Sunday, August 04, 2013

My Life Is So Much More Interesting Inside My Head

මේක මට ඉස්සර ඉඳලම තියෙන ලෙඩක්.. ඒ කියන්නේ යථාර්තයට වඩා ෆැන්ටසියට කැමති වීම ... ඔය ෆැන්ටසිය ඇතුලේ මම බොහෝ දේවල් කරලා තියෙනවා... තාමත් කරනවා කොටින්ම මේ දැනුත් මේක ලියන්නේ ඔය ෆැන්ටසිය අස්සේ ඉඳන් ... මට විතරක් නෙවෙයි අපි හැමෝටම මේ ලෙඩේ තියෙනවා කියල මම හිතන්නේ .  එකම දේ අපි ලොකු වෙන්න වෙන්න අපි ඒ ෆැන්ටසි ලෝකෙන් ඈත් වෙනවා .. මේ ෆැන්ටසි ලෝකේ ජිවත් වෙන්න තියෙන කැමැත්ත ලස්සනට  විග්‍රහ වෙච්ච තනි වාක්‍යක් මේ මාතෘකාව.

 මම මේක මුලින්ම දැක්කේ මම කලින් වැඩ කරපු තැන හිටපු මල්ලි කෙනෙක්ගේ ස්කයිප් ස්ටේටස් එක විදියට . උට ටිකක් මොලේ කචල් ... හැබැයි මු මේ ස්ටේටස් එක දාපු වෙලාවේ මට හිතුන යකෝ මුට වැඩිය මට කචල් නේ කියල.. හි හි .. 

ෆැන්ටසියට වඩා යතාර්ථය දකින්න කියල තමයි අපිට හැමෝම උගන්වන්නේ... අපි යතාර්ථය කියල දකින්නේ ඇත්තද? නැත්නම් සමාජය විසින් අපිට ඇත්ත කියල දකින්න සලස්සපු තවත් ෆැන්ටසියක් ද?  

මේ ලෝකේ රිද්මය හරියට හදුනාගත්ත මිනිස්සු කාලෙන් කාලෙට බිහිවෙනවා. ඔවුන් ඒ රිද්මය එක එක විදියට පාවිච්චි කරලා බොහොම අපුරු ෆැන්ටසි නිර්මාණය කරනවා .. හොඳ සහ නරක දෙකටම..  ඔය අතරින් අපි වගේ හුදී ජනයා තම තමන් කැමති ෆැන්ටසි තොරගෙන් ඒවා ඇතුලේ ජිවත් වෙනවා.

ගොඩක් වෙලාවට අපි අපේ ෆැන්ටසි ලෝකෙට හිර වුනාම අපිට අනිත් කෙනාගේ ෆැන්ටසිය පෙන්නේ නෑ .. මට වගේ වෙලා තියෙන්නේ දේශපාලනය,ආර්ථිකය,සමාජ ප්‍රශ්න වගේ ෆැන්ටසි එච්චර පෙන්නේ නෑ .. මට පෙන්නේ හඳට යන සින්, ඒලියන් සීන්, ඊට පස්සේ ඔය හයි ටෙක් සීන් සහ සුරංගනා කතා වගේ දේවල් තමයි..  තවත් කෙනෙකුට කලාව සංගීතය වගේ ෆැන්ටසි ඇති .. මහ පොළොව සමඟ ගැටී වැඩ කරන ගොවියා,කම්කරුවා ගේ ෆැන්ටසිය ඔය හැම එකටම වඩා වෙනස් ඇති... ආගම ෆැන්ටසියක් කරගත්ත අයට ඔය අනිත් ෆැන්ටසි හැම එකටම වඩා වෙනස් ලෝකයක් පේනවා ඇති ..

හැබැයි සංවේදී කම සහ මානුෂික හැඟීම්  වල වෙනසක් මේ ෆැන්ටසි වෙනස නිසා සිද්ද වෙනවද? හිතන්න ඕනේ දෙයක්..

