Tuesday, June 03, 2014

දුක සහ අපි

අපි අතර ඉන්නවා දුක දකින මිනිස්සු
දුක ගැන කතා කරන මිනිස්සු
දුක් විඳින මිනිස්සු
සැප විඳින මිනිස්සු
සැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සු
සැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සු
දුක සැප යන දෙකම විඳින මිනිස්සු
දුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සු

ඔය මිනිස්සුන්ගේ හරි මිනිස්සු කවුද?

දුක දකින මිනිස්සු දැකල කම්පා වෙලා සිහියෙන් ජිවිතේ ගෙවනවා. ඔවුන් දුකට බයයි. දුකක් වෙනවට කැමති නෑ.. තමන්ට දුකක් වෙන එක වළක්වාගෙන කොහොම හරි ජිවත් වෙන්න බලනවා. නමුත් ඒක කවදාවත් වළක්වන්න බැරි බවත් ඔවුන් දන්නවා

දුක ගැන කතා කරන මිනිස්සු දුක ගැන කතා කර කර ඉන්නවා ඔවුන් දුක දකින්නේ නෑ
ඔවුන් අනුන්ට දුක ගැන කියල දෙනවා නමුත්  තමුන්ට දුකක් වුනාම අනුන්ට දුන් උපදෙස් ඔවුන්ට මතක නෑ..

දුක් විඳින මිනිස්සු ජිවත් වෙන්න අවශ්‍ය මුලික දේ වෙනුවෙන් දුක් විඳිනවා. සමහර විට අවශ්‍යය මුලික දේවල් තිබිලත් දුක් විඳින මිනිස්සු ඉන්නවා. හිත ඉල්ලන ඉල්ලන දේ දෙන්න ගිහින් දුක් විඳින මිනිස්සු ඕනේ තරම් ඉන්නවා

සැප විඳින මිනිස්සු ඔවුන්ගේ ජිවිත හැම විටම සැපවත්ව ගෙවෙනවා. අවශ්‍යය මුලික දේ බොහොම පහසුවෙන් ලැබෙනවා. හිත ඉල්ලන දේවලුත් ලැබෙනවා. නමුත් ඔවුන් තවමත් නොලැබුන දේ වෙනුවෙන් දුක් වෙනවා.

සැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සු සැප වින්දට එක විඳින්න දන්නේ නෑ. තමන් විඳින සැප දුකක් කිය කියා තියෙන සැප විඳින්නෙ නෑ.. ඔවුන් දුක හරියට දන්නෙත් නෑ.. සැප හරියට දන්නෙත් නෑ..

සැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සු දුක ගැන කතා කරන මිනිස්සු වගේම තමයි ඔවුන් තමන්ට සැප ලැබෙන කොට හොඳට එක විඳලා අනුන්ගේ සැපේ දී සැප කියන්නෙත් දුකක් බව කිය කිය ඉන්නවා.

දුක සැප යන දෙකම විඳින මිනිස්සු ගෙවන ජීවිතය තුල ඔවුන්ට ලැබෙන දුකත් ලැබෙන සැපත් එකසේ විඳිමින් ජිවත් වෙනවා. ඔවුන් දුකින් කම්පා වෙමින් සැපෙන් සතුටු වෙමින් ජිවත් වෙනවා. අනුන්ගේ දුකේදීත් අනුන්ගේ සැපේදීත් ඔවුන් එක වගෙයි.

දුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සු දුක් විඳිනවා සේ සමාජයට පෙනෙනුද ඔවුන් දුක් විඳින්නේ නෑ.. ඔවුන් සැප විඳිනවා සේ සමාජයට පෙනුනද ඔවුන් සැප විඳින්නෙත් නෑ... ඔවුන් ට දුකත් දැනෙනවා සැපත් දැනෙනවා නමුත් ඔවුන් ඒ දෙකම විඳින්නේ නෑ...

මේ දුක සැප කියන්නේ ඇත්තටම තියෙන දෙයක් ද නැත්නම් අපි හදා ගත්ත දෙයක් ද?

