Tuesday, February 04, 2014

මගේ ප්‍රථම තෙල් සායම් චිත්‍රය...

නිකන් ඉන්න එකේ කාලයක් තිස්සේ කරන්න ආස වෙලා තිබ්බ වැඩක් කරලා බැලුවා.. හරියටම කිව්වොත් සා.පෙ කාලෙන් පස්සේ මේ වගේ වැඩක් කලාමයි.. ජිවිතේ පළවෙනි වතාවට කැන්වස් එකක චිත්‍රයක් ඇන්දා.. චිත්‍රයක් කිව්වට හිතට එන දේ ඔහේ ඇන්දා... තෙල් සායම් පෙට්ටියක් අරන් ඒකෙ තියෙන පාට ගාන්න ආසාවට ඇඳපු බොහොම ප්‍රාථමික මට්ටමේ චිත්‍රයක්..

අහුවෙන අහුවෙන කොලේ කුරුටු ගාන එක නම් මම කවදත් කරපු දෙයක්.. ඔය මම කලින් වැඩ කරපු තැනක හැමදාම තියෙන බොරු මීටින් අස්සේ මම ඔය කුරුටු චිත්‍ර අඳිනවා.. මීටිමට වඩා තේරුමක් තියෙන එකක් මට ඇඳගන්න පුළුවන් ගොඩක් වෙලාවට.. හෙහ් හෙහ්

බිත්ති කුරුටු ගෑමත් එහෙම තමයි.. 

මෙහෙ ආවට පස්සේ සෙට් වෙච්ච අපේ දයාන් සහෝදරයගේ උනන්දුවයි උපදෙසුයි නිසා තමා මටත් මේ තෙල් සායම් කලාවට අත ගහල බලන්න  හිතුනේ... අපරාදේ කියන්න බෑ එකම වහලක් යටින් හොඳම බඩු ගන්න නියම තැනක් ගැනත් ඔත්තුව දුන්නේ දයානයම තමයි..

චිත්‍ර කලාව ගැන ඉගෙන ගත්තේ සාපෙ ට එනකම් විතරනේ. ඉතින් මම  දන්න දෙයක් නෑ... මටම පේන බොහෝ වැරදි තියෙනවා.. කමක් නෑ ඉතින් මගේ ආතල් මට ආතල් නේ කියල  හිත හදාගන්න පුළුවන්..

මුලින් මම ඔය ඉන්ටර්නෙට් එකේ දැකපු තෙල්සායම් චිත්‍රයක් වගේ එකක් අඳින්න හිතාගෙන තමයි වැඩේ පටන් ගත්තේ.. ඉස්සෙල්ලාම හා හපුරා කියල  නිලපාට පොඩ්ඩක් සුදුපාට ටිකක් එක්ක අරන් ගාල බැලුව.. වම් පැත්තේ කෙලවරේ..  ඊට පස්සේ එකට ඔය කළු පොඩ්ඩක් දාල පාට පොඩ්ඩක් වෙනස් කරලා ගහක් දෙකක් ඇඳලා බැලුව.. නිල් පාට පැත්තක් ගානකොට රතු කහ කොල පාට ගෑමේ ආසාවත් ආවා..  එතකොට අර බලපු චිත්‍රෙ විදියට මට අඳින්න බෑනේ.. ඉතින් ඔන්න ඔහේ මට හිතෙන එක මම අඳිනවා මොන වෙඩිමක් ද කියල ඇඳලා දැම්ම..

මේ තියෙන්නේ මුල් හරිය..

මේ වගේ ගස් පේලි දෙකක් තියෙන සොබාවික චිත්‍ර නෑනේ... ඉතින් මේක තනිකරම මගේ ෆැන්ටසි චිත්‍රයක් ..

ඔය තියෙන්නේ මගේ ටෙම්පරි ඉසෙල් එක.. උස ගානට හරි..තව වෙන මොනවාද ඉතින්  හෙහ් හෙහ් 

ඔක්කොම බඩු ගත්තට මම ඉසෙල් (easel )එකක් ගත්තේ නෑ..  මොකද මම ඔය බඩු ගත්තට කවද වෙනකම් මේවා කරයි ද කියල මටම ෂුවර් නෑ.. අන්තිමට ඉසෙල් එකේ ලිපේ දාන්න තමා වෙන්නේ..