තමන් ජිවත් වෙන ෆැන්ටසියට අදාළව  බොහොම  වැදගත් දේවල් මේ ලෝකෙට කරපු මිනිස්සු ඉන්නවා ... අරගලයේදී මියයන පිඩිතයා  සහ අභ්‍යවකාශය ජයගත් අභ්‍යවකාශගමියා දක්වා තමන් දකින ඒ ෆැන්ටසිය නිසා ලෝකයට යම් මෙහෙයක් කරන මිනිසුන් ඉන්නවා.. වඩා වැදගත් වන්නේ කවුරුන් කළ  මෙහෙයද කියන එක අවසානයේ තම තමන් ජිවත් වෙන ෆැන්ටසියට සාපේක්ෂයි ... 

සමාජ ප්‍රශ්න නිසා එකිනෙකා ජිවත් වෙන්න කැමති ෆැන්ටසි කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. හැබැයි හිත යටින් තියෙනවා අපි ඇත්තටම ආස කරන ෆැන්ටසිය .. අපිට අපි ආස කරන ෆැන්ටසියට යන්න බොහෝ වෙලාවට ඉඩක් ලැබෙන්නේ නෑ .. සමාජය කියන ෆැන්ටසි ජෙනරේටරය කාලෙන් කාලෙට අපිව එක එක ෆැන්ටසි වල හිර කරන නිසා.  

හැබැයි පොඩි කාලේ තමන්ගේ හිතට කාවදින ෆැන්ටසිය තුල අපිව හැමදාම ජිවත්කරවන සුළු ස්භාවයක් මේ විශ්වයේ තියෙනවා. අපි එක හරියට දකින්න ඕනේ ..අනිත් ෆැන්ටසි වලට හිර නොවී තමන් ආස කරන දේ වෙනුවෙන් යන මිනිස්සු  අවසානයේ ඒවා තුලින් අපූරු දේවල් කරන්නේ ඒ නිසා වෙන්න ඇති ...

මට හිතෙන්නේ මේ ෆැන්ටසි අප තුල මුලින්ම වපුරන්නේ අප කියවන පොත පත. පොත් පත් නොකියපු අය තමන්ට සහජයෙන් උරුම වන හෝ ජිවත් වන සමාජය විසින් තල්ලු කරන ෆැන්ටසි වල ජිවත් වෙනවා. සමහරවිට දැන් දැන් වෙන වෙන දේ වලිනුත් පොඩි උන් ෆැන්ටසි හදාගන්නවා ඇති .. 

මට හිතෙනවා අපිට අපි ජිවත් වෙන ෆැන්ටසිය හරියට අඳුන ගන්න පුළුවන් නම් මේ ලෝකය වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් කියල. සැරෙන් සැරේ එක එක ෆැන්ටසි වලට හිර වෙන්නේ නැතුව..
  
අප ජිවත් වන ෆැන්ටසි සියල්ලෙන්ම තොර වූ එක්තරා නිර්මල ස්භාවයක් මේ විශ්වයේ පවතිනවා... තමන් ජිවත් වූ ෆැන්ටසිය අවබෝධයෙන් යුතුව ගෙවා නිම කරලා අවසානයේ සියලුම ෆැන්ටසි යනු මායාවක් පමණයි කියල දකින මිනිස්සු අවසානයේ අන්න ඒ නිර්මල ස්භාවයට පත්වෙනවා. ඒක ෆැන්ටසි  වලින් ස්වයක්තයි ඒ කියන්නේ ෆැන්ටසි ඉන්ඩිපෙන්ඩන්ට්..  

කොහොම හරි ඉතින් ඒ කුමාරයා මකරව  මරල කුමාරිව බේරගත්තලු .. ඊට පස්සේ ඒ කුමාරයයි කුමාරියි බොහොම සතුටින් ජිවත් වුනාලු.. අම්මට හුඩු වැලිවේරියේ දෙන්නෙක් මරලා නේද වතුර ඉල්ලලා උද්ගෝෂණ කරලා.. අනේ අම්මප මේ ආණ්ඩුවනම් .. !

18 comments:

  1. කියවනකොට මාර ෆැන්ටසියක් පැතුම්.

    "අම්මට හුඩු වැලිවේරියේ දෙන්නෙක් මරලා නේද වතුර ඉල්ලලා උද්ගෝෂණ කරලා.. අනේ අම්මප මේ ආණ්ඩුවනම් .. !"

