Friday, February 28, 2014

යහපත ප්‍රමාද කිරීම - මාරයා පිළිබඳ කතාන්දරයකි.


මෙය මරණය හා විනාශයට අධිපති මාරයා පිළිබඳ කතාන්දරයකි.

දිනක් මාරයා තම සේනාධිපතියන් හදිසි සාකච්ජාවකට කැඳවා, ‘ලෝක විනාශය දැනට වඩා වේගවත් කළ යුතුයැ’ යි විධානය කළේය.

‘ලෝකය විනාශය කරා යැවීමේ ලෙහෙසිම ක‍්‍රමය අද අපි තීරණය කළ යුතුයි.’ පැවසූ ඔහු ඒ සඳහා තම යෝජනා ඉදිරිපත් කරන ලෙස තම සෙනවියන්ට කීවේ ය.

පළමුව නැගී සිටියේ වෛරයයි. ඔහු මෙසේ කීය.

‘මම පියාට විරුද්ධව පුතා, ගුරුවරයාට විරුද්ධව ශිෂ්‍යයා, ස්වාමියාට විරුද්ධව සේවකයා සහෝදරයා, එක් ජනවර්ගයකට විරුද්ධව අනෙක් ජනවර්ගය, නැගී සිටීමට සළස්වා මිනිසුන් අවුලවන්නම්.‘

‘ඔව්. දැනටමත් ඔබ එය කරමින් සිටිනවා. මීට වඩා සූක්‍ෂම ක‍්‍රමයක් මට ඕනෑ‘යි මාරයා කීවේය.

දෙවනුව නැගී සිටියේ කාමරාගයයි. ‘මම ආදරය මිනිසුන් අතරින් පිට මං කරන්නම්. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන මට්ටමට පමුණුවන්නම්‘

‘ඔබ එය දැනටමත් කරනු ලබන බැවින් එය අළුත් දෙයක් නොවෙයි’ මට ඔිනෑ අලූත් ක‍්‍රමයක්’’ මාරයා කීවේය.

තුන්වැනුව නැගී සිටියේ බීමත්කමයි. ‘මම මිනිසුන්ගේ සිහි බුද්ධිය විනාශ කරන්නම්. එවිට ඔවුන් දවසින් දවස විනාශය කරා යනවා ඇත’

‘මම සොයන්නේ, ඊටත් වඩා සූක්‍ෂම ක‍්‍රමයක්’ මාරයා නැවත අවධාරණය කළේය.

අවසානයෙහි නැගී සිටියේ මෑතකදී මාර සේනාවට බැඳුන උපසේනාධිපතිවරයෙකි. ඔහු තමා අදහස් කරන ක‍්‍රමය මෙසේ විස්තර කළේය.

‘ මම ධර්ම දේශකයෙකු වී ආගම ධර්මය දේශනා කරන්නම්. මම මහජනයාට පවෙන් වළන්න සිල් රකින්න, යහපත්වන්න විමුක්තිය සඳහා කි‍්‍රයා කරන්න ධර්මානුකූලව ජීවත් වන්න ආදී වශයෙන් දේශනා කරන්නම්’

ඒ අසා මාරයා විමතියට පත් විය. ’මොනවාද ඔබ ඔය දොඩන්නේ? ඕවා අපේ රාජකාරි නොවෙයි.‘යි කීවේය.

‘ඉවසන්න, සවාමීනි. මගේ කතාව තව ඉවර නැහැ’යි ඔහු කීවේය.

‘එහෙම යහපත දේශනා කරලා මම කියන්නම්. ‘ඔබට තව කල් තිබෙනවා. මේවාට ඉක්මන් වන්න ඕනෑ නැහැ. යහපත්ව ජීවත්වීමට යහපත් සමාජයක් අවශයයි. යහපත් රාජ්‍යයක් අවශ්‍යයි යහපත් ආර්ථිකයක් අවශ්‍යයි රටේ සාමය අවශ්‍යයි. එබඳු යහපත් සමාජයක් එන තුරු දැනට ඔබ ප‍්‍රාර්ථනා කළාම හොඳටම ඇති’

එය අසා මාරයාගේ මුවගට සිනාවක් නැගිණ.

‘ඔබ බොහොම හොඳයි. ඔබේ යෝජනාව ඔබ වහාම ලෝකයට ගිහින් කි‍්‍රයාත්මක කර ලෝක විනාශය ඉක්මන් කරන්න‘ යහපත කල් දැමීම මාරයාගේ සියුම් උපක‍්‍රමයකි. ඔබ යහපත කල් දමන හැම විටම මාරයා සතුටු වෙයි.

උපුටා ගැනීම

http://vimukthi.org/vimukthi/writings/14-sinhala-writings/38-sathuta-handuna-ganna

ජීවිතය ගැන අපි දකින විදිය, දන්න දේවල් ගැන අලුතින් හිතා බලන්න වැදගත් වන බොහෝ දේ තියෙන තැනක්.. ගිහින් බලන්න

20 comments:

  1. මට ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොත මතක් උනෙත් ,,එතනත් හරි ලස්සනට පැහැදිළි කරලා තියෙනවා ,,යහපත කරන්න ඉක්මන් වෙන්න ,,, නපුරට දුවන නුබේ පාද එයින් වලක්වගන්න කියලා ,,, කෙටි වැදගත්
    ස්තුති ලින්ක් එක දුන්නට..