හරි දැන් මෙහෙම ගස් පේලි දෙකක් ඇඳට පස්සේ තම කල්පනා උනේ කොහොමද ඉතින් මේකට මොකක් හරි තේරුමක් දෙන්නේ කියල..  

ඕන එකක් වෙන්න කියල  මෙන්න මේ වගේ පාලං කෑල්ලක් ඇඳලා දැම්ම මැදින්.. ඒක පාලමක් කියල කලින්ම කිව්වේ කාටත් තේරුම් ගන්න.. පාලමේ පැති දෙක පාට 2ක් වෙලා තියෙන්නේ ඇයි කියල අහන්න එපා ඒවා එහෙම තමා... 

එතකොට අර පිටිපස්සේ තියෙන අට්ටාලේ මොකක් ද?

දැන් ඔන්න පාළම ඇඳට පස්සේ හිතුනා අර කුමාරිව හිරකරල තියෙන දුෂ්ටයාගේ මාළිගාව වගේ එකක් අඳින්න ඕනේ කියල.. ඉන්ටර්නෙට් එකේ එහෙම එකක් හෙව්වට හරි ගියේ නෑ.. ඕනේ වෙඩිමක් කියල ඇඳපු මාළිගාව තමයි ඔය අට්ටාලේ වගේ පෙන්නේ...

එතකොට අර එක පැත්තක් කහපාට ගාලා  ගම කාලා තියෙන්නේ මොකද?

ඒ ඇවිල්ල ඉරබැස ගෙන යන සැන්දෑ ආලෝකය ගන්න ගිහින් නා ගත්ත අවස්තාවක්.. 

ඔය තරමින් වැඩේ එදා ක්ලෝස් කරලා සති 2 ට විතර පස්සේ  මේ තත්තෙන් ගොඩ දැම්මා..


තාම ඉතින් මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ...

අන්තිමට  බස්ටි නගා උපදෙස් දුන්න තවදුරටත් ඕකට හිතෙන හිතෙන ඒවා කරන්න ගියොත් ඕකේ ගන්න දෙයක් නැතිවෙනවා ඔය හොඳා කියල.. (මම කොහොම කලත් අවසන් තීරණය එන්නේ  එතනින් නිසා )
ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියල  ඊයේ මේ ආකාරයෙන් වැඩේ ඉවරයක් කරලා දැම්ම. 


පොටෝ එක අරන් පොඩ්ඩක් පොටෝෂොප් වලින් ඔටෝ කලර් බැලන්ස් කරල ගත්තම මෙන්න මේ වගේ එකක් තමා ඉතිරි උනේ.. හෙහ් හෙහ්


කරුණාකර නොතේරෙන තැන් ගැන ප්‍රශ්න ඇසීමෙන් වලකින්න.. ඒවා එසේ වී ඇත්තේ මන්දැයි මමද නොදනිමි. 

සබ්ජෙක්ට් එක දන්නා ඔබගේ උපදෙස් ලබා දීමට කාරුණික වන්න...   එය මාගේ ආතල් එක තව දියුණු කරගැනීමට මහත් පිටුවහලකි.

කවදා හෝ අඳින තවත් චිත්‍රයකින් නැවත හමුවෙමු..

36 comments:

  1. මං නං චිත්‍රවල දොස් දකින් චිත්‍ර ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ ඒ වුනාට මේක නම් ලස්සනයි. චිත්‍රයට වඩා වෙහෙසිලා තියනවා පිංතුරටික ගන්න නම් අර ස්ටූල් අට්ටාලයෙන් ඒක පේනවා අපට. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් නලින් අයියේ.. ඔය අට්ටාලේ උඩ තියන් තමයි චිත්‍රෙ ඇන්දේ.. අර සිරා චිත්‍ර කාරයෝ අඳින ලී ගැජට් එක වෙනුවට ඕක තමයි මම පාවිච්චි කලේ..