දුක දකින මිනිස්සු කියයි මේ මුළු ජිවිතයම දුකක් ඔබ ඒක දකින්න කියල
දුක ගැන කතා කරන මිනිස්සු හැමතැනම තියෙන දුක ඔබට පෙන්නයි.
දුක් විඳින මිනිස්සු තමන් විඳින දුක් ගැන ඔබට කියමින් වැළපෙයි.
සැප විඳින මිනිස්සු ඔවුන් විඳින සැප ගැන කියයි. ඔවුන්ට නැති දේ ගැන දුක කියයි
සැප කියන්නෙත් දුකක් කියල දකින මිනිස්සු ඔබට ඔබ විඳින සැපෙහි ඇති දුක පෙන්නයි.
සැප කියන්නේ දුකක් කියල කියන මිනිස්සු හර බර දේශනා වලින් ඔබට උපදෙස් දෙයි
දුක සැප යන දෙකම විඳින මිනිස්සු ඔබ සමග හැමදාම ඉඳියි දුකේදීත් සැපේදීත්...
දුක් විඳින්නෙත් නැති සැප විඳින්නෙත් නැති මිනිස්සු ඔබෙන් අසයි මොකක් ද සැප කියන්නේ? මොකක් ද දුක කියන්නේ?

කාලෙකට පස්සේ අපබ්‍රන්සයක් ලිව්වා.. හෙහ් හෙහ් හරි ජොලි

33 comments:

  1. ඔන්න ඔහොමයනකොට කසාද බඳිනවා. බැඳල අවුරුදු තුනක් විතර යනකොට මනුස්සයා දාර්ශනිකයෙක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. හැබැයි බැඳලා අවුරුදු 30ක් විතර ගියාට පස්සේ ආයේ කොල්ල වෙනවා නේද.. :D

      Delete
    2. විසි තුනක් ගියාට පස්සෙ කියල නිවැරදි කරමු..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. උඩ කමෙන්ට් දෙකෙන් යන්නේ වෙනම වාදයක්ද කොහෙද..හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි මධු...

      Delete
    2. ඒවා ඔය කාට කාටත් අදාළ වෙයි ළඟදීම .. :D

      Delete
  4. "Life is a blend of happyness and sorrow"

    ReplyDelete
    Replies
    1. මේ වගේ එවුවට අපි සෑහෙන්න ලයික් හොදේ...නියමයි

      Delete
    2. මෙව්වට ලයික් වෙන අය හරි අඩුයි මෙයා .. :D

      Delete
    3. "Life is a blend of happyness and sorrow" කියන්නේ හෙන ජෙනරික් අදහසක්. හැබැයි ඊට වඩා ගැඹුරින් හිතල බැලුවොත් අපිට අපි මෙතෙක් නොදැකපු විදියට ඔය දුක හා සැප ගැන දකින්න පුළුවන් කියල මට හිතෙනවා...

      සමාජ ප්‍රශ්න කතා කරන එක හොඳයි. නමුත් අපි මේ ඉන්න කාලේ ඇතුලත ඔය හැම ප්‍රශ්නෙටම හේතු වෙච්ච රූට් කෝස් එක හරියට තේරුම් ගන්න එක වටිනවා කියල හිතෙන්නේ නැද්ද?

      වෙදාට සහ බෙහෙත් වලට වැඳ වැඳ ඉන්නේ නැතුව.. :)


      Delete
  5. දුක සැප කියන්නේ සාපේක්ෂ දෙයක්. දැන් උදාහරනයකට ගන්න ප්ඩයක් අරින එක. පඩය අරින එකාට ඒක සැපයක්. ඒත් ළඟ ඉන්න එකාට ඒක දුකක්. ආන් ඒ වගෙයි පින්වත්නි.

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සාදු

      Delete
    2. සාදු නාදය දෝන් කාර දෙයි !!!!

      Delete
  6. දුක සහ සැප කියන්නේ තමන් එය අත්විඳින ආකාරය කියලා තමයි මම හිතන්නේ. අද වැටුනාම හෙට නැගිටින්න පුළුවන් කියලා හිතනවා වගේම, අද නැගිට්ටොත් හෙට වැටෙන්න පුළුවන් කියලාත් හිතන්න ඕන. ඔය අපේ අම්මා නිතරම කියූ දෙයක් සහ මා ඇයගෙන් ජීවිතයට ප්‍රායෝගිකව එකතු කර ගත්ත දෙයක්. එය ඉතා සාර්ථකයි,,මගේ ජීවිතයට අදාලව.

