Thursday, June 09, 2011

අපේ ෆිල්ම් ෆෙස්ටිවල් එක

                                               අපි දෙන්න ෆිල්ම් ෆෙස්ටිවල් එකක් පටාන් ගත්තා (දෙන්න කිව්වේ මමයි මමයි). මෙච්චර දවසක් තනියම ෆිල්ම් බලපු එකේ දැන් දෙන්නත් එක්කම බලනවා. අපරාදේ කියන්න බෑ මේ වෙනකොට ෆිල්ම් 4ක් 5ක් අපි දෙන්න බැලුවා. අරම්භ කළේ  Water for Elephants බලල.  දන්න කියන මේ දවස් වල ජනප්‍රිය නලුවෝ දෙන්නෙක් ම(Robert Pattinson/Christoph Waltz) ඉන්න නිසා ගියා බලන්න. හැබැයි වැඩක් නෑ.. ඔන්න එකමත් එක රටක තිබිච්ච සර්කස් එකකට අහම්බෙන් සෙට් වෙන කොල්ලෙක් සර්කර් එකේ අයිතිකාරයගේ ගෑනිත් එක්ක පැනල ගිහින් බොහෝම සතුටින් ජීවත් වුණා ලු.. කියල එක වාක්‍යයෙකින් ෆිල්ම් එකම කියල දාන්න පුළුවන්. රොමෑන්ටික් එකක් වගේ නිසා ආරම්භ කරන්න හොඳයි නේ කියල බලන්න ගියා මගේ කැමතිම වර්ගෙ එකක් (Thor)අත ඇරල  පස්සේ අපරාදේ කියල හිතුණා. මොනව කරන්න ද ඉතින්. 
                                                           ඊට පස්සේ ගෙදර ඉඳන් බැලුවා The Patriot. ඒක නම් බැලුවට පාඩු නෑ වගේ. හින්දි ෆිල්ම් එකක් බලනවා වගේ පැය 3ක් විතර බලාගෙන ඉන්න පුළුවන්. හෙට අනිද්දා TransformersDark of the Moon  එනවයි කියන නිසා මම කතාව මතක් කරගන්නත් එක්ක Transformers එකයි Transformers: Revenge of the Fallen බලන්න පටන් ගත්තා. කොහොම හරි  Transformers එක මම තනියම බැලුවා Transformers: Revenge of the Fallen  එක පාන්දර 1 විතර වෙනකම් අපි දෙන්නම බැලුවා. 
                                                                         Transformers: Revenge of the Fallen එකේ තනිකරම තියෙන්නේ යකඩ ගොඩවල් හැප්පෙන එක නිසා පොඩි මනුස්ස ගතියක් එන්න කියල හිතාගෙන හින්දි ෆිල්ම් එකක් බැලුව (ඇත්තම කියනවනම් Jodhaa Akbar බලන්න දොල දුකක් වගේ එකක් හැදිල තිබුනා නේ එක්කෙනෙකුට...) හොඳ ටොරන්ට් එකක් හොයා ගන්න බයිස්කෝප් සයිට් එක පුරාම හෙව්ව තිබ්බේ නෑ.. පස්සෙ ගූග්ල් ලොක්කා හොයල දුන්න එක බාගෙන ගිහින් බලන්කොට එකේ සද්දෙයි රූපයි යන්නේ වෙන වෙන ම... ඊටත් පස්සේ යන යන පාරවල් දිගේම තිබුණ කඩවල් 60ක විතර හොයල හොයල අන්තිමට යාන්තම් Jodhaa Akbar  බලාගත්තා...
                                                            ඊළඟට බලන්නේ Taal ද  Gone in Sixty Seconds ද කියල තමයි මේ දවස් වල කම්පනා කර කර ඉන්නේ... අනේ අයියා අපි තාල් බලමු කිව්වම ඉතින් තීරණේ එනවා. කොහොම වුණත්  Pirates of the Caribbean: On Stranger Tides M.C එකට ආපූ ගමන් ගිහින් බලන්න මේ වෙනකොට එකඟතාවෙකට ඇවිල්ල ඉන්නේ... 












4 comments:

  1. නියමයි.. පුලුවන් නම් මේවත් බාගෙන බලන්න....

    Invictus, Persuit of Hapiness, Memento, The Blind Side, Forrest Gump, Peaceful Warrior, The Green Mile, The Terminal,

    comedy: hangover 1 and Hangover 2

    Hindi: Black, Paa, Parineeta,

    ReplyDelete
  2. බොහොම ස්තූතියි සමීර. මම Invictus, Persuit of Hapiness,Forrest Gump නම් බලල තියෙනවා. The Green Mile ලිස්ට් එකේ තියෙනවා අද හෙට බලන්න ඕනේ. අනිත් ටික හොයාගෙන බලන්නම්..

    ReplyDelete
  3. ඊරිසියයි බොල මේව කියවද්දි . . . . තව සෑහෙන කාලෙකට ‍ෆිල්ම් හෝල් එකකට ගිහිං ‍ෆිල්ම් එකක් බලන්න වෙන්නෙ නෑ (පැටිය පොඩී සහ මම කොහොමත්ම කැමති නෑ මෙලෝ හසරක් නොතේරෙන පොඩ්ඩෙක් එක්කං ගිහිං අනිත් මිනිස්සුන්ට ඇනයක් වෙන්න). . . . ඉතිං ටොරෙන්ට් දෙයියංගෙ පිහිටම තමා අපිට

    ReplyDelete
  4. මායි මායි දෙන්න තමයි ඔය ඕනෑම ෆිල්ම් එකක් බලන්න හොඳම යුගලය.. ඒ මොකද දෙන්නම එකඟයි.. එක්කෙනක් අනිත් එක්කෙනාට බලන්න කලින් කතාව කියන්නේ නැහැ.. එක්කෙනෙක් බලනකොට හෝල්ඩ් බට්න් එක ඔබල අනික ටොයිලට් ගිහින් පැය බාගයක් ඉන්නෙත් නැහැ...දෙන්නම කැමති එකම පානයට හින්ද ඒකත් බිබී කෂඩ කකා ජොලියේ බලතහැකි ..

    ReplyDelete