      Delete
  2. අනේ ශෝක් අයියේ,, ඔයා පියවරෙන් පියවර කියා කියා ෆොටෝ එකින් එක දාලා තියෙන නිසා ..මාලිගාවට යන පාර හරි කෙලින්ම මොකෝ ,,මේකේ තේරුමක් තියෙනව මටනම් ,,, ලස්සනයි ,ආයේ අදින්න ෆ්‍රී උනාම

    ReplyDelete
    Replies
    1. මාලිගාවට යන පාර මහින්ද මාමා කාපට් කලානේ නංගි ලඟදි එකයි.. හෙහ් හෙහ් හෙහ්

      ආයේ අඳින්න ඕනේ ඒක හරි ජොලි වැඩේ.. සම්භාව්‍ය නෑ මට හිතෙන එක අඳිනවා..

      Delete
  3. ලත්තනයි අයියෝ.. මැරෙන්න කලින් මාත් ඉගෙන ගන්න ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්න දෙයක් නෑ අයියෝ.. බඩු ටික ගත්තා ඇඳගෙන ඇඳගෙන ගියා.. මොකක් හරි එකක් ඇඳෙනවා. ඒක ෂුවර්.. ඊට පස්සේ ඒ ඇඳෙන එක පට්ට සිරානේ මම හෙන ආටිස්ට්නේ කියල ආතල් එකක් අරන් ඉන්නයි තියෙන්නේ.. මේ මම වගේ.. හෙහ් හෙහ්

      Delete
  4. අඩා මේක ලස්සනයිනේ. නිකන්ද කියන්නේ අපි වගේ අයි ටී ෆීල්ඩ් එකේ බුවාල මල්ටි ටැලන්ටඩ් කියල... නැද්ද මං අහන්නේ :D

    ReplyDelete
    Replies
    1. අනිවා.. උඹට කියන්න මට දැන් කෝඩ් අරහන්.. හිතේ දුක යන්නත් එක්ක මේවගේ ඒවා අඳිනකොට මාර ගතියක් තියෙන්නේ.. තියෙන මල්ටි ටැලන්ට් එකින් එක මතු වෙන්නේ කෝඩ් ලිවිල්ල ඇලජික් වුනහමද කොහෙද..

      Delete
    2. මගෙ විනෝදාංසෙ ෆොටොග්‍රැෆි. ඒත් කාලෙකින් කැමරාව අතටවත් ගන්න බැරි උනා. ටික දවසකට කලින් ලෙන්ස් එකේ ටිකක් ෆන්ගස් බැඳිලත් තිබුනා :(

      Delete
    3. මාත් පොටෝ අල්ලන වැඩේ කරනවා... මේකටත් ඉස්සර ඉඳන් හෙන ආසයි.. ඉතින් කරලා බැලුවා..

      Delete
  5. ලස්සනයි. චිත්‍ර වලට ඉතින් සීමා මායිම් නෑනේ. කාටවත් නීති දාන්න බෑ මේක මෙහෙම අඳින්න කියලා. තනිකරම සිතේ කල්පනාවක්. මටත් ආසාවක් තියෙනවා කැන්වසයක් මත අදින්න. හැබැයි මගේ වර්ණ සංකලනය නම් තාම එච්චර දියුණු නෑ. පැන්සලෙන් තමයි ගොඩක් වෙලාවට අදින්න කැමති.
    අවසාන වශයෙන් පොඩි විචාරයකුත් දෙන්නම්. ගඟ දෙපැත්තේ තියෙන වෙනසේ අමුතු හැඟීමක් තියෙනවා ගැබ් වෙලා තියෙනවා. ඒ වෙනස වර්ණ වලින් හොදට පෙන්නලා තියෙනවා. ඒ ඇරෙන්න මම වැඩියෙන්ම කැමති මුල්ම පිංතූරයේ තියෙන චිත්‍රයට. (මේ පාසල් විෂය නිර්දේශයෙන් පිටදී මම කරපු පළමු විචාරය හොදේ)

    ReplyDelete
    Replies
    1. මම ඔය මොකුත් දැනගෙන නෙවෙයි අඳින්නේ.. මගේ ඇහැට ලස්සනයි කියල හිතෙන පාට අරන් ගාල බලනවා.. ලොකු තියරි ඔලුවේ දාගත්තම මොකුත් කරන්න බෑ...

      මමත් ගොඩක් වෙලාවට පන්සලෙන් කුරුටු චිත්‍ර අඳිනවා.. මේකත් කරලා බැලුවා..

      විචාරේට ස්තුතියි..

