කරන රැකියාවේ වැඩ ටික හරියට කළ යුතුය.
වැඩි පඩියක් ලැබෙන අළුත් රැකියාවක සෙවිය යුතුය.
ඉන්ටර්විව් සඳහා පාඩම් කළ යුතුය.
අමතර ආදායමක් ලැබෙන වැඩ කළ යුතුය.
අනාගතය සඳහා ඉතිරි කළ යුතුය.
ෂොපින් යා යුතුය.
අවශ්‍ය දෙයට වියදම් කළ යුතුය.
ආස දේට වියදම් කළ යුතුය.
ට්‍රිප් යා යුතුය.
ලොකු ගෙයක් සෑදිය යුතුය.
මල් කැඩිය යුතුය.
ලොකු වෙඩිමක් ගත යුතුය.
බයික් එක සහ කාර් එක නඩත්තු කළ යුතුය.
වඩා හොඳ කාරයක් ගත යුතුය.
වැඩි දුර ඉගෙන ගත යුතුය.
තව ටිකක් පොෂ් විය යුතුය.
කොහේ හෝ රටකට යා යුතුය.
ගෙදර අය සතුටු කළ යුතුය.
නෑදෑයින් සතුටු කළ යුතුය.
මේ සියළු දේ ඇගේ සිත බිඳකුඳු නොරිදවා කළ යුතුය.
ඔයා මැරෙන්න නං එපා, හොඳේ!
-
හිමන්‍යා සියැසි කියන්නෙ චූටි දැරියක්. අවුරුදු හත වේගෙන එන්නේ. එයා මටත් හරිම
ආදරෙයි. කොච්චර ආදරේද කියනවා නං අබුඩාබියට ප්ලේන් එකෙන් යද්දිත් කෙල්ලට මාව
මතක්...
9 minutes ago
ඒ සියල්ලම අතැර දමා
ReplyDeleteලදදෙයින් සතුටුවිය යුතුය
මළ කෙලියයි. මටත් මෙවා දෙක තුනක් හැරෙන්නට අනිත් සේරම කරන්න වෙලා.
ReplyDeletepuduma vada godak ne...
ReplyDelete.
ReplyDeleteඅන්තිම එක විතරක් ඇති මල්ලියේ... සංතෝසෙන් ඉන්න...
ReplyDeleteහ්ම්ම්ම්ම්...
ReplyDeleteපට්ට කතාව. මමත් ඔය ටිකම තමයි හැමදාම කරන්නෙ කොහොමද කියලා හිත හිතා ඉන්නෙ.
ReplyDeleteනියමයි සහෝ..
ReplyDelete" අපි කාගෙත් ජීවිත "
-ජය
ලද දෙයින් සතුටු වීම කියන එකේ දිග පළල දැන් පොඩ්ඩක් වෙනස් වෙලා.. ඔය කියපු ටිකවත් අඩුම තරමේ නැත්නම් මේ දවස්වල සතුටත් අපෙන් ඈත් වෙලා යනවා...
ReplyDeleteතිස්ස අයියේ,අන්තිම එක වෙනුවෙන් නේද අපි හැමෝම මේ හැමදේම කරන්නේ...
ReplyDeleteහුටා...! උඹ මාව අමාරුවේ දැම්මා නේ ... වටයක් කරකවලා....
ReplyDeleteබලාගෙන ගියහම ඇත්ත මල්ලියේ...!