Wednesday, August 27, 2014

කරදරකාරී ඇනෝ ඊමේල්-කොමෙන්ට්ස්

දැන් ටික දවසක ඉඳන් noreply-comment@blogger.com කියන ඊමේල් එකෙන් ඇනෝ කොමෙන්ට්ස් වැටෙන අවුලක් තියෙනවා. මේ ලෙඩේ තියෙන්නේ සමහර පෝස්ට් වලට විතරයි. මම හිතුව මට විතරක් ආපු අවුලක් කියල නමුත් තවත් කිහිප දෙනෙකුට මේ අවුල තියෙනවා කියල දැන ගන්න ලැබුණ. 

මේ ඊමේල් ඇඩ්රස් එක අපි spam විදියට මාක් කලොත් දාන අනිත් කොමෙන්ට්ස් ඔක්කොමත් spam විදියට තමයි  අඳුර ගන්නේ.

මගෙන් උත්තරයක් හොයන් ආපු තිස්ස අයියා ගේ ඉල්ලීමක් උඩ මේ සටහන දැම්මේ මේ සම්බන්ධයෙන් යමක් දන්න අපේ ටෙක් බ්ලොග් කරුවන් ගෙන් උදව්වක් ලැබෙයි කියල හිතල.

මම දැන ගත්ත විදියට අපේ බ්ලොග් එකේ සැකසුම් වල ඇනෝ කොමෙන්ට්ස් ඇරලා තියෙනවනම් මේක සිද්ද වෙනවා. ඇනෝ බ්ලොක් කළාම හරි යනවා. හැබැයි ඉතින් අපේ ආතල් ඇනෝ වගේ බ්ලොග් රසවතුන් ගේ කොමෙන්ට්ස් මේ සැකසුම නිසා අපිට මිස් වෙනවා.

මේ කරදර කාරී කොමෙන්ට්ස් වල තියෙන තව විශේෂත්වයක් තමයි ඊමේල් එකක් විතරක් එන එක. ඒ කියන්නේ බ්ලොග් එකේ කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නේ නෑ. කොමෙන්ට්ස් වලට රෙජිස්ටර් වුන අයටත් ඊමේල් එකක් යනවා. 

බ්ලොග් එකේ දාල තියෙන විජට්ටුවක් නිසා මේ ප්‍රශ්නේ එනවා කියල සැකයක් ආවත් මගේ බ්ලොග් එකේ නම් එහෙම අමුතු ගැජට් එකක් එල්ලුවේ නෑ ලඟදි. අර භාෂා ලංකා එකෙන් හදපු සිංහල බ්ලොග් වලට දාන්න පුළුවන් වෙළඳ දැන් වීම ටික එල්ල ගත්ත විතරයි මතක ඇති කාලෙකින් කරපු වෙනස.

 මේක ලොකු අවුලක් නොවුනත් දවසකට ඊමේල් 10-15ක් එන වෙලාවල් තියෙනවා. 

මේ තියෙන්නේ එහෙම ආපු ඊමේල් කීපයක්
1.
You just need to be coachable and able to follow step by step directions just having access to the internet and a cellphone.
You will need to begin by understanding the context of social media 
optimization itself. In this respect it is a very attractive alternative 
to PPC.

Feel free to surf to my page; online trade marketing assistant job description 

2.

There are many different ways to achieve this depending on your area and your market.
The important thing to take-away in the project is that marketing 
on it involves communication not advertising. There are several considerations to 
take into account when producing videos.

my web site free online marketing and advertising courses (

3.

SEO itself is not a hugely complex process, it is more about the time 
and effort you can put it, or alternatively the amount of money 
you can afford to pay someone else. They know that people will do business with responsible businesses.

It's best to choose a market where there are plenty of buyers, 
and not a lot of competitors.

My web site: online marketing agent description - exhibition-camillianhome-kiara.weebly.com - 

දැනට නම් පේන විදියට මේක blogger එකේ තියෙන blogs වලට විතරක් තියෙන අවුලක් වගේ. wordpress බ්ලොග් කරුවන්ටත් මේ ප්‍රශ්නේ තියෙනවද?