    ReplyDelete
    Replies
    1. මට තාම මගේ ෆැන්ටසියෙන් එලියට එන්න හිතෙන්නේ නැත්තේ.. එක ගොඩක් ජොලි නිසා ..හැබැයි දුක්විඳින ෆැන්ටසිත් තියෙනවා කියල හිතෙනකොට හරි දුකයි ...

      Delete
  2. ජනතා විදිහට අපි ඉන්නේ ෆැන්ටසියක තමයි...නිකැළැල්,නිර්මල ,ජනතාවාදී ආණ්ඩුවක් විසින් රට පාලනය කරනවා කියන ෆැන්ටසිය ...ලොකුතැන් වෙඩි තියෙන කන් ඒ ගැන හාංකවිසියක්වත් දැනන් හිටියේ නැහැ ,දැනන් හිටියටම් කීයටවත් කරන්න දෙන්නේ නැහැ කියලා හිතන ෆැන්ටසිය...

    ReplyDelete
    Replies
    1. වෙඩි තිබ්බම වෙඩි වදින්නේ නෑ .. මිනිස්සු මැරෙන්නේ නෑ කියල හිතන ෆැන්ටසි වලත් පොරවල් ඉන්නව වගේ..

      Delete
  3. මේ දූපත් මානසිකත්වයෙන් අප මිදෙන තුරාවට ෆැන්ටසිවලම තමා පැතුම්.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ දුපත් මානසිකත්වය කියන එක නිසා අපි එක විදියේ ෆැන්ටසි කිපයකට විතරක් හිරවෙලා ඉන්නවා.. තවත් අඹ ගස් තියෙන බව හිතන්න අපිට බැරි තරමටම අපි ඒවායේ හිර වෙලා කියල තමයි මගේ අදහස... දුපතෙන් එලියට ආව කියල මිනිස්සු ෆැන්ටසි වලට හිර වෙන එක නම් වලක්වන්න බෑ ...

      Delete
  4. වෙලාවකට මේ වෙන දෙවල් එක්ක මේවා දැක්කෙ නෑ ඇහුනේ නෑ වගේ අපේම ෆැන්ටසියක ජීවත් වෙන්න තියනවනම් ලොකු දෙයක් එක අතකින්

    ReplyDelete
    Replies
    1. අපි බහුතරයක් ඕව දැක්ක ඇහුන කියල කාටවත් වැඩක් වෙන දෙයක් කරන්නේ නෑනේ .. ඔහේ තැන තැන කියව කියව ඉන්නවා විතරයි.. අන්තිමට කාටවත් වැඩක් නෑ ... එහෙම ඉන්නවට නම් වඩා දහස් ගුණයක් හොඳයි ටිකක් නිර්මානශීලි ෆැන්ටසියක හිර වෙලා රටට ලෝකෙට කඩල මුරුක්කු ටිකක් විකුණන එක ...

      Delete
  5. අවස්ථාවක් ලද හොත් Tim Burton නිෂ්පාදනයක් වන The Big Fish (2003) චිත්‍රපටිය නරඹන්න. ඔබේ සටහනේ තේමාව ඉතා රසවත් ලෙසින් ඉදිරිපත් කරන්නකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. බාන්න දැම්ම.. එක බලල තව මොකක් හරි බයිලාවක් ලියන්නම්.. හි හි..

      Delete
  6. අපිත් මේ fb photo අලුත් කර කර, දැකල නැති උනට හායි කිය කිය එතනත් ගොඩ නැගෙන්නේ ෆැන්ටසියක්ම නේද.?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ තමන්ගේ ජිවිතේ ඇත්තම ගමන යන විදිය නිසා තමයි ඔය විදියේ ෆැන්ටසියක් නිර්මාණය වෙන්නේ .. ඒ කියන්නේ ඔයා ලෝකය දකින කෝණය මොකක් ද කියන එකයි මම අදහස් කලේ .. එක අපි එදිනෙදා කරන පොඩි පොඩි දේවල් වලින් තීරණය කරන්න අමාරුයි...

