Sunday, February 16, 2014

ශාරුක් හමුව... Rendezvous with Shahruck Khan

මට කාලයක් මයිකල් ජැක්සන් පිස්සුව තදේට හැදිලා තිබ්බා.. ඒ කාලේ මම හිතුව කවදාහරි මයිකල් ජැක්සන්ගේ ලයිව් ෂෝ එකක් නම් බලන්න යනවමයි කියල.. ඒ කියන්නේ ජිවිතේ කවද හරි කරන වැඩ වලින් එකක් විදියට ඒක මම හිතාගෙන හිටියේ.  අපේ වෙලාවට මයිකල් ජැක්සන් අකාලයේ අපෙන් සමුගත්ත නිසා මගේ ඒ හීනෙත් එහෙමම ඉවර වුණා...

ශාරුක් ඛාන් සහ මයිකල් ජැක්සන් කියන්නේ සමාන කරන්න බැරි චරිත දෙකක් වුණත් අපේ කාලයේ අපිට දැනෙන ලෝකයේ බොහෝ අයට දැනෙන විදියේ දෙයක් කරපු චරිතයක්... අපි සීනි බෝල කෝණයකින් මිනිහ දිහා බලල ගොඩක් වෙලාවට එච්චර ගණන් නොගෙන හිටියට මේ ලෝකයට බලපෑමක් කරන්න පුළුවන් මිනිසුන් 50 දෙනා අතර ඉන්න කෙනෙක්  විදියට Newsweek සඟරාවෙන්  ශාරුක් ඛාන් ව නම් කරලා තිබ්බා.. ඒ වගේම බිලියන ගානක් රසිකයෝ ඉන්න සුපිරි තරුවක් 

නොසිතු වෙලාවක අපි දෙන්නට මේ සුපිරි තරුව සජීවීව දැක ගන්න අවස්තාවක් ඊයේ රෑ උදා වුණා... බට්ටි නංගිගේ සිහින කුමාරයා (මම ඇරුනම) වෙච්ච මේ සුපිරි තරුව හරියටම බට්ටි නගාගෙ උපන්දිනේ දවසෙම දැකගන්න බට්ටි නංගිට ලැබුණු උපන්දින තෑග්ගක් ... එකෙන් මට තැබුණු තෑග්ග ගානකට කෙලවිම වුනත් මගේ සිහින කුමාරියන් දෙදෙනාමත් (ඒ කියන්නේ බට්ටි නගා ඇරුනම ඉන්න හැටක් විතර වෙච්ච හොලිවුඩ්,බොලිවුඩ් ලයින් වලින් 2ක්) මටත් දැක ගන්න අවස්තාවක් උදා වුණා.. හෙහ් හෙහ් හෙහ්

ශාරුක් ඛාන් ,මධුරි ඩික්සිත් සහ රාණි මුකර්ජි  එකම වහලක් යට..  එක ගලෙන් එක කුරුල්ලයි කිරිල්ලියෝ දෙන්නයි.. සෙල්ලන්ද 

මම එළිමහන් සංගීත සංදර්ශන බලන්න මිට කලින් ගිහින් තිබුනේ එක වතාවක් ද කොහෙද.. ඒ ඔය අපේ ගෙවල් පැත්තේ තිබ්බ පොඩි සංගීතයක්... ඉස්සර අපේ ගමේ කොල්ලෝ සෙට් එක ඔය සංගීත සංදර්ශන බලන්න සෙට් වෙලා යනවා.. මට ඒක එච්චර අල්ලලා ගියේ නෑ.. අනිත් එක අපේ අම්ම කොහොමත් ඒ දවස් වල මට ඒවාට යන්න පර්මිෂන් දුන්නේ නෑ.. 