ප්‍රශ්නේ ගුග්ල් කළාට හරි හමන් උත්තරයක් හොයා ගන්න බෑ

ටෙක් ගීක් බ්ලොග් කරුවන්ගේ අවධානය පිණිස. (මම එහෙම එකෙක් නොවෙමි. :D)


61 comments:

  1. මේවා ස්පෑම් යන්නේ.. මම මාසෙකට සැරයක් ගෝනියක් විතර අයින් කරනවා.. වෙන මොනා කරන්නද බං.. ඕවා මං හිතන්නේ ඔටෝමේටඩ් ඒවා...

    ReplyDelete
    Replies
    1. එහෙම කියල නිකන් ඉන්න බැරි තරම් වැඩේ සීරියස් වගේ නේ

      Delete
  2. ස්තූතියි මල්ලි ක්‍රියාත්මක වුණාට
    හරේගේ ගී පැදුරෙත් මෙහෙම ගොඩක් එනව
    ඉන්ද්‍රනාථ මහත්තයගෙ එකෙනුත් එනව දැන්
    හරි වාතයක් උත්තරයක් සොයාගත්තෙ නැත්නම්

    ReplyDelete
    Replies
    1. These Automated comments could be categorized as click ads. They immediately sink into the spam box. (This happens to me) And there is no harm.

      Delete
    2. තිස්ස අයිය කියනකම් මම වැඩේ සීරියස් ගත්තේ නෑ. මම හිතුවේ නිකන් ඊමේල් එකක් එනවා විතරනේ අවුලක් නෑනේ කියල..

      Delete
    3. දේශකයෝ there is no harm කියල නිකන් ඉඳල බෑ සි.බො.ස්.ක.බේ.ජ.ස කියල සංවිධානයක් හදල මේකට මොකක් හරි කරන්න වෙනවා.

      Delete
    4. “බේ..“ කියල අකුරවත් දානවට මං කැමති නෑ. මොකද නලියල, අටම්ල කෙන්ජිල පන්නන්න ලැබෙන්නෑ..

      Delete
    5. එහෙනම් "සු" දාමු

      Delete
    6. දැනට නම් නෝහාමි තමා දේශ්
      ඒත් මහ වාතයක් මකන එකත්
      මට වැඩියෙන්ම ආවේ හරේ ගේ "ගී පැදුර" බ්ලොග් එකෙන්
      අපි කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් කරබ් නිසයි අපට එන්නේ
      ඊලඟට බ්ලොග් එක ඩිලීට් කලොත් ඒත් අපරාදෙ නේද?

      Delete
  3. මටත් එනවා ඕවා දැන් දවසට එකක්වත්... හැබැයි කෙලින්ම ස්පැම් එකට යන්නෙ.. මම ඉතින් ඇහැක්වත් ඇරලා බලන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඊමේල් ඇඩ්රස් එක ස්පෑම් කියල මාක් කළාම අනිත් කොමෙන්ට්ස් ඔක්කොමත් ස්පෑම් වෙනවනේ.

      Delete
  4. කෝටියක් විතර එනවා.. සමහර ඒවා බලන්නත් කලින් ඩිලීට් කරනවා. මොන කුණුහබ්බද දන්නේ නෑ නේ.. කොහොමත් එක එක ගැජට් එල්ල ගත්තම මළ වනේ..

    ReplyDelete
    Replies
    1. ගැජට් නිසා එන එකක් වෙන්න බෑ මම හිතන්නේ. මේක වෙනම බ්ලොග් වලට කොමෙන්ට්ස් දන්නා හදපු ඔටෝමැටික් ස්ක්‍රිප්ට් එකකින් එන එකක් වෙන්න පුළුවන් . ලියපු එකා වත් දන්නේ නැතුව ඇති මේක නවත්තන්නේ කොහොමද කියල හෙහ් හෙහ්

      Delete
  5. මටත් ඔය වඩේ වෙලා තියෙනවා. ඔය ඇනෝලා "බොට්" ඇනෝලා!
    http://kathandara.blogspot.com/2013/02/bot-hit-ouch-ouch.html

    කමෙන්ට් මොඩරේෂන් දාලා ඊට පස්සේ ඔය වගේ කමෙන්ට් ස්පෑම් යැයි මාක් කරන්න. එතකොට ඒක ඉබේම වෙනවා ඉන් පසු. පස්සේ හිමින් සීරුවේ මොඩරේෂන් අයින් කරන්න.

