අපිට කේන්ති යන්නේ,එපා වෙන්නේ, අල්ලන්නැත්තේ,යකා නගින්නේ,මඟ හරින්න හිතෙන්නෙ, අපේ පාඩුවේ ඉන්න හිතෙන්නේ වගේ දේවල් හිතෙන්නේ ඇයි?
උත්තරය හරිම සරලයි.. අපිට ආස්සරේ කරන්න සිද්ද වෙන අයගේ තියෙන වැරදි නිසා...
අපි වනාහී සිරාම පොරවල් ය... අපි වැරදි කරන්නේ නැත.. අපේ හිත් හරිම පිරිසිදුයි... අපි හරි අහිංසකයි..අපිට තියෙන්නෙ පුංචි පුංචි ආසාවල්... අපි කරන කිසිම දේකින් කාගෙවත් හිත් රිදෙන්නෙ නැත. බැරි වෙලාවත් කවුරු හරි අපේ වැඩක් නිසා අප්සැට් වුණොත් එහෙම වෙන්නේ ඒ ඒ අයගේ ඇති අවුල් නිසා මිසක් අපේ වැරද්දක් නිසා නොවේය... අපි දාන එක එක මෝඩ පාට් හුදෙක් ජොලියටම මිස අපේ ඇති මහන්තත්වය හෝ පොරබිලිටිය නිසා නොවේය. අපිට ඔය මහන්තත්වය ගෑවිලාවත් නැත.. අපි අපේ පාඩුවේ ඉන්න අය...
අපි කාටවත් සෙකන්ඩ් විය යුතු ද?
උත්තරය සිම්පල්... අපි එහෙම සෙකන්ඩ් විය යුතු නැත.. මොකද අපි ඉහත කී ආකාරයේ අය නිසාය..
අපි අපේ පාඩුවේ කාටවත් සෙකන්ඩ් නොවී ඉන්නකොට අපිට ඉහත පළමු ප්‍රශ්නය ආකාරයේ ප්‍රශ්න ඇති වන්නේ ඇයි?
උත්තරය ඉතා සරලයි... අපිට ආස්සරේ කරන්න සිද්ද වෙන අයගේ තියෙන වැරදි නිසා තමයි ඔක්කොම
අපි වැරදි කරන්නේම නැද්ද?
උත්තරය ඉතා සිම්පල් ... නෑ
අපි මොනවද එතකොට කරන්නේ?
මද විරාමයක්...
ඇත්ත වශයෙන්ම අපි හරිම සරල හොඳ මිනිස්සු...අපි අපේ පාඩුවේ වැඩක් කරගෙන ජීවත් වෙනව...අපිට ඉතින් ඔය ඉඳල හිටල පොඩ්ඩක් කේන්ති ගියාට, අපිට ඕනේ දේ ඕනේ විදියටම කර ගන්න පොඩ්ඩක් කෑ ගහල,බැනල හිටියට... අපි බලාපොරොත්තු වෙන දේ ඒ විදියටම වෙන්නෙ නැති වුණාම පොඩ්ඩක් දුක හිතුණට... අපිව කවුරු හරි ගණන් ගන්නේ නැතුව ඉන්න කොට ඌත් එක්ක පොඩ්ඩක් කේන්ති ගියාට... අනිත් අය කරන කරන දේ දැකල ඒවට ආස උනාට.. අපිත් ඒවා කොහොම හරි කරගන්න උත්සාහ කලාට.. එහෙම උත්සාහ කරන කොට පොඩි පොඩි අඩුපාඩු කම් වැරදි අපි අතින් උනාට..අපි ඉතින් බොහෝම සරලව අපේ පාඩුවේ ඉන්න මිනිස්සු... අපිත් එක්ක වටේ ඉන්න උන් තමයි ඔක්කොම පිස්සු කෙලින්නේ..
අනිත් මිනිස්සු පිස්සු කෙලියට අපිට මොකටද තද වෙන්නේ?
උත්තරය සරලයි...අපිට ඒව අල්ලන්නේ නෑනේ.... අපි අපේ පාඩුවේ ඉන්න මිනිස්සුනේ...අපි එහෙම පිස්සු කෙලින්නෙ නෑනේ..
අපි පිස්සු කෙලින්නෙම නැද්ද?
උත්තරය .. සිම්පල් ......මොන පිස්සුද... ජොලියට වගේ ඔය පොඩි වැරැද්දක් කලාට,ඉඳල හිටල පොරටෝක් එකක් දැම්මට... අපි පිස්සු කෙලින්නෙ නෑ... ඒවත් ඉතින් සුළු දේවල් නේ.. අනිත් එක කවුරුත් මොකද අපි කරන ඒවා නිසා කේන්ති ගන්නේ,තරහ වෙන්නෙ.. අපි හිතල කරන දේවල් නෙවෙයි නේ... ඒ ඉතින් අපේ හැටිනේ...ඕවා කවුද අනේ ගනන් ගන්නේ..
අපිට අනිත් අයත් එක්ක හොඳින් ඉන්නම බැරිද
උත්තරය ... කැපිටල්... එයාලා අපේ විදියට ඉන්නවනම් ඉතින් අවුලක් නෑ... ඒ කියන්නේ අපි වගේ සරලව සිම්පල්ව කිසි දෙයක් ගණන් ගන්නෙ නැතුව ඉන්නවනම් හරි.. බොරු ෂෝ දාන්නෙ නැතුව..මහන්තත්වේ නැතුව... පොර ටෝක් නැතුව ඉන්නවනම් හරි.... අපේ ඉතින් ඒවා නෑනේ.. අපි ඔය ඉඳල හිටල එහෙම දේවල් කලාට අනිත් මිනිස්සු එහෙම නෑනේ...
සාරාංශය
අපිට කේන්ති නොගෙන,එපා නොවී,අල්ලලා,යකා නොනැඟ,මඟ හරින්නෙ නැතුව සිටීමට ලෝකය අපේ විදියට වෙනස් විය යුතුය. ලෝකය වෙනස් වන තුරු අපට කිසිවක් ඒ සම්බන්ධයෙන් කිරීමට අපේ හිත ඉඩ නොදෙන බැවින්... අපි අපේ හිත කියන විදියට හිතට ඕනෑ දේ කරමින් ජීවත් වෙමු... මක් නිසාද යත් අපි අපේ පාඩුවේ සරලව ඉන්නා මිනිසුන් බැවිනි.
මාතෘකාව සහ ලියා ඇති හරුපයේ සම්බන්ධය ගැන නොසිතා ඔබේ වැඩක් බලා ගන්න. එය යථා කාලයේදී පැහැදිලි වනු ඇත.
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
19 hours ago
No comments:
Post a Comment