ගෘහස්ත ප්‍රසංග නම් කීපයක් ලංකාවේදී බලල තිබ්බ.. වික්ටර් රත්නායකගේ 'ස' ප්‍රසංගය එකක්.. ලංකාවේ තියෙන අනිත් ගොඩක් ප්‍රසංග ගොඩක් එච්චර එලව එලව බලන්නේ නෑ... කොහෙන් හරි සෙට් උනොත් බලනවා මිසක්...

ජිවිතේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ එවැනි ප්‍රසංගයක අද්දැකීම ඊයේ රෑ ලබා ගත්ත කිව්වොත් නිවැරදියි.. ඒ තරම්ම සුපිරි විදියට තිබුණු ප්‍රසංගයක්.. මිනිස්සු පිස්සු හැදිලා වගේ බලන්න යන්න සජීවී  ප්‍රසංග ටීවී එකේ දකිනකොට ඒක පිස්සුවක් වගේ හිතුනට ඇත්තටම එවැනි අත්දැකීමක් ජිවිතේ ලබන්න ඕනේ මොකද අපි හැමෝගෙම ඇතුලේ රිද්මයට තියෙන ආසාව නිතැතින්ම එළියට එනවා ඒ වගේ ප්‍රසංග වලදී.. ඒක ගෘහස්ත ප්‍රසංගයකින් වත් ගෙදර කන පැලෙන්න සද්දෙට සිංදු දාගෙන ඇහුවත් ගන්න අමාරුයි..

මීට වසර කීපයකට කලින් ලංකාවේදී පවත්වපු Temptation ප්‍රසංගයේදී සිද්ද වෙච්ච අවාසනාවන්ත සිද්දිය නිසා ශාරුක් ඛාන් නැවත ලංකාවේදී ආයේ එහෙම ප්‍රසංගයක් පවත්වයිද කියල ෂුවර් නෑ ඉතින්..

ඉතින් හදිස්සියේම දැනගත්ත මේ අවස්ථාව මිස් කරගන්නේ නැතුව අපි දෙන්න ගියා මේ සුපිරි Temptation Reloaded 2014 ප්‍රසංගය දැක ගන්න. සැහෙන්න දිග පෝලිමක පැයක් විතර ඉඳල කොහොම හරි අපි දෙන්න ඇතුලට පැන ගත්තා. 

මෙතන ඉඳන් විස්තරේ පොටෝ වලින් දාන්නම්..

මේ තියෙන්නේ වේදිකාව වැඩේ පටන් ගන්න කලින්.. අපි හිටියේ පිටිපස්සට වෙන්න ඒ කියන්නේ වේදිකාවෙන් 200m විතර පිටිපස්සේ ඉතින් හරියටම පෙනුනේ නෑ..
මුලින් තිබ්බ මම නම නොදන්නා තව කීප දෙනෙක් ගේ අයිටම් කීපයකින් පස්සේ රාණි නංගි එලියට බැහැපු අවස්ථාව.. ලෙන්ස් එක උපරිමත් සුම් කරලා තව පොඩ්ඩකුත් කරකවල ගත්ත පොටෝ ටික තමා මේ..



මධුරි ගේ ලස්සන



කිං කාන් ගේ පැමිණීමට සැරසීම

කිං කාන් 







 තවත් ඉන්දියානු ගායකයෙක් මම එච්චර දන්නේ නෑ..

 ශාරුක් ඛාන් රසිකයන් සිහින ඉටු කිරීම. පිරිසේ හිටපු ගෑනු ළමයෙක්ව වේදිකාව උඩට ගෙනල්ල ඒ ළමයත් එක්ක බොහොම අපුරු විනාඩි කිහිපයක් ඔහු ගත කළා.. ෆිල්ම් වල විදියට රඟපාමින් මතක හිටින විදියේ දෙයක් ඒ තරුණිගේ ජිවිතයට එක් කරන්න ඔහු සමත් උනා..











ඔහුගේ අත්සන සහිත පොතක්, විශාල චායාරූපයක් සමග තවත් තෑගී කිහිපයක් අවසානයේදී ඒ තරුණියට ලබා දුන්නා... 

