Wednesday, November 09, 2011

මගේ Star Gate බැලීම...

මේක මම බලන්න අරන් දැන් අවුරුදු 4ක් විතර ඇති.. සීසන් 5ක් විතර බලල අවුරුදු 2ක් විතර නොබල හිටියා.. මොකද ඔක්කොම කොටස් ටික නැති කම සහ එක එක වැඩ නිසා... දැන්  SG 1 සීසන් 10ටම අදාළ කොටස් සහ Star Gate Atlantis, Star Gate Universe ඇතුළු මෙතෙක් මේ සම්බන්ධව නිපද වූ සියළු කතා එකම වහලක් යටින් ගන්න පුළුවන් විදියට මට ලැබිල තියෙනවා.. අපේ අමිල මල්ලිට පිං සිද්ද වෙන්න... 

මේක හෙන පරණ කතාවක් නිසා දැන් කාලේ අය (ඒ කියන්නෙ හෙනම උන නැති අය වගේ අය) වැඩිය බලන්නෙ නැති කතා මාලාවක්... ඉඳල හිටල කෙනෙක් තමා මට නම් සෙට් වෙන්නේ මේකට කැමති...

කතාව ගැන සරලව කිව්වොත් පුරාවිද්‍යා කැනීමකින් හොයා ගන්න  Star Gate නමින් හඳුන්වන උපකරණයක් මඟින් විශ්වයේ තියෙන විවිධාකාරයේ ග්‍රහලෝක වලට ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ගමන් කිරීමට හැකියාව ලබන මිනිස් කණ්ඩායමක් සහ ඔවුන්ට හමුවන විවිධාකාර ජීවකොටස් අතර සිදුවන සිද්දි මාලාවක් තමා කතාව පුරාම තියෙන්නෙ... ඒ කියන්නේ මේකේ තනිකරම තියෙන්නෙ දැනට අපි දන්න දේවල්වලට අනුව නම් හෙනම බොරු ගොඩක්... 

හැබැයි ඕනෑම මොහොතක ඇත්ත වෙන්න පුළුවන් බොරු ගොඩක් (මේ මට හිතෙන හැටි)... ඒ කියන්නේ මම අර I Want to Believe ජාතියේ කෙනෙක්...

1994 පටන් අරන් 2011 වෙනකම් අවුරුදු 17ක් තිස්සේ එක එක විදියට මේ කතා මාලාව හැදිල තියෙනවා..2011 න් පස්සේ නම් ස්තීරෙටම ආයේ මොකුත් හදන්නෙ නෑ කියල හදපු අය කියල තියෙනවා.. මොකද රේටින්ස් අඩුයි කියල...

මේ දැනුත් එකෙක් චැට් එකට ඇවිල්ල චාටර් එකක් දාල ගියා පරණ චාටර් කතා බල බල ඉන්නෙ නැතුව අලුත් එකක් බලපන් කියල... හික්... මේක ලියල දාන්න හිතුනේ ඒකයි... මම ම හිතුව මොකෝ මේ පරණ කතාවක් නිදිමරාගෙන බලන්නේ කියල... 

මේක ඇතුලේ තියෙනවා ෆැන්ටසි වල යන්න පුළුවන් උපරිම සීමාවටම වගේ තියෙන අදහස් ගොඩක්... ඒ කියන්නේ පට්ටපල් බොරු..නැත්නම් ගජබින්න ලෙවල් එකේ කතා.. හැබැයි ඒ හැම බොරුවම අපි අදවෙනකම් දන්න විද්‍යාවෙන් පැහැදිලි වෙන විදියට මේක හදල තියෙනවා..

ඒ කියන්නේ ඕනේ බොරුවක් විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්... සරලව කිව්වොත් විද්‍යාව බොරුවක් වෙන්න පුළුවන් කියන එක ලස්සනට මේක ඇතුලෙන් පැහැදිලි වෙනව... සරල ගනයේ යුද්ධ, ආයුධ,අන්තර්ග්‍රහලෝක දේශපාලනය වගේ හුදී ජනයාට හරියන විදියේ කතා ඇතුළේ අර වගේ විජ්ජා කෑලී හෙන ගොඩක් ලස්සනට ගලපල තියෙනවා..

විද්‍යාවයි බොරුවයි ඇරුනම මේකේ මොනවද තියෙන්නේ...