    ReplyDelete
  2. එහි තියෙන අනිත් ලිපිත් කියවන්න. අලුතින් හිතන්න බොහෝ දේවල් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් මන් ඒක බූක් මාර්ක් කළා කියවන්න ,, අයියේ යශෝදට ඔපරේෂන් එකට සල්ලි හම්බුණා ,එයා හෙට අනිද්දා ඉන්දියාවේ යනවා ඒක කරන්න ,, දැන් ඔය බ්ලොග් එකේ වම් පැත්තේ උඩ ෆොටෝ එක අයින් කරන්න කාලේ හරි .මන් ඒ ගැන ලිපියක් ලීවා ,,

      Delete
  3. බැනර් එක අයින් කළා.. මම ඔයාගේ ලිපිය දැක්කේ දැන්.. වැඩේ කෙරිච්ච එක ගැන ගොඩක් සතුටුයි..

    ReplyDelete
  4. කල් දැමීම හොඳ දෙයක් නෙමේ තමා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි හැමදාම කරන දේ ඒකනේ... ජිවිතේ නැවුම් විදියට දකින්න අපිට පුළුවන් අපි මේ මොහොතේ ජීවිතය විඳින්න පුරුදු උනොත් ..කල් නොදමා..

      Delete
  5. ඒ ක්‍රමය තමා ලේසිම ක්‍රමය...

    අද අද එයි මරු පින් කර ගන්නේ... ඒ වා ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. පින් කරන්න ට්‍රයි කරනවට වඩා අපි කරන්න ඕනේ හැම මොහෙතම පරිපුර්ණව ජිවත් වීම.. එතකොට නිකම් ම අපි පවෙන් ඈත් වෙනවා... අමුතුවෙන් පින් කරන්න වෙහෙසෙන්න දෙයක් නෑ..

      Delete
  6. අපුරු ලිපියක් පාර පෙන්නුවට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම නැවුම් දේ තියෙන තැනක්... ජිවිතයට සම්පුර්ණයෙන්ම වෙනස් වේවි හරියට තේරුම් ගත්තොත්..

      Delete
  7. හැමදේම කල් දාන සමාජයක්නේ මේක..

    ReplyDelete
    Replies
    1. අපිට හැමදේම කල්දාන පුරුද්ද උගන්නල තියෙන්නේ කවුද කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ ඒ කතාවෙන්.. :)

      Delete
  8. කල්දාන එක පුළුවන් තරම් කාලයකට කල් දැම්මනම් අනික් ඔක්කොම වැඩ වෙලාවට කරගන්න පුළුවන් .......

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් වැඩ ටික ඉවර කරගන්න කලින් යන්න වුනොත් ආයේ එන්න වෙනවා ඉතිරි වෙච්ච කරන්න. ඒ නිසා තමයි හැම මොහොතේම පරිපුර්ණව ජිවත් වෙන්න ඕනේ.. එතකොට ඉතිරි වෙන දේවල් නෑ... ආයේ එන්න වෙන්නේ නෑ...

      Delete
  9. කාටවත් කරදරයක් නැතිව ජීවත්වීම තමයි පවෙන් ඈත්වීමට තියෙන හොඳම මග කියලා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජිවත් වීම කියන එක අපි හරියට කරන්න නම් අපි අපේ හිත පවතින මේ මොහොත තුල දකින්න ඕනේ.. ඒකට සිහිය හරියට තියෙන්න ඕනේ.. හැම මොහොතේම සිහියෙන් සිත දෙස බලාගෙන ඉන්නකොට පවට ඉඩක් නැතුව යනවා.. හැකියාවක් තියෙනවනම් එම අඩවියේ ඇති අනිත් ලිපිත් කියවා බලන්න.. ඔබට අලුත් බොහෝ දේ හම්බ වෙයි...

      Delete
  10. මාර පාක්ෂික බලවේග හරි ප්‍රබලයිනේ :D

    උප සේනාධිපතිගේ කතාව කියවන් යද්දී මට මුලින් හිතුණේ ආගමේ නාමයේ වැරදි කරන්න පොළොඹවමු කියලා කියයිද දන්නේ නැහැ කියලා. මිනිසාගේ විනාශය ලං කරන්න හොඳම විදිහක් තමා ඒක :)

    ReplyDelete
    Replies
    1. ආගමේ නාමයෙන් මිනිස්සු වැරදි කරන්න පොළොඹවන එක දැනටමත් කෙරෙනවනේ.. මේකෙ අදහස් කරන්නේ සියලු ආගම් වලින් කරන්නේ මිනිසාව යහපත කරන්න කල්දාන එක කියල.. හැමතැනදිම කියවෙන මරණින් පසු ලැබෙන පාරාදීසයක්, නිර්වානයක්, මොක්ෂයක් මිසක් ජිවත් වෙන මිනිසුන්ට අත්දකින්න පුළුවන් දෙයක් ගැන නෙවෙයි නේ...

      Delete
  11. එක් අතකින් මේ සියල්ල දැනට සිදු වෙමින් පවතින දේවල්.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ඒක දැන දැනත් එකම දේ කර කර ඉන්නවා.. වෙනස් විදියට හිතන්න කැමති සුදික අයිය වගේ අයට කියවල බලන්න බොහෝ දේ වල් තියෙනවා...

      Delete