ඊට පස්සේ වේදිකාව උඩට ගත්ත කපල් එක.. මේ දෙන්නටත් සිරාම ආතල් එකක් දුන්න.. කොල්ලට කෙල්ලට සලකන්න ඕනේ විදිය උගන්නල අන්තිමට  කොල්ලගේ ඇඟ උඩ ඉදගෙන හෙන විකාරයක් කළා.. හැබැයි හරිම රසවත් විදියට ඒ සියල්ල කළා



කොල්ලගේ ඇඟ උඩ කෙල්ලත් එක්ක සැපට වාඩි වෙලා ඉන්න අවස්ථාව.. හෙහ් හෙහ්

 ඊට පස්සේ අලුත්ම චිත්‍ර පටිය වෙච්ච චෙන්නායි එක්ස්ප්‍රස් එකේ තියෙන මේ ලුන්ගි ඩාන්ස් එක කරන්න රසිකයන් අතරින් තවත් විවාහක පිරිමි කෙනක් ව තොර ගත්තා.. ඒ මනුස්සයට සරමක් අන්ද වල නැටුම උගන්නමින් තවත් අපුරු රංගනයක් ඉදිරිපත් කළා.. 

වේදිකාවට ගත්ත හැමෝටම ඔහුගේ අත්සන සහිත පොතත්, අත්සන සහිත විශාල  පොස්ටරය්කුත් තවත් තෑගී කිහිපයකුත් ලබා දුන්නා

මේ තියෙන්නේ මධුරිත් එක්ක කරපු රංගනය
 මේ රාණි එක්ක

 දෙන්නත් එක්කත් නැටුවා.. 
වියදම් කරපු ගානට පාඩු නෑ කියල හිතෙන අපුරු ප්‍රසංගයක්... මැලේසියාවේ (හිටපු ද ඉන්නද කියල ෂුවර් නෑ)අගමැති මහතීර් මොහොමඩ් මැතිතුමාත් මැලේසියානු රජ පවුලේ සියලු දෙනාත් මේ ප්‍රසංගය සජීවීව බලන්න එකතු වුණා..  මැලේසියාවේදී කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම නම්බු නාමය වන "දාතුක්" කියන එකත් ශාරුක් ඛාන්ට ලැබිල තියෙනවා.. මිනිහ හැබැයි ඒක පොඩි ජෝක් එකක් විදියට ගත්තා ෂෝ එක පටන් ගන්නකොටම.. හෙහ් හෙහ්

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලොවම වසඟ කරන්න පුළුවන් හැකියාවක් අවංකවම ශාරුක්ට තියෙනවා... කුඩා කාලයේදීම අහිමි වූ මා පිය සෙනෙහස නිසා  ජීවිතය ජයගන්න පටන් ගත්ත බිංදුවෙ සිට හිනි පෙත්තටම නැගපු අපේ කාලයේ චරිතයක්..



25 comments:

  1. නියමයි අයියේ ශාරුක් කියන්නේ මාත් ඒ කාලේ ආශ කරපු නළුවෙක්... ඔයාට හොද අවස්තාවක් හම්බෙලා තියෙනවා,, මේ මං හිතුවේ ශාරුක් දැන් වයසයි කියලා, ඒත් මේ ෆොටෝ වල ඉස්සර් වගේම ඉන්නවනේ අප්පා... ඒ වගේම එයා සාර්ථකයි ..ස්තුති අපි වෙනුවෙන් මෙහෙම ලිපියක් පලකලාට

    ReplyDelete
    Replies
    1. මිනිහ වයසයි තමයි (50ක් විතර ඇති මම හිතන්නේ )හැබැයි තාම හෙන ඇක්ටිව්.. වයස ගියා කියල කිසි වෙනසක් නොදැනෙන විදියට නියමෙට කළා..