18ට වැඩි කෑලී නෑ... (එකම එකක් ද කොහෙද සීසන් 1 හෝ 2 වල තිබ්බා)

බොහෝම සියුම් විදියට අපි වන්දනා කරන බෞද්ධ දර්ශනය ඔවුන් මේ කතා මාලාව පුරාම ගෙනියනවා... ඒක හැබැයි තනිකරම ආගමකින් තොරව මනුෂ්‍යත්වය පදනම් කරගෙන කතා මාලාව පුරාම තියෙනවා... ඒ කියන්නේ අපි වඳින දේ ඔවුන් නිර්මාණශිලීව මිනිසුන් අතරට ගෙන යනවා... 

බොහෝම හොඳ මානුෂික ගුණාංග, උත්සාහය, කැපවීම, මොලෙන් වැඩ ගැනීම,ස්තානෝචිත මොලේ වගේ අපි දන්න බොහෝ දේවල් නිර්මාණශීලීව හදල තියෙනවා...අපි ඒව දන්නව විතරනේ... 

ඊටපස්සේ හාස්‍ය කියන එකත් හරි සියුම් විදියට කතාව පුරාම තියෙනවා...

ඔන්න ඔය කියන බොහෝ දේ සහ ඉස්සර කාටූන් වල දැක්ක ෆැන්ටසි අදහස් ඇත්ත වගේ හදල තියෙන එක තමා මම මේක බලන්න තියෙන ප්‍රධානම හේතුව...

ගොඩක් ඉංග්‍රීසි කතා මාලාවල් මේ කාලේ අය අතර ජනප්‍රිය වෙන්න හේතුව ඒ හැම එකකම මිනිස් හැඟීම් බොහෝම සියුම්ව  අපේ හිත් වලට කාවදින විදියට ඉදිරිපත් කිරීම වෙන්න ඇති... ඒ කියනේ මිනිස්සුන්ට පොත පතින්, ආගමෙන් නොදැනෙන සංවේදී කමක් තමා සහ අන් අය ගැන සිතිය යුතු දේ ගැන ඉන්ඩිරෙක්ට් විදියට ඉදිරිපත් කිරීම ගොඩක් කතා වලින් වෙනවා...(මම නම් බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා)

කොහොමත් තව වැඩිම උනොත් තව අවුරුද්දක් 2ක් මෙව්ව බල බල ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි... තාම මාස 6 නේ... ඊට පස්සේ 2-3-4 වුනොත් එහෙම මෙව්ව බල බල ඉන්න වෙන්නෙ නෑනේ.. ආයේ ඉතින් අර මම හැමදාම කැමති පැන්ෂන් ජීවිතේදි තමා ඉතින් මොකක් හරි බලා ගත්තොත්... හික්.. එච්චර කල් නම් අල්ලල හිටින එකක් නෑ.. 

ඊට කලින්... අනේ ඔය කවුරු හරි පුරා විජ්ජා මහත්තයෙක් මේ වගේ Star Gate එකක් හොයා ගනීවා කියල තමා මගේ නම් පැතුම...















5 comments:

  1. Stargate witarak nemey, TV series godakma balanna puluwan web site ekak tamay me.....
    http://www.free-tv-video-online.me/internet/
    meken me weddi North America wala yana hama tv series ekakma uoload una gaman balanna puluwan, download karanna oneth na.....
    Nandika

    ReplyDelete
  2. http://www.gettvfreak.com/p/download-tv-freak.html
    ඕනම TV Show එකක් ලේසියෙන්ම බලන්න මේ පොඩි software එක බාගන්න, මෙක ලංකාවෙ අපේ එකෙකුගෙ වැඩක්

    ReplyDelete
  3. thanx macho article ekata....mamath henama asaama TV series ekak thamai Star Gate... (24 TV series okkoma man download karagena thiyenava)...ane macho puluvannam link ekak deepanko torrent valin baaganna puluvan Start Gate Series okkoma..

    ReplyDelete
  4. Man Stargate was one of my favourites. Watched all the seasons. I remember me reading the Stargate episode scripts on gateworld because I couldn't wait until the video become available.

    They kind of lost me with universe. It had too many fillers and less intense episodes at the beginning of each season. But still watched and read the script till it got canceled.

    Ah and the SG movies too :)

    ReplyDelete
  5. ඔවුව දාන්න එපා බොල . . දුකයි . . . මං ඉන්න දිහෑ 1GB ලිමිට් එකට කනෙක්ශන් එකක් ගන්න ගියත් USD 100ක් බං . . . . ඉතිං කොහෙ බාන්නද ඕව . . .

    ReplyDelete