      උදාහරනෙකට බිස්නස් කරන කෙනෙක් හැමවෙලේම හොයන්නේ සහ උත්සාහ කරන්නේ දියුණුව සහ ලාභය වැඩි කරන්න ... ඔහු ඉඳල හිටලා සමාජ සේවා,දාන මාන,විනෝද උත්සව,සමහරවිට රටට බොහොම වැදගත් ව්‍යපෘති උනත් කරන්න පුළුවන්.. හැබැයි ඒවා ඔක්කොම අර බිස්නස් කියන ෆැන්ටසිය ඇතුලේ ඉන්නකොට තාව කාලිකව අපි පොඩ්ඩක් යොමු වෙන වෙනත් ෆැන්ටසි විතරයි..

      මේක සීරියස් දෙයක් නෙවෙයි.. අපි එදිනෙදා දකින ජිවිතේ තමයි .. එකිනෙකා ඉතින් තම තම දක්ෂතා උගත් කම් අනුව එක එක මත දරාගෙන ජිවත් වෙනවා.. තමන්ගේ මතය වෙනුවෙන් වැඩ කරනවා .. ඉතින් ඔය සමස්තයම ගත්තම ෆැන්ටසි ගොඩක් විදියට හිතල තමයි මං මේක ලිව්වේ ..

      ෆැන්ටසි වලින් තොරව ලෝකය දිහා බලන්න අපි අපේ හිත සැහෙන්න සියුම් කරගන්න ඕනේ ... එකට ඉතින් මුලින්ම තමන් ඉන්න ෆැන්ටසිය හරියට අඳුර ගන්න ඕනේ ... ඒකියන්නේ අන්තිමට තමාව හරියට අඳුර ගන්න එක... මම නැති කරන්න කලින් මම අඳුනගන්න ඕනේ නේ....

      Delete
  7. මොනවා !! මෙන්න පැතුම් සැබෑ ලෝකෙ එකක් දැකලා !!! හරි පුදුමයි.. . පිට ඉඳන් බලන හින්දද මන්දා රටේ එකක් දැකලා.

    ReplyDelete
    Replies
    1. මිස්ට සරත් අය්යා මහතා, ඔය දකින සැබෑ ලෝකය කියන එකත් මට පෙන්නේ තවත් ෆැන්ටසියක් විදියට.. එකයි මම මගේ ෆැන්ටසිය ඇතුලට වෙලා ඉන්නේ .. මට ඕකට ඇවිල්ල කරන්න දෙයක් තාම නෑ .. කල වයස හරි ගියාම බලමු ෆැන්ටසි මාරුවක් දාන්න ... හැබැයි මම හිතන්නේ නෑ .. ;)

      Delete
  8. Replies
    1. මොඩර්න් විදියට තමයි මම ඔය කිව්වේ .. :)

      Delete
  9. මේ වගේ දේවල් සිද්ද වෙද්දී තමයි මිනිහෙකුට ෆැන්ටසියක තනි වෙන්න පුළුවන් කමක වටිනාකම දැනෙන්නේ. අඩු තරමේ සුළු මොහොතකට හරි ලේ නරක් වෙන එක වැළකෙනවා

    ReplyDelete
  10. ඇමරිකානු ෆැන්ටසි කතා නිර්මාණකරුවෙකු වන Lloyd Alexander මෙන්න මෙහෙම කියනවා: “Fantasy is hardly an escape from reality. It's a way of understanding it.”

    යථාර්ථයේ පීඩාකාරී බව දරාගන්න බැරිවුණාම මනස නිදහස් කරගන්න ෆැන්ටසියක් ඇතුළේ අතරමං වීම අපි කරන දෙයක් තමයි. ඒත් අපි නොදැනුවත්වම ඒ ඇතුළෙන් අපි හොයාගන්නවා යථාර්ථයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය. මට මතක් වෙන හොඳම උදාහරණය A Song of Ice and Fire කතා මාලාවේ Tyrion Lannister ගේ චරිතය. "Never forget what you are, for surely the world will not. Make it your strength. Then it can never be your weakness. Armor yourself in it, and it will never be used to hurt you."

    ReplyDelete