      Delete
  2. මොහුද ඔබ වැනිම තවත් මිනිසෙකු ලෙස සිතුවා නම් හිතේ කරදර ගතිය අඩුවේවි නේද?.

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවෝත් ඔබ වැනිම සාමාන්‍ය මනුස්සයෙක් කියල හිතල මේ මොහොතේ පවතින ක්ෂණය තුල ඇති නිවන දකින්න ට්‍රයි කළා නම් ඔබ තුමාගේත් හිතේ තියෙන කරදර ගතිය අඩුවෙයි.. දක්ෂ මිනිසුන් අගය කරන්න ඔයිට වැඩිය ටිකක් ලේසි වෙයි.. :)

      Delete
    2. බුදුන් වහන්සේ සාමාන්‍ය මිනිසෙකු නොවේ.මහා පුරුෂයෙකි.උන්වහන්සේගේ කායික, මානසික තත්වයට සාමන්‍ය මිනිසෙකුට ලඟා විය නොහැකිය.දක්ෂ මිනිසුන් ලොව කොහේ සිටියත් අගය කරමි.නමුත් මා දන්නා තරමින් මේ සුපිරි නළු ධනවතුන් දිළිඳු දරුවන් වෙනුවෙන් අඩුම තරමේ පාසලක් වත් ඉදිකලායයි අසා නැහැ. මේ ඉන්දියානු නළු නිළියන්ට වඩා හොලිවුඩ් නළු, නිලියන් බොහෝ පරිත්‍යාග ශීලී බවනම් අසා ඇත.

      Delete
    3. බුදුන් වහන්සේ මහා පුරුෂයෙකු බව ඇත්ත.. නමුත් සාමාන්‍යය මිනිසුන් තුල තියෙන හැකියාවෙන් බුද්ධත්වය ලබා ගත හැකි බව ලොවට පෙන්වූ නිසයි මම එහෙම ලිව්වේ..

      හැබැයි අපි ගොඩක් වෙලාවට බොහොම පටු කෝණ වලින් මිනිස්සුන්ව මැනලා ඒ මිනිස්සු ගැන තීරණ ගන්නවා.. ශාරුක් ඛාන්ගේ රසිකයෙක් වීම කියන්නේ සමහරකෙනෙකුට මහා බොළඳ දෙයක් විදියට පේනවා.. බුදු දහම වගේ ශ්‍රේෂ්ට දහමක් තියාගෙන මේ මිනිස්සු මේ නලු නිලියන් පස්සේ පිස්සු වැටිලා නටනවා කියල බොහොම පහත් විදියට සලකල බුද්ධාගම ටිකක් දන්නා තමන් ව ඉහළ තැනක තියාගෙන හෙන මානෙකින් ඉන්න අය ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා.. කරුණාකර මෙය පුද්ගලිකව නොගන්න.. අදහසක් පමණි..

      නමුත් මේ මොහොත තුල සතුට අත්විඳිමින් මේ ගෙවන ජීවිතය තුල ලෞකික සැප සියල්ල විඳිමින් බොහෝම උසස් මානසික තල වල ඉන්න මිනිසුන් ඕනේ තරම් ඉන්නවා... අපිට ඒ මිනිසුන් දකින්න බැරි වෙලා තියෙන්නේ අපේ ඔලුවේ තියෙන අර මම බෞද්ධයෙක් කියන මානය නිසා..