      Delete
  6. මම නම් චිත්‍රය කොම වුනත් නිදහසේ ඒක දිහා බලාගෙන ඉදලා රසවිදින්න කැමතියි.. මේකත් ඒ වගේ ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මමත් චිත්‍ර බලන්නේ එහෙම තමා.. මේකේ අඩුපාඩු ගොඩයි.. අගය කිරීම ගැන ස්තුතියි..

      Delete
  7. මේ වගේ චිත්තරයක් මං ගිය සතියේ කොතන හරි දැක්ක නේ. උඹ ඔය සල්ලි වලට ගත්ත එකක් නෙමෙයි නේ..හැක් හැක්.. අඩේ මාත් එහෙමයි මාතලං වගේ මැාරන්න කලින් කෝම හරි එකක් අදින්න ඕන..

    ReplyDelete
    Replies
    1. ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ දැම්මේ බ්ලොග් වල දාන පොටෝ වල කොපි රයිට් ඉසුස් කියන්නේ සිය දිවි නසාගන්න තරම් බරපතල ප්‍රශ්න නිසා හැක් හැක් හැක්..

      අනිවා හෙට මැරෙයි කියල හිතල අදම එකක් ඇඳලා දාන්න..

      Delete
    2. මහාචාර්ය මාතලන් සහ දේශක යන දෙදෙනාගේ අතින් නිම වෙච්ච චිත්‍රයක් දකින්න අපේ ඇස් පවුකර නොතිබේවා :D

      Delete
  8. ඔය තියන්නෙ. කෑවයැ. :)

    මට හිතුනෙ අර පාලමයි අනෙක් අට්ටලෙයි අඳින්නෙ නැතුව //ඔය තියෙන්නේ මගේ ටෙම්පරි ඉසෙල් එක.// කියන තැනට උඩින් තියන එකෙන් නතර කලා නම් වඩාත් ලස්සනයි කියලයි.

    ReplyDelete
    Replies
    1. චන්දනට කියන්න චන්දන බස්ටි නංගි කට කැඩේනකම් කිව්වා වැඩිය විකාර අඳින්නේ නැතුව ඔය ගානින් ඉවර කරන්න කියල.. හෙහ් හෙහ්.. මම ඉතින් බක පණ්ඩිතයනේ..

      Delete
  9. පැබ්ලෝ පිකාසෝත් කියලා තියෙනවා නෙව "මම අඳින්නේ මා දකින දේ නොව මා දනිකෙ දෙයින් මට හැඟෙන දේ" කියලා.
    ලස්සන දිය සායම් සිතුවමක්.. මට මේක දැක්කහම මතක් වෙන්නෙම භද්‍රජි මහින්ද ජයතිලකයන්ව... ඔහුත් සෑහෙන දක්ෂ දිය සායම් සිත්තරෙක් !

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු... උඹට පිකාසෝ මතක් උනාද මේක දැකල.. මම හිතුවේ නෑනේ පිකාසෝට මෙච්චර කචල් කියල.. හෙහ් හෙහ්..

      Delete
    2. පිකාසෝව නෙමේ.. භද්‍රජී ව !!!

      පිකාසෝ කියපු දෙයක් මම කිව්වේ :)

      Delete
    3. මම භද්‍රජි ගේ චිත්‍ර දැකල නෑනේ... ඇත්තටම ලංකාවේ ඉන්න දක්ෂ චිත්‍ර ශිල්පීන් ගැන දන්නෙම නැති තරම්... ජෝජ් කිට් ගැනයි, සෝලියස් මෙන්ඩිස් ගැනයි තමයි දන්නේ.. එකත් ඉස්කෝලේ උගන්නපු නිසා.. හොයල බලන්න ඕනේ.

      Delete
  10. මේ චිත්‍රෙ එක පැත්තකින් බැලුවම පොඩි 3 ඩී ගතියක් තියෙනව වගේ. පාලමට යටිං සුදුපාට පැත්තට පොඩ්ඩක් වැඩියෙං බර කරල බැලුවම පේන්නෙ නිකං උමගක් තියෙනව වගේ. කොහොම උනත් නිර්මාණය ලස්සනයි.

    අම්මප මාත් අවුරුදු 11 ක් චිත්‍ර කළාට මෙලෝ දෙයක් ඇඳගන්න බැරි උනානෙ. අර කලින් මාතයි, දේශකයයි කියල තියෙනව වගේ මැරෙන්න කලින් එකක් ඇඳල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියනව වාගෙම වේගෙන් චිත්‍රත් ඇඳපන්.