    දින හතකට වගේ වැඩිය පරණ පෝස්ට්වලට විතරක් ොමඩරේෂන් දාන්න පුළුවනි.

    මෙන්න මේ පොස්ට් එකට ස්පෑම් දිගින් දිගටම වැටෙන හින්දා, මුලන් ස්පෑම් රාශියක් අයින් කරලා බැරිම තැන. ඒ පොස්ට් එකට විතරක් කමෙන්ට් දාන්න බැරි වෙන්න සෙට් කළා.
    http://kathandara.blogspot.com/2011/05/oh-shit-her-neck-looks-like-long-cloth.html

    All in a days work for a blogger!

    ReplyDelete
    Replies
    1. මටත් මුලින්ම ආවේ ගොඩක් පරණ පෝස්ට් එකකට. මම එකට අවුරුද්දක් පරණ පෝස්ට් වලට කොමෙන්ට් මොඩරේට් කරන්න කියල දාල හදා ගත්ත.

      මේ කමෙන්ට් spam විදියට මාක් කරන්න බෑනේ. එහෙම කළාම අනිත් කොමෙන්ට්ස් ඔක්කොමත් ස්පෑම් වෙනවා.

      Delete
    2. /* දැන් ටික දවසක ඉඳන් noreply-comment@blogger.com කියන ඊමේල් එකෙන් ඇනෝ කොමෙන්ට්ස් වැටෙන අවුලක් තියෙනවා. */

      /* මේ කමෙන්ට් spam විදියට මාක් කරන්න බෑනේ. එහෙම කළාම අනිත් කොමෙන්ට්ස් ඔක්කොමත් ස්පෑම් වෙනවා. */

      මේ දෙකම වැරදි අදහස් ජනිත කරවන ප්‍රකාශයි.

      මා දන්නා පරිදි බ්ලොගර් එකවුන්ට් නොමැති හැම කඟෙන්ටුවක්ම එන්නේ ඔය ඊ-මේල් ඇඩ්‍රස් එකෙනුයි. ඔබ ස්පෑම් ලෙස නම් කළ යුත්තේ ලැබෙන ඊ-මේල් එකේ ලින්ක් එකක් මගින් නොවේ. බ්ලොගර් එකට ගොස් එහි කමෙන්ට් මොඩරේෂන් හරහායි. එවිට ඒ ඒ ඔබ හඳුණාගන්නා ස්පෑම් කමෙන්ට් පමණක් එතැන් සිට ස්පෑම් ගොඩට යනු ඇත.

      විටින් විට එහි ගොස් ඒ ලයිස්තුව පරීක්‍ෂා කරන්න. සමහර විට ස්පෑම් නොවන ආකරයේ කනේටුද එහි තිබෙන්නට ඉඩ ඇත. ඒවා නොට් ස්පෑම් යැයි නම් කළ විට නැවත පළවේ.

      Delete
    3. නිවැරදි කිරීම ගැන ස්තුතියි කතන්දර. මම මේ ලිව්වේ එන ඊමේල් එක ස්පෑම් කියල මාක් කලොත් ඔය ඇඩ්රස් එකෙන් එන අනිත් කමෙන්ටුත් ස්පෑම් වෙනවා කියන්න. මේ ඇඩ්රස් එක ජෙනරල් එකක් නිසා ඊමේල් එක ස්පෑම් කලාට වැඩක් නෑ කියල හැඟීමක් තමයි මට තිබුනේ.

      කමෙන්ට් මොඩරේට් කළාම ඔය විදියට අපිට ස්පෑම් මාක් කරන්න පුළුවන්.

      Delete
  6. මට එනවා . ඕක දාන්නේ bot එකකින් වගේ . ඕක නවත් වන්න ඕනම් එක්කෝ Commnet වෙරිෆෙෂන් දාන්න ඕනේ . ඒක දාමොත් Commnet අඩු වෙනවා .