      ශාරුක් ඛාන් කියන්නේ හෙන පොරක් නෙවෙයි. නමුත් අගය කල යුතු චරිතයක්. ඒ වගේ අය කාලෙන් කාලෙට ලෝකේ බිහිවෙනවා.. ඒ මිනිස්සු කරපු කියපු දේවල් වල අඩු පාඩු හොයමින් ඉන්නවට වඩා ඇත්තටම ඔවුන් නිසා අප තුල ඇතිවන සතුට අගයකරන එක වඩා හොඳ නැද්ද.. :)

      Delete
    4. ඔබේ රුචි අරුචිකම් වලට මගේ කිසිම ගැරහීමක් නැහැ.ඒ ඔබේ නිදහසනේ,මමත් ආගම කරේතියාගෙන ඉන්න කෙනෙක් නෙවේ.මට හිතෙන දෙයක් තමයි සුපිරි මිනිසුන් සහ ගැහැනුන් යයි අප සිතන බොහෝදෙනා සැබෑ ජීවිතය තුල හරයක් නැති බොල් චරිත බව.මට පුද්ගලිකව මොවුන් ගැන ප්‍රියතාවයක් ඇතිවෙන්නේ නැත්තේ ඉහත හේතුව නිසයි.සිනමා නිර්මාණයකින් එපිට කිසිම නළුවෙක් හෝ නිලියක් පියවි ඇසින් දැකීම මටනම් ඒ තරම් වැදගත් දෙයක් ලෙස දැනෙන්නේ නැහැ.

      Delete
    5. මමත් පාරේ ඉන්න කුලිකරුවගේ ජිවිතේ අගය කරන කෙනෙක්'
      සුපිරි මිනිසාට වඩා.. නමුත් මම සුපිරි මිනිසුන්ව එහෙම හෙලා දකින්න කැමති නෑ... (සුපිරි මිනිසුන් කියල ජාතියක් ඇත්තටම නෑනේ). ඔවුන් ජිවත් වන පන්තිය දැන් සුපිරි වුනාට ජිවිතේ කෙදිනක හරි ඔවුන් නැතිබැරි කම අත්දැකලා ඇති.. ඒක ජයගන්න ඔවුන් ගත් උත්සාහය නිසා ඔවුන්ව සමාජය තුල දැන් සුපිරියට ඉන්න එකෙන් කියවෙන්නේ නෑ ඔවුන් සම්පුර්ණයෙන්ම හිස් චරිත කියල..

      ජිවිතේ එක එක කාලවලදී තේරුම් යන දේවල් වෙනස්.. මමත් ඔහොම කාලයක් හිටිය ඔය නළු නිලියෝ කියන්නේ බොළද චරිත වැඩකට නැති හිස් මිනිස්සු කියල හිතන.. හැබැයි අපි අපේ රස්සාව කරලා එතන යම් තත්වයක් තියාගෙන ඉන්න ට්‍රයි කරනවා වගේ ඒ මිනිස්සු එයාල කරන රස්සාව රැකගන්න දගලන දැගලිල්ල නේද අපි ඔය දකින්නේ.. හෙහ් හෙහ්.. ඉතින් අපි කවුරුත් අන්තිමට එකයි...

      ජිවිතේට හොඳ අත්දැකීමක් එවැනි ප්‍රසංගයක් රසවිඳීම.. සහ එය රසවිඳ ඉවර කිරීම.. :)

      Delete
  3. සුන්දර මතකයක්.. මටත් ශාරුක්ගේ ප්‍රසංගයක් බලන්න ඕන කම නම් තියෙනවා.. බලමුකො ඉතාලි පැත්තේ ආවොතින්..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඉතාලියේ එකක් කරයි.. මොකද ලෝකේ ගොඩක් රටවල මේ ෂෝ එක කරනවා.. බලන්න ගියාට පාඩු නෑ...

      Delete
  4. ශාරුක් කියන්නෙ මගෙත් ප්‍රියතම නළුවෙක්. ඔහු රඟපාන කොට මුහුනෙ එහෙම ඉරියව් වෙනස් වෙන විදිහ බලා ඉන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට උපතින්ම ගෙනාපු හැකියාවක් තියෙන නළුවෙක්.. මම හිතන්නේ මිනිහගේ ගතිගුනත් නරක නෑ... ඒ කියන්නේ පවුලත් එක්ක තාම නම් හොඳින් ඉන්නවා.. :)

      Delete
  5. සාරුක්කයියා... වහ කනවා මං.. හැක්..