    ReplyDelete
    Replies
    1. "දුක සහ සැප කියන්නේ තමන් එය අත්විඳින ආකාරය කියලා තමයි මම හිතන්නේ." මට කියන්න ඕනේ උනෙත් මෙන්න මේවගේ දෙයක් තමයි. දුක සැප කියන දේ අපි හදා ගත්ත දෙයක් මිස ඇත්තටම පවතින දෙයක් ද කියල මට වෙලාවකට හිතෙනවා.

      මම ඔබේ පෝස්ට් ගොඩක් කියෙව්වා.. මිනිසුන්ගේ ජිවිත ගෙවී යන ආකාරය හරිම පුදුමයි.

      Delete
  7. දුක සතුට සමබරයි කිවුවට මොකද වැඩි හරියක් අපිට දැනෙන්නේ දුක තමයි..

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම දැනෙන්න අපි හැමදේම දුකක් විදියට දකින්න පුරුදු වෙලා තියෙන නිසා. ඔබේ දැක්ම වෙනස් වුනොත් ඔය ඔබ දැන් දකින දේවල් වල දුකක් හෝ සැපක් නැති බව ඔබට වැටහේවි.

      Delete
  8. දුයන්න මට පෙනුනෙ පුයන්න වගේ.. මං ආපහු බැලුවා. යකෝ පැතුමුත් ... කියලා

    ReplyDelete
    Replies
    1. අද ලොක්ක වැඩට ගිහින් අයිස් ගහනවා වගේ.. මමත් එහෙමයි හෙහ් හෙහ්..

      යමක් ලියන්න හොඳ මාතෘකාවක්. හැබැයි දැනටම ඒවා ගැන ලියන්න නම් දරාපු කට්ටියක් ඉන්න නිසා මම ඔන්න ඔහේ ඒවා ලියන්නේ නෑ..

      Delete
  9. දුක යනු මේ බ්ලොග් එක මෙතරම දවසක් මගහැරීමයි
    දුක යනු මං හිතාගෙන හිටියේ පැතුම් හේරත් කියන්නේ මහවෙදනා කියා වීමයි .
    කින්ඩිය යනු ප්‍රොෆයිල් එක බැලුවේ අද වීමයි.
    විලි ලැජ්ජාව යනු ඇවිත් බලනකොටම දුක ගැන පොස්ට් එකක් දමා තිබීමයි .

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මමත් ඉවාන්ගේ බ්ලොග් එක දැක්කේ අදනේ.. දැන් ඉතින් නිතර හමු වෙමු..

      Delete
  10. අර විද්‍යා ප්‍රබන්ධ ටිකත් මේකේ තියෙනවද ? හොයලා බලන්න ඕන .

    ReplyDelete
    Replies
    1. මේකෙන් කියවන්න පුළුවන් මම ලියපු කතා එකක් දෙකක්
      http://www.vidyawa.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0

      Delete
  11. ඔන්න කුළුදුලේම මේ පැත්තට බඩගෑවා. දුක යනු බොලාත් මැලේසියාවේම ඉන්නා එකෙකු බව මෙතුවක් කල් මට මග ඇරී තිබීමයි.

    ReplyDelete
  12. දුක දුක දුක කියලා කියවන්න එපා මනුස්සයෝ, ඒක මන්තරයක් වෙලා දුකේ දුකක් වෙයි... :D හරියට ගාමිණි හෝල් බහිනවා, දාස බහිනවා, ස්වීට් හවුස් බහිනවා කිව්වැහේ...

    බයි ද වේ ගුඩ් පෝස්ට් ආ... (Y)

    ReplyDelete
    Replies
    1. මේකේ සැප ගැනත් තියෙනවනේ 50% විතර.. මොකද දුක පැත්තම බලන්නේ... :D සැප පැත්ත බලාගෙන සැපෙන් ඉන්න..

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. බිත්තිය මොකද බං ඒපාර කොටකරල හරියට අර මාළු ලෑල්ලේ කතාව වගේ

    ReplyDelete