    නැත්තම් Commnet මෝඩිරේට් දාන්න ඕනේ . දෙකෙන් එකක් වත් කලේ නැතිනම් බ්ලොග් එක Google එකෙන් Delete කරලා දාවි . පිට රට සයිට් එකක තිබුණා . Google ලා එයාලගේ බ්ලොග් ගැන ස්වංක්‍රියව සොයා බලනවා කියලා ඒ වෙලාවට ඔය ස්පෑම් වැටෙන බ්ලොග් අහු උනොත් Delete කරනවලු . කවුරු හරි තරහට bot එකකින් කරන දෙයක් වෙන්න පුලුවන් . බ්ලොග් එක Delete කරලා දාන්න . මොකද ස්පෑම් එකේ කිසිම link එකක් නැහැනේ .

    මගේ බ්ලොග් 4කට එහෙම උනා

    ReplyDelete
    Replies
    1. අඩේ මහ භයානකයි නේ හිතුවට වඩා.. මේ වන විටත් ඔවැනි කමෙන්කටු 56ක් දේශකයා ස්පෑම් එකේ.. අර රසකතා එකෙත් 22 ක් තියෙනවා. අනේ අයියේ මටත් එහෙම වෙයිද??

      Delete
    2. මමත් මේ නදුන්ගේ කමෙන්ට් එක දැක්ක ගමන් බ්ලොග් එකේ බැකප් එකක් ගත්ත. ගුග්ල් අයිය මැකුවොත් කියල.

      Delete
  7. Replies
    1. හැමෝටම තියෙන ප්‍රශ්නයක් වගේ බලන් යනකොට..

      Delete
  8. මේක හරි ඇනයක් වගේ. කවුරු හරි පිලියමක් හොයාගන්න බලයිනෙ.

    ReplyDelete
    Replies
    1. තමුන්ගෙ බ්ලොග් එකත් පෝස්ට් නැතිව කොමෙන්ට් වලින් දුවන එකේ මේකට හොයයිද :-P

      Delete
    2. ඔය යකාට ඒවා ආවත් උත්තර දේවි.. අන්තිමට ඒ බ්ලොග් පලෝ කරන්නත් යාවි.. yela yela'''

      Delete
    3. හපොයි ප්‍රසා ඔව්ව නම් පලෝ කරන්න එපා
      අපි හොයා ගත්තොත් දන්නන්නම්

      Delete
    4. ප්‍රසා ෆලෝ කරන්න ගත්ත ගමන් හැබැයි ස්පෑම් කාරයට ස්පෑම් කරන එකත් එපා වෙන්න ඉඩ තියෙනවා හැබැයි. අරවගේ බ්ලොගුත් මේ ලෝකේ තියෙනවනේ කියල දැක්ක ගමන් ස්පෑම් කරුවට ස්පෑම් කිරීම ගැන කලකිරෙන්න ඉඩ තියෙනවා. :D

      Delete
  9. මගේත් පරණ පෝස්ට් 3කට විතර මේ කමෙන්ට් එනවා. සුමානයකට සැරයක් සේරම මකලා දානවා.

    ReplyDelete
    Replies
    1. මගෙත් පෝස්ට් 2ක තමයි මේ අවුල තියෙන්නේ. අහම්බෙන් සිලෙක්ට් වෙන එව්වා වෙන්න ඇති.

      Delete
  10. මටත් ඕකම වෙනවා මේ ලඟදි ඉදන්. තාවකාලික එකයි ස්තීර එකයි විදිහට මට හිතුනා මෙහෙමල

    1. අපේ පාඨකයන්ව අපහසුතාවයට පත්වීම වලකන්න තාවකාලික පිලියමක් විදිහට කමෙන්ට් මොඩරේට් කරන්න. එතකට ස්පැම් කමෙන්ට් අපිට බලලලා ඩිලිට් කරන්න පුලුවන්. (අපේ පාඨකයා සතුටින් අපිට වැඩ කෝටියයි - සිම්පල් පෑල්න් එකක්)

    2. ස්පැම් චෙක් කරන අර ඉමේජ් එක දාන්න පුලුවන් -ඒත් ඒකත් අපේ පාඨකයන්ට කරදයරක් කමෙනට් එකක් දාද්දි

    ReplyDelete
    Replies
    1. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් කලින් තිබුනේ නෑ නේද? මට නම් මේ සීන් එක වෙන්න පටන් අරන් දැන් මාසයක් විතර ඇති.