    He is a wonderful human

    ReplyDelete
    Replies
    1. ටයර් 2-3ක් තිබ්බට රාණියි මධුරියිත් තාම සිරා බන්..

      Delete
  6. ඇත්තටම ෂාරුක් කියන්නෙ හොඳ මනුස්සයෙක්.
    ලංකාවෙ සම හරක් ගෙ තියෙන මෝඩකම නිසා ඒ මනුස්සය ලංකාව ගැන හිතාගෙන හිතපු විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බැරි වෙලා හරි පොර පිටිපස්සට ඇවිල්ල මාව ඉට්ටේජ් එකට ගත්තනම් මම හිතාගෙන හිටියේ "අනේ අයියේ ඔය කොල්ලෝ සෙල්ලමට බෝම්බ දාන ඒවා ඔය හැටි ගණන් ගන්න එපා ඔන්න ඕක අමතක කරලා දාල ආයේ ලංකාවට වරෙන් බන් කියන්න.. " උගේ වෙලාවට ඌ පිටිපස්සට ඇවිල්ල මාව ඉට්ටේජ් එකට ගත්තේ නෑ..

      Delete
  7. ඇත්ත කට්ටක් කාලා තැනකට ආපු පොරක් නේව ඉස්සර ෆිල්ම් වල සුළු සේවකයෙක් විදිහටත් වැඩකරලා තිබුනා කියල මං කොහේදෝ කියෙව්වා මතකයි

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතා අහල තියෙනවා.. පොර ඉස්පිරිතාල එහෙම හදල තියෙනවා මම හිතන්නේ ඉන්දියාවේ දුෂ්කර පැති වල.. අවංකවම හැකියාවක් තියෙන කොල්ලෙක්..

      Delete
  8. ශාරුක් නං ආයේ කවදාවත් ලංකාවට එන එකක් නෑ.. ඔහොම හරි බලාගත්තු එක හොඳා

    ReplyDelete
    Replies
    1. අර දෙමළ නයන්නට දාපු කොමෙන්ට් එක බලපන්.. සාරුකාට වැඩිය රානිවයි මධුරිවයි බලාගන්න තමා මම ගියේ.. පරණ ලව් එහෙම අමතක කරන්න බෑ නේ..

      Delete
  9. ඔහුගේ චිත්‍රපට වල යම් ස්වභාවික ගතියක් තියෙනවා. ඔහු ඒ වෙනුවෙන් කරන කැප කිරීම විශිෂ්ටයි. ඒ වගේම ඔහු තුල හිත හොඳ මිනිහෙක් ඉන්න බව වැටහෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කියපු ඔක්කොම හේතු ටික නිසා තමයි අපිටත් බලන්න යන්න හිතෙන්නේ... ඒ වගේ මිනිසුන්ව අගය කරන එක වරදක් නෙවෙයි..

      Delete
  10. Replies
    1. සාරුක් අයියා නොබැලූ දෑස් මක්කටෙයි කිව්වලු.. හෙහ් හෙහ් හෙහ්

      Delete
  11. ශාරුක් ලංකාවට ආපු වෙලාවේ ඒ ශෝ එක බලන්න අපේ මැත්ස් ක්ලාස් එකේ සර්ටත් ටිකට් එකක් හම්බෙලා එයා ගිහින් තිබ්බා. ඊට පස්සේ ඉදන් දවස් කීපයක් යනකම් සර්ට බේරිල්ලක් නැතිවුනා ක්ලාස් එකේ කෙල්ලන්ගෙන් ශෝ එකේ විස්තර කියන්න කියලා. සර්ට් හැමදාම පොඩ්ඩ පොඩ්ඩ ඒ ශෝ එකේ දේවල් දවස් කීපයක්ම කිව්වා ඇක්ට් කර කර :D

    ReplyDelete