිච්ච සංචාරයක් හෙහ් හෙහ්

      Delete
  4. නෙද්දිකිං මෙහේ ආවනං ඔයිට වඩා හොඳ ඇල පාරවල් පෙන්නනව. හැක්..

    මොනව උනත් එලියට බැහැල ඇවිද්ද එකම මදැයි.

    ReplyDelete
    Replies
    1. එලියට බැහැල ඇවිදින එක තමයි අපි නොකරනම වැඩේ.. මේක කොට කොට ඉන්න ඒකනේ දවසම කරන්නේ.. මැලේසියාවේ බලන්න දේවල් මහ ගොඩක් නෑ... හැබැයි තියෙන ටික මෙයාල හොඳට මාකට් කරනවා..

      Delete
  5. ලංකාව වගේ තමයි නේ...
    ලස්සන ගෑණු ළමයි එහෙම ඉන්නවැයි???

    ReplyDelete
    Replies
    1. උඩුවා, කැමති වර්ගයක ගෑනු ළමයි හොයා ගන්න පුළුවන් මෙහෙනම්.. ගොඩක් ජාතින් මිශ්‍ර වෙච්ච රටක් හෙහ් හෙහ්

      Delete
  6. සංචාරය සිත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරුරසි.. තව ගිය සංචාර ටිකක් තියෙනවා.. කම්මලි කම නැති වුනොත් පස්සේ ලියන්නම්කො

      Delete
  7. මමත් පහුගිය දෙසැම්බරේ නුවර එළි ගියේ ඔය බොලා ගියා වගේ තමා.. ගෙදරින් එලියට බැස්සේ යන්නේ කොහෙද දන්නැතුව.. මගක් යද්දි පුතා කිව්වා...ලෙෂර් වර්ල්ඩ් යමු කියලා.. එතන් ගිහින් ජල ක්‍රීඩා කරලා එහෙම එලියට එනගමන් තමා කම්පනා කරේ කොහෙද යන්නේ කියලා.. ඊට පස්සේ නුවර එළි යන් කියලා එහෙම්ම ඇද්දා... උඹට වගේ නෙමේ අපේ ඩයිබර්ට ඩ්‍රයිවින් බෑ... ඉතින් හපුතලේ ඈද්ද හරකා වගේ මමම තමා අර උලව්ව කැරකෙව්වේ....නුවර එලියට ගිහින් තමා හෝටලයක් බැලුවේ.. අහන අහන එක ෆුල්.. අන්තිමට බැරිම වුනොත් වාහනේම නිදාගන්නවා කියලා හිත හදාගෙන ඉන්නකොට වගේ යාන්තම් එකක් සෙට් වුනා... එහෙම ට්‍රිප් යන එකෙත් පොඩි ගතියක් නැත්තෙමත් නෑ... :D

    ReplyDelete
    Replies
    1. අපිට උනේ හීතල පොඩ්ඩක් විඳින්න කියල ගිහින් අන්තිමට මෙලෝ රහක් නැති ටවුමක ඉන්න වෙච්ච එක හෙහ් හෙහ්..ඒකත් ආතල් වැඩක් ඉතින්.. ප්ලෑන් කරලා කවදාවත් යන්නේ නෑනේ ඔය වගේ තැන් වලට

      ඩයිබර් ට ඩ්‍රයිවින් පුරුදු කරන එකනම් සැහෙන්න වටිනවා! පොඩ්ඩක් විතර අපේ හාට් බීට් එක වැඩිවුනත් හදිස්සි වෙලාවකට එහෙම මාර වටිනවා..

      Delete
    2. ඒ ගැන හිතලා බලන එක හොඳයි තමා....ස්තූතියි අදහසට...

      Delete
  8. සංචාර කතා කොහොමත් පට්ටයි...

    ReplyDelete
    Replies
    1. මමත් කැමතියි වෙන අය ලියන සංචාර කියවන්න. මට ලියන්න හැබැයි කම්මැලියි හෙහ් හෙහ්

      Delete
  9. බලන්ගියාම ලංකාව වගේ ලස්සන රටක් ලොවෙත් නෑ ..

    ReplyDelete
    Replies
    1. ලංකාව ඇත්තටම ලස්සන රටක්.. හැබැයි අපි තව සැහෙන්න ඒ ලස්සන ගැන හිතන්න ඕනේ.. මේ රටවල ඉන්න මිනිස්සු තමන්ට මහ ලොකු ලස්සන දේවල් නැති වුනත් තියෙන ටික හොඳට පරිස්සම් කරගෙන ඒවායින් ප්‍රයෝජන ගන්නවා. අපි අපේ ලස්සන ගැන ඔහේ පුරසාරම් දොඩවනවා. අඩුම තරමේ ඒ තැන් පිරිසිදුව තියා ගන්නවත් අපි පුරුදු වෙලා නෑනේ..

      කොහොම වුනත් ඉතින් අපිට හැමදාම අපේ රට ලස්සනයි.. ලෝකේ හැමෝටම තමුන් උපන් රට ගැන එහෙම දැනෙනවනේ..

      Delete
    2. ලංකාව ලස්සන රටක් තමයි. අපි ඒ ලස්සන විනාශ කරලත් තමයි. ඒත් මට හිතෙන හැටියටනම් ලංකාව ලෝකෙ ලස්සනම රට නෙමේ... ඊට වැඩිය ලස්සන් රටවල් ඇති නේහ්....

      Delete
    3. ලංකාව ලෝකේ ලස්සනම රට නෙවෙයි වෙන්න ඇති.. හැබැයි ජෛව විවිධත්වය අතින් නම් සෑහෙන්න ලස්සනයි මම හිතන්නේ.. උදා හරනෙකට මෙහෙ කිලෝමීටර් 400ක් විතර ගියත් දැනෙන්නේ හරිම ඒකාකාරී හැඟීමක්.. ලංකාවේ කවදාවත් එහෙම දැනෙන්නේ නෑ..

      හැබැයි ඉතින් අපිට නැති බොහෝ දේවල් තියෙන තව ලස්සන රටවල් ඕනේ තරම් තියෙනවානේ..


      ලංකාවේ තියෙන්නේ ගොඩක් දේවල් පුංචි තැනක එකතු වෙච්ච අපුරු ගතියක්. කරුමෙට අපිට ඒ අපුරු බව රැකගන්නවත් ඒක හරියට විඳින්නවත් තේරෙන්නේ නෑ..

      Delete