      දැනට හරි යන ඔප්ෂන් එක තමයි මොඩරේට් කරන එක. ඔබ තුමා ගීකයෙක් නේද? නැද්ද මොකුත් විකල්පයක්

      Delete
    2. මට නම් සති දෙක්ක විතර ඇති..

      මේක වෙන්නේ හිටිස් වැඩිම පොස්ට් වලට වගේ මට හිතෙන්නේ..

      නැහැ මම එහෙම එකකේ නෙමෙයි

      Delete
    3. හිට්ස් වැඩිම එකට කියන්න බෑ බන්. මට නම් මේ මෙලෝ රහක් නැති ඒවාට එන්නේ. මම මුලින් හිතුවේ ඉංග්‍රීසියෙන් හෙඩිම දාපු ඒවාට විතරක් එනවා ඇති කියල. හැබැයි එහෙම කියන්නත් බෑ.

      අඩෝ එහෙනම් උඹ දැන්ම ගීක් කෙනෙක් වෙයං. ඊට පස්සේ මොකක් හරි කරලා මේක ගොඩ දාපන්.

      සී.බො.ස්.ක.සු.ජ ස ඔබ එනතුරු බලා හිඳී.. !!!

      Delete
    4. ගීකයෙක්.. ??? නැහැ බීතයෙක්.. හැක්

      Delete
  11. මටත් එළෝ කෝටියට ඔය වගේ කමෙන්ට්ස් එනවා පබ්ලිෂ් වෙන්නෙ නෑ කෙලින්ම ස්පෑම් යන්නෙ.ඔය ගැන කරදර වෙන්න එපා.ස්පෑම් එකෙන් මකල දැම්මම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි හැලපේ අර නදුන් කියල තියෙනවා වගේ ගුග්ල් අයියා මකල දැම්මොත් අපි හිරේ නේද?

      Delete
  12. මේ එන කමෙන්ට්ස් ඔක්කොම යන්නෙ ස්පෑම් වලට. කොයි බ්ලොග් පෝස්ට් එකකටත් ගැලපෙන විදියෙ පොදු අදහසක් තියෙන්නෙ ඔය කමෙන්ට්ස් වල. අන්තිමේදී බොහෝ විට එයාලගේ ලින්ක් එකක් තියෙනවා විසිට් කරන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් එකම විදියේ දේවල් තමයි හැම කමෙන්ට් එකකම තියෙන්නේ. එක දිගට ඊමේල් එන්න ගත්තම ඇණයක් වෙනවා. නැත්නම් ඉතින් වෙන අවුලක් නෑ

      Delete
  13. ඔය කෙහෙල්මල එනවා බං. ඩිලීට් කරලා දාලා නිකම් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. උඹේ බ්ලොග් එක ගුග්ල් අයියා මකල දායි.. උඹ දැන් බය වෙයන්. ඊට පස්සේ බයටම ගීක් කෙනෙක් වෙයං. ඊට පස්සේ මොකක් හරි විසදුමක් හොයපන් මේකට

      Delete
  14. සොරි වෙන්ඩ ඔිනේ අයියන්ඩි ඔය සම්භන්දව කිසිම දැනිමක් නැත.
    මම ඉතින් බ්‍රා එක්ක හැප්පෙන මනුස්සයා නොවැ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔය බ්‍රා වල හැප්පෙනකොට පරිස්සමින් ඈ... වාරියපොළ පැත්තේ නංගි කෙනෙක් ගේ හැප්පුනොත් එහෙම දන්නවනේ.... :D

      Delete
    2. නංගි පුරේ කොලලෙක්ට අත ඉස්සුවනම් කලිසම ඔලුවෙන් ගලවනවා.

      Delete
  15. අනේ අපිට එහෙමවත් එකක් එන්නේ නැනේ බන් ............. උබලට වැඩිපුර එනවනම් මට පොවඩ් කරහන් .......

    ReplyDelete
    Replies
    1. අනේ උඹට ආවොත් මටත් එවහං ඈ..