      Delete
    2. කෝ බලන්න පාලම යට... හෙහ් හෙහ් එක ඇහැක් වහලද බැලුවේ...

      මමත් අවුරුදු 11ක් චිත්‍ර කරලා තව 22ක් විතර නිකන් ඉඳල ඇඳපු පලවෙනි චිත්‍රෙ තමා මේ..

      ඔන්න ඔහේ ඇඳලා දාන්න.. හැලප කඩේ මාමා කියනවා වගේ බ්ලොග් ලියන වේගෙන් ඇඳගෙන ගියොත් තව අවුරුදු 5-6කින් හරි එකක් ගොඩ දාගන්න පුළුවන්..

      Delete
  11. Pathum, Kohenda onekarana badu tika gaththe? Puluwannam mata shop eke address denna. Thama mata hoda thanak hamba une ne. Thanks.

    ReplyDelete
    Replies
    1. පිටකොටුවේ බලහං.. බඩුවක් ගත්තෑකි.

      Delete
    2. ඇනෝ, ලංකාවේ කඩ ගැනනම් මම දන්නේ නෑ.. මම මේවා ගත්තේ ලංකාවෙන් නෙවෙයි.. ඔයා කොහේ ද ඉන්නේ?

      ඔය අනිත් ඇනෝ කියනවා වගේ පිටකොටුවෙන් නම් ඕනේ බඩුවක් ගන්න පුළුවන්.. නිකමට ගිහින් බලන්න..

      Delete
  12. පැතුම්...අගය කරනවා උත්සාහය. මම අදටත් ලෝකයේ විශිෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් වන සූසන් ක්‍රෝෆර්ඩ් මහත්මියට සේවය කර තිබෙනවා බොහෝ කාලයක සිට. ඇයගේ දියනිය ජෙමා ෆිෆ්ස්. ඇයත් එසේමයි. මම ඒ ගැන පසුව ලියනවා. ඔවුන්ගේ මහා නිර්මාන මම පෝර්ට්‍රේට් අයුරින් දැක තිබෙනවා. ඒ ගැන පසුව කතා කරමු. සූසන් මැතිනිය මේ වනවිට මටත් වඩා වයසින් වැඩි වුනත් අඩි හයයි පහේ පෝට්‍රේට් චිත්‍රයක් නිර්මානය කරමින් සිටිනවා.

    පටන් ගත්ත දේ නිවැරදිව කර ගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. මටත් ආසයි එවැනි දක්ෂ ශිලිපින් ව ඇසුරු කරන්න.. බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්..

      ඔවුන් ගැන හොඳ පොස්ට් එකක් ලියල දාන්න..

      මම ඉතින් තව කොච්චර කාලයක් මේක කරයි ද දන්නේ නෑ.. හෙහ් හෙහ්.. ගොඩක් වෙලාවට අනිත් දේවල් නිසා මේ වගේ දේවල් යටපත් වෙලා යනවා.. මෙහෙ ඉන්න කාලේ ටිකක් ෆ්‍රී නිසා සමහරවිට ටික කාලයක් කරන්න පුළුවන් වෙයි..

      ඔබගේ උනන්දු කිරීමට බොහොම ස්තුතියි..

      Delete
  13. ඔය තියෙන්නෙ එලකිරි වගේ.. අපිටත් බිත්තියෙ ගහන්න එකක් ඉල්ලාගන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. කොහොමත් තව ටික දවසකින් මේවා එල්ලන්න තැනක් නැති වෙන සේයාවක් තියෙන්නේ.. හෙහ් හෙහ්.. අස් කරනකොට ඉස්සෙල්ලාම මුළුවලට යන්නේ මේවනෙ..

      Delete
  14. හරි CNY ඉවරයි..... දැන් ආයෙත් චිත්‍ර පැත්තකට දාලා කී බෝඩ් එක ලග වාඩි වෙයල්ලා..............

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් හරි රායාව එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නව... හෙහ් හෙහ්

      Delete
  15. අන්තර්ජාලයේ තෙල් සායම් කළාව.... චිත්‍ර කළාව ගැන නොදතත්, ලකුණුක් නොදී යන්නේ කොහොමද!

    ReplyDelete