      Delete
    2. මේකත් හොඳ වැඩේ.. ස්පෑම් නොකර මේ වගේ එකෙකුට කෙලින්ම ෆෝවඩ් වෙන්න ඊමේල් ෆිල්ටර් එකක් හැදුව නම් හරි.. හෙහ් හෙහ්

      Delete
  16. පැතුම් බොස්ගෙ එකට ආවමයි මං … ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලිගේ ටේස්ට් එකට හරි යන ඒවා මේ පැත්තේ ඒ හැටි නෑ මම හිතන්නේ.. හෙහ් හෙහ් ගලුත් නෑ.. පොලුත් නෑ ගෝලිපුත් නෑ.. හෙහ් හෙහ්.. ඒවුනාට ඉඳල හිටලා හරි ඇවිල්ල යන්න.. :)

      Delete
    2. බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතයි-
      පත්තර මලයන්ඩි වෙනුවෙන් තවත් පුරේ කොල්ලෙක්

      Delete
    3. සැන්ඩි එපා

      Delete
  17. සයිලන්ට් සිඟර්Wednesday, August 27, 2014 11:35:00 PM

    ඕව ස්පෑම් (බහුතරයක් ඔටෝමෙටඩ්). ඕව අව කියල බ්ලොගර් වලදී ගැටළුවක් නැහැනේ, කෙලින්ම ස්පෑම් ෆෝල්ඩර් එකටනේ යන්නේ. ජීමේල් වලදිනම් හොඳම දේ ෆිල්ටර් එකක් හදල "ඔටෝමෙටඩ් මෝඩ ආතල්" කියල ලේබල් කරලා ඒකට ඕව යවන එක. මමනම් එහෙම තමා කරලා තියෙන්නේ. එතකොට ඉන්බොක්ස් එක ක්ලටර් වෙන්නෙත් නෑ එකපාරම ඩිලීට් කරලා දාන්නත් පුළුවන්.

    ReplyDelete
  18. මට නම් හිතෙන්නනෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ක්‍රමයක් කියල දාලා තියෙන විස්තරේ දැක්කම. හරියටම කියන්න අමාරුයි

    ReplyDelete
  19. මගෙත් බ්ලොගර් අඩවියේ ස්පෑම් ගොඩේ ඔව්ව තියනවා. එකපාරින් කොමෝඩ් එක ෆ්ලෂ් කළා වගේ මකලා දානවා. ...හික්.

    හැබැයි මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට නම් ඒ වගේ ප්‍රශ්න නැහැ.

    ReplyDelete
  20. මට මෙවන් අවුලක් නොමැත..

    ReplyDelete
  21. මාත් ඕක ගණන් ගත්තේ නැහැ... මොකෙක් හරි එකෙක් කරන වැඩක් කියලා හිතුවේ... මොකද ඕවා එන්න පටන් ගන්නේ එකම වෙලාවකට වගේ... ඉරිදට වැඩියි.. ලංකාවේ වෙලාවෙන් හවස හය පහු උනාම එන්න පටන් ගන්නවා තොග ගානට.. ඔක්කෝම ඉංග්‍රිසී හින්දාත් මට ඒවා පට්ටෙට තේරෙන හින්දාත් මං කියවන්නවත් ගියේ නැහැ එකක්වත්..

    දැන් ඉතිං කෝකටත් කියලා කමෙන්ට් මොඩරේට් දැම්මා.. :D

    මොක්කුද බං ගීක්ලා කියන්නේ...?

    ReplyDelete
  22. මගෙත් යන්නේ ස්පෑම් එකට.. සමහර වෙලාවට බලන්නත් අමතක වෙනවා.. වැදගත් දෙයක් තියෙනවනම් පබ්ලිශ් කරනවා නැත්නම් නෑ..

    ReplyDelete
  23. ඔය වගේ ඒවා මටත් එනවා බං...මගේ පේජ් එක බලන්න කියන ලින්ක් එක අනිවාර්යයි ඔය මැසේජ් එකේ.

    ReplyDelete
  24. ඔය සීන් එක මටත් උනා... උත්තරයක් තියේ නම් මටත් කියන්න..

    ReplyDelete
  25. අදමයි දැක්කේ ඔයවගේ ඒවාවලින් Spam එක පිරිලා මට හරි සතුටුයි.. එහෙම හරි මටත් කොමෙන්ට් වැටෙන නිසා...
    මතක් කරාට ස්තුතියි,
    ඔය බ්ලොග් ඔස්තාර්ලා මේකට විසදුමක් දෙයි.. එතකං සතුටින් ඉමු..

    ජ ය වේ වා !! !! !! !!

    ReplyDelete